ස්වාමියා හෝ බිරිඳ වෙනත් සබඳතාවලින් ගලවා ගැනීම එදා පටන් අද දක්වා මිනිස්සුන්ට තියෙන ප්‍රශ්නයක්. මේ කාර්යයේදී අවිශ්වාස කුමාරිකාවන් සහ බිසෝවරුන් රැකගන්නට රජතුමා යුද්ධයට යන විට ඔවුන්ට යකඩින් තැනූ බඳ පටියක් සහිත යට ඇඳුමක් වැනි පතිවෘතා බඳ පටියක් පැළඳවූ බවට ජනප්‍රවාදයේ තියෙනවා. එවැනි නිමැවුම් වල පිංතූර සහ වීඩියෝත් කලින් කලට හුවමාරු වෙනවා. ඉතින් අපි මේ පතිවෘතා බඳ පටියේ සැබෑ කතා ටිකක් සොයාබලමු.
1. පතිවෘතා බඳ පටියේ ඉතිහාසය
මේ බෙල්ට් එක ගැන මධ්‍යතන යුගයේ ඉඳන් පොත් පත් වල තියෙනවා. ඒත් මේක ඇත්තටම පාවිච්චි කළාද කියන එක ගැටළුවක්. යම් යම් නවකතා ආදියේ මේ බෙල්ට් එක ගැන සඳහන් වෙලා තියෙනවා. ඒත් ඇත්තටම එහෙම බෙල්ට් පාවිච්චි කළාද කියන එක සනාථ කරන්න ඉතිහාසගත සාධක අඩුයි. පුරාවිද්‍යා සාධක විදිහට කෞතුකාගාර වල තිබුණු චැස්ටිටි බෙල්ට් එහෙම නැතිනම් පතිවෘතා බඳ පටි මධ්‍යතන යුගය තරම් ඈතට යන්නේ නැති 19-18 සියවස් වලට අයිති ඒවා බව සොයාගැනීමත් එක්ක ඒ බෙල්ට් කෞතුකාගාර වලින් ඈත්කරලා තිබෙනවා.
2. බෙල්ට් එකෙන් වෙන වැඩේ
මේ බෙල්ට් එක ඉනට සහ කකුලට යට ඇඳුමක් විදිහට අඳිනවා. මෙය යකඩ හම් සහ ඝන රෙදි වලින් හදලා තියෙනවා. එය ඇන්දාට පස්සේ ස්ත්‍රී ලිංගික ඉන්ද්‍රිය ප්‍රදේශයට මළ මුත්‍රා පිටකිරීම පමණක් උරුම වෙනවා. එයින් ලිංගික ක්‍රියා කරන්නට බැහැ. මෙයට නූතන කාන්තා සංවිධාන ආදිය නම් දැඩි ලෙස විරුද්ධයි. මේ ආකාරයෙන් පිරිමි අයටත් මුත්‍රා කරන්නට පමණක් ලිංගය යොදාගන්න හැකි වෙන්න ඉබි යතුරු දාලා ලිංගය ලොක් කරන ක්‍රම තියෙනවා. ඒත් මේවා පාවිච්චියෙන් සනීපාරක්ෂාව සම්බන්ධ ගැටළු එන බවක් තමයි කියවෙන්නේ.
3. ස්වයංවින්දනය සහ බෙල්ට් එක
මේ බෙල්ට් එක පැළඳ ගත්තට පස්සේ ලිංගික ඉන්ද්‍රිය වලට බාහිරින් ලොකු දේවල් ඇතුළු කරන්න බැහැ. පුරුෂයින්ට තම අතින් ලිංගය අල්ලන්නත් බැහැ. ඉතින් මේ නිසා ස්වයං වින්දන කටයුතු සීමා වෙනවා. ස්වයං වින්දනය දැන් නම් සාමාන්‍ය දෙයක් කියලා හැමෝම පිළිගන්නවා. ඒත් අතීතයේ කාර්මික විප්ලවය සමයේ ස්වයංවින්දනය සෞඛ්‍යය අතින් මිනිහා පිරිහෙන මහ නරක පුරුද්දක් විදිහට දැක්වුණා. ඒ නිසා ස්වයං වින්දනයෙන් ලෝකයා ගලවාගන්න ආපු මහඟු උපකරණයක් විදිහටත් මේ පතිවෘතා බෙල්ටුව හඳුන්වා තියෙනවා.
4. ලෝහ වැඩ සහ කොලොප්පම්
ලෝහ වලින් විවිධ ආකාරයේ නිමැවුම් කරන්නට 1800 ගණන් වල ජනතාව සමත් වුණා. ලෝහ කර්මාන්ත දියුණුව එක්ක එතෙක් නිම නොකළ විවිධ ආකාරයේ සංකීර්ණ බඩු බාහිරාදිය නිපදවන්නට දියුණු රටවලට හැකි වුණා. එකල විනෝදයට වගේ ඇතැම් අය මේ මෙවැනි පතිවෘතා බඳපටි හදන්නට ඇති. එලෙස විනෝදයට අනුරූ විලසින් හාස්‍යය ජනනය කරන්න හදපු මේ බඳපටි පසුකාලීනව කෞතුකාගාර වලට එකතු වුණා. මේ බෙල්ට් එක යකඩ සහ ලෝහ වලින් හැදූ විට යම් අපහසුතා එන නිසා එයට සමින් සහ රෙදි වලින් සැකසුම් පසුව එකතු වුණා.
5. කාන්තා හිංසනය සහ බෙල්ට්
දැන් ගාමන්ට් ෆැක්ටරි සහ අඩු මිල ශ්‍රමය හෙමිහිට අපේ රටවලට මාරු වෙලා තියෙනවා. ඒත් 19 වන සියවසේ කාර්මික විප්ලවය එද්දි ඇමරිකාවේ, යුරෝපයේ සුවිශාල ෆැක්ටරි වල පෝලිමට කාන්තාවන් වැඩ කළා. මේ වැඩකරන කාන්තාවන්ට වැඩ බිම් වලදි ලිංගික හිංසා වලට මුහුණ දෙන්නට සිදුවුණා. එයට පිළියමක් විදිහටත් මේ පතිවෘතා බඳ පටි පැළඳි බව සඳහන් වෙනවා. ඒත් එයත් හුදෙක් සංකේතීය නිරූපණයක් වන්නට පුළුවන්. උදාහරණ විදිහට ලංකාවේ බස් දුම්රිය වල කාන්තාවන්ට සිදුවන හිංසා නිසා ඔවුන් කටු ඇතුළත් යට ඇඳුම් ඇඳගෙන යා යුතු බව ඇතැම් මාධ්‍ය වල දැක්වෙනවා. ඒත් එලෙස දිනපතා කටු යට ඇඳුම් අඳින කාන්තාවන් සොයාගන්නට අපහසුයි.
6. හිංසාකාරී ලිංගික චර්යාවන් වලට භාවිතය
ලිංගික රුචිකත්වයේ විවිධ වර්ග තියෙනවා. ඇතැම් අය එකිනෙකාට හිංසා කරමින් සිදුකරන ලිංගික ක්‍රියා වලට ආසයි. බී ඩී එස් එම් ලෙස හඳුන්වන ඒ හිංසාකාරී ලිංගික කටයුතු වලදිත් මේ බෙල්ට් නූතනයේ පාවිච්චි වෙනවා. ලෙදර් සහ රෙදි වලින් හැදූ ඒවා වගේම ලෝහමය නිමැවුම් ලිංගික ඉන්ද්‍රිය ලොක් කරන්නට පාවිච්චි කරනවා. මේවායෙන් කරන සෙල්ලම් දන්නේ ඒ ලිංගික රුචිකත්වය තියෙන අයම තමයි.
7. ඒ හා සමාන මණිමේඛලාව
අපේ දේශීය සාහිත්‍යයෙත් මේ මණිමේඛලාව යන ආභරණයක් ගැන සඳහන් වෙනවා. එය අතීත කාන්තාවන් වැඩිවිය පැමිණි විට පැළඳි ඇඳුමක් බවත්, එය යට ඇඳුමක් වැනි දෙයක් බවත් එහිදී එය ගැලවීමේ හැකියාව ඇත්තේ ඇයගේ ස්වාමි පුරුෂයාට පමණක් බවත් සඳහන් වෙනවා. එහෙත් එය කෙසේ වීද යන්න ගැන පිංතූර සාධක නම් සොයාගන්නට නැහැ. සාහිත්‍යයේ දී සහ පුරාවෘත්ත වල මණිමේඛලා දෙවඟන සාගරය ආරක්ෂා කරන දෙවඟන ලෙසත් හැඳින්වෙනවා.
දැන් නූතන යුගයේ ඔන්ලයින් මාර්ගයෙන් ඇය හෝ ඔහු යන එන තැන, කරන කියන දේ සොයාදෙන නවීන ක්‍රම තියෙනවා. ඒ වගේම පාස්වර්ඩ් සහ දත්ත ආදිය සොයාබලන්නත් දැන් යම් යම් ක්‍රම තියෙනවා. ඒත් සම්බන්ධතාවයකදි විශ්වාසය කියන දේ මොන දේටත් වඩා වැදගත්. අවිශ්වාසයෙන් පතිවෘතා බඳ පටි දැම්මත් ලිංගික සතුට ලබාගන්නට වෙනත් ක්‍රම තියෙන නිසා එයිනුත් සැබෑ ආරක්ෂාවක් ලැබෙනවා කියන්නට බැහැ. ඉතින් මේ බෙල්ට් එක ගැන අරුම පුදුම තොරතුරු ඔයාල යාළුවෝ එක්ක ෂෙයාර් කරගන්නත් අමතක කරන්නට එපා.
Leave a Reply