දැන් මේ ලෝකේ මාංශ භක්ෂක ඩයල් ඉන්නවා, ඒ කිව්වේ මස් කන්න වැඩිපුර ආසයි කියන තේරුමෙන්. එතකොට වෙන වෙන මාළු භක්ෂක, නිර්මාංශ භක්ෂක වගේ ඩයල්ස් එහෙමත් ඉන්නවා. ඇත්තටම තමන් කන්නේ මොනවද කියන එක තමන්ගේ කැමැත්ත. එතකොට තමන් කන දේවල් කන බොන ප්‍රමාණ බැලන්ස් කරගන්න එක තමන්ගේ විනය. ඒ ඇරෙන්න කෙනෙක් කන බොන දේවලින් අපි ඒ අයව මනින්න යන්නෙ නෑ. මේ ඔවදන, මස් කියපු ගමන් ෆයර් වෙලා එන සෙට් එකට. හරි ආයෙමත් කතාවට එමු.
දැන් ඔය මස් කන්න කැමති හාදයෝ දන්නවා, ඒකත් එක්තරා රටාවක් කියලා. නිකම්ම කුකුලෙක් හරි ඌරු මස් ටිකක්, හරක් මස් ටිකක් හරි ගෙදර ගෙනැල්ලා උයන එකත් එක්තරා රසක් තමයි. හැබැයි ඒ ඇරෙන්න ඔය වෙන වෙන විදි වලට මස් මාංශ රහ බලන්න නම් එක්කෝ කුකින් එක්ස්පර්ට් කෙනෙක් වෙන්න ඕන, එහෙම නැතිනම් ඉතින් හොඳ පන්නේ රෙස්ටුරන්ට් එකකට යන එක තමා කරන්න තියෙන්නේ. කොහොමහරි අපි මේ කියන්න හදන්නේ, මස් ලෝලීන්ට ට්‍රයි කරලා බලන්න ගැලපෙන තැන් කීපයක් ගැන.
1. Meatmania
මීට්මේනියා කියන්නේ රෙස්ටුරන්ට් එකක් නෙවෙයි. එක්කෝ කිරිබත්ගොඩ මාකොළ පාරේ ටිකක් දුර ගියහම තියෙන ස්පොට් එකට කෝල් එකක් දීලා බඩු ගන්න පුළුවන්, එහෙම නැතිනම් කිරිබත්ගොඩ අවට ඉඳලා පික්මී ෆුඩ් එකෙන් ගෙන්නගන්නත් පුළුවන්. මීට්මේනියා කට්ටිය ගාව ෆුල් මෙනු එකටම තියෙන්නේ අයිටම්ස් දෙකයි. එක්කෝ චිකන් බැක්හෝ බර්ගර්, එහෙම නැතිනම් පෝක් බැක්හෝ බර්ගර්. හැබැයි පුතාලා, දුවලා, මේ බැක්හෝ බර්ගර් එක තමයි රියල් ඩීල් එක. පෝක් බැක්හෝ බර්ගර් එකේ සෑහෙන ලොකු බර්ගර් එකකට චීස් දාලා, ඒක ඇතුළට අමුතුම සෝස් මික්ස් එකක් එක්ක බාබක්‍යු කරපු පෝක් කෑලි තොගයක් පුරවලා! අපි මේ දවස් වල කොහෙත් දකින පොඩි සයිස් බර්ගර් බන් එකට වඩා බර්ගර් එකත් ඉතාම ලොකුයි, සෑහෙන්න මෘදුයි. හැබැයි මේක දාපු පෙට්ටියේ තව ඉඩ තියෙනවා. ආන්න ඒ ඉඩ පිරෙන්නත් තවත් පෝක් කෑලි තොගයක් පුරවලා තියෙන්නේ. ඇත්තටම රුපියල් 700 කට දෙන්නේ පෝක් තොගයක්, ඒකත් එක්ක කන්න බර්ගර් එකක් දෙනවා. ඇත්තටම පෝක් ලෝලියෙක් නම් හැමදාම මෙතනට යන්න හිතනවා ෂුවර්! මේ කොලිටිය මෙහෙමම තියාගත්තොත්, කවදාහරි මේක කරන ආතල් බුවාගේ නමට පෝක් ලෝලියෝ දේවාලයක් හදනවා, ඒකත් ෂුවර්!
චිකන් බැක්හෝ බර්ගර් එකත් මරු. චීස්, සෝස්, චිකන් තීරු මිශ්‍රණයක් බර්ගර් එකට පුරවලා, අර වගේම පෙට්ටියේ ඉතුරු ඉඩ bockwurst සොසේජ් පෙති වලින් පුරෝලා තියෙන්නේ. හිතාගන්න පුළුවන් නේද?
දුරකථන අංක: 0758232211
2. Peri Peri Kukula
නිකම් අමුතු නමක් වගේද දැනෙන්නේ? ඇත්තටම ඔය හාඩ්කෝර් මස් ලෝලීන් ඒ තරම් චිකන් පැත්තට යොමු වෙන්නෙ නැති වුණත්, විශේෂ චිකන් එක්ස්පර්ට් කෑම තියෙන තැනකදී නම් අපි කියන්නේ අනිවා ට්‍රයි කරලා බලන්න ඕන කියලා තමයි. ඒකට එක උදාහරණයක් පෙරි පෙරි කුකුලා! ඔව්, ඇත්තටම පෙරි පෙරි කුකුලා කියන්නේ, පෙරි පෙරි සෝස් තවරලා ග්‍රිල් කරපු චිකන් කන්න පුළුවන් තැනක්. අපිට අහන්න ලැබුණු විදියට මේ පෙරි පෙරි සෝස් එක එන්නේ මොසැම්බික් වල හිටපු පෘතුගීසි ගවේෂකයින්ගෙන්ලු. මේක සැරත් රසත් දෙකම තියෙන බොහොම අපූරු කෑම ජාති හදාගන්න පුළුවන් සෝස් එකක්.
පෙරි පෙරි කුකුලා මේ දවස් වල ඩිලිවරි විතරයි කියලා ආරංචියක් ආවා. ඒත් මදෑ. මේ කට්ටිය ගාව විවිධ ප්‍රමාණයේ චිකන් තියෙනවා. එතකොට ස්කිවර්ස් තියෙනවා. තව කුකුලු ප්ලැටර්ස් තියෙනවා. ඊට පස්සේ සැරම සැර, සැර, නෝමල් සැර සහ ලෙමන් හා හර්බ්ස් විතරක් වුණු සැර නැති කියන ලෙවල් වලින් පෙරි පෙරි සෝස් එක තෝරගන්න පුළුවන්. දැන් ඕකේ සයිඩ් එකට හරියන දේවලුත් තියෙනවා. ඒ ඇරෙන්න චිකන් පඒලා, සීෆුඩ් පඒලා, මික්ස් පඒලා වගේ ස්පැනිෂ් රයිස් වර්ගත් තියෙනවා. ඔය මදෑ ඉතිං!
දුරකථන අංක: 011 588 2188
3. Dushy’s
මෙන්න තවත් ඌබර් ඊට්ස් නිසා මුණගැහුණු අනර්ඝ මස්ලෝලීන්ටම ගැලපෙන හෝම් මේඩ් කෑම ස්පොට් එකක්! දුශී’ස් කියන්නේ ඇත්තටම මස් ලෝලීන්ට විතරක්ම හරියන තැනක් නෙවෙයි. මොකද දුශී ගාව ඔය සැලඩ් වර්ග එහෙමත් යහමින් තියෙනවා. හැබැයි මස් ලෝලීන්ට හිතේ හැටියට මස් කෑල්ලක් කාලා, සයිඩ් එකට සැලඩ් එකකුත් බඩට දාගන්න දුශීගෙ තැන මරු. අනික නිකම්ම මස් වලට වඩා දුශී දෙන කම්බිනේෂන් එකත් මරු.
උදාහරණයක් විදියට අපි ගමු දුශීගෙ ෂෙපර්ඩ් පයි එක. හීනි වෙන්න කපපු බීෆ් එක්ක කැරට්, බීන්ස් දාලා හදපු ෂෙපර්ඩ් පයි එක බඩ පිරෙන බැලන්ස් ආහාරයක්. එතකොට දුශීගේ හනි මස්ටර්ඩ් රෝස්ට් පෝක් ඇන්ඩ් මෑෂ් එකත් මාර ගති. මෑෂ්ඩ් පොටැටෝ උඩට මී පැණි සහ තවත් අඩුම කුඩුම දවටලා රෝස්ට් කරපු ලොකු පෝක් කෑලි තියලා!
දුරකථන අංක: 076 262 6353
4. Fatty Patty
සාමාන්‍යයෙන් ඔය මාංශ ලෝලියෝ හොඳ ෆයින් මීඩියම් රෙයා ස්ටේක් එකකට වගේම ස්ට්‍රීට් ජොයින්ට් එකකින් ගන්න පුළුවන් තඩි මස් පැටී එකක් හරි කෝර්ඩන්බ්ලූ එකක් හරි පුරවපු බර්ගර් එකකටත් එකසේ ආසයි කියලා කියන්න පුළුවන්. ආන්න ඒ නිසා, අපි හිතුවා ෆැටී පැටී එකත් ලිස්ට් එකට දාගන්න. ෆැටී පැටී එක එක පාරටම කෙනෙක්ට ඇහැ ගැහෙන්නෙ නැති පොඩි රෙස්ටුරන්ට් එකක්. ඇත්තටම අපි මේ ගැන දැනගත්තෙත් ඌබර් ඊට්ස් එකෙන් තමයි. හැබැයි ඉතින් පළවෙනි පාරම අපි ගත්තු බර්ගර් එකෙන් වැඩේ හිතට අල්ලලා ගියා. අපි ගත්තෙ මෙක්සිකානා එකක්. බර්ගර් එක පිරෙන්න දාපු බීෆ් පැටී එකක් එක්ක, තව අඩුම කුඩුම ඒකට පුරෝලා තිබුණා. ෆැටී පැටී එකත් එක්ක අපි බැඳීම වැඩි කරගත්තේ මේ අය ගාව තිබුණු පස්තෑල රහ බලලා. පස්තෑල කියන්නේ හරක් මස් ලොකු කෑලි අහුවෙන ලොකු පැටිස් එකක් වගේ අයිටම් එකකට. ඒ ඇරෙන්න මේ අය ගාව බීෆ් සහ චිකන් ස්ටේක් වර්ග එහෙමත් තියෙනවා. චිකන් ස්ටේක් ගැන අපෙන් අහන්න එපා ඉතිං, ගිහිල්ලා අරගෙනම බලන්න!
දුරකථන අංක: 076 890 5665
5. Maddog BBQ
මෑඩ්ඩෝග් බාබක්‍යු කියන්නේ අපිට ආගන්තුක තැනක් නෙවෙයි. හැබැයි මේ අයත් ඩිලිවරි විතරයි කරන්නේ. හැබැයි ඉතින් සුපිරි මස් බාබක්‍යු ප්ලැටර් එකක් ගන්න නම්, මෙන්න යන්න ඕන තැන! මෑඩ්ඩෝග් බාබක්යුලා දැන් තව පහසුකමක් දෙනවා. ඒ තමයි තියෙන ප්ලැටර්ස් වලින් තෝරගන්නෙ නැතුව තමන්ගේම ප්ලැටර් එකක් හදාගන්න පහසුකම. Spatchcock Chicken, Beer Can Chicken, Full leg, Thighs, Drumsticks, Winglet, Drumlet, Chops, Ribs, Burnt Ends, Pork Belly, Apple Sauce infused Pork Belly Roll, Swineapple, Smoked Prawns, Bockwurst, Lingus, Kochchi Sausages කියන සෙට් එක තියෙනවා මස් වර්ග වලට. ඊට පස්සේ සයිඩ්ස් වලට තියෙනවා බාබක්‍යු රයිස්, බාබක්‍යු පාස්තා වල ඉඳලා සැලඩ්, මෑෂ් පොටෙටෝ, ග්‍රිල්ඩ් පයිනැපල් ස්ලයිසස් සහ ඩිනර් බන්ස් වෙනකල්. දැන් තියෙන්නේ දෙයියනේ කියලා තමන්ට ඕන ඕන දේවල්, තමන්ට ඕන ප්‍රමාණයන්ගෙන් මික්ස් ඇන්ඩ් මැච් කරගන්න.
මස් ලෝලීන්ගේ පාටියකට එහෙමනම් මරු.
දුරකථන අංක: 071 659 9932
6. Daddy’s Smokehouse
ඩැඩීගේ ස්මෝක්හවුස් එක ඇත්තටම ඉස්සර නම් ඒ තරම් අයිටම්ස් ගාණක් තිබුණු ස්පොට් එකක් නෙවෙයි. හැබැයි ගාණට පංකාදු පහට බාබක්‍යු කරපු මස් කෑල්ලක් ගෙන්න ගන්න ඉස්සරත් මෙතන ෆේවරිට් තැනක්. විශේෂයෙන්ම මේ කට්ටියගේ ග්‍රිල්ඩ් හනි මස්ටර්ඩ් පෝක් චොප්ස් තමයි අපේ ප්‍රියතම. දැන් කියලත් කොලිටිය අඩු වෙලා නෑ. හැබැයි මෙනු එකේ අයිටම්ස් වැඩි වෙලා. දැන් ස්ටාටර්ස්, සූප්, ආප්ප, සලාද, බර්ගර්ස් වගේ ජාති සෑහෙන ප්‍රමාණයක් එකතු වෙලා තියෙනවා. මේ කට්ටියගේ කේටරින් බිස්නස් එකක් තියෙන නිසා ලොකු පිරිසකට වුනත් ඕඩරයක් දාගන්න පුළුවන්.
දුරකථන අංක: 077 484 6400
7. Al-Maas
කොළඹ අවට කන බොන මිනිස්සු හැටියට අල්-මාස් එක නොදන්න කෙනෙක් ඉන්න නම් විදියක් නෑ. අල්-මාස් කියන්නේ ඉන්දියන් රෙස්ටුරන්ට් එකක්. හැබැයි ඉන්දියන් කිවුවට මෙනු එක බැලුවහම ශ්‍රී ලංකන් චයිනීස් අයිටම්ස්, ශ්‍රී ලංකන් ඉතාලියන් අයිටම්ස් හිටං තියෙනවා. හැබැයි අපි අල්-මාස් එක ලිස්ට් එකට ගන්නේ මෙතන තියෙන මීට් අයිටම්ස් නිසා. මෙතන තියෙන්නේ චිකන් වැඩ තමයි. හැබැයි ඉතින් හොඳ හැටි මැරිනේට් කරලා, ඉන් පස්සේ ග්‍රිල් කරලා අරගෙන බිරියානි එක උඩට තියලා දෙන කුකුල් පලුවේ ඉඳලා, ග්‍රිල් කරපු එක එක විදියේ චිකන්, තන්දුරි චිකන් වගේ චිකන් රස ගණනාවකින් ලබාගන්න පුළුවන්. ඒ චිකන් වලට හරියන්න රයිස් අයිටම්ස් හරි බ්‍රෙඩ් අයිටම්ස් හරිත් ගන්න පුළුවන්. දිව්‍යලෝක රසක් නැතත්, වෙලාවක ට්‍රයි කරන්න ඇත්තටම හොඳයි. හැබැයි ඉතින් අල්-මාස් එකේ මෙනු එක කියවන්නම සෑහෙන්න වෙලාවක් යනවා!
දුරකථන අංක: 011 434 4301
කටට කෙළ උණනවා නෙහ්? එහෙමනම්, අපි මීට කලින් ඉදිරිපත් කරපු කෙබාබ් කෑල්ලක්, බාබක්‍යු කෑල්ලක් කන්න තියෙන පොට්ස් ලිස්ට් එකටත්, ඊට පස්සේ කටට රසට ඌරු මස් කෑල්ලක් කන්න තියෙන පොට්ස් ලිස්ට් වන් එකටත්, කටට රසට ඌරු මස් කෑල්ලක් කන්න තියෙන පොට්ස් ලිස්ට් ටූ එකටත් පොඩ්ඩක් ඔලුව දාගෙනම එන්න.
Leave a Reply