අතීත මතක අවුස්සන අපේ මියුසික් වීඩියෝ 10ක්

old music video memories

අතීතේ දිහා හූල්ලගෙන බලන් ඉන්න මහත්තුරු නෝනලාට තව ටිකක් දුක හිතෙන කතාවක් තමයි මේ. මේක එකදාස් නවසිය බර ගණන්වල කතාවක් නෙවේ. ඒත් කාලයක් තිබ්බා නෙට් කැෆේවලට ගිහිල්ලා ananmanan.lk, helanada.com, elakiri.com, gallezone වගේ සයිට්වලින් සින්දු වීඩියෝ භාගත්තු. දැන් අපි රටෙන් භාගයක් දෙනවා කිව්වත් ලංකාවේ චැනල් එකක යන චාට් ෂෝ එකක් බලනවද? ඒකට හරියන්න කාලයක් තිබ්බා අලුතින් සින්දුවක් එළියට දානකන් බලන් හිටපු. දිගන්තය, රසරිසිගී, හීන හතක්, මියුසික්ස් වගේ පටන් ගත්ත වෙලේ ඉඳන් ඉවරවෙනකන් බලන්න පුළුවන් වැඩසටහන් ටීවී එකේ ගියපු. අද ඒ මොකක්වත් නෑ මළ අඳෝනා හැරෙන්න. 2000ත් 2010ත් අතර කාලයේ නිර්මාණය වුණ මතකයෙන් කොහොමවත් අයින් කරන්න බැරි මේ නිර්මාණ ඔයාට මතක ද?

 

1. J town Story – Iraj & Krishan Ft. Yawuwanan

old music video memories

Source – youtube.com

ජාතිවාදී අරගලයක් නිසා මුළු රට ම ඇවිලිලා තිබුණ කාලෙක ඉරාජ් හිට් කරපු මේ සින්දුව අරගලය ඉවර වෙලා අවුරුදු ගාණකට පස්සෙත් මතකයේ තියෙන්න තරම් මොන වගේ නිර්මාණයක් වෙන්න ඇතිද? කියන හැම වචනයක් එක්ක ම ඊට ම ගැලපෙන සංවේදී රූප රචනාවක් එක්ක එළියට ඇවිත් ජාතිවාදී අරගලය ගැන අපි නොහිතපු පැත්තකින් කතා කරපු ගීත නිර්මාණයක් නිසා අදටත් චාට් ෂෝ එකකට දැම්මා නම් එකට එනවා.

 

2. අහසට සොඳුරු ද සඳ කෙතරම් – නෙලූ අධිකාරි, කාශ්‍යප දිසානායක

old music video memories

Source – youtube.com

ලොවෙත් ලස්සන රූප රචනාවක් තියෙන මේ නිර්මාණයේ පුංචි කාලේ ඉඳන් ම කට්ටියගේ ක්‍රෂ් එකක් වෙච්චි මංජුලා කුමාරි හිටියේ. දියතලාවේ ලස්සනත් එක්ක මේ රූප රචනයයි සින්දුවයි ඇස්වහක් කටවහක් නැති හඳහන් දෙකක් වගේ ගැළපෙනවා. සින්දුව අවසානයේ කොල්ලා දැනගන්නවා පස්සෙන් ගිය කෙල්ල අම්මා කෙනෙක් කියලා. අද කාලේ එකක නම් පොර එතනම පස් කනවා අඬ අඬා. ඒත් මෙතන සම්පූර්ණයෙන් වෙනස් දෙයක් සිද්ධ වෙන්නේ.

 

3. රැස් විහිදෙන සමනලියකගෙන් – භාතිය සහ සන්තුෂ්

old music video memories

Source – youtube.com

මේ ගැන මෑතක දී කතාබහක් ඇතිවුණා. ඒකට හේතුව කූඹියෝ ටෙලියේ රඟපාපු ටිරාන් හිච්චා කාලේ මේකේ කොල්ලාට රඟපාපු එක. වීඩියෝ එක ඒ කාලෙත් එක්ක බලද්දී මාර ම නිර්මාණශීලියි. තාක්ෂණය අඩුවක් පාඩුවක් පෙන්නන්නේ නැතුව පාවිච්චි කරලා තියෙනවා. සින්දුවෙන් කියවෙන අර්ථයට හානියක් නොකර ආසාවෙන් බලන්න පුළුවන් රූප රචනයක් තමයි තියෙන්නේ.

 

4. රන්වන් මල්දම් – සෙන්ටිග්‍රේඩ්ස්

old music video memories

Source – youtube.com

දැන් හාවක් හූවක් නැතුව හිටියට සෙන්ටිග්‍රේඩ්ස් කියන්නේ ඒ කාලයේ කොල්ලෝ කෙල්ලෝ අතරේ උන්මාදයක් ඇති කරපු සංගීත කණ්ඩායමක්. තාමත් ඒක එහෙම ම තමයි. හැබැයි ඒ එයාලා කලින් කරපු නිර්මාණ නිසා. රන්වන් මල්දම් රූප රචනය තනිකරම කතන්දරයක්. නහයෙන් කටින් ලේ දාලා අසනීප වෙන එක පෙන්නපු මුල්ම මියුසික් වීඩියෝ එක වෙන්නත් බැරිකමක් නෑ. අදටත් මේ සින්දුව කියද්දී ඒ රූප රචනාව මැවිලා පේනවා.

 

5. පා සලඹ සලා – Ranidu ft Killer B

old music video memories

Source – youtube.com

ඒ කාලෙත් එක්ක බලද්දී ටෙක් වැඩ කෑලි අතින් ලොකු ස්ටෑන්ඩර්ඩ් එකකින් නිර්මාණය කරපු රූප රචනයක් තමයි මේකට තිබුණේ. රනිදු එක්ක ඉන්න අනික් හාදයා කිලර් බී කාලයත් එක්ක දකින්න නොලැබුණාට රනිදුට එහෙම ලේසියෙන් යන්න ලංකාවේ අපි ඉඩ දුන්නේ නෑ. පා සලඹ සලා ගීතය ඒ දවස්වල චාට් ෂෝවල ඉස්සරහින් ම තිබුණ ගීතයක්.

 

6. Cross Culture – Dinesh & Gajan Ft. Eranga, Randhir, Sahan

old music video memories

Source – youtube.com

දිනේෂ් කනගරත්නම් කියන්නේ ලංකාවේ අපි හැමෝටම ආඩම්බරයක්. අද දිනේෂ් ලෝක ප්‍රසිද්ධයි. මේ තියෙන්නේ ඔහුගේ ගමන පටන් ගත්ත තැනක්. මේ ගීතයත් එක්කම බලන්න පුළුවන් රූප රචනයක් ලැබුණා. ඒකත් ග්‍රැෆික්ස් පාවිච්චි කරලා උපරිමේටම හදපු නිර්මාණයක්.

 

7. සුදු කෙල්ලේ – V3 Boys

old music video memories

Source – youtube.com

අද එක පාරටම බලද්දි මේ මොන කොමිකල් එකක් ද කියලා හිතෙන්න පුළුවන් වගේම අද තියෙන ජරාවල්වලට වඩා කොච්චර හොඳ ද කියන ෆීලින්ග් එක දෙන්න පුළුවන් නිර්මාණයක් තමයි. රැප් ගැන අදහසක් ලංකාවට ආපු මුල් කාලේ හැදුණ මේ ගීතයේ කතා නායකයෝ අද කොහේ ද දන්නේ නැහැ.

 

8. P.R.E.M.I – Ravi Hans ft The OneStepAhead & Samitha

old music video memories

Source – youtube.com

රවිහන්ස් කියන්නේ දක්ෂයෙක්. මේ වගේ ඔහුගේ පරණ නිර්මාණ දකිද්දී අපි ඇත්තටම මේ මනුස්සයාගෙන් වැඩක් ගත්තද කියලා දුකක් හිතෙන්න පුළුවන්. කොහොමින් හරි ප්‍රේමි කියන්නෙත් චාට් ෂෝවල ඉහළින්ම රැඳුණ නිර්මාණයක්. හොකී පොලු ටිකක් අරන් ගහගන්න යනවා… ආය සින්දු කියනවා. අද වැරදිලාවත් ඇහෙන්නේ නැති එක නම් අඩුපාඩුවක්.

 

9. නීල දෑසේ – රොමේෂ් සහ ලක්ෂාන්

old music video memories

Source – youtube.com

රොමේෂ් ලක්ෂාන් කියන්නේ එක පුද්ගලයෙක් කියලා හිතන තරමට අලුත් ට්‍රෙන්ඩ් එකක් මේ දෙන්නා හඳුන්වලා දුන්නා. ඒක ඇතුළෙ නීල දෑසේ ගීතයට වැදගත් තැනක් ලැබෙන්නේ ගීතයේ තියෙන සංයමය මාරම ලස්සනට රූප රචනයෙන් පෙන්නපු විදිය නිසා. කවදාවත් නොමැරෙන සින්දු තමයි මේ.

 

10. මගෙ මස්සිනා – Daddy

old music video memories

Source – youtube.com

Daddy එකේ සෙට් එක සින්දු අහන බලන එකට ආතල් අර්ථකථනයක් දුන්න සෙට් එකක්. මෙයාලාගේ සින්දු අතරින් ඉස්සෙල්ලා ම මතකයේ රැඳුණ ගීයක් තමයි මස්සිනා ගැන අඳෝනාව කියන මේ නිර්මාණය. 70 දශකයේ විදියට ඇඳගෙන මෙයාලා දාපු සෙල්ලම මතක ඇතිනේ.

 

අද නිර්මාණ බිහිවෙන්නේ තනිකරම මියුසික් වීඩියෝව පදනම් කරගෙන. සින්දුවේ මොන මගුල තිබ්බත් කමක් නෑ රූප රචනේ ගොඩ නම්. ඒකත් ගොඩ නෑ මාරම ඒකාකාරියි. ඒ අතින් ඉස්සර අපේ ගායකයෝ තාක්ෂණයත් අඩු කාලේ සින්දුවත් කියාගෙන වීඩියෝ එකත් ලස්සනට හදාගෙන ගියපු ගමන ගැන ඒ දේවල් විඳපු මනුස්සයන් විදියට කොච්චර සතුටු වෙන්න ඕනිද?

 
Cover Image Source – vimeo.com
 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *