හොඳම යාළුවා ජීවන සහකාරයා කර ගැනීමේ වාසි

Best Friend as the Life Partner

පතාගෙන ආපු එකා කියයි, නළලෙ ද මොකේද කොටපු එකා කියයි, සමහරවිට ඒ කියන්නේ ඔයාගේ හොඳම යාළුවා ගැන වෙන්න ඇති කියලා නිකමටවත් හිතුණද? ඉතිහාසය පුරාවටම මේ වගේ ප්‍රේම කතන්දර ඇති වෙලා තියෙනවා. ඒ කියන්නේ හොඳම යාළුවා සරණෙට ගන්න වුණ කතන්දර. එයා ඔයාගේ අරයා වෙන එක අරුම පුදුම දෙයක් වගේ ම විහිළුවක් වුණත් වෙන්න පුළුවන්. ඒත් ඒ ඔක්කොටමත් වඩා ඒක හොඳ දෙයක්. ඒ ඇයි?

 

1. තමන් මොන වගේ සතෙක්දැයි දැනගෙන සිටීම

Best Friend as the Life Partner

Source – youtube.com

අපි හැමෝටම මොකක් හරි සයිකෝ ආබාධයක් තියෙනවනේ. ඕක කාලාන්තරයක් තිස්සේ ආශ්‍රය කරපු යාළුවා දන්නවා. සමහරවිට ඔයත් එක්ක එයා ඒ යාළුකම තියාගෙන ඉන්නේ ඒ සත්ව ගතියට කැමති නිසාත් වෙන්න පුළුවන්. බඳිනවා කියන්නේ උදේට හරකා ලිහන රෑට බඳින වගේ සිලිංබිලිං සෙල්ලමක් නෙවෙයි. ජීවිතෙන්මයි බැඳෙන්නේ. ඉතින් ඒ බැඳීමෙදී යාළුවෙක් නොවන අයෙක්ව බැඳලා ඇතුළේ ඉන්න සතා එක පාරට දැක්කා නම් ලොවෙත් හරි යන්නේ නැහැනේ.

 

2. ඕනෑම දෙයක් කීමට ඇති හැකියාව

Best Friend as the Life Partner

Source – thoughtcatalog.com

විවාහයක් වුණත් දෙදරලා දඩම් බඩම් වෙලා යන්නේ දෙන්නා දෙමහල්ලෝ අතරේ රහස් තියෙන එකෙන්. මෙලෝ දෙයක් කියන්න බැරිකමෙන්. අනික් පැත්තෙන් මේවා කොහොම පිළිගනීද වගේ දෙගිඩියාවකින් හිත පිරිලා යන්න පුළුවන්. මේ නිසයි යාළුවා බැඳගන්න එක සැපක් වෙන්නේ. හොඳම යාළුවා කියන්නෙම තමන්ගේ සියලුම දේවල් දන්න හොර ගුහාව. කාලයක් තිස්සේ රහස් බෙදාගත්ත මනුස්සයට කොළේ වහලා මොකක් ලබා ගන්නද කියලා හිතෙන නිසා එයාට ඕනම දෙයක් කියන්න පුළුවන්.

 

3. විහිළු තේරුම්ගැනීමේ හැකියාව

Best Friend as the Life Partner

Source – w3mirchi.com

සමහර ඈයෝ ඉන්නවා විහිළු දිරවන්නේ නැති. ඉතින් කවදාහරි නාඳුනන කෙනෙක් ජීවන සහකාරයා වුණාම කොතනින් පටන් ගන්නද කියන ප්‍රශ්නේ මතු වෙනවා. කතා කරන්න වුණත් වචනයක් හොයා ගන්න කලින් නූල් හත අටක් ගැට ගහන තත්ත්වෙට වැටෙන්න ඕනි නෑ දෙන්නා දෙමහල්ලෝ යාළුවෝ නම්. ඕනි දෙයක් කියෝගෙන සාමෙන් ඉන්න පුළුවන්. අන්න ඒකයි විශේෂත්වේ.

 

4. දෙන්නාගේ අගය කිරීම් ගැන ඇති අවබෝධය

Best Friend as the Life Partner

Source – videoblocks.com

එයා කැමති වෙන්න පුළුවන් ක්‍රිකට්වලට. ඔයා ෆුට්බෝල්වලට. නැත්නම් දෙන්නම ෆුට්බෝල්වලට කැමති ඇති. ඔය මොකක් වුණත් ඒ කැමති අකමැති දේවල් ගැන ලොකු අවබෝධයක් ඇති වෙනවා. ඒ අවබෝධෙම ඇති ජීවිතේ යහතින් ගෙවන්න. ඊළඟට දෙන්නා දේශපාලන පක්ෂ දෙකකට සපෝර්ට් කරනවා නම් ඒකත් ජීවිතයේ විනෝද වෙන්න තියෙන අවස්ථාවක් විදියට මිසක් කිසිම විදියකින් ලොකු වළියක ආරම්භය නම් නොවේවි.

 

5. අනාගත ඉලක්ක සම්පූර්ණ කිරීමේ දී ශක්තියක් වීම

Best Friend as the Life Partner

Source – videoblocks.com

ඉලක්ක කියන ඒවා ඇති වෙන්නේ කොල්ලෝ කෙල්ලෝ කාලෙදී. ඒ කාලේ ඉඳන් ඕවා බෙදාගන්නේ හොඳම යාළුවා එක්ක. එතකොට ඒ දේවල් ගැන කාටත් වඩා අවබෝධයක් තියෙන්නේ යාළුවට. කවදාක හරි සාර්ථකත්වයක් කරා යන දවසක් වෙනකන් පස්සෙන් ඉන්නේ ඒ යාළුවා. එතකොට එයා ජීවන සහකාරයා වුණොත් රෝස්පාන් කන්න අල කරියක් එක්ක පොල් සම්බලුත් ආවා වගේනේ. කොහොමද ඒක!

 

6. හිත දිනාගන්න දඟලන්න වුවමනා නොවීම

Best Friend as the Life Partner

Source – wikihow.com

හොඳම යාළුවා කියන්නේ කොහොමත් හිත දිනාගෙන ඉන්න පුද්ගලයාට තමයි. ආය ඉතින් ඒ මනුස්සයාගෙන් හොඳක් අහන්නයි කියලා අමුතුවෙන් නටන්න කරන්න දෙයක් නෑ. එයා කැමති විදියට අඳින්න, ඒ විදියට උයන්න, කතා කරන්න වගේ ඒවා අදාළ වෙන්නෙම නෑ. කොටින් ම කියනවා නම් තමන් නොවන වෙනත් කෙනෙක් වෙන්න කිසිම වුවමනාවක් නෑ.

 

7. ආදරය නොඅඩුව ලැබීම

Best Friend as the Life Partner

Source – allindiatimes.com

හොඳම යාළුවට හොඳම කියන පට්ටම ලැබුණේ වෙන මොකක්වත් නිසා නෙවෙයි. එතන කාටත් වඩා ආදරේ තිබ්බ නිසයි. කාටත් වඩා ආදරේ එතනින් දැනුණ නිසයි. ඉතින් ආදරේ සම්බන්ධයෙන් අනවශ්‍ය ප්‍රශ්නයක් හිතේ තියාගන්න ඕනි වෙන්නේ නැහැ. වෙනත් කෙනෙක් සහකාරයා විදියට තෝරගන්නකොට ආදරයක් ඇති නොවෙනවා කියන එක නෙවෙයි කියන්නේ. ඒත් ඒකට සැලකිය යුතු කාලයක් යාවි.

එහෙම නම් හොඳම යාළුවාගෙන් අහලා බලමුද? එක්කෝ හා කියයි නැත්නම් ඇඟිලි පාර කම්මුලේ වදියි. යාළුකම නම් නැති වෙන එකක නෑ.

 
Cover Image Source – hercampus.com
 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *