ආහාර කල්තබා ගන්න කියලා හිතාන අපි කරන දෙයක් තමයි කෑම ෆ්‍රිජ් එකේ දාන එක. හැබැයි එහෙමයි කියලා අපිට ඕනි එකයි එපා එකයි ඔක්කොම දාන්න ගියෝතින් වැඩේ අවුල්. සමහර ආහාරවල පෙනුම මේ නිසා වෙනස් වෙනවා. ඊටත් වඩා සමහර ඒවා පෝෂණය අතින් බාල වෙනවා.
1. තක්කාලි
හැම ගෙදරකම වගේ පුරුද්දට තක්කාලි තියෙන්නේ ෆ්‍රිජ් එකේ. ඒකට ගොඩක් වෙලාවට හේතුව වෙන්නේ සැලඩ් එකකට වගෙ ගන්නකොට ෆ්‍රෙෂ් පිට ඒක ගන්න තියන අවශ්‍යතාව. අනික ෆ්‍රිජ් එකෙන් එළියේ තිවුණොත් කුණු වෙයි කියලා අපට හිතෙනවා. ඒත් තක්කාලි කියන්නේ කාමර උෂ්ණත්වයේ තිබිය යුතු ආහාරයක්. එහෙම නොවුණොත් තක්කාලි ගෙඩියේ මතුපිට චීස් කෑල්ල වගේ අමුතු හිල් හැදුණු පෙනුමක් ඇති වෙන්න පුළුවන්. සැලඩ් එකකට හරි සැන්ඩ්විච් එකකට හරි ෆ්‍රෙෂ් ගතිය තියන තක්කාලි කෑල්ලක් එකතු කරගන්න ඕනෑ නම් ආහාරයට ගන්න ටිකකට කලින් ෆ්‍රිජ් එකට දාලා ගන්න.
2. මීපැණි
මීපැණි කියන්නෙ කිසිම ගින්නක් නැතුව වුණත් හොඳින් ආවරණය වුණ බෝතලයක අවුරුදු සීයක් වුණත් තියාගන්න පුළුවන් දෙයක්. සමහරවිට ඔබේ නිවසේ කුස්සියෙත් ඇති උපන්දා ඉඳන්ම වාගේ තියන මීපැණි බෝතලයක්. ඉතින් එහෙම මීපැණි ෆ්‍රිජ් එකේ දාන එක අනවශ්‍යයි. මීපැණිවල ස්වාභාවික ගතිය නැතුව කැටි ගැහුණු අමුතු පැණියක් කන්න අවශ්‍යයි නම් ෆ්‍රිජ් එකේ දැම්මට කමක් නෑ.
3. සෝයා සෝස්
සෝයා සෝස් ෆ්‍රිජ් එකේ තියන්න මිනිස්සු පුරුදු වුණේ කොහොමද කවදා ඉඳන් ද කියන්න කවුරුත් දන්නේ නෑ. හැබැයි ඒකට ගොඩක් වෙලාවට හිමි එතැනයි. සෝයා සෝස් එළියේ කබඩ් එකක දාලා තිබ්බාම හොඳටම ඇති. ඇත්තටම වෙන්න ඕනිත් ඒකමයි. එහෙම නොවුණාම වෙන්නේ සෝයා සෝස්වල තියන බැක්ටීරියා ප්‍රතිකාරකවල තියන ක්‍රියාකාරීත්වය අඩු වීම. ඒ වගේ ම රහත් අඩු වෙනවා. ගුණේ අඩු වුණත් රහ අඩු වෙනවට අපි කැමති නෑනේ. නේද?
4. පිපිඤ්ඤා
මේක නම් ගොඩක් දෙනාට අලුත් නිව්ස් එකක් වෙන්න පුළුවන්. මොකද පිපිඤ්ඤා කෑල්ලක් කන්න කවුරුත් කැමති හොඳ හීතලේට ෆ්‍රෙෂ් පිට නිසා. ඒත් ඇත්තටම වෙන්නේ තනිකරම ඒකේ අනික් පැත්ත. දැඩි සීතල තත්ත්වයන්වල සමහර ආහාර ඉක්මනින් නරක් වෙලා දිරාපත් වෙලා යනවා. පිපිඤ්ඤාවලටත් ඒ සෙතේමයි. අර කූල් ගතියෙන් කන්න ඕනෑ නම් තක්කාලි වගේම භාවිතයට කලින් පොඩ්ඩක් ෆ්‍රිජ් එකට දාලා තියන්න.
5. කෙසෙල්
ගොඩක් අය කෙසෙල් ෆ්‍රිජ් එකේ දාන්න ඉඩක් නැති නිසා නොදා ඉන්නවා. නැත්තන් අනිවා ඒකත් දානවා. අධික ශීතල නිසා කෙසෙල් ඉක්මනට කලු වෙන්න බලනවා. ඒ වගේම කොහොමත් ස්වාභාවික සිසිල් ගතියක් තියන කෙසෙල් තව ටිකක් සීතල කරලා කන එකත් හරි අමාරු දෙයක්. හොඳම දේ තමයි වැඩිය නොඉදුණ කෙසෙල් ගෙනත් කාමර උෂ්ණත්වයේ ඉදෙන්න ඉඩ ඇර ආහාරයට ගන්න එක.
6. ඇපල්
ක්‍රන්චි ගතියට ෆ්‍රෙෂ් පිට හීතල ඇපල් කාලා තමයි අපිට පුරුදු. හැබැයි ඇපල්වල නියම රසය දැනෙන්න නම් ඒක තියෙන්න ඕනි කාමර උෂ්ණත්වයක උණුහුමේ. එතකොට මෙච්චර කල් අපි කාලා තියන ඇපල්වල අපට ඇපල් රහ කියන එක දැනිලා නෑ. කොහොමත් කඩවල්වල වුණත් ඇපල් තියෙන්නේ ෆ්‍රිජ් එකේ නෙවෙයි. ජීවිත කාලෙම ෆ්‍රිජ්වල නොතිබුණ ඇපල් ගෙදරකට ආවා විතරයි ෆ්‍රිජ් එකකට රිංගවනවා. රහ පමණක් නෙවෙයි විශේෂයෙන්ම කොළ ඇපල්වල සුවඳ සහ මතුපිට පෙනුමත් අවුල් වෙනවා.
7. කැරට්
කැරට්වල පිපිඤ්ඤා වගේම ස්වාභාවිකව ජල සංයුතියක් අඩංගු වෙනවා. ඒක අධික සීතල පරිසරයක් එක්ක මුහු වුණාම ඉක්මනින් කුණු වෙන්න බලනවා. කාමර උෂ්ණත්වයක ඇති කැරට් තමන්ගේ ජල මට්ටම ඉතාම හොඳින් පාලනය කරගෙන ඉන්නවා.
Leave a Reply