විවිධ වර්ගයේ සිප වැළඳගැනීම් ගැන දැනුවත් වෙමු!

ඔන්න සිප වැළඳගැනීම් කිව්ව ගමන් කට්ටිය දුවගෙන එනව කටවලුත් ඇරගෙන බලන්න. නෑ නෑසිප ගැනීම් නෙමේ. ඒව ගැන අපි කලින් කතා කළානෙ. මේ කියන්න යන්නෙ සිප වැළඳගැනීම්. කිව්වෙ තේරෙන විදිහට කියනවනම් hugs ගැනයි. වැලන්ටයින් මාසෙ මේ වගේ ලස්සන මාතෘකා ගැන කතා නොකරම බෑනෙ ඉතින්. අපි අහල නැති උණාට මේ සිපවැළඳගැනීම් සඳහා වෙන්වුන දිනයකුත් තියෙනව. තමයි ජනවාරි 21 වෙනිදට යෙදෙන National Hugging Day. 1986 වසරෙදි ඇමරිකාවේ තමයි මුලින් මේ දිනය සමරල තියෙන්නෙ. කොහොම උණත් කෙනෙක් තව කෙනෙක්ව හග් කරන්න ඉතින් එක එක හේතු තියෙන්න පුළුවන්. මේ හේතු අනුව, වැළඳගන්න දෙදෙනාගේ හිතේ තියෙන අදහස් අනුව, දෙන්නගෙ සම්බන්ධතාවය අනුව මේ කියන සිප වැළඳගැනීම් එක එක විදිහට වෙනස් වෙන්නත් පුළුවන්. හරියට දෙන හග් එකකින් උණුසුම, ආදරය, සහෝදරත්වය සංකේතවත් වෙනව වගේම තමා වැරදියට දුන්නොතින් ගුටිකාල එන්නත් පුළුවන්ඉතින් අන්න නිසාම අපි හොයල බැලුවා විවිධ අවස්ථාවන් වලදී කෙරෙන විවිධ විදිහේ සිප වැළඳගැනීම් කිහිපයක් ගැන. මීට පස්සෙ ඉතින් කවුරු හරි හග් කරපු ගමන් ඔන්න දැනගන්න පුළුවන් හොඳේ මොකාටද මේ එන්නෙ කියල

 

1. Bear Hug

බෙයා හග් කියන්නෙ වලස්සු දෙන්නෙක් එකිනෙකාව වැළඳගන්නව වගේ ඉතා තදින් කෙරෙන සිපවැළඳ ගැනීමක්. තද නමුත් සුවපහසු, ධෛර්‍යමත් කරවනසුළු, හදවතට හුඟක්ම දැනෙන සිප වැළඳගැනීමක්. හුඟක් වෙලාවට මෙහෙම හග් කරන්නේ එකිනෙකාට ආදරය කරන අය. කිව්වෙ පෙම්වතුන් නෙමෙයි. හිතේ තියෙන සංකාවන් ඔක්කොම අයින් කරන්න දෙමව්පියන් ලබාදෙන උණුසුම් වැළඳගැනීමක් වගේ. ඔන්න කෙනෙක් තව කෙනෙකුට මෙන්න මේ විදිහෙ බෙයා හග් එකක් දුන්න කියන්නෙ එයාට ඒ කෙනා ගැන ගැඹුරු හැඟීමක් හිතේ තියෙනව කියන එකයි

 

2. Polite Hug

මේ කියන හග් එක ආචාරශීලී බවින් වැඩි හග් එකක්. සමාන්‍යයෙන් සහ රාජකාරී මට්ටමින් වගේ දැන හැඳුනුම්කම් තියාගෙන ඉන්න අය අතරේ හුවමාරු වෙන විදිහේ හග් එකක්. එක පැත්තකට ටිකක් වැඩිපුර බරවෙලා ශරීරයේ උඩ කොටස විතරක් එකිනෙකට ගැටෙන විදිහට දෙන හග් එකක් තමයි මේ. කිව්වෙ ශරීරයේ ඉනෙන් පහළ කොටස ඈත්ව තියෙන විදිහට තමා වැළඳගන්නෙ. ඔන්න තමන් ආදරය කරන පෙම්වතා හෝ පෙම්වතියගෙන් මේ වගේ හග් එකක් ලැබෙනවනම් ටිකක් හිතල බලන්න ඕන හොඳද. කියන්නෙ සම්බන්ධතාවය ටිකක් දුරස්ථයි කියන එක

 

3. One-way Hug

ඔන්න ඔයා මුළු හදවතින්ම කෙනෙක්ව හග් කරනව. හැබැයි ඒ අනිත් කෙනා ඒකට කිසිම සහයෝගයක් දක්වන්නෙ නෑ. අඩුගානෙ අතක් උස්සල සැහැල්ලුවෙන් ඔයාගෙ කරවටේට දාගන්න වගේවත් උත්සාහ කරන්නෙ නෑ. ඒ කියන්නෙ ඔයා දීල තියෙන්නෙ මේ කියන One-way hug එකක්. වැළඳගන්න අනික් කෙනා කිසිම උනන්දුවක් නොදක්වන එකෙන් අදහස් වෙන්නෙ ඔයාගෙ හිතේ එයා ගැන තියෙන බැඳීම එයාගෙ හිතේනම් නැහැ කියන එකයි. ඔන්න කවුරුහරි හග් එකකට එහෙම ප්‍රතිචාරයක් දැක්වුවොත් අමාරුවෙන් හරි හිත හදාගන්න තමයි තියෙන්නෙ.

 

4. Intimate Hug

ඔන්න මේකනම් හැමෝම ආසම ජාතියෙ හග් එකක්. මේක ඉතාමත් සමීප, තදින්, මුළු ශරීරයෙන්ම කෙරෙන වැළදගැනීමක්. විශේෂම දේ තමයි මේ සිප වැළදගැනීමේදී දෙන්නගෙම ඇස් අතරේ තියෙන සම්බන්ධතාවය. ඒ කිව්වේ eye contact එක. මේ eye contact එක නිසාම තමයි මේ හග් එකට සාමාන්‍ය හග් එකකට එහා ගිය ආදරණීය බවක් එකතු වෙන්නෙ. මොකද ඇස් වලින් ශරීරයේ සාමාන්‍ය ගැටීමකට වඩා ලොකු අර්ථයක්, හැඟීමක් ඇති කරන්න පුළුවන්නේ. ඔන්න ඔයාට කෙනෙකුගෙන් මේ වගේ intimate hug එකක් ලැබෙනවානම් ඒ කියන්නේ ඔය දෙන්න අතරේ මොකක්හරි විශේෂ දෙයක් සිද්ධ වෙන්න පටන් අරන් කියන එකයි. සුභ පැතුම් එහෙනම්.

 

5. Buddy Hug

මේක ශරීරයේ දෙපැත්තෙන් කෙරෙන වැළදගැනීමක්. ඒ කියන්නේ මුහුණට මුහුණලා නෙමෙයි, පැත්තකින් හිටගෙන ඉන්න ගමන් අනෙක් කෙනාව තමන්ගේ අතින් තදින් වැළදගන්න එක. තමන්ගේ අත අනෙකාගේ උරහිසෙන් හෝ ඉනෙන් තියල එයාව තදින් තමන්ගේ ශරීරයට තදකරගෙන සුහදත්වය කියාපාන ආකාරය. මේක ඉතා දැඩි මිත්‍රත්වයක් කියාපාන වැළඳගැනීමක්. සාමාන්‍ය ප්‍රමාණය ඉක්මවාගිය පහසුවක්, විශ්වාසයක් ලබාදෙන්න පුළුවන් මේ වැළඳගැනීමට. දැනටම ආදරවන්තයන් වෙලා ඉන්න දෙන්නෙක් අතරේ මේ වගේ වැළඳගැනීමක් වෙනවනම් ඒ කියන්නේ ඔවුන් නිකන්ම ආදරවන්තයින් පමණක්ම නෙමෙයි, ඊට එහා ගිය ලොකු මිතුරු සම්බන්ධතාවයකුත් ඒ දෙන්නා අතරේ තියෙනවා. දෙන්නගේ බැඳීම සාමාන්‍ය එකකට වඩා ගොඩක් ශක්තිමත්.

 

6. Back Hug

මේකත් intimate hug එකක තවත් විදිහක් කියන්නත් පුළුවන්. හැබැයි ඊට එහා ගිය විශ්වාසයක් සහ ආරක්ෂාවක් මේ හග් එක ඇතුළේ දැනෙනවා. පුංචි ළමයි තමන්ගේ දෙමව්පියන්ව පිටිපස්සෙන් බදාගන්නෙ මෙන්න මේ ක්‍රමයට තමයි. ඔයාට කාගෙන්හරි මේ වගේ හග් එකක් ලැබෙනවනම් ඒ කියන්නේ ඔයාට අසීරු ඕනෑම අවස්ථාවක ලඟින් ඉන්න කෙනෙක් ඉන්නවා කියන එකයි. ඒ වගේම ඔයා තව කෙනෙක්ව මේ විදිහට හග් කරනවනම් ඒ කියන්නෙ ඔයත් ලෑස්තියි ඒ කෙනාව ඕනෑම කරදරයකදී ආරක්ෂා කරන්න. 

 

7. Naughty Hug

ඔන්න වචනයේ හැටියටම මේක නෝටි හග් එකක්. බොහෝවිට පෙම්වතුන් අතරේ හුවමාරු වෙන හග් එකක්. පිරිමියාගේ අත ගැහැණු කෙනාගෙ ඉන හෝ ඊට පහළින් තබාගෙන තදින් තමන්වෙත වැළඳගැනීම තමයි නෝටි හග් කියන්නේ. මේක බොහෝවිට ප්‍රේමාලිංගනයකට කෙරෙන ආරාධනාවක්. මේ ක්‍රියාව ඇතුළේ තියෙන්නේ ආදරයට එහා ගිය රාගයක් වගේ දෙයක්. ඒ නිසා ඔන්න තමන්ගෙ පෙම්වතාගෙන් නැතුව අගන්තුකයෙකුගෙන් මේ වගේ වැළඳගැනීමක් ලැබෙනවනම් පරිස්සම් වෙන්න වෙයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *