අපි අද කතාකරන්න යන්නේ උල්කාපාතයක් වගේ මතු වෙලා, දේශපාලන ක්ෂේත්‍රය තුළ වේගයෙන් ජනප්‍රිය වෙලා, ඉක්මනින් දේශපාලන වේදිකාවෙන් බැහැලා ගිය තරු වගේ පිරිස ගැන. හැබැයි මේ තරු ආපහු කොයිවෙලේ දේශපාලනයේ උත්ථානය වෙයිද කියන්න අපි දන්නෙ නෑ.
1. උපේක්ෂා ස්වර්ණමාලී
පබා ටෙලිනාට්‍ය හරහා මුළු රටේම ජනාදරය දිනා ගත් උපේක්ෂා ස්වර්ණමාලි එක්සත් ජාතික පක්ෂ වේදිකාවට ගොඩ වීම නිසා එම ටෙලි නාට්‍යයෙන් ඉවත් කරනු ලැබුවා. එහි අතුරු ප්‍රතිඵලයක් ලෙස ඇයට ගම්පහ දිස්ත්‍රික්කයෙන් පාර්ලිමේන්තු මැතිවරණය සඳහා තරඟ කරන්න අවස්ථාව ලැබුණා. එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක කරූ ජයසූරිය පවා පසු බස්සවමින් ඇය ගම්පහ දිස්ත්‍රික්කයෙන් ඉහළ මනාප ලාභිනියක බවට පත් වී පාර්ලිමේන්තුවට පත්වුණා. පසුව ඇය මහින්ද රාජපක්ෂගේ දෑත් ශක්තිමත් කරනු ලැබුවා. කෙසේ නමුත් මෛත්‍රීපාල සිරිසේන නිදහස් පක්ෂයේ බලය ලබා ගැනීමත් සමග ඇයට යළිත් මැතිවරණය සඳහා තරඟ කිරීමට අවස්ථාවක් ලැබුණේ නැහැ.
2. අනර්කලී ආකර්ෂා
දකුණ පළාත් සභාවේ මන්ත්‍රීවරියක ලෙස අනර්කලී ආකර්ෂා තේරී පත්වීම බොහෝ දෙනෙක්ව විමතියට පත් කළා. ඇයට තිබුණේ ඉහතින් සඳහන් කළ උපේක්ෂා ස්වර්ණමාලිට මෙන්ම අතිශය අඩු දේශපාලන අත්දැකීම් ප්‍රමාණයක්. කෙසේ නමුත් දෙවෙනි වතාවේදී ඇයට පළාත් සභා ඡන්දයෙන් ජයගැනීමට හැකියාව ලැබුණේ නැහැ. ජනතාව විසින් ඇයව ප්‍රතික්ෂේප කොට තිබුණා.
3. මිලින්ද මොරගොඩ
මිලින්ද මොරගොඩ එක්සත් ජාතික පක්ෂය තුළ වේගයෙන් ජනප්‍රියත්වයට පත් සුපිරි තරුවක් බවට පත්වුණා. බොහෝ දෙනෙක් මහත්මා දේශපාලනයේ යෙදෙන්නෙකු ලෙස ඔහුව හඳුන්වනු ලැබූවා. පසුව එක්සත් ජාතික පක්ෂයේ තවත් මන්ත්‍රීවරුන් සමග මහින්ද රාජපක්ෂගේ රජයේ අමාත්‍ය ධුර භාර ගත් මිලින්ද මොරගොඩ, ඉන්පසුව පැවැති පාර්ලිමේන්තු මැතිවරණයෙන් පරාජයට පත් වුණා. මේ වන විට ඔහු වර්තමාන රජයේ උපදේශකයෙකු ලෙස කටයුතු කරනවා.
4. සුජීව සේනසිංහ
එක්සත් ජාතික පක්ෂය තුළ කෙටි කලක් තුළ වේගයෙන් ජනප්‍රියත්වයට පැමිණි සුජීව සේනසිංහ, මහබැංකු වංචාව සම්බන්ධයෙන් පැවති ආන්දෝලනයේ දී එවැන්නක් සිදු නොවූ බවට පවසමින් කෘතියක් පවා රචනා කළා. පසුව සජිත් ප්‍රේමදාස පාර්ශ්වය සමඟ එක්වී සමඟි ජන බලවේගය හරහා පාර්ලිමේන්තුවට ඉදිරිපත් වුණු ඔහුවත් ජනතාව විසින් ප්‍රතික්ෂේප කරනු ලැබුවා.
5. උපුල් ශාන්ත සන්නස්ගල
වර්තමානයේ සමාජ මාධ්‍ය ජාලාවල අතිශයින් ජනප්‍රිය තරුවක් බවට පත්ව සිටින උපුල් ශාන්ත සන්නස්ගල එක් වතාවක් සබරගමු පළාත් සභාවේ මහ ඇමැති ධූරය සඳහා එක්සත් ජාතික පක්ෂයේ අපේක්ෂකයා ලෙස ඉදිරිපත්වීමට තීරණය කළා. පසුව ඔහු එම තීරණය වෙනස් කර ගනු ලැබුවා. ඉන් පසුව කොළඹ දිස්ත්‍රික්කයේ රත්මලාන ආසනය නියෝජනය කරමින් පාර්ලිමේන්තු මැතිවරණයට ඉදිරිපත් වුණත් ඔහුට ඒ අවස්ථාවේදී ලැබුණේ පරාජයයි. මේ සියළු සිදුවීම් පිළිබඳව ඔහු සිය අතීතාවර්ජනය තම යූටියුබ් නාලිකාව හරහා මේ දිනවල සිදුකරමින් පවතිනවා.
6. ඕෂධී හේවාමද්දුම
දීර්ඝ කාලයක පටන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සහ රාජපක්ෂවරුන්ගේ ප්‍රබල ආධාරකාරියකව සිටි ඕෂදී හේවාමද්දුම ඉන් පෙර අවස්ථා ගණනාවකදී මැතිවරණ වලට තරඟ වැදීම සඳහා උත්සාහ කර තිබුණ නමුත් එය සාර්ථක වුණේ නැහැ. අවසානයේදී බදුල්ල දිස්ත්‍රික්කය සඳහා නාමයෝජනා ඇයට ලැබුණු අතර ඇය සිදු කළ ඇතැම් ප්‍රකාශ ආන්දෝලනාත්මක වුණේ ඒ හරහා තමන්ගේම අපේක්ෂකයන් අතර බෙදීමක් ඇති වන නිසයි. එහි අවසාන ප්‍රතිඵලය වූයේ බැසිල් රාජපක්ෂ ප්‍රසිද්ධියේ ඇයව විවේචනය කරමින් ප්‍රකාශ නිකුත් කිරීමයි. කෙසේ නමුත් බදුල්ල දිස්ත්‍රික් ජනතාව පාර්ලිමේන්තුවට තේරී පත්වීමට තරම් අවශ්‍ය මනාප ඇය වෙනුවෙන් පළ කර තිබුණේ නැහැ.
7. ජයම්පති වික්‍රමරත්න
වාමාංශික දේශපාලනයේ නිරතව සිටි ජයම්පති වික්‍රමරත්න හිටපු ජනාධිපති චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංගගේ සමීපතමයකු ලෙස සැලකෙනවා. යහපාලන රජයේ ජාතික ලැයිස්තුව තුළින් පාර්ලිමේන්තුව නියෝජනය කළ ඔහු 19 වැනි ව්‍යවස්ථා සංශෝධනය ගෙන ඒමට මූලිකත්වය ගත් අතර පසුව සම්පූර්ණ ව්‍යවස්ථා සංශෝධනයක් සඳහා ද අවශ්‍ය කටයුතු සම්පාදනය කරමින් සිටියා. කෙසේ නමුත් හෙළි නොවුණු හේතුවක් මත ඔහු හදිසියේම සිය පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරයෙන් ඉල්ලා අස්වුණා .
එහෙම නම් ඉතින් වෙනදා වගේම මේ ලිපිය ගැන ඔබේ අදහස් පළ කරන ගමන් ෂෙයාර් කරන්න අමතක කරන්න එපා. ඒ වගේම මේ ලිපියේ අපිට මග ඇරිලා ගිය දේශපාලන තරු ගැනත් මතක් කරන්න කියලා ඉල්ලීමක් කරන්න කැමතියි.
Leave a Reply