කසාද බැඳපු ගොඩක් පිරිමි තවත් කසාද නොබැඳපු පිරිමියෙකුට දෙන හොඳම අවවාදය තමයි කසාදනං බඳින්න එපා කියන එක. ඒකට හේතු ගොඩක් ඔවුන් පෙන්වනවා. ඒත් අපි අද කියන්න යන්නෙ ඒකෙ අනිත් පැත්තට දෙයක්. ඇත්තටම කසාදෙක අවුල් තත්ත්ව වගේම යම් තරමක වාසි ටිකකුත් තියෙනවා. අපි මේ කියන්න යන්නෙ ඒ මූලික වාසි ටික. ඒ වාසි ටික දිහා බලලා හාපෝ මේවද වාසි කියල ඔබට හිතෙන්නත් පුළුවන්. හැබැයි මේවත් වාසි තමයි.
1. එලාම්
සාමාන්‍යයෙන් උදේට එලාම් හතරක් විතර තියලා තමයි ඇහැරෙන්නෙ. ඒකත් හරිම වදේකින් තමයි කෙලින් වෙන්නෙ. දවස් තුනකට පාරක්වත් එලාම් එක වෙනස් කරන්න ඕන. මොකද එකම එලාම් එකට හුරු වුනාම එලාම් එක ලවුඩ්ස්පීකර් එකෙන් ඇහුනත් නින්ද යන තත්ත්වයක් ඇති වෙන්න පුළුවන්. අන්න ඒ වගේ වෙලාවට හරියට වෙලාවට ඇඟට අනින වයිෆ් කෙනෙක් සිටීමේ වාසි දායක ප්‍රථිපල තියෙනවා.
2. වියදං කරන්න කලින්
සාමාන්‍යයෙන් පිරිමින්ගෙ තියෙන අවුලක් තමයි අනවශ්‍ය දේට වියදං කිරීම. නමුත් ගැහැනුන් විශේෂයෙන් විවාහක ගැහැනුන් අරපිරිමැස්ම කියන දේ පෝරුවෙන් බිමට බහිද්දි ඔටෝ පහළ වෙන ඥානයක් ලෙසින් දරාගෙන එන්නෙ. අන්න ඒ නිසා ඒ අය කොච්චර අනවශ්‍ය දේවල්වලට වියදං කරත් අපි ඒ දේ කරන්න යද්දි ඒක නැවැත්වීමට එයාලට ගන දෙවි නුවණ පහළ වෙනවා.
3. හදිස්සියකට තේකක්
ඇත්තටම අපි තනියම ගෙදර ඉන්නකොට තේකක් බොන්න හිතුනොත් දහපාරක් විතර ඕන ණෑ කියල හිතලා පස්ස ගගහා ඉඳලා අන්තිමට කුස්සියට ගිහින් වතුර එකක් බිවුවට වයිෆ් කෙනෙක් ඉද්දි එහෙම නෑ, එයාලට පුදුම හැකියාවක් තියෙනවා ඉක්මනට තේ හද්නන. අන්න ඒ නිසා නහයෙන් අඬලා එක පාරක් කිවුව ගමන් රසම රස තේකක් අතට ලැබෙනවා.
4. හිසේ රදේ
දැන් සාමාන්‍යයෙන් තනිව ජීවත් වෙන පිරිමියෙකුට හිස රදයක් ආවොත් කරන්නෙ මොකද්ද? ඒක සෙම නිසාද? ප්‍රශ්නද? අවුවෙ ගොඩක් වෙලා හිටියද? වගේ කිසිම දෙයක් නොසොයා නොබලා ඩෝන් ගාලා පෙති දෙකක් බීලා නිදා ගන්නවා. ඒත් හිසේ රදයක් බව තමුන්ගෙ බිරින්දෑට කිවුවම වැඩේටම හරියන ටැබ්ලට් දෙකක්. හෙඩ් මසාජ් එකක් සමග උනුවෙන් බීමක් අතට ලැබෙනවා. කොච්චර වාසි ප්ලෑන් එකක්ද?
5. සොමි
සාමාන්‍ය පිරිමන්ටත් ඔය පොඩි පොඩි ගොන් ආතල් ඕන වෙන හිත රිලැක්ස් කරගත යුතු ටයිම් එකක් එනවා. හැම තිස්සෙම නෝලාන්ගෙ ටැරන්ටිනෝගෙ ඩේවිඩ් ලින්ච් ගෙ ෆිල්ම් බලපු ඇස්වලට කරන් ජොහාර්වත් ඕන වෙනවා. අන්න ඒ වෙලාවට තනියම කම්මැලි ෆිල්ම් නොබලා වයිෆ් එක්ක සොමියක් ගන්න පුළුවන් කම තියෙනවා. මොකද ඔය වගේ ආතල් එකක් හොඳම යාළුවා එක්ක, සහෝදරයෙක් එක්ක, දෙමවුපියෝ එක්ක ගන්න බෑ.
6. ගැලවිල්ලට හොඳ හේතුවක්
මිනිස්සුන්ට ගැලවිජ්ජාව අවශ්‍ය වන අවස්ථා බොහොමයක් තියෙනවා. බොහෝ තරුණියන්ට ඒ වගේ දේකදි කියන්න හේතු තිබුනත් පිරිමි ළමයින්ට එහෙම දේකට කියන්න හේතු අඩුයි. අන්න ඒ වගේ අවස්ථාවකට හරියන හොඳ හේතුවක් තමයි වයිෆ් කියන්නෙ. මොකද තමුන්ට ඉහළින් ඉන්න අයටත් වයිෆ්ලා ඉන්න නිසා ඔෆිස් එකක අවුලකදි වගේ වයිෆ් පිටින් දාලා ෂේප් වෙන්න තියෙන ඉඩකඩ වැඩියි.
7. පිරිසුදුකාරක
වයිෆ් ගමේ ගිය දවසට ගෙදර ඇතිවන ප්‍රශ්නවලින් මූලිකම අවුල තමයි කැරපොත්තො කියන්නෙ. කොයි වෙලෙත් අතුගගා හෝද හෝද ඉන්න නිසා අපි විහිළු කරාට ඒක නැති වුනාම ගෙදර වල් වැදෙනවා. අන්න ඒ නිසා වයිෆ් කෙනෙක් ඉන්න එකේ ප්‍රධාන හොඳක් විදියට ඒක දක්වන්න පුළුවන්. ඒකට සාක්ෂි ඕනනං වයිෆ් නැති කාලෙට කාමරේ පුටුව උඩ පල්වෙන රෙදි ටිකෙන් සාක්ෂි විමසන්න.
Cover Image Source – huffpost.com / twoology.com / maybusch.com
Leave a Reply