පැණි රසත් ඇඹුල් රසත් අපූරුවට එක් වුන සොබාදහමේ රසවත්ම නිර්මාණයක් අන්නාසි. කෑම රුචිය වඩවන සුවඳක් තියෙන අන්නාසි වලින් හදන්න පුළුවන් රස කෑම ගොඩකුත් තියෙනව. අද මේ ගෙනාවෙ එහෙම රසම රස වෙනස් අන්නාසි රෙසිපි ටිකක්. හදලම බලමු නේද?
1. පයිනැපල් අප්සයිඩ් ඩවුන් පෑන්කේක්
අවශ්‍ය ද්‍රව්‍ය
- පාන් පිටි කප් 1 1/2
- බේකින් පවුඩර් තේ හැඳි 3
- ලුණු තේ හැන්දයි
- සීනි මේස හැන්දයි
- ෆ්‍රෙශ් මිල්ක් කප් 1 1/4
- බිත්තර 2
- දිය කරගත් බටර් මේස හැඳි 3
- අන්නසි පෙති කීපයක්
- වියලි ද්‍රව්‍ය සියල්ල එකට මිශ්‍ර කරගෙන එයට කිරි, බිත්තර සහ බටර් එක් කර හොඳින් බ්ලෙන්ඩ් කරගන්න.
- නන්ස්ටික් පෑන් එකක් ලිප තබා බටර් ස්වල්පයක් එක් කර රත් වෙන්න හැර, සාදාගත් පෑන් කේක් මිශ්‍රණයෙන් ටිකක් දමාගන්න.
- පෑන් කේක් එක උඩින් බුබුළු මතුවන විට ඒ මත අන්නාසි පෙත්ත තබා අන්නාසි පෙත්ත උඩින් සීනි ස්වල්පයක් ඉසගෙන පෑන් කේක් එක අනික් පැත්ත හරවා ගන්න. රන්වන් පැහැ වනතුරු පිසගන්න.
2. ෂ්‍රිම්ප් ඉන් පයිනැපල් සෝස්
අවශ්‍ය ද්‍රව්‍ය
- සෝස් එක සඳහා
- අන්නාසි යුශ කප් 1/2
- චිකන් ස්ටොක් කප් 1/2
- සෝයා සෝස් කප් 1/4
- සීනි මේස හැඳි 2
- විනාකිරි මේස හැන්දක්
- තලාගත් ඉඟුරු තේ හැන්දක්
- කෝන්ෆ්ලා තේ හැඳි 2
- ලුණු
- ෂ්‍රිම්ප් එක සඳහා
- පොතු හැර පිරිසිදු කර තෙත පිසදාගත් ලොකු ඉස්සන් 500g
- ලුණු
- ගම්මිරිස් කුඩු
- අන්නාසි කෑලි කප් 2
- ළූණු කොළ සහ බෙල්පෙපර් ටිකක්
- භාජනයක් ගෙන සෝස් එක සඳහා ඇති ද්‍රව්‍ය සියල්ලම එකට එක් කර හොඳින් මිශ්‍ර කර ලිප තබා රත් කරන්න. උකු ද්‍රාවණයක් වූ පසු ලිපෙන් ඉවත් කරන්න.
- ඉස්සන්ට ලුණු සහ ගම්මිරිස් එක් කර මද වේලාවක් තියන්න. තෙල් ටිකක් රත් වෙන්න හැර ඉස්සන් එක් කර තැම්බෙන තුරු පිසගෙන වෙනම බඳුනකට ඉවත් කරගන්න.
- ඉස්සන් බැදගත් බඳුනටම බෙල් පෙපර් එක් කර මදක් පිසගෙන එයටම අන්නසි කැබලි සහ අන්නසි සෝස් එක එක් කරගෙන මිශ්‍ර කරගන්න. එයට ඉස්සන් එකතු කරගෙන මදක් උතුරන්න හැර උඩින් ළූණු කොළ එක් කර පිලිගන්වන්න.
3. පයිනැපල් ක්‍රම්බ් බාර්ස්
අවශ්‍ය ද්‍රව්‍ය
- සාමාන්‍ය උෂ්ණත්වයේ තබාගත් බටර් කප් 1/2
- පාන් පිටි කප් 1 1/4
- සීනි කප් 1
- බිත්තරයක්
- ලුණු චුට්ටක්
- යෝගට් කප් 1/3 (මෙශරින් කප්)
- වැනිලා තේ හැන්දක්
- කැබලි කරගත් අන්නසි 500g
- බෝල් එකක් ගෙන එයට බටර්, පිටි වලින් කප් 1ක්, සීනි කප් 1/2ක් එක් කර අතින් පොඩි කරමින් කුඩා පිටි කැට හැදෙන පරිදි මිශ්‍ර කරගන්න. මෙම මිශ්‍රණයෙන් කප් 3/4ක් වෙනම ඉවත් කර තබාගන්න.
- අඟල් 8*8 තැටියක් ගෙන එහි අඩිය ෆොයිල් වලින් කවර් කර බටර් තවරා ගන්න. සාදාගත් මිශ්‍රණයේ ඉතිරි ටික ගෙන තැටියේ අඩියට දමා අතින් තද කරගන්න. සෙල්සියස් 170ට ප්‍රී හීට් කරගත් උඳුනක විනාඩි 10ක් බේක් කරගන්න.
- වෙනම බඳුනක බිත්තර, ඉතිරි සීනි 1/2, පිටි කප් 1/4, යෝගට් සහ වැනිලා දමා හොඳින් මිශ්‍ර කරගන්න.
- අවන් එකෙන් එළියට ගත් ක්‍රස්ට් එක මත අන්නසි කැබලි අතුරාගන්න. ඒ මතින් සාදාගත් මිශ්‍රණය දමාගන්න. ඒ මතට වෙන් කරගත් ක්‍රම්බ් මිශ්‍රණයේ කප් 3/4 ගෙන උඩින් තට්ටුවක් දමාගෙන විනාඩි 35ක් බේක් කරගන්න. නිවෙන්නට හැර පැයක් ශීතකරණයේ තබා කෑලි කපා පිලිගන්වන්න.
4. පයිනැපල් පොප්ස්
අවශ්‍ය ද්‍රව්‍ය
- අන්නසි කැබලි කප් 1
- සීනි රස අනුව
- ෆ්‍රෙශ් මිල්ක් කප් 1
- යෝගට් කප් 4 (මෙශරින් කප්)
- සියල්ලම හොඳින් බ්ලෙන්ඩ් කරගන්න. පොප්සිකල් මෝල්ඩ් වලට දමා පොප්සිකල් ස්ටික්ස් දමා අධි ශීතකරණයේ රැයක් තබන්න.
- පොප්සිකල් මෝල්ඩ්ස් නැති අයට අයිස් කියුබ් ට්‍රේ එකක කැට ලෙස හදාගන්න පුළුවන්.
5. පයිනැපල් ඇන්ඩ් මින්ට් ඩ්‍රින්ක්
අවශ්‍ය ද්‍රව්‍ය
- අන්නසි කැබලි කප් 5
- ලෙමන් ජූස් කප් 1/2
- ස්ප්‍රයිට් කප් 3
- කැමති නම් වයිට් රම් කප් 1/2
- අතින් පොඩි කරගත් මිංචි කොළ අහුරක්
- සීනි කප් 1/3
- සීනි වලට වතුර කප් 2ක් එක් කර එයට අන්නසි දමා ලිප තබා ගන්න. අන්නසි මෘදු වන තුරු විනාඩි 5ක් පමණ උතුරවා ගන්න. නිවෙන්නට හරින්න. හොඳින් බ්ලෙන්ඩ් කරගෙන ජූස් එක පෙරාගන්න.
- එයට හොඳින් පොඩි කරගත් මිංචි දමා රැයක් ශීතකරණයේ තියාගන්න. කැමති නම් මිංචි පෙරා ඉවත් කර ස්ප්‍රයිට් සහ රම් එක් කර අයිස් සමඟ පිළිගන්වන්න.
Leave a Reply