කලින් දවසක අපි කතා කළානෙ perfume ගැන මූලිකම තොරතුරුයි, විවිධ perfume වර්ග ගැනයි. අද කතා කරන්න යන්නෙ මේ perfume වර්ගයක් තෝරගනිද්දී, ආලේප කරද්දී කරන්න ඕන දේවල් ගැනයි. මොකද හුඟක් දෙනෙක් නිවැරදිම perfume එක තෝරගන්න ඕන විදිහ වගේම ඒ තෝරගන්න perfume එක භාවිතා කරන්න ඕන කොහොමද කියන එක ගැන හරිම අවබෝධයකින් නෙමෙයි perfume පාවිච්චි කරන්නෙ. ඒත් ඒ නොදැන කරන වැරදි නිසාම මිලක් ගෙවල ගන්න perfume එකේ වටිනාකම නැතිවෙනව වගේම අපි මේ සුවඳ විලවුන් භාවිතයෙන් බලාපොරොත්තු වෙන ප්‍රතිඵලයත් ලැබෙන්නෙ නැති වෙන්න පුළුවන්. ඒ නිසා කියවලම බලමුකෝ සුවඳ විලවුන් මිලදී ගනිද්දී, පාවිච්චි කරද්දී අපි කරන්න ඕන දේවල් ගැන.
1. Perfume ආලේප කරන්න ඕන තැන්
සමහර perfumes වෙන කෙනෙක් ගහගෙන ඉද්දි මුළු පළාතම සුවඳ වෙන, හැබැයි අපි ඒ perfume එකම අරගෙන පාවිච්චි කරනකොට අර තරම්ම සුවඳක් නැති වෙන වෙලාවල් අත්දැකල තියෙනවද? ඒකට ප්‍රධානම හේතුව වැරදි විදිහට සුවඳ විලවුන් ගල්වන එකයි. Perfume එකක් අරගෙන හිතු මනාපෙට ඔහේ ඇඟ පුරාම ගෑව කියල නිවැරදි විදිහට ඒකෙ සුවඳ එන්නෙ නැහැ. perfume භාවිතයේදී හුඟක් අය කරන වැරද්දක් තමයි ඇඳුම් වලට උඩින් perfume ගාන එක. ඒක සම්පුර්ණයෙන්ම වැරදි ක්‍රමයක්. ඒ විදිහට ඇඳුම් වලට උඩින් perfume spray කළාම සුවඳ වැඩි වෙලාවක් පවතින්නෙ නැහැ වගේම ඇඳුම් උඩ හිටින පැල්ලම් වලින් කැත පෙනුමක් ඇති වෙන්නත් පුළුවන්. Perfume ආලේප කරන්න ඕන ඇඟේ pulse points වල. ඒ කිව්වේ නාඩි අහුවෙන තැන්වල. මැණික් කටුවේ ඇතුල් පැත්ත, කොලර් බෝන් එක, කන් පිටුපස, වැලමිට ඇතුල් පැත්ත වගේ තැන්වල. ඒ තැන්වල වැඩිපුර උෂ්ණත්වයක් රඳා පවතින නිසා සුවඳ වැඩි කරලා දැනෙනවා. කොණ්ඩේ perfume ආලේප කරන එක වැරදිම පුරුද්දක්. සුවඳ රැඳෙන්නේ නැහැ වගේම ඒක කොණ්ඩෙටත් හොඳම නැහැ.
2. Perfume ආලේපයට කලින් සහ පසුව කරන්න ඕන දේවල්
Perfume ආලේපයට කලින් වෙනදට පාවිච්චි කරලා පුරුදු හොඳ moisturizing cream වර්ගයක් හම මත ආලේප කරලා ඉන්න පුළුවන්නම් හොඳයි. මොකද වියලි හමට වඩා තෙතමනය සහිත හමක් මත සුවඳ රැඳිලා තියෙන හැකියාව වැඩියි. ඒ වගේම perfume ආලේප කළාට පස්සේ හම එකිනෙක මත අතුල්ලන එක වැරදි පුරුද්දක්. ඒ කිව්වේ මැණික් කටුව ළඟ perfume ගාල අත් දෙක එකට අතුල්ලමින් හෝ අනිත් අතින් ඒ හම මතුපිට පිරිමදින එක. ඒකෙන් වෙන්නෙ හමේ තියෙන ස්වභාවික තෙල් එක්ක මේ සුවඳ කලවම් වෙලා නියම සුවඳ අඩුවෙන එකයි.
3. Perfume ආලේප කරන නිවැරදිම ක්‍රමය
ඇඟට ලං වෙන්නම බෝතලය අල්ලලා perfume හම තෙත් වෙන්නම ආලේප කරන එක තමයි හුඟක් අය කරන්නෙ. ඒක වැරදි ක්‍රමයක්. නිවැරදි විදිහට perfume ආලේප කරන්න ඕනේ මෙහෙමයි. ඇඟේ ඉඳලා සෙන්ටිමීටර 5ත් 7ත් අතරේ සාමාන්‍ය දුරකින් බෝතලය අල්ලලා perfume spray කරන එක තමයි නිවැරදිම ක්‍රමය. ඊට වඩා දුරක ඉඳන් ගැහුවත් වෙන්නෙ නිකන් perfume එක නාස්ති වෙන එකයි. ඇඟට spray බින්දු වශයෙන් perfume වැටෙන්නයි ඕන. ඒ වගේම අනවශ්‍ය විදිහට ලොකු ප්‍රමාණයක් spray කරන එකෙනුත් වෙන්නෙ මිනිස්සු අපහසුතාවයට පත් කරන තරම් අනවශ්‍ය සුවඳක් විහිදෙන එකයි.
4. එකම සුවඳ perfume වර්ගය එක එක්කෙනාට වෙනස් වෙන හැටි
ඕනම perfume එකක් ආලේප කළාට පස්සෙ ඒක තමන්ගේ ඇඟේ අභ්‍යන්තර රසායනික ක්‍රියාවලිය එක්ක, දාඩිය සුවඳ එක්ක, පාරිසරික සාධක එක්ක කලවම් වෙලා පොඩි පොඩි මට්ටම් වලින් සුවඳ වෙනස් වෙන්න පුළුවන්. ඒ නිසා එකම perfume එක උනත් එක එක අයගේ ඇඟේ ආලේප කළාම වෙන වෙන සුවඳ වර්ග දැනෙන්න පුළුවන්. ඒ නිසා කෙනෙක් ගත්ත පළියට නොගෙන, තමන්ගේ ඇඟට ගැලපෙනවද බලලා ගන්න එක තමා සුදුසුම.
5. Perfume තෝරන විදිහ
Perfume තෝරන්න යද්දි හුඟක් අය කරන වරදක් තමයි එක දිගට සුවඳ වර්ග කීපයක් ට්‍රයි කර කර බලන එක. එක දිගට සුවඳ වර්ග තුනකට වඩා ආග්‍රහණය කරන එකෙන් එක සුවඳක් වත් හරියට නොදැනී යන්න පුළුවන්. ඒ නිසා සුවඳ තුනකට සැරයක් නහය ටිකක් refresh කරගෙන අළුත් සුවඳක් බලන්න. නැත්තම් අන්තිමට මෙලෝ රහක් නැති perfume එකක් අරගෙන ගෙදර එන්නයි වෙන්නේ.
6. Mood එක වෙනස් කරන සුවඳ
සුවඳ විලවුන් වර්ග වලට පුළුවන් මිනිස්සුන්ගේ මූඩ් ක්ෂණිකව වෙනස් කරන්න. ලැවැන්ඩර් සුවඳට පුළුවන් මනස සන්සුන් කරන්න. පැඟිරි සුවඳින් යුක්ත perfume එකකට පුළුවන් ශක්තිජනක පානයකින් කරනවා වගේ ඔබව හොඳින් ප්‍රබෝධමත් කරන්න. ඉතින් perfume එකක් තොරගන්නකොට මේ ගැනත් සැලකිලිමත් වෙන්න. මූඩ් එක හොඳ කරන සුවඳක් තෝරාගන්න.
7. තෑග්ගක් විදිහට Perfume
හුඟක් අය නිතර තෑග්ගක් විදිහට දෙන්න තෝරගන්න දෙයක් තමයි මේ perfume කියන්නෙ. හැබැයි pefume කියන්නෙ තෑග්ගක් විදිහට දෙන්න එච්චරම සුදුසු දෙයක් නම් නෙමෙයි. මොකද perfume කියන දේ වැටෙන්නෙ personal hygenic නිෂ්පාදන ගණයටයි. එතකොට ඒ තෝරාගන්න සුවඳ තමන්ට ප්‍රිය, තමන්ගේ පෞරුෂත්වයට ගැලපෙනවා කියලා තමන් විසින්ම තෝරාගන්න සුවඳක් වෙන්න ඕන. ඒ කිව්වේ perfume එකක සුවඳ කියන්නෙ තනිකරම පෞද්ගලික තේරීමක්. අනිත් හේතුව තමයි අපි කෙනෙකුට perfume එකක් තෑගි දෙන එකෙන් එයාගෙ පෞද්ගලික සනීපාරක්ෂාව මදි, එයා ගාව ගඳයි වගේ සැඟවුණු පණිවිඩයක් එයාට දැනෙන්න පුළුවන්. ඒ නිසා ඔය කොයි දේටත් හොඳයි තෑග්ගක් විදිහට perfume කියන දේ නොදී ඉන්න එක.
Leave a Reply