කොල්ලො වැඩිපුර ගනං නොගත්තට… කෙල්ලො වැඩිපුර ගණන්ගන්න දේවල්

Things what girls think about especially which boys doesn't

මේ කියන්න යන කතාවටනං පෙම්වතුන් වගේම හස්බන්ඩලා අපිව බදාගෙන අඬන්න වුනත් ලෑස්ති වේවි. මේ තමයි කොල්ලො වැඩිපුර නොහිතුවට කෙල්ලො වැඩිපුර හිතන අවස්ථා. මේ වගේ අවස්ථාවලදි ඉතිං කොල්ලොන්ට එක්කො ගනං ගන්නෙ නැති නිසා දෙන්න උත්තරයක් නැතිවෙනවා, නැත්තං අසරණ වෙනවා. ඉතිං අපේ කතාව අහල අපිත් එක්ක අදහස් බෙදාගන්න කැමති අය පල්ලෙහායින් කමෙන්ට් එකක් දාන්න.

1. ස්මරණ

Things what girls think about especially which boys doesn't

Source – giphy.com

කෙල්ලොන්ට ඉතිං මුලින්ම අයිස්ක්‍රීම් කාපු දිනේ ඉඳන් මතක තිබ්බට කොල්ලොන්ට අඩුම තරමෙ කෙල්ලගේ බර්ත්ඩේ එකවත් මතකෙට එන්නෙ නෑ ෆේස්බුක් නැත්තං. සමහර ඈයො නං රිමයින්ඩර් දාලා එලාම් පිට එලාම් තියල මේ අවමානයෙන් බේරුණත් ගොඩක් අය මේ මරඋගුල නිසා දැඩි ලෙස පීඩා විඳිනවා. හදිස්සියෙම කෙල්ල කතා කරලා මතකද අද දවස කියල ඇහුවාම තමයි කොල්ලට ගිනි පත්තුවෙන්නෙ. ඔන්න ඉතිං කල්පනා කරලා කරලා අහනව අද ඔයාගෙ බර්ත්ඩේ එක නේද? කියලා. ලැබෙන උත්තරෙන් තමයි ඔලුවෙ ගිනි පත්තු වෙන්නෙ. නෑ මෝඩයො අද තමයි අපි මුලින්ම වේදිකා නාට්‍යයක් බලපු දවස!

 

2. වෙලාව

Things what girls think about especially which boys doesn't

Source – pinimg.com

කෙල්ලොන්ට ඉතිං වෙලාව වැදගත්. කවදාවත් වෙලාවට වැඩක් නොකළට මොකද වෙලාව දිහා බලාගත්තු ගමන්මයි ඉන්නෙ. ගමනක් යන්න හැදුවොත්, පැය තුනකට කලින් ඇහැරිලා, මූණ හෝදලා, ෆේෂල් දාලා, ඇඳුම් තුනක් විතර ඇඳලා බලලත් පරක්කු වෙලා තමයි එයාා ගමන යන්නෙ. කොල්ලොනං ඔය වෙලාවල් තකන්නෙ නෑ. ගමන යන්න පැයකාලකට කලින් නැගිට්ටා ටූත් පේස්ට් ටිකක් මූනෙ උලාගත්තා, ෆේස්වොෂ් ටිකකින් දත් මැද්දා, ඇඳගෙන එළියට බැස්සා.

 

3. පෙනුම සහ කළමනා

Things what girls think about especially which boys doesn't

Source – giphy.com

කෙල්ලො පෙනුම සහ කළමනා ගැන ‍හරිම උනන්දුයි. මූණ පිහිදාන්න එක තුවායයි. ඇඟට එකයි. කකුල්වලට එකයි. මූනට ගාන ක්‍රීම්වර්ග තුනයි. පිම්පල් එකක් දැම්මොත් ලෝක විනාසෙ වුනා වගෙයි. හැබැයි කොල්ලොන්ට ඕව නෑ. ඇ‍ඟේ ඕන තැනක් සරමෙන්ම පිහිදාගත්තා ආව. පිම්පල් නෙමෙයි ඉර මූනට කඩං වැටුනත් ගානක් නැතුවයි ඉන්නෙ.ඒ විදිය දේවල් ගැන කොල්ලො වද වෙන්නෙම නෑ. කොණ්ඩ මෝස්තරේ ඩිසයිඩ් කරන්නෙ තමුන්ගෙ කොට්ටෙ විසින්. කොට්ටෙට ඔළුව තියං ඉඳල නැගිටිද්දි තියෙන මෝස්තරේ තමයි මෝසතරේ.

 

4. එකම ඇඳුම

Things what girls think about especially which boys doesn't

Source – businessinsider.com

ඔන්න ඉතිං කෙල්ලො ඇඳුං තෝරද්දි තමුන් ගාව මින් පෙර නැති වගේම තමුන්ගෙ යාළු‍වො ගාවත් නැති ඇඳුම් තමයි තෝරන්නෙ. කොල්ලො එහෙම නෑ. සුදුවලට ආස එකා සුදු ෂර්ට්මයි ගන්නෙ. කළුවලට ආස එකා කළු ටීෂර්ට්මයි. ඒවගේම කෙල්ලෙක් තවත් කෙල්ලෙක් තමුන් ඇඳපු ඇඳුමම ඇන්දොත් ඒ වෙලාවෙ ඒ ඇඳුම ගලවලා දාන්න තරං හිතන වෙලාවල් තියෙනවා. හැබැයි කොල්ලෙක් තවත් කොල්ලෙක් ඒ ඇඳුමම ඇඳලනං ඌ එක්ක ගිහිල්ල කතා කරල ෆිට් වෙනවා.

 

5. පොඩි පොඩි ආදර කතා

Things what girls think about especially which boys doesn't

Source – tumblr.com

කෙල්ලො ලවු සීන් එකේදි හෙන ඩෙස්පරේට්. ඇයි අද මෙයා මගේ අතින් ඇල්ලුවෙ නැත්තෙ? කෝ මට හැමදාම දෙන පුංචි පුංචි කිස් ගොඩ? ඇයි අද මට බබා කියන්නෙ නැතුව නම කියන්නෙ? හැමදාම මාව හම්බෙන්න එද්දි පිළිවෙලට එන මනුස්සයා ඇයි අද ෂෝටක් ගහලා? වෙනදට මගේ අත අතාරින්නෙ නෑ. අද ඔහේ සාක්කුවෙ දාගෙන යන්නෙ ඇයි අත් දෙක? ඔන්න ඔය වගේ ප්‍රශ්න කෙල්ලොන්ට තිබුණාට කොල්ලොන්ට ඕව මතකවත් නෑ.

 

6. කියපු දේවල්

Things what girls think about especially which boys doesn't

Source – ezgif.com

මේක තමයි ලොකුම කතාව. ‍කොල්ලො අසරණම වෙන තැන. කොල්ලොන්ට අද උදේට කෑවෙ මොනවද කියලවත් මතක නෑ. කෙල්ලොන්ට මතකයි මුලින්ම ‘අප්පච්චි’ කියපු දවසත්. ඉතිං පුතෝ වැඩේ ලේසි නෑ. මොකක්හරි කියපු ගමන් ඉතිහාසෙ ඉඳන් ඇදලා ගන්නෙ. ඉතිං බල්ලා වගේ බලං ඉන්න තියෙන්නෙ. මොකද ඉතිං අපිට මොකුත් මතක නැහැනෙ.

 

7. ඕප්ස්

Things what girls think about especially which boys doesn't

Source – net.hr

කෙල්ලො කොහොමත් අනුන්ගෙ දෙයින් සැලෙනවා.

කෙල්ල – දන්නවද වැඩක් අර ෂලනි කොල්ලො සෙට් එකක් එක්ක ට්‍රිප් එකක් යනවලුනෙ.

කොල්ල – ඉතිං?

කෙ – ඉතිං ‍කියන්නෙ? කෙල්ලෙක් එහෙම යන්න හොඳයිද?

කො – ඉතිං අපිට මොකෝ?

කෙ – අපිට මොකෝ කියන්නෙ? තේරෙන්නෙ නැද්ද කෙල්ලෙක් එහෙම ගමනක් යන එක හොඳ නෑ කියලා

කො – ඒක ප්‍රශ්නයක් වෙන්නෙ ශලනිගෙ අම්මට නේද?

කෙ – ඔයාට ඕව තේරෙන්නෙ නැහැනෙ. අම්මල දන්නවද කවුද දන්නෙ? හොරෙන් යනව ඇති.

කො – ඉතිං? ඔයා අම්මද?

ඔන්න පුතේ තුන්වෙනි ලෝක යුද්දෙ පටන් ගන්න තැන.

 
Cover Image Source – movieandvideo.net
 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *