අතීත ලෝකයේ මිනිස්සුන්ට වද දෙන්නට භාවිතා වුණු, කෘෘර වධ උපකරණ මේවා තමයි!

Most painful torture devices in history

සාමාන්‍යයෙන් කෲරත්වය කියන එක මිනිසාට තියෙන දෙයක්. ඒකට කාලයක් කියලා දේකුත් නැහැ. ඒ කියන්නේ මිනිස් කෲරත්වය මේ කාලෙත් දකින්න පුළුවන් ඉස්සර කාලේ දකින්න තිබුණා. දැන් කාලෙ නම්, රාජ්‍ය අනුග්‍රහය යටතේ, මිනිස්සුන්ට කෲර වධහිංසා වධහිංසා පැමිණවීම් දකින්න ලැබෙන්නෙ අඩුවෙන්. එහෙම දේවල් සිද්ධ සිද්ද නොවෙන්න විවිධ සම්මුති, එකඟතාවයන්, නීති රීති ලෝකයේ ඇතිවෙලා තියෙනවා. හැබැයි ඉස්සර කාලේ එහෙම නෑ. ඉස්සර රජවරුන් අධිරාජවරුන් තමන්ගේ යටත් වැසියන්ව පාලනය කරපු කාලෙ, වැරදි කරපු අයට වගේම, තමන්ගෙ විරුද්ධවාදීන්ටත් දඬුවම් දෙන්න බොහොම කෲර ක්‍රම හොයාගෙන තිබුණා.

උදාහරණ විදියට කියනවා නම්, මධ්‍යකාලීන යුගයේ තිබුණු වග ක්‍රමයක් තමයි, කෙනෙක්ව පණපිටින් හම ගැසීම. සමහර වෙලාවට හම ගහන්න ලේසි වෙන්න මනුස්සයාව උණු වතුරේ තම්බන භාවිතාවකුත් තිබුණා කියලා ඉතිහාසඥයෝ කියනවා. මේ වගේ වද ක්‍රමයක් කොයි තරම් කෲර අමනුෂ්‍ය දෙයක්ද කියල අමුතුවෙන් කියන්න ඕන නැහැ.

ඒ වගේම ඉතිහාසයේ සඳහන් වෙන තවත් වදයක් තමයි, කෙනෙක්ව බැඳලා, එයාගේ කට බලයෙන් ඇරලා, උණු කරපු රත්තරන් වක්කරන එක. මේක රෝමන්වරු වගේම ස්පාඤ්ඤ ආක්‍රමණිකයෝත් කළා කියලා කියනවා.

ඉතින් මේ වද ක්‍රම වගේම, අතීතයේ මිනිසුන්ට මිනිස්සුන්ට වද දෙන්න උපකරණත් නිර්මාණය වෙලා තිබුණා. අපි කතා කරන්න යන්නේ ඒ විදියේ අතීතයේ වද දෙන්න භාවිතා වුණු වද උපකරණ කිහිපයක් ගැන.

01. The Brazen Bull

Most painful torture devices in history

මේ හඳුන්වන්නේ අතීත ග්‍රීසියේ භාවිතා වුණු වද උපකරණයක් ගැන. මේක හරකෙක්ගේ හැඩයට තඹ වලින් හදපු මැද හිස් උපකරණයක්. තඹ හරකෙක් කියමු. කතාන්දරවල හැටියට මේ වද උපකරණය භාවිතා කරලා තියෙන්නේ ක්‍රි.පූ 6 වන සියවසේ සිසිලියේ හිටපු පාලකයෙක් වෙන phalaris විසින්.

දැන් කෙනෙක්ව වධ බන්ධනයට ලක් කරන්න ඕන නම්, ඒ කෙනාව මේ තඹ හරකගෙ ඇතුලට දානවා. මිනිහෙක්ව දාලා තියන්න ඕන තරම් ඉඩක් තියෙනවා මේ තඹ හරකගෙ ඇතුලේ. ඊට පස්සේ තඹ හරකගෙ බඩ යටින් ගිනි දල්වනවා. එතකොට ක්‍රමයෙන් තඹ හරකා උණුසුම් වෙනවා. එතකොට හිතාගන්න පුළුවන් නේද ඇතුලේ ඉන්න මනුස්සයට වෙන දේ. රෝස්ට් වෙලා තමයි මැරෙන්නේ. ඒ ඇරෙන්න මේ තඹ හරකගෙ ඇතුලේ, ශබ්ද යාන්ත්‍රණයක් තිබිලා තියෙනවා. ඒක නිසා, ඇතුලේ ඉන්න මනුස්සයා වද වේදනාවෙන් කෑගහනකොට, ඒ කෑගහන ශබ්දය එලියට ඇහෙන්නෙ හරකෙක් තප්පුලනවා වගේලු.

02. The Iron Apega

Most painful torture devices in history

මේක හදලා තියෙන්නෙ අතීත ග්‍රීසියේ. ස්පාර්ටා වල රජ කරපු Nabis කියන රජු තමයි මේ උපකරණයට වගකියන්න ඕන. මේක භාවිතා කරලා තියෙන්නේ, බදු සල්ලි ලබා දෙන්න ලබාදෙන්න කැමැත්තක් නොදක්වන ස්පාර්ටා පුරවැසියන්ගෙන් සල්ලි එකතු කරන්න ලු. මේක හදලා තියෙන්නේ මේ රජ්ජුරුවන්ගේ බිසව වුණු Apega වගේ හිටින්න ලු.

වෙන්නේ මෙහෙමයි. මේ කාන්තාවකගේ හැඩය තියෙන යාන්ත්‍රික රොබෝට කාන්තා ඇඳුම් අන්දලා තියෙන්නේ. බදු ගෙවන්න කැමති නැති පුරවැසියෙක්ට රජ්ජුරුවෝ ආරාධනා කරනවා ලු තමන්ගේ බිසව වැළඳ ගන්න කියලා. ඉතින් ඒ පුරවැසියා මේ යාන්ත්‍රික බිසව වැළඳ ගත්ත ගමන්, ඒකේ අත් වලින් ඒ කෙනාව හිර කර ගන්නවා. මේ යාන්ත්‍රික රොබෝගේ ඇඟේ උඩ කොටසේ හයි කරලා තියන ඇණ, එතකොට මේ වැලඳගෙන ඉන්න අවාසනාවන්තයා ගේ ඇඟ මිරිකලා අඹරලා විනාශ කරන්න තරම් බලවත් ලු.

03. The Rack

Most painful torture devices in history

ඉතාමත් ඈත අතීතයේ ඉඳන්ම භාවිතා වුණා කියන මේ වද උපකාරණය, ටවර් ඔෆ් ලන්ඩන් සිර මැදිරි වලත් භාවිතා උනාලු සිරකරුවන්ට වද දෙන්න. විශේෂයෙන්ම සැකකරුවන්ගෙන් පාපොච්චාරණයක් ගන්න, සහ ඒ අපරාධ වලට හවුල් වුණු අනෙක් අය කවුද කියල දැනගන්න, ඒ කියන්නේ සිරකරුවන්ගේ කට අරවන වධ බන්ධන ක්‍රමයක් විදිහටත් මේක භාවිතා උනාලු.

මේ වද උපකරණය වැඩ කරන්නේ මෙහෙමයි. වද බන්ධනයට ලක් කරන්නට ඕන කෙනාව මේ ඇඳ වගේ උපකරණයේ බාවලා, එයාගෙ අත් පා මේකේ තියන රෝලර්ස් වලට සම්බන්ධ කරනවා. දැන් හෙලවෙන්නවත් බැරිව ඉන්න මනුස්සයාව මේ උපකරණයේ තියෙන රෝලර්ස් වලට තදින් සවි වෙලා තියෙන්නෙ. මේකෙ තියෙන කප්පි සහ ලීවර් පද්ධතිය කරකැවීම මගින්, මේ වධයට ලක්කරන මේ උපකරණයේ බාවලා ඉන්න මනුස්සයා ගේ අත් පා සහ සන්ධි, හැදෙනකම් ආතතියක් ඇති කරන්නට පුළුවන්. මෙහෙම අවශ්‍ය විදිහට මේ මනුස්සයාගේ ශරීරයේ අත් පා සන්ධි අදින කොට, මාංශ පේශි ඉරී යනවා. අත් පා සන්ධි වලින් පනිනවා. සමහර වෙලාවට අත් පය වෙන් වෙන්නම ඇදෙනවා, අත පය වෙන් වෙනවා කියලා තමයි කියන්නේ.

04. The Scavenger’s Daughter

Most painful torture devices in history

මේකත්, ටවර් ඔෆ් ලන්ඩන් සිර මැදිරිවල වද දෙන්න භාවිතා වූ උපකරණයක් කියලා තමයි කියන්නේ. එංගලන්තයේ හත් වෙනි හෙන්රි රජුගේ කාලයේ, ඒ කියන්නේ 1509-1547 අතර කාලයේ වගේ තමයි මේ වද උපකරණය නිර්මාණය වෙලා තියෙන්නේ.

මේ වගේ උපකරණයක විශේෂත්වය වෙන්නේ කලින් අපි කියපු රැක් එක වගේම උපකරණයක් වීම. හැබැයි මේ The Scavenger’s Daughter උපකරණයේ තියෙන්නේ රැක් එකට ප්‍රතිවිරුද්ධ යාන්ත්‍රණයක්. මේක ඉංග්‍රීසි A අකුරේ හැඩය තියෙන යකඩ රාමුවක්. වද දෙන්න ඕන කෙනාගේ කෙනා ගේ බෙල්ලට මේකේ මුදුන සවිකරලා, රාමුවේ දෙපැත්තට අත් සවිකරලා, හමුවේ පහත කෙලවරට කකුල් දෙක සවි කරන්න පුළුවන්. දැන් මේ රාමුවේ යාන්ත්‍රණයෙන්, මේ රාමුව ක්‍රමයෙන් හකුළුවනවා. එපා ක්‍රම ක්‍රමයෙන් දණහිස් දණහිස් පපුව පැත්තට එන විදියට මේකට සවිකරලා ඉන්න අවාසනාවන්තයා ගේ ශරීරයත් හැකිලෙනවා. ඔලුව පහලට තියෙන්නේ. එතකොට මේ සිරකරුවාගේ නාසයෙන් මුඛයෙන් සහ ඇස් වලින් පවා ලේ ගලන්නට පටන් ගන්නවා විතරක් නෙවෙයි, ඉල ඇට, පපුඇට, කශේරුකාව ශරීරයෙන් වෙන් වෙන ප්‍රමාණයට, බිඳී යන ප්‍රමාණයට පවා පත් වෙන්නට පුළුවන්. මේ රාමුව දිගටම හකුලනවා කියන්නේ, එකට සවි කරල ඉන්න සිරකරුවා මරණයට පත් වෙනවා කියන එක තමයි.

05. The Thumbscrew

Most painful torture devices in history

මේකත් විශේෂයෙන්ම පාපොච්චාරණයන් ලබා ගන්නට, සැකකරුවන්ට ඉවසන්නට බැරි වේදනාවක් ඇති කිරීම වෙනුවෙන් පාවිච්චි කරපු උපකරණයක්. මේකත් පාවිච්චි වෙලා තියෙන්නේ උඩ කියපු රැක් එක සහ The Scavenger’s Daughter වගේ වද උපකරණ උපකරණ නිර්මාණය වුණු කාලෙම තමයි. ඒ කියන්නේ මධ්‍යතන යුගයේ අවසාන කාලයේ.

මේ උපකරණයේ අරමුණ වෙලා තියෙන්නේ, වදයට පාත්‍ර කරන සිරකරුවන්ගේ ඇඟිලි වේදනාව ඇති වෙන විදියට තලා දැමීම. සාමාන්‍යයෙන් මේ උපකරණය භාවිතා වුනේ වුනේ අත්වල ඇඟිලි වලට වුණත්, කකුල් වල ඇඟිලි වලටත් ඒ විදියටම භාවිතා වෙලා තියෙනවා කියලා තමයි කියවෙන්නේ. සමහර වෙලාවට, මේ උපකරණයේ ඇඟිලි හිරවෙන්න තියෙන යකඩ පට්ටම් වලට තියුණු යකඩ උල් සවි කරල තිබ්බා කියලත් කියනවා. එතකොට වේදනාව ඇතිවෙන්නේ ඇඟිලි තැලී විනාශ වීමෙන් විතරක් නෙවෙයි, අර උල්, නියපොතු සහ ඇඟිලි පසාරු කරගෙන යාමත් කර ගෙන යෑම නිසාත් අමතර වේදනාවක් විඳින්නට සිද්ධ වෙනවා.

06. The Pear of Anguish

Most painful torture devices in history

මේකත් මධ්‍යකාලීන යුගයේ නිර්මාණය වුණු වධබන්ධන උපකරණයක් කියලා තමයි ඉතිහාසඥයෝ හඳුන්වන්නේ. මේක හරියට පීච් ගෙඩියක් සහ හැන්දක් එකතු කරලා හදපු උපකරණයක් වගේ. මේක බොහෝවිට පාවිච්චි කරලා තියෙන්නේ සිරකරුවන්ගේ කටට දාන්න. හැබැයි ඒ වගේම ගුද මාර්ගයටත්, සිරකාරියන් ගේ නම් යෝනි මාර්ගයටත් මේ වද උපකරණය පාවිච්චි කරලා තියෙනවලු.

මේ වද උපකරණය ක්‍රියාත්මක කරලා තියෙන්නේ මෙහෙමයි. අපි කියමු සිරකරුවෙක් සිරකරුවෙකුගේ කට මේ The Pear of Anguish එක ඇතුලත් කලා කියලා. දැන් මේ උපකරණයේ, පෙති හතරක් වගේ තියෙන ලෝහ තහඩු, ක්‍රමයෙන් ප්‍රසාරණය කරන්නට පුළුවන්. එතකොට සිරකරුවාගේ කටත් ප්‍රසාරණය වෙනවා. අපිට කට අරින්නට පුළුවන් ප්‍රමාණයට වඩා කට බලෙන් අරින්නට සිද්ධ වුණොත්, ඒකෙ ඇති වෙන්නේ සුලුපටු වේදනාවක් නෙවෙයිනේ. ඒක තමයි මේ වද උපකරණයේ අරමුණ. මේක දිගටම ක්‍රියාත්මක කිරීමෙන්, කට, ගුද මාර්ගය, හෝ යෝනි මාර්ගය දැඩි වේදනාවක් ගෙන දෙමින් විශාල වෙලා, අවසානයේ ඉරි යන්නට වුණත් පුළුවන්ලු.

07. The Iron Maiden

Most painful torture devices in history

සමහර ඉතිහාසඥයෝ කියනවා මේක මධ්‍යතන යුගයේ මිනිසුන් කෲරයි කියලා පෙන්වන්න හැදුනු කතාවක් විතරයි කියලා. තවත් අය කියනවා ඇත්තටම මේ විදියේ වද උපකරණයක් තිබ්බා කියලා. මේක මනුෂ්‍ය හැඩයකට හදපු මැද හිස් යකඩ කැබිනට් එකක් වගේ. හැබැයි ඇතුලේ දිග ඇණ හයි කරලා තියෙනවා. දැන් මේක ඇතුලට මිනිහෙක්ව දාලා වැහුවට පස්සේ, ඒ මනුස්සයාට වෙන දේ හිතාගන්න පුළුවන් නේද. අර ඇණ ඇඟ පසාරු කරගෙන යනවා ටිකින් ටික. හැබැයි ඒකෙන් බේරෙන්න හෙලවෙන්නවත් විදිහකුත් නැහැ. හැබැයි ගොඩක් අය විශ්වාස කරන විදියට මෙහෙම උපකරණයක් ඇත්තටම තිබිලා නැහැ. මේකත් අර Nabis රජ්ජුරුවන්ට තිබුණා කියන The Iron Apega එක වගේ ටිකක්.

08. The Roman Candle

Most painful torture devices in history

මේ රෝම ඉටිපන්දම කියන්නේ නම් වද දෙන්න හදපු උපකරණයක් නෙවෙයි. හැබැයි වද ක්‍රමයක්. මේක යොදා ගත්තේ රෝම පාලකයෙක් වන නීරෝ විසින්. ඉතිහාසයේ කියවෙන විදිහට නීරෝ අධිරාජ්‍යයා ක්‍රිස්තියානිවරුන්ට සෑහෙන වෛර කරලා තියෙනවා. ඒ නිසා තමන්ගේ උද්‍යාන සම්භාෂණ වලට, රෝම ඉටිපන්දම් විදිහට යොදා ගත්තලු ක්‍රිස්තියානි භක්තිකයන්ව.

ඒක කරලා තියෙන්නේ මෙහෙමයි. මුලින්ම මේ වදයට ගොදුරුවන අවාසනාවන්තයන්ව, ලී කණු වලට තියල බැඳල හෙලවෙන්න බැරි වෙන්න ඇණ ගහලා තියෙනවා. ඊට පස්සේ ක්ෂණිකව ගිනි දැල්වෙන ද්‍රාවණයකින් මේ අයව නහවලා තියෙනවා. ඊට පස්සේ ඉටිපන්දමක් පත්තු කරනවා වගේ කකුල්වල ඉඳල මේ අයව දෙපා වල ඉඳන් පත්තු කරනවා. ඕක තමයි රෝම ඉටිපන්දම් ක්‍රමය කියන්නේ. මේක කොයි තරම් කෲර දඬුවම් ක්‍රමයක් ද කියලා අමුතුවෙන් කියන්න ඕන නැහැනේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *