එළිසබත් රැජි​න සහ පිලිප් කුමරුගේ විවාහ දිවි​ය

පසුගිය වසරේ දී මුළු ලෝකයම අර්බුදයක පවතින අවස්ථාවක පවා එක්තරා සමුගැනීමක් මුළු ලෝකයම සසල කිරීමට සමත් වුණා. දෙවැනි එළිසබත් රැජනගේ සැමියා වූ එඩින්බරෝ  හි ආදිපාද පිලිප් කුමාරයා වසර හැත්තෑවක පමණ දිගු සිය විවාහ ජීවිතයට සහ සියවසකට ආසන්​න ජීවිත ගමන​ට සමු දීම. දෙවැනි එළිසබත් රැජනගේ දරුවන් සතර දෙනාගෙන් එක් අයෙකුගේ හැරෙන්න අන් සියලු දෙනාගේම විවාහ බිඳ වැටීම ලොව පුරා ජනමාධ් වල කතාබහට ලක්වූවත් දෙවන එළිසබත් රැජින සහ පිලිප් කුමරු සිය විවාහ ජීවිතය සාර්ථකව ගෙන යෑමට සමත් වුණා. මේ නිසා ලොව පුරා රාජකීයයන් සිය විවාහ ජීවිත වල පරමාදර්ශය ලෙස ඔවුන් සැලකුවා. මේ නිසා අපි හිතුවා ඔවුන් දෙදෙනාගේ විවාහය පිළිබඳව කෙටි තොරතුරු රැගත් ලිපි කීපයක් ඔබ වෙත ගෙන එන්න. අද ඔබත් සමඟ බෙදා ගන්නේ එහි පළමු කොටසයි.

 

 

1. පළමු හමුවීම

ඔවුන් දෙදෙනාගේ පළමු හමුවීම සිදු වන විට එළිසබත් කුමරියට වයස අවුරුදු දහතුනක් පමණ වූ අතර පිලිප් කුමරු වන විට 18 හැවිරිදි තරුණයෙක්. වන විට නාවික හමුදාවේ සේවයට එක් වී සිටි ඔහු රාජකීය නාවික පාසලේ ඉගෙනුම ලබමින් සිටියා. එය නිරීක්ෂණය කිරීමට පැමිණි හයවෙනි ජෝර්ජ් රජු, බිසව, එළිසබත් සහ මාග්රට් කුමරියන් පැමිණියා. එම අවස්ථාවේදී කුමරියන් දෙදෙනාව පාසල තුළ එහා මෙහා රැගෙන ගොස් තොරතුරු කියාදීම පැවරුණේ පිලිප් කුමරු හටයි. ඔවුන් දෙදෙනා දුටු පළමු අවස්ථාවේදීම ආදරෙන් බැඳුණු බව සඳහන් වනවා.

 

2. නෑකම

ඔවුන් දෙදෙනාම ඥාතීන්. හැබැයි ළඟම ඥාතීන් නම් නෙමෙයි, ටිකක් දුරින්. වික්ටෝරියා රැජනගේ පුත්රයා වන හත්වන එඩ්වඩ් රජුගේ පුත්රයා පස්වන ජෝර්ජ් නමින් රජවුණා. පස්වන ජෝර්ජ් රජුගේ පුත්රයා හයවන ජෝර්ජ් වූ අතර ඔහුගේ වැඩිමහල් දියණිය වන්නේ එළිසබත්  කුමරියයි. වික්ටෝරියා රැජනගේ දෙවැනි දියණිය වන ඇලිස් කුමරියගේ වැඩිමහල් දියණිය නම් කෙරුණේ වික්ටෝරියා ලෙසයි. එම වික්ටෝරියා කුමරියගේ වැඩිමහල් දියණිය ඇලිස් ලෙස නම් වුණු අතර ඇය පිලිප් කුමරුගේ මව වනවා. පිලිප් කුමරු ග්රීක රජ පවුලට අයත් වූ අතර එම රජ පවුල ඩෙන්මාර්ක රජ පවුලේ සාමාජිකයන් වනවා. බ්රිතාන් රජ පවුල ඩෙන්මාර්ක රජ පවුල සමඟ විවිධාකාරයෙන් ඥාති සම්බන්ධතා ගොඩනගාගෙන තිබුණා. මේ නිසා විවිධ  ක්රම වලින් ඔවුන් දෙදෙනා ඥාතීන් වුණා.

 

3. කතා නොකරපු මගුල

සාමාන්යයෙන් එම කාලයේ දී රජ පවුල්වල ප්රේම සබඳතා මත විවාහ වීම සිදු වුණේ හරිම අල්ප වශයෙන්. බොහෝ වෙලාවට රජ පවුල්වල විවිධ උවමනාවන් මත විවාහ සම්බන්ධතා ඇති වුණා. කෙසේ නමුත් එළිසබෙත් කුමරියගේ සහ පිලිප් කුමරුගේ පෙම් සම්බන්ධතාවය නම් අවසානයේදී විවාහයකින් කෙළවර වුණා. ඔවුන්ට විශාල බාධා ප්රමාණයක් එල්ල වුණත් ඔවුන් ඒවා ජය ගැනීමට සමත් වුණා.

 

4. රහසේ පවත්වාගෙන ගිය පෙම් සම්බන්ධතාවය

සිය දියණියගේ පෙම් සම්බන්ධතාවයට හයවෙනි ජෝර්ජ් රජු තම අනුමැතිය ලබා දුන්නා. කෙසේ නමුත් තම දියණිය තවමත් ළාබාල වියේ පසුවන නිසා මෙම සබඳතාවය රහසක් ලෙස තබා ගත යුතු බව ඔහුගේ මතය වුණා. මේ නිසාම එළිසබත් කුමරියට වයස අවුරුදු 20ක් වන තෙක් පිලිප් කුමරු සමඟ පැවති පෙම් සම්බන්ධතාවය ප්රසිද්ධියේ හෙළිදරව් වුණේ නැහැ. එම කාලය තුළ දී ලිපි ගනුදෙනු මගින් ​එකිනෙකා කෙරෙහි තමා ආදරය ඔවුන් ප්රකාශ කර ගත්තා.

 

5. දුම්බීම අත්හැරීම

දෙවැනි එළිසබත් රැජනගේ පියා වූ හයවැනි ජෝර්ජ් රජු දුම් බීමට දැඩි ලෙස ඇබ්බැහි වූ අයෙක්. ඔහුගේ මරණයට පවා එය එක් හේතුවක් වුණා. කෙසේ නමුත් දෙවැනි එළිසබෙත් රැජන කුඩා කාලයේ පටන් දුම්බීම දැඩි  ලෙස අප්රිය කළා. මේ නිසාම පිලිප් කුමරු දුම්බීම අත්හැරීමට තීරණය කළා. ඇතැම් වාර්තා වලට අනුව මෙම දුම්බීම  අත්හැරීම සිදු වී ඇත්තේ ඔවුන්ගේ විවාහය සිදුවූ දා උදෑසනයිදුම්බීමට ඇබ්බැහි වූ පුද්ගලයින් එය නතර කිරීම දැඩි අමාරු කාර්යයක් ලෙස සැලකුවත් පිලිප් කුමරුට කිසිදු ආයාසයකින් තොරව එය අත් හැරීමට හැකියාව ලැබී තිබෙනවා.

 

 

6. එළිසබත් කුමරියගේ නමෙහි වෙනස

විවාහ වන විට එළිසබත් කුමරිය සිහසුනට පත් වී සිටියේ නැහැ. මේ නිසා ඇය සිය සැමියාගේ වාසගම සහ ඔහුගේ තනතුරු නාමය අනුව තමන්​ව හඳුන්වා ගත්තා. එම කාලය තුළ දී ඇයව එළිසබත් ලෙස හැඳින්වුණු අතර එඩින්බරෝ හි ආදිපාදවරයා ලෙසද නිල වශයෙන් හඳුන්වනු ලැබුවා.

 

 

7. මොල්ටාවේ ගතකළ සමය

විවාහයෙන් පසුව පිලිප් කුමරු​ව මෝල්ටා  දූපතේ රාජකාරි සඳහා යෙදවුණු අතර එළිසබත් කුමරියද ඔහු සමග එහි පදිංචියට ගියා. මෙම කාලය ඔවුන්ගේ ජීවිතයේ සුන්දරතම කාලය ලෙස ඔවුන් විසින් හඳුන්වන බව කිය​වෙනවා. නාවික  හමුදා නිලධාරියෙකුගේ බිරිඳ ලෙස ඇය සාමාන් ජීවිතයක් ගත කළ අතර පිලිප් කුමරු තමන්ගේ රාජකාරී ජීවිතය තුළ තම කටයුතු වලට මුල්තැන දෙමින් විනෝදමත් ජීවිතයක් ගත කළා.

 

එහෙම නම් වෙනද වගේම මේ ලිපිය ගැන ඔබේ අදහස් පළ කරන ගමන් ෂෙයාර්  කරන්න අමතක කරන්න එපා. ඔබෙන් ලැබෙන ප්‍රතිචාර උඩ මේ ලිපියේ ඊලග  කොටසක් ඔබට ඉක්මනින්ම කියවන්න ලැබේවි.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *