දෙන්නත් එක්ක හනිමූන් යන්න බෑග් පැක් කරනවද? එහෙමනම් මේ දේවල් අමතක කරන්න එපා!

දැන් සාමාන්‍යයෙන් ලංකාවේ ඉන්නේ බොහොම ලැජ්ජා බයට හැදුණු ගෑල්ලමයි, පිරිමි ළමයිනේ. හැබැයි ඉතින් කසාදේ සිද්ධ වෙනකල් ලැජ්ජාවට හිටිය වගේ නෙවෙයි, එතනින් එහාට නං ඔය ලැජ්ජා වෙන කොහෙන් හරි තියලා පරිණත ගෑණු මිනිස්සු වගේ වැඩකරන්න වෙනවා. හරි, කසාදේ වගේම තමයි, හනිමූන් එක කියන්නෙත් දෙන්නෙක්ගේ ජීවිතේ බොහොම වැදගත් දෙයක් නේ. ඉතින් ඔය වැදගත් හනිමූන් එකට දෙන්නත් එක්ක යන්න හොටෙල්ස් එහෙමත් මේ වෙනකොට බුක් කරලා ඇතිනේ. හැබැයි ඉතින් හනිමූන් එකට මොනවද ගෙනියන්නේ? ආන්න ඒක ගැන තමයි අපි මේ කියලා දෙන්න හදන්නේ. ඇත්තටම අපිට හනිමූන් එකට දෙන්නත් එක්ක යනවා නම්, භෞතික දේවල් වගේම භෞතික නොවෙන දේවල් කීපෙකුත් ගෙනියන්න වෙනවා. මේ ඒ දේවල් ගැන විස්තරයක්!

 

1. හිතේ නිදහස පැක් කරගත්තද ඩාලින්?

Image Source – mauiprofessionalphotography.com

ඔව්, මේක බෑග් එකේ දාගෙන යන දෙයක් නෙවෙයි. හැබැයි හනිමූන් එක කියන්නේ මනුස්සයෙක්ගේ ජීවිතේ සුන්දරම දින කීපයක්. හැබැයි මේ දින කීපයේ සුන්දරත්වය අත්විඳින්න නම් තමන්ට හිත නිදහසෙන් හනිමූන් එකට පිටත් වෙන්න වෙනවා. ආන්න ඒ නිසා විවාහයේ කටයුතු කොච්චර මැරීගෙන කෙරුවත්, එතනින් එහාට බිල් සෙට්ල් කරන එව්වා, නෑදෑයන්ට කතා කරන එව්වා වගේ පශ්චාත්-විවාහ හැම මංගල්ලයක්ම පවුලේ අනික් අයට බාර දෙන්න. හනිමූන් ගිහින් ඔය මගුල් කල්පනා කරන්න තියාගන්න එපා.

අපි හැමෝම රස්සා කරන උදවියනේ. හැබැයි තමන්ගේ හනිමූන් එකේදී රස්සාව ගැන හිතේ කොණකවත් තියාගන්න එපා. මංගල්ලෙට නිවාඩු ගන්න කලින්ම ඔෆිස් වැඩකටයුතු එකලසක් කරලා එන්න. තමන් වෙනුවට හදිසියකට කන්ටැක්ට් කරගන්න හරි වුවමනා වුනොත් ඒකට වෙන කෙනෙක්ව සූදානම් කරලා එන්න. පුළුවන් නම් ඔෆිස් ෆෝන් නම්බර් ඕෆ් කරලම තියාගන්න.

යාලුවන්ගෙ රැග් කිරිලි, නෑදෑයන්ගේ සුභාසිංශන, හිතවතුන්ගේ වදේ ගැහිලි එහෙමත් ආයෙ හනිමූන් කියල නවතින්නෙ නැහැනේ. හැබැයි හිත නිදහසේ හනිමූන් එක ගත කරන්න නම් ඒවත් වළක්වන එක ඇඟට ගුණයි. ඕන නම් ගෙදර අයට කන්ටැක්ට් කරගන්න නම්බරයක් දීලා, අනෙක් ෆෝන් ඕෆ් කරලා තිබ්බත් කමක් නෑ.

 

2. සල්ලි එහෙම ඕකේද ඩාලින්?

Image Source – kiplinger.com

මේක නම් ඉතින් කාටවත් අමතක වෙන්න විදියක් නැහැනේ. හැබැයි ඩබල් චෙක් කරන්න. ක්‍රෙඩිට් කාඩ් අරගෙන යනවා නම්, ක්‍රෙඩිට් කාඩ් වල ඇත්තටම ක්‍රෙඩිට් තියෙනවද කියලා දෙපාරක් චෙක් කරන්න. ඒවා දැන් ස්මාට්ෆෝන් ඇප් එකකින්ම කරගන්නත් පුළුවන්. නැතිනම් බැංකුවට කතා කරලා කරගන්නත් පුළුවන්. හැබැයි ක්‍රෙඩිට් කාඩ් මතම යැපෙන්න එපා. තමන් සාමාන්‍යයෙන් හනිමූන් යන්නේ දුර බැහැර ප්‍රදේශයකටනේ. ඒ පැත්තක හදිසියකට සල්ලි ඉල්ලගන්න කවුරුවත් නෑ. හැමතැනම ක්‍රෙඩිට් කාඩ් වලින් වැඩේ ගොඩදාගන්නත් බෑ. අන්න ඒ නිසා අතේ කෑෂ් වලින් සල්ලි ටිකක් තියාගන්න.

ඒ වගේම තමන්ගේ කෑෂ් සහ කාඩ්ස් බොහොම ප්‍රවේසම් සහගතව හැමතිස්සේම තමන් ළඟම තියාගන්නත් වග බලාගන්න ඕන. ඒ වගේම හදිසි කෑෂ් ටිකක් වෙනම පරිස්සම් සහගතව හංගලා තියන්නත් අමතක කරන්න එපා.

 

3. හොඳ ඇඳුමක් දෙකක් පැක් කරගත්තද ඩාලින්?

Image Source – weddingstylestory.com

දැන් මෙහෙමයි. හනිමූන් එකට යන්නේ තමන් විතරක් ඉන්න කොටේජ් එකකට නම් අවුලක් නෑ. හැබැයි එහෙම නැතුව හනිමූන් එකට හොඳ තරු හොටෙල් එකකට එහෙම යනවා නම්, හවසකට ගැලපෙන ටිකක් වැදගත් ඇඳුමක් දෙකක් එහෙමත් පැක් කරගත්තට කමක් නෑ. ඒ කියන්නේ ටයි කෝට්, සාරි බාරි නෙවෙයි. ඩෙනිමට අඳින්න හරි හොඳ ෂර්ට් එකක්, ටොප් එකක් එහෙම ගත්තට කමක් නෑ.

 

4. පොඩි පොඩි ඇඳුම් කෑලි ටිකක් දාගමුද ඩාලින්?

Image Source – vizitrip.com

දැන් හනිමූන් එකට කියලා යන්නේ මක්කා කොරන්නද කියලා නොදන්න බබ්බු එහෙම මේක කියවන්න ඇවිල්ලා නැහැනේ, නේද? හනිමූන් එකට යන්නේ දෙන්නත් එක්ක ජීවිතේ ෆන් එකක් ගන්න. ජීවත් වෙන එකේ ආතල් එකකුත් තියෙනවා කියලා දෙන්නටම දැනෙන දවස් කීපයක් ගත කරන්න. දැන් ඒ එන්ජෝයි කරන එකේ සෙක්ස් පාට් එක තියෙනවනේ. ඒකට දෙන්නට දෙන්නාගේ ආදරේ විතරක් තිබිලා මදි. කෑදරෙත් අනුපානෙට තියෙන්න ඕන. ඒ නිසා දෙන්නත් එක්ක හොටෙල් එකේ ඉන්න වෙලාවට අඳින්න දිග කලිසම්, ඇඟම වැහෙන ටොප් එහෙම දාගන්න එපා. පොඩි කලිසං කෑල්ලක් දෙකක්, පොඩි ටී ෂර්ට් එකක් එහෙම දාගත්තට කමක් නෑ. ඒ කියන්නේ දෙන්නට දෙන්නා නිදහසේ ඉන්න වෙලාවට එක්කෙනෙක් දිහා බැලුවහම අනික් කෙනා පොඩ්ඩක් ඇවිස්සෙන්න ඇඳලා පළඳලා හිටියට කමක් නෑ!

 

5. සෙක්සි ඇඳුම් කෑලිත් ඕනා නේද ඩාලින්!

Image Source – zolokart.com

ආන්න හරිම පොයින්ට් එක. දැන් සාමාන්‍යයෙන් නම් හනිමූන් එකට යන්නම කියලා විශේෂයෙන් නයිටියක්, පිජාමා එකක් එහෙම දාගන්නවාම තමයි. හැබැයි එක කොන්දේසියක්. මේ ඕනම එකක් ෆුල් සෙක්සි වෙන්න ඕන. තමන්ගෙ පාට්නර්ගේ හැඟීම් අවුස්සලා, කරකවලා ගන්න පුළුවන් තාලේ එව්වා වෙන්න ඕන.

තව දෙයක්. හනිමූන් ගිහිල්ලා ඇඳට ගියාට පස්සේ ඇඳුම් ගලෝනවා තමයි. හැබැයි එහෙම වුනාට ඇඳට යන්න විශේෂ ඇඳුමක් තියෙන්න ඕන. ඒක හොඳ ලිිංගික උත්තේජනයක්. ඉතින් දෙන්නත් එක්ක ඔය සෙක්ස් ගැන එහෙම කතාබහ කරලා තියෙනවා නම්, තමන් ඇඳට එනකොට අඳිනවා දකින්න අනික් කෙනා ආස මොනවද කියලා එහෙම දැනුවත් වෙලානේ ඉන්නේ!

ඒ ඇරෙන්න ඔය ලොංෂරි කියලා කියන ෆුල් සරාගී රාත්‍රී ඇඳුම් කෑල්ලක් දෙකක් එහෙම පැක් කරගත්තත් කාරියක් නෑ. ඕන නම් ඒක කොල්ලට සර්ප්‍රයිස් එකක් විදියට දෙන්න පුළුවන්නේ!

 

6. සෙක්ස් වලටම වුවමනා දේවල් පැක් කරගත්තද ඩාලින්?

Image Source – pinterest.com

මෙන්න මේ කාරණාව ඇත්තටම ගොඩක් වෙලාවට ගොඩක් දෙනෙක් නොහිතන දෙයක්. දැන් හරි, හනිමූන් ගිහිල්ලා සෙක්ස් කරනවා කියන එක අමුත්තක් නෙවෙයිනේ. හැබැයි ඒකට වුවමනා වෙන්නේ තමන් ගාව උපතේ ඉඳන් තියෙන ගැජට් බැජට් විතරක් නෙවෙයි. හනිමූන් යන්න බෑග් පැක් කරන කපල් එකක් ඊට වඩා පොඩ්ඩක් දුර දිග හිතන්න ඕන.

මේ වෙනකොට තමන් උපත් පාලන ක්‍රමයක් පාවිච්චි කරනවද, ඒ උපත් පාලන ක්‍රමය මොකද්ද වගේ දේවල් කතාකරගෙන ඇතිනේ. ඉතින් ගිලින පෙති හරි, කොන්ඩම් හරි වගේ උපත් පාලන ක්‍රමයක් පාවිච්චි කරනවා නම්, ඒවා පැක් කරගත්තද කියල බලන්න. ඒ එක්කම ලුබ්‍රිකන්ට් එකක්, ඒ කිව්වේ ලිහිසි ආලේපනයක් එහෙමත් ෆාමසියකින් අරගෙන බෑග් එකට දාගන්න. මොකටද ලුබ්‍රිකන්ට් කියලද ඇහුවේ? පළවෙනි රාත්‍රියේ ලිංගික කටයුතු වලට ලුබ්‍රිකන්ට් එකක් පාවිච්චි කරන එක සූදානම් සරීරේට හොඳයි. ඒ විතරක් නෙවෙයි, හනිමූන් එකේ උපරිම වින්දනයකටත් ඒක ප්‍රයෝජනවත් වෙයි.

 

7. තමන්ට අවශ්‍ය අනෙක් හැම කෙහෙල්මලක්ම බෑග් එකට ඔබාගන්න ඩාලින්!

Image Source – arabiaweddings.com

අන්තිමට කියන්න ඕන දේ තමයි මේ. හනිමූන් නෙවෙයි, සාමාන්‍යයෙන් දවස් කීපෙක ට්‍රිප් එකක් ගියත් තමන් ගාව තියෙන්න ඕන පුද්ගලික සනීපාරක්ෂක ද්‍රව්‍ය තියෙනවනේ. අන්න ඒවා හනිමූන් යනකොටත් ගෙනියන්න. තමන්ගේ දත් බුරුසුව, කොණ්ඩ පීරන පනා, හෙයාර් ඩ්‍රයර්, පොඩි තුවායක් දෙකක්, ගෑණු ළමයට සනීපාරක්ෂක තුවා, තමන් පාවිච්චි කරන සුවඳ විලවුන්, ආලේපන, රූපලාවණ්‍ය ද්‍රව්‍ය හැම එකක්ම වෙනම පොඩි මල්ලකට දාලා බෑග් එකට දාගන්න.

හදිසි ප්‍රථමාධාර මල්ලක් එහෙමත් ලැහැස්ති කරගන්න එක හොඳයි. හනිමූන් ගිහින් හොටෙල් එක ඇතුළටම වෙලා ඉන්නෙ නැති නිසා සූදානම් සරීරේ හොඳයි. එහෙම හොටෙල් එක ඇතුළටම වෙලා ඉන්න ගියත්, හදිසි ඔලුව කැක්කුමකට එහෙම පැනඩෝල් දෙකක්වත් ළඟ තියෙන්න ඕනනේ.

මීට අමතරව තමන් යන පළාත අනුව ස්වේටර්ස්, සන්ස්ක්‍රීන්, අවු කණ්ණාඩි වගේ දේවලුත් දාගන්න. තමන්ගේ ෆෝන් වල චාර්ජර් එහෙමත් පැක් කරගන්න.

දැන් දෙන්නත් එක්ක මතක් කරලා බලන්න තව මොනවද පැක් කරගන්න අමතක වුනේ කියලා!

ඔක්කොම පැක්ද? එහෙමනම් ඉතින් දැන් දෙන්නගේ ලව් එක තමයි පැක් කරගන්න ඕන. ඒක දැනටම හිත් වල පැක් වෙලා නම් තියෙන්නේ, දෙයියනේ කියලා හනිමූන් ගිහින් ජීවිතේ ෆන්ම කාලේ ගතකරලා එන්නයි තියෙන්නේ. වැඩේ හොඳට ගියොත් ලබන අවුරුද්දෙත් දෙන්නත් එක්ක තව හනිමූන් එකකට යන්න බැරියැයි!!!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *