ඇපල් ගෙඩිය නිකන් කනවට වඩා රසට හදලා කන්න පුළුවන් රෙසිපි 5 ක්

ඇපල් කියන්නෙ අපිට ගත්ත ගමන් කාගෙන යන්න පුළුවන් ප​ළතුරක්නේ. ඒ උනාට ඇපල් වලින් හදන්න පුළුවන් ගොඩක් කෑම ජාති තියෙනවා කියලා දන්නවද? ඒවයින් ඇපල් ගෙඩියෙ රස තවත් වැඩි කරගන්න පුළුවන්. අපේ රටේ නම් වැඩිය නැති උනාට වෙන රටවල් වල නම් ඇපල් වලින් ගොඩක් කෑම හදනවා. ඒවයින් ටිකක් අපි ඔයාලටත් ගෙනාවා. එහෙනම් ට්‍රයි කරලා බලන්නකෝ.

 

1. ඇපල් අප් සයිඩ් ඩවුන් කේක්

අවශ්‍ය ද්‍රව්‍ය 

 

කැරමල් එකට

 

  1. බටර් කෝප්ප 1/4
  2. සීනි තේ හැඳි 5
  3. ඉසගැනීමට වෙනම සීනි මේස හැන්දක් දෙකක් සහ බටර් ටිකක්

 

කේක් එකට

 

  1. පෙති කපාගත් ඇපල් ගෙඩි 3
  2. සීනි කප් 1/3
  3. බටර් කප් 1/3
  4. බිත්තර කහමද 3
  5. බිත්තර සුදුමද 3
  6. Sour cream තේ හැඳි 3
  7. වැනිලා
  8. ග්‍රේට් කරගත් ලෙමන් පොතු
  9. පාන්පිටි තේ හැඳි 11ක්

 

  • කැරමල් එකට අවශ්‍ය බටර් හා සීනි පෑන් එකට දාලා දියවෙනකොට හැඳි ගාලා කැරමල් එක හදාගන්න. දැන් මේක කේක් එක හදන ට්‍රේ එකට දාලා නිවෙන්න තියන්න. 
  • කපාගත් ඇපල් කෑලි ටික ට්‍රේ එකේ රටාවකට අතුරගන්න. ඉසගැනීමට තැබූ සීනි ඉහගන්න. ඊට උඩින් කපාගත් බටර් ටික දාගන්න. දැන් මේක සෙල්සියස් 180ට විනාඩි 10ක් බේක් කරගන්න. 
  • වෙනම බෝල් එකකට බටර් කොප්ප 1/3ක් දාගෙන සීනි කෝප්ප 1/3ක් දාගන්න දැන් හොඳට බීට් කරන ගමන් බිත්තර කහමද 3ක් එකතු කරගන්න. ඒකට sour cream ටික දාගන්න. 
  • වැනිලා එකතු කරන්න. ලෙමන් පොතු ටිකත් දාගන්න. 
  • දැන් මේකට පාන්පිටි තේ හැඳි 11ක් එකතු කරන්න. හොඳට බීට් කරන්න. බිත්තර සුදුමද හිම වගේ වෙනකල් වෙනම බීට් කරගන්න.
  • බිත්තර සුදුමද ටික කේක් මිශ්‍රණයට එකතු කරලා පත්තකින් කලවම් කරගන්න. 
  • දැන් අවන් දාපු ඇපල් ටික අරන් ඒකට කේක් බැටර් එක දාගන්න.180c°ට විනාඩි 25ක් බේක් කරගන්න. දැන් මේක නිවෙනකල් ඉඳලා අනික් පැත්ත හරවගන්න.

 

2. ඇපල් පයි

අවශ්‍ය ද්‍රව්‍ය 

 

පයි ක්‍රස්ට් එකට

 

  1. පාන්පිටි කෝප්ප 2 1/2
  2. සීනි මේස හැඳි 2
  3. ලුණු පින්ච් එ​කක්
  4. කෑලි කපාගත් බටර් කෝප්ප 1
  5. බිත්තර 1

 

ඇපල් ෆිලින් එක සඳහා

 

  1. දිගට කපාගත් ඇපල් ගෙඩි 2
  2. දෙහි යුෂ ටිකක්
  3. සීනි කෝප්ප 1/2
  4. කෝන් ෆ්ලා කෝප්ප 1/4
  5. ග්‍රේට් කරගත් දෙහි පොතු ටිකක්

 

  • ක්‍රස්ට් එකට අවශ්‍ය අමුද්‍රව්‍ය ටික දාලා වතුර ටිකකුත් දාලා අතේ නොඇලෙන ඩෝ එකක් හදා ගන්න. ඒක හොඳට ලන්ච් ශීට් එකක ඔතලා පැයක් විතර ෆ්‍රිජ් එකේ දාගන්න.
  • ඒ අතරතුර ෆිල්න් එක සඳහා දිග අතට කපාගත් ඇපල් ටිකට දෙහි යුශ ටික දාගන්න. දැන් සීනි, කෝන්ෆ්ලා දාලා දෙහි පොතු චුට්ටක් ග්‍රේට් කරලා දාගන්න. දැන් මේක හොඳට කලවම් කරගන්න. කැමතිනම් කුරුඳු කුඩුත් දාගන්න පුළුවන්. දැන් ඩෝ එක දෙකට කඩලා තුනී කරලා එක කොටසක් බටර් තවරාගත් පයි ට්‍රේ එකට දාලා හොඳින් වටේට අලවගෙන ඊට උඩින් සාදාගත් ෆිලින් එක දාගන්න.
  • දැන් අනික් ඩෝ කොටස තුනී කරලා කැමති ඩිසයින් එකක් දාලා ෆිලින් එක උඩින් වහගන්න.
  • උඩින් බිත්තර සාරු ටිකක් ගාලා සීනි ඉහගන්න. දැන් මේක 200c°ට විනාඩි 20ක් බේක් කරගන්න. ඊට පස්සෙ ෆොයිල් එකකින් ඔතලා තවත් විනාඩි 15ක් විතර බේක් කරගන්න.

 

3. ඇපල් පෑන් කේක්

අවශ්‍ය ද්‍රව්‍ය 

 

  1. පාන්පිටි කෝප්ප 1 1/4
  2. සුදු සීනි තේ හැන්දක්
  3. ලුණු පින්ච් එ​කක්
  4. බේකින් පව්ඩර් තේ හැන්දක්
  5. සාදික්කා කුඩු ස්වල්පයක් (කැමති නම්)
  6. බිත්තර 1
  7. එළවළු තෙල් තේ හැඳි 2
  8. කිරි කෝප්ප 1
  9. කොටුවට කපාගත්  ඇපල් කෝප්ප 1

 

  • බෝල් එකක්  අරගෙන ඒකට පාන්පිටි දාලා සුදු සීනි, ලුණු හා බේකින් පව්ඩර් දාගෙන සාදික්කා කුඩු ටිකකුත් දාගන්න.  
  • මේකටම බිත්තර 1, එළවළු තෙල් ටික හා කිරි දාගෙන විස්ක් කරගන්න. තරමක උකු බැටර් එකක් තමයි හදාගන්න ඕනේ.
  • ඒකට කපාගත් ඇපල් කෑලි ටික දාලා මික්ස් කරගන්න.
  • බටර් තවරාගත් නන්ස්ටික් පෑන් එකට මේ මිශ්‍රණයෙන් ටිකක් දාලා දෙපැත්තම පුළුස්සගන්න.

 

4. ඇපල් ෆ්‍රෙන්ච් ටෝස්ට් රෝල් අප්ස්

අවශ්‍ය ද්‍රව්‍ය 

 

  1. පොතු හැර කොටුවට කපාගත් ඇපල් ගෙඩි 3ක්
  2. දෙහි යුෂ 
  3. සීනි
  4. පාන් පෙති කිහිපයක් 
  5. ක්‍රීම් චීස්
  6. බිත්තර 2
  7. කිරි කෝප්ප 1/4
  8. බටර් ටිකක්

 

  • ඇපල් ටික පෑන් එකකට දාලා සීනි සහ දෙහි යුෂ මේස හැඳි 2ක් එකතු කරන්න. දැන් කුකර් එක ඔන් කරලා මද ගින්නෙ සීනි දියවෙනතුරු පිසගන්න.
  • පාන්පෙති ටික වාටි කපාගෙන රෝලින් පින් එකෙන් රෝල් කරලා තලාගන්න. දැන් පාන් පෙති මත ක්‍රීම් චීස් ගාගන්න. ඊට උඩින් ස්ටූ කරගත් ඇපල් ටිකක් පේලියට තියලා පාන් පෙත්ත රෝල් කරගන්න. දිග ඇරෙයි වගේනම් ටූත්පීක් එකක් ගහගන්න.
  • දැන් වෙනම බෝල් එකකට බිත්තර දෙක කඩලා දාලා ඒකට කිරි ටික දාගෙන මිශ්‍ර කරගන්න. පෑන් එකේ බටර් ටිකක් දාලා මෙල්ට් වෙනකොට රෝල් කරගත් පාන් බිත්තර සාරු වල දවටලා පෑන් ෆ්‍රයි කරගන්න.

 

5. ඇපල් ඇන්ඩ් පම්ප්කින් ස්මූති

අවශ්‍ය ද්‍රව්‍ය 

 

  1. ඕට්ස් කෝප්ප 1/4
  2. යෝගට් කෝප්ප 1
  3. කිරි කෝප්ප 1/2
  4. වට්ටක්කා තම්බා බ්ලෙන්ඩ් කර කෝප්ප 1/2
  5. කෑලි කපාගත් ඇපල් ගෙඩි 1ක්
  6. කෙසෙල් ගෙඩි1
  7. වැනිලා ස්වල්පයක් 
  8. මී පැණි තේ හැන්දක්
  9. අයිස් කියුබ්ස් 5-6ක්

 

  • ඉහතින් කී ඔක්කොම දාලා බ්ලෙන්ඩ් කරන්න. 
  • චොකලට් පවුඩර් ටිකක් ඉහලා පිළිගන්වන්න.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *