චූදිතයාගේ නමින් ප්‍රචලිත වූ පෝලින් ද කෲස් නඩු තීන්දුව

අපි ගොඩාක් වෙලාවට මිනීමැරුමක් වගේ දෙයක් ගැන කතාකරද්දි කතාකරන්නේ ඒ මිය ගිය තැනැත්තාගේ නමින් හරි නැත්නම් ඒ මිනීමැරුම සිද්ධ වුණු තැන මුල් කරගෙන. හැබැයි ඉතිහාසය හාරඅවුස්සලා බලද්දි මිනීමැරුමකට වැරදිකාරයා ලෙස සැකකරනු ලබන තැන එහෙම නැත්නම් චූදිතයාගේ නමින් ජනප්‍රිය වුණු නඩු තීන්දු කිහිපයකුත් තියෙනවා. ඉතින් ඒ වගේ චූදිතයාගේ නමින් ජනප්‍රිය වුණු එක් මිනී මැරුම් නඩුවක් වන පෝලින් ද කෲස් නඩු තීන්දුව ගැන අද අපි කතාකරමු….

1. කවුද මේ පෝලින් ද කෲස් කියන්නේ?

ඇය බර්ගර් ජාතික කාන්තාවක්. ඇය ජීවත් වුණේ දෙහිවල නගරයේ. ඇය තරමක් රැඩිකල් මත දරන්නියක්. ඒ වගේම ඇයට ප්‍රේම සබඳතා රැසක් තිබිලා තියෙනවා. මුලින්ම ඈට ප්‍රේම සබඳතාවක් ඇති වෙලා තියෙන්නේ ඇයට අවුරුදු 17 දී කියලයි ඇගේ දිනපොතේ තියෙන්නේ. ඒ වගේම ඇගේ දිනපොත ලියලා තියෙන්නේ ඇයටම විශේෂ වුණු රහස් අංකිත භාෂාවකින් වීමත් විශේෂයි. ඇය ගොඩාක් ප්‍රේම සබඳතා පවත්වලා තියෙන්නේ තමන්ට වඩා ගොඩාක් වයසින් වැඩි බොහෝ විට විවාහක පොලිස් නිලධාරින්, ධනවත් මිනිස්සු එක්ක.

02. බෝධිපාල කිරිඹකන්දගේ හමුවීම

හරියටම 1966 අවුරුද්දේ ඇගේ මේ පෙම්වතුන් ගේ ලැයිස්තුවට එකතු වෙනවා විශේෂ කෙනෙක්. ඒ ධනවත් ව්‍යපාරිකයෙක් වුණු බෝධිපාල කිරිඹකන්ද. ඒ වෙනකොට ඔහු ඇයට වඩා දෙගුණයක් විතර වයසයි. එවගේම ඔහු විවාහකයි වගේ දරුවන් තිදෙනෙක්ගේ පියෙක්. ඇය නිතරම ඔහුගේ ගෙදර ආවා ගියා. කිරඹකන්දගේ බිරිඳට නම් මේ හිතවත්කම එතරම් ඇල්ලුවේ නෑ. ඒ හින්දා ගෙදර ගොඩක් වෙලාවට රණ්ඩු සරුවල් ඇතිවුණා. මේ එක්ක ඒ දෙපළගේ බාල පුතු රාම්දාස් ගෝඨාභයව ඇයගේ ගමන් බිමන් වලට එකතු කරගත්තා. ඔහු තරමක් මානසික ආබාධයක් තියන අවුරුදු එකොළහක දරුවෙක් වීමත් විශේෂත්වයක්.

03. අභිරහස් මිනීමැරුම

1966 පෙබරවාරි හත්වෙනිදා තමයි මේ අභිරහස් මරණය සිද්ධ වෙනේ. ඒ මිය යන්නේ වෙන කවුරුත් නම් නෙමේ, කිරිඹකන්ද යුවළගේ බාල පුතු රාම්දාස්. ඉතින් වෙනදා වගේ දරුවා එනකන් බලන් හිටපු අම්මට එදා ඒ දරුවව දකින්න වෙන්නේ නෑ. ඉතින් අන්තිමේදි පහුවදා උදේ ගල්කිස්සේ ශාන්ත රීටා දෙව්මැදුරට ආසන්න ළිඳක තිබිලා තම්යි මේ දරුවගේ සිරුර හොයාගන්නේ..

04. මරණ පරික්ෂණ

 

මේ දරුවගේ මරණ පරික්ෂණය සිද්ධ කරන්නේ ලුනාව රෝහලේදි වෛද්‍ය එම්. සී. බුල්ජන්ස් විසින්. ඉතින් ඒ මරණ පරික්ශණයේ සඳහන් වෙන්නේ මේ මරණය සියදිවි නසාගැනීමක් කියලයි. ඒත් ඉතින් අවුරුදු එකොළහක මානසික ආබාධයක් තියෙන දරුවෙක් සියදිවි නසාගනී කියල මේ දෙමව්පියන් හිතන්නේ නෑ. ඒ නිසාම මේ දරුවගේ මරණ පරික්ෂණය නැවත සිද්ධ කරනවා. එයින් පැවසුනේ පෙබරවාරි 7 උදේ 9.30 පමණ හෝ 8 වනදින අළුයම මේ මරණය සිදු වී ඇති බවයි. ඒ වගේම එය ඝාතකනයක් හෝ සිය දිවි නසාගැනීමක් විය හැකි බවයි.

05. සාක්ශි හා ඒවාහී පරස්පරතා

මේ නඩුව ප්‍රධාන වැරදිකාරයා වෙන්නේමේ පෝලින්. මොකද මේ ගොඩක් ලැබිල තියෙන සාක්ශි වලට වැරදිකාරිය විදියට හමුවෙන්නේ ඇයව. මේ සාක්ශි හමුවෙ ඇය නිහඬව සිටි නිසා මේ මරණය කළේ ඇයමයි කියන ඡෝදනාවේ ගොඩක් අය සිටියා. ඒ ලැබුණු සාක්ශි තමයි, මේ මිය ගිය රාම්දාස් තමන්ගේ මිතුරත් එක්ක පාසල් එද්දි මිතුරා දැකලා තියෙනවා ඔහු මේ පෝලින් එක්ක කතාකරකර ඉන්නවා. ඒ වෙලාවේ ඇය ඇඳන් හිටියේ කහ පැහැති ගවුමක් කියලත් ඒ ළමයා කියනවා. ඒත් පෝලින්ගේ නිවසින් එහෙම ගවුමක් ලැබෙන්නේ නෑ. ඒත් පස්සේ ඇගේ අසල්වැසියෙක් කියනවා පෙර දිනයේ රෙදි පුච්චන සුවඳක් තමන්ට ආවා කියලා. ඒ වගේම මේ ළමයා පල්ලියේ පෝලින් එක්ක යාච්ඤා කරනවත් විවිධ අය දැකලා තියෙනවා. තව ශිෂ්‍යයන් දෙදෙනෙක් කියන්නේ රම්දාස් ඔවුන් එක්ක 10.15ට පමණ සෙල්ලම් කරලා, පසුව පාසලෙන් චිත්‍රපටියක් නරඹන්න කියලා පිටත්ව ගියා කියලා. ඒත් ඒ සාක්ෂි අතර පරස්පරතා රැසක් තියෙනවා. මීට අමතරව තව ගොඩාක් සාක්ෂි පෝලින්ට විරුද්ධව ලැබෙනවා.

06. අවසන් තීන්දුව

ඉතින් මේ හැමදේටම වගේ වැරදිකාරිය වෙන්නේ පෝලින්. අවසානයේ ඇයට මරණ දණ්ඩනය ලබා දෙන්න උසාවිය තීරණය කළා. ඉතින් ඇගේ අන්තිම කැමැත්ත විමසද්දි මෙතෙක් නිහඬ වුණු ඇය පවසන්නේ තමන් මේ වගේ දෙයක් නොකළ බවත් ඒ වගේම ඇයට පක්ෂපාතිව සාක්ෂි කිහිපයක් ඇති බවත්ය. ඉතින් නීතියටත් හදවතක් ඇති බව පසක් කරමින් ඇගේ මරණ දඬුවම ලිහිල් කරල 1969 වසරේදී ඇයට ජිවිතාන්තය දක්වා සිරදඬුවම් හිමි වෙනවා. ඒත් 1980 වසරේ, ඇයගේ වයස අවුරුදු 35දී ඇයවට නිදහස ලැබෙනවා. පසුව කන්‍යාරාමයක නිහඬ දිවියක් ගතකළ ඇය පසුව ඕස්ට්‍රේලියාවට සංක්‍රමණය වෙනවා. ඒත් පස්සෙ ඇය ගැන කිසි තොරතුරක් ලැබෙන්නේ නෑ…

07. අපිට හුරුපුරුදු සිනමාපටය

දැන් මේ හා සමාන හුරුපුරුදු කතාවක් ඔයාගේ ඔළුවේ මේ වන විටත් මැවිලා ඇති.. ඔව්, ප්‍රසන්න විතානගේ කියන විශිෂ්ට අධ්‍යක්ෂවරයා විසින් 1992 වසරේ අධ්‍යක්ෂණය කළ සිසිල ගිනි ගනී සිනමාපටයට පාදක වෙන්නෙත් මේ කතාපුවත. ලංකාවේ මේ චිත්‍රපටය ආන්දෝලනයට ලක් වුණා. ඒ වගේම මේ චිත්‍රපටිය සම්මානනීය වෙනවා. සබීතා පෙරේරා, සනත් ගුණතිලක, වීණා ජයකොඩි වැනි නළු නිළියන් රැසක් මේ සිනමාපටයට රංගනයෙන් දායක වුණා. මේ සිනමාපටය සබීතා පෙරේරාගේ රංගන දිවියේ එක් හැරවුම් ලක්ෂයක් විදියටත් වාර්තා වෙනවා…

ඉතින් අද අපි කතාකළේ තවමත් හරියට මිනීමරුවෙක් නොදන්නා පෝලින් ද කෲස් නඩු තීන්දුව ගැන. ඉතින් තවමත් ඉතින් මේ දරුවගේ මරණය මිනීමැරුමක්ද නැත්නම් සියදිවි නසාගැනීමක්ද කියන එකට නම් අදටත් පිළිතුරක් නෑ…

Leave a Reply

Your email address will not be published. Required fields are marked *