ඔබ නින්දේදී දකින සිහින වල තේරුම් – අංක 01

Dream meanings - part 1

දැන් අපි ඕනම කෙනෙක් සිහින දකිනවනේ. හැබැයි මේ කියන්නේ අනාගතය වෙනුවෙන් දකින හීන, අපි ආස කරන දෙයක් අපි සතු කරගන්න දකින හීන වගේ එව්වා ගැන නෙවෙයි. මේ කියන්නේ අපි නින්දට ගියහම නින්දේදී දකින හීන ගැන. දැන් ඔය අපි නින්දේදී දකින හීන සහ ඒ හීන වලින් කියැවෙන්නේ මොනවද කියන එක ගැන මනුෂ්‍ය වර්ගයා කුතුහලයෙන් පිරී හිටියේ අද ඊයේ ඉඳලා නෙවෙයි. ඒක ඈත අතීතයේ ඉඳලම මිනිස්සුන්ගේ අවධානය දිනාගත්තු දෙයක්. ඒ විතරක් නෙවෙයි. ලෝකේ හැම ආගමකම, සංස්කෘතියකම වගේ සිහින සහ සිහින වල අරුත් ගැන සඳහන් වෙනවා. හොඳම උදාහරණයක් තමයි බෞද්ධ සාහිත්‍යයේ සඳහන් වෙන, සුදු ඇත් පැටවෙක් සුදු පියුමක් හොඬින් ගෙන තමන් වටා පැදකුණු කර තමන්ගේ ගැබට ඇතුළු වෙනවා සිහිනයෙන් දුටු මහාමායා දේවියගේ කථාන්තරය. ඒක තමයි බෞද්ධ සාහිත්‍යයේ සඳහන් වෙන්නේ සිදුහත් පිළිසිඳගැනීම විදියට. තව උදාහරණයක් කිව්වොත්, ක්‍රිස්තියානි බයිබලයේ සඳහන් වෙන කතා බොහොමයක, දෙවියන් වහන්සේ හෝ සුරදූතයින් මිනිසුන්ට තමන්ගේ අදහස් පවසලා තියෙනවා සිහිනයෙන් පෙනී ඉඳලා. ඉතින් ඔය වගේ කාරණා එක්ක, මිනිස්සු තමන් නින්දේදී දකින සිහින තමන්ගේ හැබෑ ජීවිතේට කොහොමද සම්බන්ධ වෙන්නේ, ඇත්තටම ඒ සිහින වලින් කියවෙන්නේ මොනවද කියන දේ ගැන අතිමහත් උනන්දුවක් දැක්වීම අරුම පුදුම දෙයක් නෙවෙයි.

ඉතින් අපි හිතුවා, අද ඉඳන් සිහින පලාඵල ගැන ලිපි පෙළක් අරගෙන එන්න. මේ ලිපි වලින් අපි උත්සාහ කරන්නේ, විවිධාකාරයේ සිහින සම්බන්ධයෙන් ලෝකේ මේ වෙනකොට බහුලවම පිළිගැනෙන අර්ථ දැක්වීම් සමූහයක් ලබාදෙන්න තමයි.

01. බල්ලෝ

Dream meanings - part 1

හීනෙන් බල්ලෝ දකින එකට තේරුම් ගණනාවක් තියෙනවා කියලා තමයි අහන්න ලැබෙන්නේ. ඒවා කෙටියෙන් කිව්වොත්, පක්ෂපාතීත්වය, ප්‍රතිභා ඥානය, පරිත්‍යාගශීලීත්වය, ආරක්ෂාව ලබාදීම, විශ්වාසවන්තකම, පතිවෘතතාව වගේ තේරුම් හීනෙන් බල්ලො දකින එකට තියෙනවලු. පොදුවේ හීනෙන් බල්ලෙක් දකින එකෙන් කියවෙන්නේ, ඔබේ තියෙන ප්‍රබල සාරධර්ම සහ හරයන්, හොඳ අදහස් එක්ක ලෝකේ ඉස්සරහට ගිහින් සාර්ථකත්වය ලබාගන්න පුලුවන් කියන එක වෙන්න පුලුවන්. ඒ වගේම, ඒ විදියේ ගතිගුණ තියෙන කෙනෙක් ඔබේ ජීවිතේ ඉන්නවා කියන එකත් වෙන්න පුලුවන්. හැබැයි සමහර විට, හීනෙන් බල්ලෙක් දකිනවා කියන්නේ, ඔබ විසින් නොසලකා හරිනු ලැබූ, එහෙම නැතිනම් අමතක කරනු ලැබූ ගතිලක්ෂණයක් නැතිනම් කොලිටි එකක් වෙන්නත් පුලුවන් ලු.

02. ඩයිනසෝරයෙක්

Dream meanings - part 1

මේක ඉතින් කලාතුරකින් කෙනෙක් දකින්න පුලුවන් හීනයක්. හැබැයි කලාතුරකින් හරි දැක්කොත් තේරුම වෙන්නේ, තමන්ට යල් පැන ගිය ආකල්ප, ඇටිටියුඩ් එකක් තියෙනවා කියන එක වෙන්න පුලුවන්ලු. ඒ කියන්නේ තමන්ගේ යල් පැන ගියපු සිතීම්, ආකල්ප සහ පුරුදු ඕන එකක් වෙන්න පුලුවන්. සමහර විට මේ හීනෙන් කියවෙන්නේ, මේ වෙනකොට තමන්ගේ ජිවිතේට අදාළ සිදුවීමක් හරි ඒ වගේ දේකට අදාළව තමන්ගේ හිතේ තියෙන යල් පැනපු ආකල්පයක් ගැන වෙන්නත් පුලුවන්.

03. බූරුවෙක්

Dream meanings - part 1

දැන් අපි මොකක් හරි මෝඩ වැඩක් කළහම අපිට කියනවනේ “බූරුවෙක් වෙන්න එපා” කියලා. එතකොට හීනෙන් බූරුවෙක්ව දැක්කොත්? හීන ගැන එක්ස්පර්ට්ලා කියන්නේ, බූරුවෙක්ව දකින එකෙන් අදහස් වෙන්නේ තේරුම් ගැනීම හෝ අවබෝධය අඩු කමක් වෙන්න පුලුවන් කියලා. ඒ කියන්නේ පොදුවේ ජීවිතේ සම්බන්ධයෙන් නෙවෙයි. යම් කිසි මේ මොහොතේ සිදුවීමක් හෝ මේ මොහොතේ අපේ ජීවිතේ සම්බන්ධයෙන් වෙන්න පුලුවන්ලු. හැබැයි ඒ වගේම, කවුරුහරි අපේ ජීවිතේ ඉන්න කෙනෙක් “බූරුවෙක්” විදියට හැසිරෙන එකෙන් අපේ හිතට තියෙන කරදරය හෝ අප්‍රසන්නතාවයත් මෙහෙම හීනෙකින් සංකේතවත් වෙනවා වෙන්න පුලුවන්ලු.

04. ගිරවෙක්

Dream meanings - part 1

හීනෙන් දකින ගිරවෙක්ගෙන් සංකේතවත් වෙන්නේ අපි තවත් කෙනෙක් ගැන නැතිනම් පොදුවේ අනික් මිනිස්සු ගැන තියෙන අවිශ්වාසය සහ සැකය වෙන්න පුලුවන්ලු. සමහර වෙලාවට, මේ හීනෙන් කියන්නේ අපි යම් කිසි දෙයක් හොයනවා කියන එක වෙන්නත් පුලුවන්ලු. හීනෙන් දකින ගිරවා සුදුයි නම්, ඒකෙන් කියවෙන්නේ අපේ ජීවිතේ පොදුවේ තියෙන අවිශ්වාසය නිසා ඇතිවෙන ගැටළුකාරී තත්වය වෙන්න පුලුවන්ලු. හැබැයි ඉතින් සුදු ගිරව් කවුද හීනෙන් දකින්නේ?

05. ගෝල්ඩ්ෆිෂ් මාළුවෙක්

Dream meanings - part 1

හීනෙන් ගෝල්ඩ්ෆිෂ් මාළුවෙක් දකින එකෙන් පොදුවේ සංකේතවත් වෙන්නේ ධනය, සාර්ථකත්වය සහ අපිට සතුට ගෙනෙන ඇඩ්වෙන්චරස් දේවල් වෙන්න පුලුවන් ලු. හැබැයි ඒ වගේම, හීනෙන් දකින ගෝල්ඩ්ෆිෂ් මාළුවෙක්ගෙන්, අපේ ජීවිතේට ඉතාම වැදගත් භාවාත්මක කාරණයක්, ඉමෝෂනල් දෙයක්, නැතිනම් වටිනා කියන අන්තර්දෘෂ්ටියක් සංකේතවත් වෙන්නත් පුලුවන්ලු.

06. හිපපොටේමස් කෙනෙක්

Dream meanings - part 1

එක පාරටම හිපපොටේමස් කෙනෙක් දැක්කහම කෙනෙක්ට හිතෙන්නේ මුන් හරිම අහිංසක, කම්මැලි සත්තු ජාතියක් කියලා. හැබැයි ඉතින් හිපපොටේමස් කෙනෙක්ගේ භූමිය ආක්‍රමණය කළොත් නං බලාගන්න පුලුවන් ඌ කොච්චර අහිංසකද කියලා. ඇත්තටම හිපෝ කෙනෙක් ක්ෂණයකින් ප්‍රචණ්ඩකාරී සහ භයානක වෙන්න පුලුවන්. ඉතින් ඒ විදියටම, හීනෙන් හිපපොටේමස් කෙනෙක් දකින එකෙනුත් සංකේත්වත් වෙන්න පුලුවන් වෙන්නේ ඔබේ ප්‍රචණ්ඩකාරී ස්වභාවය වෙන්න පුලුවන්ලු. සමහර විටකදී තමන්ගේ සැඟවුණු ශක්තීන් වුණත් එහෙම හීනෙකින් සංකේතවත් වෙන්න පුලුවන්ලු. ඒ කියන්නේ තමන් හිතනවට වඩා තමන්ට ශක්තියක්, තව කෙනෙක්ට පෙළඹවීම් කිරීමේ හැකියාවක් තියෙන බව ඒකෙන් සංකේතවත් වෙන්න පුලුවන්. ඒ ඇරෙන්න, හිපෝ කෙනෙක් හීනෙන් දකින එකෙන්, තමන්ගේ අයිතියේ තියෙන දේවල් ගැන තමන්ට තියෙන ආධිපත්‍යය පතුරවන සුළු හැඟීම, ඒ කියන්නේ තමන්ගේ සන්තක දේකට වෙනත් කෙනෙක් අත තියනවට තියෙන අකමැත්තත් මේ හීනෙන් කියවෙන්න පුලුවන්ලු.

07. එළුවෙක්

Dream meanings - part 1

හීනෙන් එළුවෙක්ව දැක්කොත්, ගොඩක් වෙලාවට ඒකෙන් කියවෙන්නේ තමන් පහසුවෙන්ම රැවටෙන සුළු බව, එහෙම නැතිනම් දෙයක් ගැන හරියට විනිශ්චය කරගන්න හැකියාවක් නැති බව වෙන්න පුලුවන්ලු. හැබැයි හීනෙන් එළුවෙක්ව දකින එකේ තව අර්ථයක් තියෙන්න පුලුවන් කියලත් කියවෙනවා. දැන් එළුවා කියන්නේ ලිංගිකත්වයේ, ලිංගික ආශාවේ සහ සල්ලාලකමේ සංකේතයක්. ඉතින් තමන් තුළ තියෙන ඒ ලිංගික ආශාවන් සහ සල්ලාල බව වුණත් එළුවෙක්ගේ හීනයක් විදියට එළියට එන්න පුලුවන්ලු. ඒ හැරෙන්න, වෙනත් කෙනෙක්ගේ වරදකට තමන් දොස් ලබන බවක්, අනුන්ගේ වරදට තමන් හසුවීම වගේ දේකුත් මේ එළුවෙකුගේ හීනෙකින් අර්ථ දැක්වෙන්න පුලුවන්ලු.

08. හාවෙක්

Dream meanings - part 1

හාවා කිව්වහම ඉතින් අහිංසක සතෙක්වනේ මතක් වෙන්නේ. හැබැයි ඇත්තටම හීනෙන් හාවෙක් දකින එකේ තේරුම වෙන්නේ ගොඩක් වෙලාවට අපි අපේ ඇත්ත ජීවිතේ යම් කිසි දෙයක් කැප කරනවා කියන එක වෙන්න පුලුවන්ලු. හාවාගෙන් සංකේතවත් වෙනවා ස්වයං-කැප කිරීම වගේම, ශීඝ්‍රතාවය කියන එකත්, ඒ වගේම පරිවර්තනය කියන එකත්.

09. අශ්ව පැටියෙක්

Dream meanings - part 1

හීනෙන් අශ්වයෙක් දකින එකේ සංකීර්ණ තේරුම් ගණනාවක් තියෙනවා. ඒ ගැන අපි පස්සේ කතා කරමු. හැබැයි හීනෙන් අපි දකින්නේ අශ්ව පැටියෙක් නම්? අහන්න ලැබෙන විදියට ගොඩක් දුරට හීනෙන් අශ්ව පැටියෙක් දකින එකේ අර්ථය වෙන්නේ නැවුම් ජවයක් අපේ ජීවිතේට ඇති වීම සහ යම් කිසි අලුත් දෙයක් කරන්න භාරගැනීම වෙන්න පුලුවන්. උදාහරණයක් විදියට කෙනෙක් අලුතින් ජොබ් එකක් භාරගන්න හිතනවා නම්, එතකොට අලුතින් යම් කිසි වගකීමක් භාරගන්න හිතනවා නම්, ඒ වගේ දෙයක් මේ හීනෙන් සංකේතවත් වෙන්න පුලුවන්ලු.

10. වානරයෙක්

Dream meanings - part 1

වානරයෙක්ව හීනෙන් දකින එකෙන් සංකේතවත් වෙන්නේ වංචාව, රැවටිල්ල, දඟකාරකම, ව්‍යාජය වගේ දේවල් කියලා තමයි කියන්නේ. ඒ කියන්නේ තමන්ගේ ඇත්ත ජීවිතේදීත් ඒ වගේ දේකට මුහුණ දෙන්න වෙලා තියෙනවා කියන එක වෙන්න පුලුවන්. ඒ වගේම, වානරයෙක්ගෙන් සංකේතවත් වෙන්න පුලුවන් කෙනෙක්ගේ අභ්‍යන්තරයේ තියෙන අදාන්ත, හීලෑ නොවුණු ස්වභාවය කියලත් කියවෙනවා. මේ කියන්නේ විශේෂයෙන්ම ලිංගිකත්වය සම්බන්ධ වුණු අදාන්ත, හීලෑ නොවුණු අභ්‍යන්තර ස්වභාවයලු.

11. කකුළුවෙක්

Dream meanings - part 1

හීනෙන් කකුළුවෙක්ව දකින එකෙන්, කෙනෙක්ගේ ප්‍රබල උත්සාහය, උට්ඨාන වීර්යය, ස්ථිරභාවය වගේම සමහර වෙලාවට මුරණ්ඩුකම වුණත් සංකේතවත් වෙන්න පුලුවන්ලු. කකුළුවෙක් තමන්ගේ අඬු වලින් අල්ලගත්තහම දෙයක් ලේසියෙන් අතඅරින්නෙ නැහැනේ. අන්න ඒ වගේ. හැබැයි ඔය කියපු දේවල් ඇරෙන්න, හීනෙන් කකුළුවෙක් දැකීමේ අර්ථය වෙන්නේ තමන් යම් කිසි කෙනෙක්ට, යම් කිසි දේකට තදින්ම එල්ලිලා ඉන්නවා කියන එක වෙන්නත් පුලුවන්ලු. යම් කෙනෙක් හෝ දෙයක් මත ඕනෑවට වඩා යැපෙනවා කියන එක වෙන්නත් පුලුවන්ලු. ඒ වගේම මීට විරුද්ධ අදහසකුත් කකුළුවෙක් හීනෙන් දකින එකේ තියෙන්න පුලුවන්. ඒ තමයි, යම් කිසි ආකාරයක ගැටළුවකට මුහුණ නොදී ඒක මග හරින්න උත්සාහ කරනවා කියන එක.

12. මකරෙක්

Dream meanings - part 1

මේ දවස් වල සෑහෙන්න මකරු ගැන අහන්න ලැබෙන නිසා, සමහර වෙලාවට කෙනෙක් හීනෙන් මකරෙක්ව දකින්නත් ඉඩ තියෙනවනේ. එහෙම හීනෙන් මකරෙක්ව දැක්කොත්, ඒකේ එක තේරුමක් වෙන්නේ තමන්ගේ ආස කරන දේවල් හෝ දෙයක් නිසා අවධානය යොමු විය යුතු දේවල් වලින් තමන්ගේ අවධානය ගිලිහිලා කියන එක තමයි. ඒ විදියේ හැසිරීම් තමන්ගේ සුභසිද්ධියට බාධාවක් වෙන්න පුලුවන් වගේම, හතුරන් අතේ ඒක තමන්ට එරෙහිව ආයුධයක් වෙන්නත් පුලුවන්. අන්න ඒ නිසා, මෙහෙම හීනෙකින් අපිට දැනුම් දෙන්නේ ස්වයං පාලනය ඇති කර ගන්න කියලා තමයි. හැබැයි තවත් සමහර සංස්කෘතීන් වල මකරා කියන්නේ සෞභාග්‍යයේ සහ වාසනාවේ සංකේතයක් කියන එකත් අමතක කරන්න නරකයි. එතකොට මකරෙක් හීනෙන් දැකීමෙන් අපිට සෞභාග්‍යය සහ වාසනාව උදාවෙන එක සංකේතවත් වෙන්නත් පුලුවන්!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *