සෙක්ස් කරන පොසිෂන්ස් ගැනත් දැනගෙන ඉන්න එක වටිනවා

අපි සෙක්ස් කරන එක ගැන, සෙක්ස් සම්බන්ධ දේවල් ගැන සෑහෙන්න කතා බහ කරනවනේ. ඒ හැම ආටිකල් එකක්ම කියවනවා කියන්නේ කෙනෙක්ට සෙක්ස් සම්බන්ධයෙන් හොඳ දැනුමක් ලැබෙනවා කියන එක තමයි. දැන් ඔය සෙක්ස් සම්බන්ධ දේවල් කතා කරනකොට, සෙක්ස් කරනකොට පාවිච්චි වෙන පොසිෂන්ස් ගැනත් අපිට යම් කිසි දැනුමක් ලබාගන්න එක වටිනවනේ, නැද්ද? මොකද, ගොඩක් වෙලාවට ගොඩක් දෙනෙක් දන්නේ එක සෙක්ස් පොසිෂන් එකක් නැතිනම් දෙකක් තුනක් වෙන්න පුලුවන්.

හැබැයි සමහර වෙලාවට ඔය තමන්ගේ ශරීරයේ ප්‍රමාණය, හැඩය, විදිය එක්ක එහෙම සෙක්ස් කරනකොට එන ගැටළු වලට මුහුණ දෙන්න හැකි වෙන්න පුලුවන් වෙනත් සෙක්ස් පොසිෂන් එකකින්. සමහර වෙලාවට හොඳ නිර්මාණශීලී පරිකල්පනයක් තියෙන කෙනෙක්ට අත්හදා බලලා විවිධ සෙක්ස් පොසිෂන්ස් හොයාගන්නත් හැකියාව තියෙනවා. එහෙම නැතිනම් ඉතින් මේ ආටිකල් එක කියවලා, ලෝකේ තියෙන විවිධ සෙක්ස් පොසිෂන්ස් ගැන දැනගැනීමෙනුත් තමන්ගේ සෙක්ස් ලයිෆ් එක තෘප්තිමත්, වෙනස් අත්දැකීමක් බවට පත් කරගන්න පුලුවන්. ආන්න ඒ නිසා අපි හිතුවා සෙක්ස් පොසිෂන්ස් කීපයක්, ඒ කියන්නේ සෙක්ස් කරන ඉරියව් කීපයක් ගැනත් කතාබහ කරන්න.

1. කව් ගර්ල්

මේක ඇත්තටම බේසික් සෙක්ස් පොසිෂන් එකක්. ඒ කියන්නේ මූලික ලිංගික හැසිරීම් ඉරියව්වක්. සරලවම මේ පොසිෂන් එකේදී පිරිමියා තිරස්ව වැතිරිලා ඉන්න අතරේ, කාන්තාව කකුල් දෙක පිරිමියාගේ ශරීරය දෙපැත්තට දාලා, පිරිමියාගේ ඇඟ මතට එනවා. එතකොට පිරිමියා දණහිස් පොඩ්ඩක් නවලා, කාන්තාවගේ ඉඟ දෙපසින් අල්ලගෙන සංසර්ගයට රුකුල් දෙනවා. එතකොට හරියට කාන්තාව අස්සයෙක්ව පදිනවා වගේ තමයි. ඇත්තටම මේ පොසිෂන් එක කාන්තාවට ඉතාම වැඩි පාලනයක් හිමි වෙන ක්‍රමයක් නිසා, සුරතාන්තයකට ටිකක් වෙලා යන කාන්තාවක් සතුටු කරන්න වඩා වැඩි වෙලාවක් රති කෙලියේ නියැළෙන්න පිරිමියෙක්ට මේක හොඳ ක්‍රමයක්. ඒ වගේම, සංසර්ගය ටිකක් වේදනාකාරී වෙන කාන්තාවන්ට, සංසර්ගයට අළුත් කාන්තාවන්ට එහෙමත් මේක හොඳ ආරම්භක ඉරියව්වක්, මොකද පුරුෂ ලිංගය තමන් තුළට යන ප්‍රමාණය සහ වේගය පාලනය කරන්නේ එතකොට තමන්ම නිසා.

2. ලෙග්ස් අබව් ෂෝල්ඩර්ස්

සමහරු ඉන්නවා ටිකක් ජිම්නාස්ටික් ටයිප්, නම්‍යශීලී ලිංගික ඉරියව් ට්‍රයි කරලා බලන්න කැමති. ඒ වගේ ඉරියව්වකින් ලැබෙන වින්දනයත් වෙනස් සහ අපූරුයි කියන්න පුලුවන්. ඒකට උදාහරණයක් විදියට ගන්න පුලුවන් කාන්තාවගේ කකුල් පිරීයාගේ උරහිස් වල රඳවගෙන, ගොඩක් දුරට පිරිමියා හිටගෙන ලිංගික සංසර්ගයේ යෙදෙන ඉරියව්ව. මේකට එක්කෝ ඇඳේ හරි මේසෙක හරි කෙළවර කාන්තාව නිදාගෙන, කකුල් පිරිමියාගේ උරහිස මත රඳවාගෙන ඉන්නකොට, පිරිමියා හිටගෙන, කාන්තාවගේ ඉඟෙන් අල්ලගෙන කාන්තාව තුළට ඇතුළු වෙන්න පුලුවන්. මේ ඉරියව්වේදී කාන්තාවගේ කකුල් දෙක ටිකක් එකට තද වෙලා වගේ තියෙන නිසා, යෝනියත් ටිකක් හිර ගතියක් තියෙනවා. එතකොට ඒක දෙන්නටම වෙනස් වින්දනයක් ගෙන දෙන්න පුලුවන්.

මේකම මිෂනරි පොසිෂන් එකටත් පොඩ්ඩක් වෙනස් කරලා පාවිච්චි කරන්න පුලුවන් ඉතින්!

3. ඉඳගෙන ෆේස් ටු ෆේස්

ඇත්තටම සෙක්ස් කරන්න දිගා වෙලාම ඉන්න ඕනෙද? කොහෙත්ම නෑ. ඕන නම් පුටුවක ඉඳගෙන වුණත් පුලුවන්. ආන්න ඒකට හොඳ ක්‍රමයක් තමයි පුටුවක ඉඳගෙන, මුහුණට මුහුණ බලාගෙන සෙක්ස් කිරීම. මෙතනදී පොඩ්ඩක් බඩ එහෙම අඩු වෙන්න ඕන තමයි. හැබැයි එහෙම ශරීර ප්‍රමාණය මේ ඉරියව්වට ගැටළුවක් වෙනවා නම්, බිම හරි ඇඳේ හරි වාඩි වෙලා, පිටිපස්සට නැවිලා, අත් බිම තියලා වාරු අරගෙන ෆේස් ටු ෆේස් ඉරියව්වට යන්නත් පුලුවන්. පුටුවක වාඩි වෙලා මේ ඉරියව්වට යනකොට, දෙන්නට එකිනෙකාව වැළඳගෙන සෙක්ස් කරන්න පුලුවන්. එතකොට කාන්තාවට පුලුවන් පිරිමියාගේ ශරීරය වටා අවශ්‍ය නම් කකුල් ඔතාගන්නත්. ඇත්තටම මේ ඉරියව්ව සෑහෙන්න ඉන්ටිමේට්, ඒ කියන්නේ වැඩි රොමෑන්ටික් ගතියක් සෙක්ස් වලට ඇතුළත් කරගන්න පුලුවන් ඉරියව්වක්. මොකද, දෙන්නම මේ ඉරියව්වෙන් සෙක්ස් කරනකොට අතිශයින්ම සමීප වෙලා තමයි ඉන්නේ.

4. ස්පූනින්ග්

දෙන්නත් එක්ක ඇඳක හරි වෙනත් මතුපිටක හරි දිගාවෙලා ඉන්න කොට ට්‍රයි කරලා බලන්න හොඳම සෙක්ස් පොසිෂන් එකක් තමයි මේක. විශේෂයෙන්ම හිතන්න දෙන්නා නිදාගෙන ඉඳලා උදේ නැගිටලා උදැහැනැක්කෙන්ම මෝනින් සෙක්ස් පාරක් එහෙම දාන්න හිතුවොත්, ඒකට ගැලපෙන බොහොම ආදරණීය ලිංගික ඉරියව්වක් කියලත් මේ ස්පූනින් එක හඳුන්වන්න පුලුවන්. මෙතනදී වෙන්නේ දෙන්නම පැත්තට හැරිලා, සාමාන්‍යයෙන් කාන්තාවගේ පිටුපස්සෙන් පිරිමියා වැළඳගෙන, පිටුපස්සෙන් ඉන්න පිරිමියා කාන්තාව තුළට ඇතුළු වෙලා ලිංගික සංසර්ගයේ යෙදෙන එක. දැන් මේ පොසිෂන් එකේදී දෙන්නා මුහුණට මුහුණ බලාගෙන නොහිටියත්, අර පිටිපස්සෙන් වැළඳ ගැනීම සහ සමීපත්වය එක්ක හොඳ රොමෑන්ටික්, ඉන්ටිමේට් ගතියක් මේ පොසිෂන් එකේදිත් තියෙනවා. අවශ්‍ය නම් සෘජු සංසර්ගය නැතුව ෆින්ගරින් වගේ එකක් වුණත් මේ ක්‍රමේට කරන්න පුලුවන්.

5. රෝල් ඔන් ද සයිඩ් 69

දැන් 69 කිව්වහම හැමෝම දන්නවනේ. 69 කරනකොට දෙන්නා ඉන්නේ එකිනෙකාගේ ඇඟ මත, හැබැයි ප්‍රතිවිරුද්ධ දිසාවටනේ. ඒ කියන්නේ කාන්තාව පිරිමියාගේ ශිෂ්ණය තමන්ගේ කට ගාවට එන විදියට උඩින් ඉන්නවා කියමු. එතකොට පිරිමියා පහතින්, හැබැයි කාන්තාවගේ යෝනිය පිරිමියාගේ කට සමීපයේ තියෙන්නේ. ඕකේ කාන්තා පිරිමි රෝල් එක ඕන නම් උඩ යට මාරු කරගන්න පුලුවන්. හැබැයි සමහරුන්ට මේක ටිකක් වෙහෙසකාරීයි. විශේෂයෙන්ම පහතින් ඉන්න කෙනාට තමන්ගේ බෙල්ලෙන් ඉස්සිලා මුඛ සංසර්ගය ලබාදෙන්න වුණහම, ඒක අමාරු වෙන්න පුලුවන්. හැබැයි හිතන්න, ඔය 69 පොසිෂන් එකම පැත්තෙන් පැත්තට වැතිරිලා ඉන්න ගමන් කළොත් කොහොමද? ඒ කියන්නේ ස්පූනින් වගේ, හැබැයි දෙන්නා එකිනෙකාට මුහුණ ලා, ඒත් එකිනෙකාගේ ප්‍රතිවිරුද්ධ පැත්තට කකුල් දාලා ඉන්නේ. එතකොට කාන්තාවට පුලුවන් පිරිමියාගේ ශිෂ්ණය මුවට ගන්න වගේම, පිරිමියාට පුලුවන් කාන්තාවගේ යෝනියට මුඛය ගේන්න. දැන් මේක අර ක්ලැසික් 69 ක්‍රමේට වඩා අඩු මහන්සියකින් කරගෙන යන්න පුලුවන්.

6. ස්ටෑන්ඩින්ග් ඩොගී

දැන් ඩොගී ස්ටයිල් එක හැමෝම දන්නවා ඇතිනේ. කාන්තාවගේ පිටුපසින් පිරිමියා ඇතුළු වෙන ක්‍රමයකට සංසර්ගයේ යෙදෙන එක තමයි පොදුවේ ඩොගී ස්ටයිල් කියන්නේ. හැබැයි ඕක අපි ටිකක් වැඩිදියුණු කරමු. දැන් හිතමු දෙන්නම හිටගෙන ඉන්නේ කියලා. එතකොට, කාන්තාව ඉණෙන් කෙලින්ම පහතට නැවෙනවා, කකුල් සෘජුව තියාගෙන ඉන්න ගමන්. එතකොට පිරිමියා කාන්තාවට ආධාරකයක් විදියට හොඳට ඇගේ අත් දෙකෙන් අල්ලාගෙන, නැවිලා ඉන්න කාන්තාවගේ පසුපසට නෙරලා තියෙන පසුපස ප්‍රදේශය ඔස්සේ කාන්තාව තුළට ඇතුළු වෙනවා. ඔන්න ඕක තමයි අපිට ස්ටෑන්ඩින් ඩොගී කියලා කියන්න පුලුවන් වෙන්නේ. ඇත්තටම මෙව්වාට තවත් විවිධ නම් තියෙනවා. හැබැයි මොන නමෙන් කිව්වත්, මේ විදිය වෙනස් වින්දනයක් ගෙන දෙන පොසිෂන් එකක් කියන්න පුලුවන්. හැබැයි ඉතින් ටිකක් නම්‍යශීලී ශරීරයක් තියෙන කාන්තාවකට තමයි මේක හොඳටම හරියන්නේ.

7. සයිඩ් එජ් ඔෆ් ද බෙඩ් මිෂනරි

ඇත්තටම මේකට කියන්න නමක් තියෙනවද දන්නෙ නෑ. හැබැයි සිද්ධ වෙන්නෙ මේකයි. දැන් ඇඳේ පැත්තේ කෙළවර තියෙනවනේ. කාන්තාව ඇඳේ වැතිරෙනවා ඒ ඇඳේ පැත්තේ කෙළවරට ආසන්නයෙන්. එතකොට පිරිමියා කාන්තාවගේ උඩට එනවා, හැබැයි එක කකුලක් ඇඳෙන් බිම තියාගෙන. එතකොට අනික් කකුල තියෙන්නේ කාන්තාවගේ ශරීරයට එහා පැත්තේ හරි කාන්තාවගේ කකුල් දෙක මැද හරි. එතනින් එහාට ඉතින් මේක මිෂනරි පොසිෂන් වගේම තමයි. හැබැයි මේ ඉරියව්වෙන් සෙක්ස් කරනකොට පිරිමියාට වඩාත් ප්‍රබල සංසර්ගයක් ලබාදෙන්න පුලුවන්. ඒ වගේම, වැඩි වෙලාවක් මහන්සි නොවී දරාගෙන ඉන්නත් පුලුවන්. ඒ ඇරෙන්න මේ පොසිෂන් එකේ තව වාසියක් තියෙනවා. දැන් අපි හැමෝටම ඔය ෆ්ලැට් බඩවල් සහ කට්ස් ඇඟවල් නැහැනේ. එතකොට, පොඩ්ඩක් මහත දෙහෙත පිරිමියෙක්ට, ඇඳ උඩට ගිහිල්ලා මිෂනරි පොසිෂන් එකකට ගිහින් සංසර්ගය කරන එක ටිකක් අමාරු කාර්යයක් වෙන්න පුලුවන්. ආන්න එහෙම කෙනෙක්ට වුණත්, මේ පොසිෂන් එකෙන් තමන්ගේ කාන්තාවට හොඳ තෘප්තියක් ලබාදෙන සංසර්ගයකට යන්න පුලුවන්.

දැන් කෙනෙක් එතකොට හිතන්න පුලුවන්, ඇයි හැමෝම දන්න මිෂනරි පොසිෂන් නැතිනම් මෑන් ඔන් ටොප් පොසිෂන් එක ගැන අපි කියලා නැත්තේ කියලා. හේතුව සරලයි. ඒ පොසිෂන් එක හැමෝම දන්නවා. සෙක්ස් කරන්න සම්පූර්ණයෙන්ම ආගන්තුක දෙන්නෙක් වුණත් පටන් ගන්නේ ඕකෙන්නේ. ආන්න ඒ නිසා, අපිට ඕන වුණා, හැමදාම හැමෝම සෙක්ස් කරන පරණ පුරුදු මිෂනාරි ඉරියව්වට එහා ගියපු ඉරියව් කීපයක් ගැන කියලා දෙන්න. තව දෙයක්, අපි මෙතනදී ගැහැණිය සහ පිරිමියා කියන යෙදුම් යොදාගත්තත්, මේ එක ඉරියව්වක්වත් ගැහැණියට සහ පිරිමියාට විතරක් සීමා වෙන්නෙ නෑ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *