නිකම්ම කන ඇපල් වලින් ඩිසර්ට් රෙසිපි 5ක් – 2 කොටස

 

ඔන්න අද ඔයාලට ඇපල් වලින් රසට කන්න හදාගන්න පුළුවන් තවත් ඩිසර්ට් රෙසිපි ටිකක් කියලා දෙන්න තමා යන්නෙ. මීට කලිනුත් අපි මේ වගේම ඇපල් ඩිසර්ට්ස් රෙසිපි ගෙනාවා මතක ඇතිනෙ. නිකන්ම කනවට වඩා බලන්න මෙහෙම හදලා කනකොට කොච්චර රසද කියලා. 

ඇපල් ගෙඩිය නිකන් කනවට වඩා රසට හදලා කන්න පුළුවන් රෙසිපි 5 ක්

 

1. ඇපල් පුඩිං (Apple Pudding) 

අවශ්‍ය ද්‍රව්‍ය 

 

  1. කපාගත් ඇපල් ගෙඩි 2
  2. සීනි කෝප්ප 1/2
  3. කුරුඳු කුඩු තේ හැඳි 1/4
  4. බිත්තර 2
  5. කිරි කෝප්ප 2

 

  • ඇපල් ටික කෑලි කපලා සීනි මේස හැඳි 3 දාලා ලිපේ තියන්න. මේකට කුරුඳු කුඩු දාලා කලවම් කරගන්න. 
  • බිත්තර කහමද 2 වෙනම බෝල් එකකට දාගන්න. මේකට ඉතිරි සීනි ටිකත් දාලා කිරි ටික දාගන්න. දිගටම විස්ක් කරගන්න. 
  • දැන් මේක සෝස්පෑන් එකකට දාලා මදගින්නෙ  හැඳිගාන්න. මේක තික් වෙනකල් අඩිය අල්ලන්න නොදී  හැඳිගාන්න. හොඳටම තික් උනාම කැරමල් කරගත් ඇපල් ටිකත් දාලා  හැඳිගාන්න. දැන් මේක බෝල් එකකට දාලා පැය 2ක් ෆ්‍රිජ් එකේ තියන්න. 

 

 

2. ඇපල් කොබ්ලර් (Apple Cobbler) 

අවශ්‍ය ද්‍රව්‍ය 

 

ඇපල් ටික ස්ටූ කිරීමට

 

  1. දික් අතට කපාගත් කොළ ඇපල් ගෙඩි 5
  2. සීනි කෝප්ප 1/4
  3. කුරුඳු කුඩු තේ හැඳි 1/2
  4. ග්‍රේට්කරගත් දෙහි පොතු ස්වල්පයක් 
  5. ලෙමන් යුෂ මේස හැඳි 1
  6. වැනිලා ස්වල්පයක් 

 

ඩෝ එකට

 

  1. පාන්පිටි කෝප්ප 1
  2. සීනි කෝප්ප 1
  3. බේකින් පව්ඩර් තේ හැඳි 2
  4. ලුණු පින්ච් එකක්
  5. මෙල්ට් කරගත් බටර් මේස හැඳි 5
  6. කිරි කෝප්ප 3/4

 

  • ඇපල් ටික භාජනයකට දාලා අනික් සියල්ලම දාලා කලවම් කරගන්න. මේක බේකින් ට්‍රේ එකකට දාගන්න. 
  • ඩෝ එක හදාගන්න වෙනම බෝල් එකකට පාන්පිටි, සීනි, බේකින් පව්ඩර් හා ලුණු දාලා බටර් ටික දාලා කලවම් කරගන්න. 
  • මේකට කිරි ටික ටික දාලා ස්මූත් බැටර් එකක් හදාගන්න. දැන් හැන්දකින් ටික ටික ඇපල් ට්‍රේ එක උඩින් දාගන්න. 
  • මේක සෙල්සියස් අංශක 180ට විනාඩි 30ක් වගේ බේක්කරගන්න. විනාඩි 15ක් විතර නිවෙන්න ඇරලා ලා රස්නෙන් උඩින් අයිස්ක්‍රීම් දාලා කෑමට ගන්න. 

 

3. ඇපල් ක්‍රිස්ප් (Apple Crisp) 

අවශ්‍ය ද්‍රව්‍ය 

 

  1. පාන්පිටි කෝප්ප 1/2
  2. ඕට්ස් කෝප්ප 1/2
  3. රතු සීනි කෝප්ප 1/2
  4. කුරුඳු කුඩු තේ හැඳි 1/2
  5. ලුණු ස්වල්පයක් 
  6. බටර් කෝප්ප 1/2

 

ඇපල් කැරමල් එකට

 

  1. පොතු ඉවත් කර පෙති කපාගත් ඇපල් ගෙඩි 3
  2. රතු සීනි කෝප්ප 1/2
  3. පාන්පිටි කෝප්ප 1/4
  4. ලුණු ස්වල්පයක් 
  5. කුරුඳු කුඩු තේ හැඳි 1/4
  6. ලෙමන් යුෂ මේස හැඳි 1
  7. මෙල්ටඩ් බටර් මේස හැඳි 1

 

  • බෝල් එකකට පාන්පිටි, ඕට්ස්, රතු සීනි දාලා කුරුඳු කුඩු, ලුණු හා බටර් දාල හොඳට පොඩි කරගන්න. 
  • වෙනම බෝල් එකකට කැරමල් එකට අදාළ සියල්ලම දාලා කලවම් කරගන්න. 
  • මේකට ඇපල් පෙති ටිකත් දාලා හොඳට කලවම් කරගන්න. දැන් මේක ෆයිරෙක්ස් බෝල් එකක අතුරගන්න උඩින් සාදාගත් ක්‍රස්ට් එක දාලා සෙල්සියස් අංශක 180ට විනාඩි 15ක් බේක් කරගන්න. 

 

 

4. ඇපල් ක්‍රම්බල් කේක් (Apple Crumble Cake) 

අවශ්‍ය ද්‍රව්‍ය 

 

  1. බිත්තර 2
  2. සීනි කෝප්ප 1/2
  3. එළවළු තෙල් කෝප්ප 1/2
  4. පාන්පිටි කෝප්ප 1
  5. බේකින් පව්ඩර් තේ හැඳි 1
  6. කුරුඳු කුඩු තේ හැඳි 1/4
  7. කිරි කෝප්ප 1/2
  8. වැනිලා ස්වල්පයක් 
  9. රතු ඇපල් ගෙඩි 1
  10. චොප්කරගත් වෝල්නට්ස් කිහිපයක් 

 

  • බිත්තර හා සීනි හොඳට බීට් කරගන්න. මේක ක්‍රීමි වෙනකල් බීට් කරගන්න ඕනෙ. ඊළඟට එළවළු තෙල් ටික දාගන්න. නැවත හොඳට බීට් කරගන්න. 
  • පාන්පිටි වලට බේකින් පව්ඩර් හා කුරුඳු කුඩු දාලා හලලා මේකට එකතු කරන්න. ස්පැතූලා එකෙන් කලවම් කරගන්න. කිරි හා වැනිලා ටිකත් දාගන්න. හොඳට කලවම් කරගන්න. 
  • ඇපල් ගෙඩි 1/2ක් ග්‍රේට් කරල මේකට එකතු කරගන්න. ඔයිල් බ්‍රෂ් කරගත් ට්‍රේ එකකට මේ බැටර් එක දාලා උඩින් ඉතුරු ඇපල් ගෙඩිය ග්‍රේට් කරගන්න. උඩින් වෝල්නට්ස් ටිකක් දාලා සෙල්සියස් 180ට විනාඩි 30ක් බේක් කරගන්න. 

 

5. ඇපල් කප්ස් (Apple Dessert Cups) 

අවශ්‍ය ද්‍රව්‍ය 

 

  1. ඇපල් ගෙඩි 2
  2. කිරි කෝප්ප 1
  3. කෝන්ෆ්ලා මේස හැඳි 1

 

ටොපින් එකට

 

  1. චොප්කරගත් ඇපල් ගෙඩි 1
  2. බටර් මේස හැඳි 1/2
  3. සීනි මේස හැඳි 1
  4. කුරුඳු කුඩු තේ හැඳි 1/4

 

  • ඇපල් ගෙඩි 2 තීරු කපාගන්න. මේක බ්ලෙන්ඩර් එකට දාලා කිරි ටික දාගන්න. හොඳට බ්ලෙන්ඩ් කරලා පෙරලා බෝල් එකකට දාගන්න. මේකට කෝන්ෆ්ලා ටික දාලා කැට නැතිවෙනකල් හැඳිගාන්න. 
  • මේක ලිපේ තියලා තික් වෙනකල් අඩිය අල්ලන්න නොදී  හැඳිගාන්න. නටනකොට ලිපෙන් බාලා ඩිසර්ට් කප්ස් වලට දාගන්න. සෙට් වෙනකල් ෆ්‍රිජ් එකේ තියන්න. 
  • පෑන් එකකට චොප්කරගත් ඇපල් ටික දාලා බටර් හා සීනි දාලා ලිපේ තියන්න. මේකට කුරුඳු කුඩු ටිකත් දාගන්න. ලිපේ තියලා පොඩ්ඩක් ස්ටූ කරගන්න. මේක ඩිසර්ට් කප්ස් උඩින් දාලා සර්ව් කරන්න. 

 

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *