වෙන රටවල අය ප්‍රයෝජනයට ගන්න පණුවෝ

Useful worm types we neglect

පණුවා කියන නම ඇහුවත් ඊයා කිව්වාට දෙකක් දාලා පණුවා වගේ නටන අයත් ඕන තරම් දකින්නට ලැබෙනවා. පහත් කරලා සලකන සතෙක් වුණත් මේ ලිපිය බැලුවාම ඔබට තේරේවි අපි වැඩක් නොගත්තත් ලෝකෙ අනිත් රටවල්වලට පණුවෝ කොච්චර වැදගත්ද කියලා.

 

1. බර අඩුකරන පටි පණුවා

Useful worm types we neglect

Source – getridofthings.com

පරපෝෂිතයෙක් වන පටි පණුවා හරකා, ඌරා, බල්ලා, මාළුවා වැනි සතුන්ගේ වගේම මිනිසාගේ බඩවැලේත් ජීවත් වෙන සතෙක්. මස් ආහාරයට ගනිද්දි හොඳින් පිස ආහාරයට ගන්න කියන්නේත්, ජලය උණුකර නිවා පානය කරන්න කියන්නේත් මේ පණුවා අපේ ඇඟට ඇතුළු වෙන එක වළක්වන්නයි. අපේ බඩවැලේ ජීවත් වෙමින් පෝෂණය උරාබොන මේ සතුන් ස්ථුලතාවයෙන් පෙලෙන අයගේ බර අඩුකරන ප්‍රතිකාරයන් සඳහා යොදා ගන්නවා. මේ සතුන් ඇඟට ඇතුළු කරලා අවශ්‍ය බර ප්‍රමාණය අඩු කරගත්තාට පස්සේ ඉවත් කරලන අතර සතියට කිලෝග්‍රෑම් එකක විතර බරක් පහසුවෙන්ම නැති කරගන්න පුළුවන්. ඒ වගේම ඒ කාලය ඇතුලත බය නැතුව ඕන කෑමක් කන්නත් පුළුවන්.

 

2. ආසාත්මිකතා අඩුකරන කොකු පණුවා

 

Useful worm types we neglect

Source – thespruce.com

මඩ සහිත තැන්වල සෙරෙප්පු නැතිව ඇවිද්දාම කකුල් කසන්න හැදෙන්නේ කොකු පණුවන් අපේ හම විදගෙන ඇතුලට යන නිසායි. ඊට පස්සේ මේ පරපෝෂිතයා රුධිර නාල ඔස්සේ හෘදය හරහා පෙනහළුවල කේශ නාලිකා වෙත ගොස් වැඩෙනවා. අවසානයේ උදරය සහ කුඩා අන්ත්‍රය වෙත ගිහින් එහි සිට දිනපතා ලේ උරා බොන්නට පටන් ගන්නවා. මේ පණුවන් වළක්වන්නට අපේ ප්‍රතිශක්තීකරණ පද්ධතිය ක්‍රියාත්මක වන නිසා කොකු පණුවා එහි බලපෑම අඩු කර දමනවා. මෙන්න මේක භාවිත කරමින් නිතර අසාත්මිකතා (ඇලජි) ඇතිවන අයට ඔවුන්ගේ එම තත්ත්වයන් පාලනය කරන්නට කොකු පණුවන් යොදා ගන්නවා. හැබැයි මෙහි අතුරු ප්‍රතිඵල විධියට ඒ රෝගීන්ට මස් පිඬු වේදනා, පාචනය වැනි දේවල්නුත් ඇති වෙලා තිබෙනවා.

 

3. චීස් රස කරවන ඉහඳ පණුවා

 

Useful worm types we neglect

Source – wikia.com

ඉතාලි ආහාරයක් වන පෙකෝනියෝ නමැති චීස් වර්ගයෙන් සාඩිනියාවේ අය ඉහඳ පණුවන් යොදාගෙන තවත් රසවත් කරගත්තා. මැස්සන්ගේ පිළව් වන මේ පණුවන් මැස්සන් කෑමවල වසා බිත්තර දැම්මාට පසු බිහිවෙනවා. අතීතයේ ඕපපාතිකව මේ පණුවන් විශේෂය බිහිවන බව සිතුවත් පසුව පර්යේෂණ වලින් මොවුන් මැස්සන්ගේ කුඩා අවධිය බව පෙන්වා දුන්නා. කසු මාර්සු (Casu marzu) ලෙස හැඳින්වෙන මෙම නව ආහාරයේ පැසවීමේ ක්‍රියාවලියට මේ පණුවන් යොදාගන්නා අතර බොහෝවිට ආහාරයට ගනිද්දීත් පණ පිටින්ම පණුවන් සමඟම කනවා. සෞඛ්‍යමය හේතු මත මෙය යුරෝපයේ දැන් තහනම් කරන ලද ආහාරයක්.

එසේම ඉහඳ පණුවන් මැරුණු මස් කොටස් ආහාරයට ගන්නා නිසා එය වාසියක් බවට පත් කරගනිමින් තුවාල සුද්ධ කරන්නට අතීත වෛද්‍යවරුන් ඉහඳ පණුවන් තුවාල පුරා විසිරෙව්වා.

 

4. නූල් හදන පට පණුවා

 

Useful worm types we neglect

Source – gardningknowhow.com

සේද නූල් වලින් හදපු ඇඳුම් මිල අධිකයි වගේම සුව පහසුවෙනුත් වැඩියි. අවුරුදු දහස් ගණනකට පෙර චීනයේ ඇරඹී රජවරුන්ගේ සහ ප්‍රභූන්ගේ ඇඳුම් සකසන්නට භාවිත කොට, බොහෝ කාලයක් එම නිෂ්පාදන කලාව රහසක් සේ පවත්වා ගෙන අනතුරුව කොරියාවට සහ ජපානයටත් පැතිරුණු මේ රෙදි කලාවේදී කරන්නේ පට පණුවන් බෝ කර ඔවුන්ගේ කෝෂ දිගහැර නූල් ගැනීමයි. මකුළුවන්ට මොවුන්ටත් වඩා හොඳ නූල් තනන්නට හැකියාව තිබුණත් මහා පරිමාණයෙන් මකුළුවන් වගා කළ  විට ඔවුන් එකිනෙකා ආහාරයට ගෙන විනාශ වන නිසා මකුළුවන් භාවිතය අසාර්ථක වුණා. මේ නිසා පසුකාලීනව ජාන වෙනස් කරන ලද සේදපණුවන් භාවිතයට ගැණුනා. මේ නව පණුවන් වානේ වලටත් වඩා සවිමත් නූල් බිහිකරන අතර ජූල් ලක්ෂයක පමණ චාලක ශක්තියක් දරා සිටින්නට ඒවාට හැකියාව තිබෙනවා. ඇමරිකානු යුද්ධ හමුදාවත් මෙම ‘ඩ්‍රැගන් සිල්ක්’ නමැති නූල් වර්ගය භාවිතයට ගන්නවා.

 

5. රූපලාවන්‍ය ද්‍රව්‍ය හදන ගැඩවිලා

 

Useful worm types we neglect

Source – videoblock.com

පොළව යට පස බුරුල් කරමින් ගස්වලට පොහොර හදාදෙන ගැඩවිලුන් ඕනෑ තරම් උදලු පාරවල් වැදිලා කැපෙනවා. නමුත් ක්ලයිටෙලම් නමැති හිසට ආසන්නයේ ඇති ග්‍රන්ථිය කැපුණේ නැත්නම් යළි වර්ධනය වන්නට ඔවුන්ට හැකියාව තිබෙනවා. මෙසේ ගැඩවිලා ආහාරයට ගෙන පෝෂණ ද්‍රව්‍ය වෙන් කර බුරුල්ව ඉවතලන මළ ඉතා සියුම් නිසා ස්ක්‍රබ් කිරීම් වැනි රූපලාවන්‍ය ද්‍රව්‍ය නිෂ්පාදනය කරද්දී පාවිච්චි කරනවා. අන්තර්ජාලය හරහාද විකිණීමට තිබෙන මෙම ගැඩවිලි මළපහවල ඇති ඉහළ පෝෂ්‍ය ගුණය නිසාම ඒවා සම වියපත්වීම වළකන ආලේපනවල වැඩි වශයෙන් යොදාගන්නවා. එසේම මාළු ඇම, කැස්බෑ ආහාර ලෙස ද භාවිතා වන මේ පණුවන්ට විනාඩි 5ක් පමණ දිය යට පණ පිටින් සිටිමින් මාළුවන් ආකර්ෂණය කරගැනීමේ හැකියාව තිබෙනවා.

 
Cover Image Source – wikipedia.org/ videoblocks.com
 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *