ඒ කාලෙ ටීවී සීරීස් වල හිටපු, අපේ කෙල්ලන්ව පිස්සු වට්ටපු තරුණයෝ

Handsome TV Stars From The Past

හැමෝගෙම ජීවිතයේ එක කාලයක් තියෙනවා ඒ කාලේ කියලා. ජීවිතේ රහම හරිය ඒ කාලේ කියන්න පුළුවන්. ඒ කාලේ තියෙන්නේ ජීවිතය විඳින හැටි විතරයි. ඔය කාලේ අපේ ජීවිතවලට එක එක වීරයෝ එනවනේ. ඒ කිව්වේ ඇත්තටම අපි ඉන්නවද නැද්ද කියලවත් නොදන්න සෙලිබෙටි පීපල්ස්ලා. සමහරු හරිම තාවකාලිකයි. එක කාලසීමාවකට විතරක් වීරයෝ වෙනවා. ටික කාලෙකින් ඒක නැතිවෙලා යනවා. ඒත් සමහරු කාලෙකදී අපිව පිස්සු වට්ටපු හැටි ඒ විදියටම පවත්වාගෙන යනවා. මේ කඩවසම් හාදයෝ ටික මතකද බලන්න.

 

1. කීරන් හචිසන් – රොබින්සන් අන්දරය/විලියම් ටෙල්

Handsome TV Stars From The Past

Source – pureflix.com

රොබින්සන් අන්දරය (The Adventures of Swiss Family Robinson – 1998) බැලුවේ අර්න්ස්ට් නිසා කියලා කියන අයට කොනකට වෙන්න කිව්වොත් එතන ඉන්න අය ඔක්කොම කෙල්ලෝ. ඒ ගැම්මට ම විලියම් ටෙල් (The Legend of William Tell – 1998) බැලුවෙත් හඳක් වගේ ලස්සන විලියම්ගේ මූණ දිහා පැයක් හමාරක් බලන් ඉන්න පුළුවන් නිසා. මේ විදියට ඉස්කෝලේ යන වයසේ ගෑණු ළමයින් අතර උන්මාදයක් ඇති කරපු නළුවෙක් තමයි කීරන් කියන්නේ. නවසීලන්ත ජාතිකයෙකු වන මොහුගේ වයස දැන් 43යි. ඒ වගේම එයාට ලස්සන නෝනා කෙනෙකුත් ඉන්නවා. ඒ දවස්වල තිබුණ කඩවසම් බවේ කිසිම වෙනසක් වෙලා ඇති බවක් නම් පේන්න නැහැ.

 

2. ජෝනස් ආර්ම්ස්ට්‍රෝන්ග් – Robin Hood

Handsome TV Stars From The Past

Source – jonasarmstrongweb.wordpress.com

අපේ ළමා කාලයේ රොබින් හුඩ්ලා දෙන්නයි හිටියේ. එක්කෙනෙක් තමයි එකදාස් නවසිය බර ගණන්වල හදපු, මෙයා තමයි ඔරිජිනල් රොබින් හුඩ් කියලා අපිට හිතුණ විදියේ රංගනයක් දුන්නු මයිකල් ප්‍රීඩ් (Robin of Sherwood – 1984). ඊට පස්සේ අලුත් මූණක් දකින්න ලැබෙනවා ඊට අවුරුදු කීපයකට පස්සේ. ඒ තමයි ජෝනස් ආර්ම්ස්ට්‍රෝන්ග් (Robin Hood – 2006). අයිරිෂ් ජාතික මොහුගේ රූපය එක්කම කතා කරන විලාසය, සටන් ජවනිකා කරන විදිය ගැන ගෑණු ළමයි අතර ලොකු කතිකාවක් ගොඩ නැගිලා තිබ්බා. ඒ දවස්වල “ඒ හිනාව, ඒ ඇස්, ඒ කතාව” ට්‍රෙන්ඩ් එකක් වුනේ නැති නිසා හොඳට ගියා. නැත්තම් හිසරදයක් වෙලා නතර වෙන්නේ.

 

3. ඩේවිඩ් හැසල්හොෆ් – Knight Rider

Handsome TV Stars From The Past

Source – io9.gizmodo.com

ටීවී සීරීස් එකක රඟපාලා තමන්ගේ රූප සම්පත්තිය නිසා අදටත් රෙකෝඩ් ගහපු හාදයෙක් තමයි මේ. එදාමෙදා තුර වැඩිම දෙනෙක් නරඹන්න ප්‍රිය කළ ටෙලි තරුව වෙන්නේ ඔහු. ඒ Knight Rider (1982) එක්ක. අර කිව්ව රෙකෝඩ් එකට ලංකාවේ කාන්තා ප්‍රතිශතයෙනුත් සෑහෙන තරමේ දායකත්වයක් ලැබුණා. උත්තුංග දේහධාරී මේ යෞවනයා ඒ කාලේ ඇත්තටම දේව රූපයක් වගේ ලස්සනයි. කාර් එක බලන්න කොල්ලෝ පේළි සැදීගෙන ඉන්නකොට කෙල්ලෝ බලාන හිටියේ මේ මුහුණ බලන්න. ඩේවිඩ් හැසල්හොෆ්ගේ දැන් වයස 65යි.

 

4. රිචඩ් ඩීන් ඇන්ඩර්සන් – MacGyver

Handsome TV Stars From The Past

Source – kristenskeet.com

බුද්ධිමත්කමයි ක්‍රියාශීලි ගතියයි එක සමානව පදම් වෙලා තියෙන කොල්ලොන්ට කෙල්ලෝ වහවැටෙන එක අහන්න දෙයක් නෙවේනේ. 1985 වසරේ පටන් ගත්තු MacGyver ටෙලියෙන් මුළු ලෝකයක් ම වසඟයට ගත්තු මැගයිවර් හාදයා ගැනයි මේ කතාව. ආකර්ෂණීය හිනාව, කොණ්ඩා විලාසිතාව, උස වගේ දේවල් කිරලා මැනලා බැලුවම ඇත්තටම පිස්සු හැදෙනවා තමයි. 2016 වසරේ අලුතෙන් මේ නමින්ම වෙනත් නළුවෙක් දාලා ටීවී සීරියස් එකක් පටන් ගත්තත් රිච්ඩ් තරම් ඒ චරිතයටම බැහැලා රඟපාන ගතියක් පේන්න නැහැ. හැබැයි ඒ දවස්වල දැකපු ඒ සිහින කුමාරයා අද සම්පූර්ණයෙන්ම අවුල් වෙලා. කෙල්ලනේ දුක තද කරන් මේක බලන්න අඳුරගන්න පුළුවන් ද කියලා?

 

5. පෝල් පැන්ටානෝ – Crash Zone

Handsome TV Stars From The Past

Source – youtube.com

මෙහෙම කිව්වට නොදන්නවා වුණාට මාචෙලෝ කිව්වොත් නම් මතක ඇති. 1999 වසරේ ප්‍රදර්ශනය කිරීම පටන් ගත්තු Crash Zone අපි ආදරයෙන් වැළඳගත් ටීවී සීරීස් එකක්. මේකේ ඉන්න හැම චරිතෙටම ආදරේ හිතුණත් කතාවේ ජීවය පවත්වාගෙන යන්න පෝල්ගේ රංගනය ගොඩක් වැදගත් වුණා කියලා කියන්න පුළුවන්. ඔහුගේ චරිතය විහිළුසහගතයි, ගොඩක් වෙලාවට කරදරවලට මූණ දෙන්න වෙනවා, ඒ එක්කම ඔහුගේ ඉතාලි උච්චාරණ විලාසය අමතක කරන්නත් බෑ. මීට කලින් කතා කළ හැම නළුවෙක් ගාවම තිබ්බ මාචෝ ගතිය පෝල්ගෙන් නොදැක්කාට ඔහු වෙනුවෙන් තිබ්බ පිස්සුව අපේ කෙල්ලන්ට නම් වෙනම ආතල් එකක්.

 

6. තෝමස් බ්ලැක්බර්න් – Silversun/රිදී හිරු

Handsome TV Stars From The Past

Source – cactuspop.com

2004 වර්ෂයේ ඔක්තෝම්බර් මාසයේ එළියට ආපු Silversun අපි බැලුවා රිදීහිරු කියලා. මේකෙ රඟපාන හැමෝම මාරෙට ම ආදරේ හිතෙන සෙට් එකක්. ඒ අතරින් කට්ටියට මතකද දන්නේ නෑ උස හීන්දෑරි කොලු ගැටයෙක් හිටියා ඕනම අවස්ථාවකට මුහුණදෙන්න පුළුවන්. කොහොම අමතක කරන්නද ටේන් විල්සන්ව නේද? යානය බබා වගේ අරන් යන්න වගේම කෙල්ලොන්ගේ හිත් ටිකත් සනීපෙට තිබ්බ මොහු ඊට පස්සේ නිර්මාණවලට දායක වෙලා තියෙන්නේ බොහොම අඩුවෙන්. අපරාදේ නේ ද?

 

7. ඩේවිඩ් ඩකොව්නි – The X-Files

Handsome TV Stars From The Past

Source – youtube.com

මෙහෙම කිව්වට ඇඳින්නේ නැතත් ඒජන්ට් මෝල්ඩර් කිව්වා නම් මතක් වෙයි. මියුසික් එක මතක් වෙනකොටත් ඇඟේ හිරිගඩු පිපෙන The X-Files (1993) සීරිස් එකේ වැඩ්ඩා. දැන් නම් වයසින් අවුරුදු 57යි. රූපයත් පොඩ්ඩක් වියපත් වෙලා ගිහින්. ඒත් ඒ කාලේ මෝල්ඩර් තරම් වෙන නැහැ ඉතින්. පිටසක්වලයොන්ටයි මිනීමරුවොන්ටයි අම්බානෙකට ඇලජික් කෙල්ලොත් පිරිත් නූල් බැඳන් හරි මේක බැලුවේ මෝල්ඩර්ව දකින්න.

ඒ අතින් අද කාලේ පොඩ්ඩෝ පව් කියලා හිතෙන්නේ නැද්ද?

 
Cover Image Source – Lifie Graphics
 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *