එල්ටීටීඊයට බිලි වූ අපේ දේශපාලනඥයෝ

අපේ රටේ දශක කීපයක් පුරා පැවති යුද්ධයේ ප්රතිඵලයක් විදිහට අපිට වුණු විශාලම  විනාශය තමයි අපේ රටේ මානව සම්පත අහිමි වීම. විශේෂයෙන්ම අපේ රටට නායකත්වය ලබා දෙන්න සමත් වන්න තිබූ චරිත ගණනාවක්කාලයේ අපිට අහිමි වුණා. මීට පෙර ලිපි කීපයකින් අපි ඔවුන් පිළිබඳව මතකය අවදි කරනු ලැබුවා. අපි අද හිතුවා මේ යුද සමයේදී මියගිය අපේ දෙවන පෙළ දේශපාලනඥයෝ කීප දෙනෙක් පිළිබඳව මතකය යළිත් සිහිපත් කරන්න.

 

 

1. ද. මු. දසනායක

පුත්තලම් දිස්ත්රික්කය නියෝජනය කරමින් පාර්ලිමේන්තුවට තේරී පත්වූ . මු. දසනායක මරණයට පත්වන විට ජාතිය ගොඩනැගීම පිළිබඳව කැබිනට් නොවන අමාත්යවරයා ලෙස කටයුතු කරමින් සිටියා. 2008 වසරේදී ජාඇල ප්රදේශයේදී එල්ල වූ බෝම්බ ප්රහාරයකින් ඔහු මියගියේ කිසිවෙකුත් බලාපොරොත්තු නොවුණු නිමේෂයකයි. ඇතැම් දේශපාලන විචාරකයන් විශ්වාස කළේ මෙම බෝම්බ ප්රහාරය ඔහුට එල්ල වූ එකක් නොව අමාත් ජේරාජ් ප්රනාන්දුපුල්ලේ මහතා ඉලක්ක කරගෙනල්ල වූ ප්රහාරයක් බවයි.

 

 

2. ජෙයරාජ් ප්රනාන්දුපුල්ලේ

චන්ද්රිකා බණ්ඩාරනායක සහ මහින්ද රාජපක්ෂ යන ජනාධිපතිවරු දෙදෙනාටම අයෝමය ශක්තියක් වූ ජෙයරාජ් ප්රනාන්දුපුල්ලේ අපේ පාර්ලිමේන්තුව නියෝජනය කළ වර්ණවත් චරිතයක්. භාෂා තුනෙන්ම මනාව සන්නිවේදනය කිරීමේ හැකියාව තිබූ අතලොස්සක් මන්ත්රීවරුන් අතරින් එක් අයෙක් වූ ඔහු විසින් ආණ්ඩු පක්ෂයේ ප්රධාන සංවිධායක ධුරය ඇතුළු ප්රබල අමාත්යාංශ රැසක් හොබවනු ලැබුවා. එසේම විපක්ෂයේ සිටින විටත් ඔහු සැමවිටම සටන්කාමී මන්ත්රීවරයෙකු වුණා. 2008 වසරේ අප්‍රේල් මසදී අවුරුදු උත්සවයක් අතරතුර එල්ලවුණු බෝම්බ ප්රහාරයකින් ඔහු ඇතුළු තවත් පිරිසක් මිය ගියා.

 

3. සී.වී. ගුණරත්න

සී. වී.  ගුණරත්න පැවත ආවේ දේශපාලන පවුලකින්. ඔහුගේ පියා දෙහිවලගල්කිස්ස ප්රදේශයේ පළමු පුරපතිවරයා ලෙසද කටයුතු කළා. එම නගර සභාවේම සභිකයෙකු ලෙස සී. වී තම දේශපාලන ගමන ආරම්භ කළ අතර පසුව ශ්රී ලංකා නිදහස් පක්ෂයට නැතුවම බැරි චරිතයක් බවට පත්වුණා. චන්ද්රිකා බණ්ඩාරනායක මැතිණියගේ ජයග්රහණයත් සමග පාර්ලිමේන්තුව නියෝජනය කිරීමට සමත් වූ ඔහු ජනප්රිය අමාත්යවරයෙක් බවටත් පත් වුණා. 2000 වසරේදී පැවැත්වූ පා ගමනක් අතරතුරදී එල්ල වූ බෝම්බ ප්රහාරයකින් සි. වී. ගුණරත්න මහතා, ඔහුගේ බිරිඳ ඇතුළු ආධාරකරුවන් විස්සක්  පමණ මිය ගියා.

 

 

4. වීරසිංහ මල්ලිමාරච්චි

එක්සත් ජාතික පක්ෂයේ නායකයන් රැසක් සමූල ඝාතනය කළ තොටලඟ බෝම්බ ප්රහාරයේ එක් වින්දිතයෙක් වුයේ වීරසිංහ මල්ලිමාරච්චියි. කොළඹ මහ නගර සභාව නියෝජනය කරමින් තමන්ගේ දේශපාලන ගමන ආරම්භ කළ ඔහු කෙමෙන් කෙමෙන් දේශපාලනයේ ඉහළට පැමිණියා. ගාමිණී දිසානායක ගේ ප්රබල දේශපාලන ආධාරකරුවෙකු වූ ඔහු තම සගයාගේ දේශපාලන ගමන වෙනුවෙන් විශාල කැප කිරීමක් කළ අයෙක්. 

 

 

5. ජී. එම්. ප්රේමචන්ද්

තොටළග බෝම්බ ප්රහාරයත් සමග අපේ රටට අහිමිව ගිය තවත් දේශපාලනඥයෙක් විදිහට ජී. එම්. ප්රේමචන්ද්රගේ නම සඳහන් කරන්න පුළුවන්. එක්සත් ජාතික පක්ෂ රජයේ කම්කරු සහ වෘත්තීය පුහුණු අමාත් ධුරය පවා හෙබවූ  ඔහු දේශපාලනය තුළ සටන්කාමී චරිතයක්. කෙසේ නමුත් එල්ටීටීඊය විසින් ඔහුගේ දේශපාලන ගමන සීමා කරනු ලැබුවා. 

 

 

6. රංජන් විජේරත්න

එල්ටීටීඊ ය  සහ ජනතා විමුක්ති පෙරමුණ යන පාර්ශව දෙකටම රන්ජන් විජයරත්න කියන නම හිසරදයක් බවට පත්වෙලා තිබුණා. වතු පරිපාලකයෙක් විදිහට කීර්තිය දිනාගෙන හිටපු ඔහු දේශපාලනයට එක් වන්නේ එක්සත් ජාතික පක්ෂයේ අභ්යන්තර තනතුරු නියෝජනය කිරීම සඳහා. කෙසේ නමුත් රණසිංහ ප්රේමදාස ජනාධිපතිවරයා යටතේ ආරක්ෂක රාජ් අමාත්යවරයා ලෙස ඔහුට පැවරුණේ භාරදූර වගකීම් රාශියක්. ජනතා විමුක්ති පෙරමුණ මර්දනය කිරීම සඳහා ප්රති මර්දනය සිය  උපාය මාර්ගය ලෙස භාවිතා කරමින් එය මැඩ පැවැත්වීමට ඔහු සමත් වුණා. අවසානයේදී ඔහු එල්.ටී.ටී.ඊ බෝම්බ ප්රහාරයකින් ජීවිතක්ෂයට පත්වූ අතර එම දිනවල දී ඔහුගේ එම ඝාතනය පිළිබඳව විවිධ ප්රවාද ඇති වුණා.

 

 

7. ඔසී අබේගුණසේකර

විජය කුමාරතුංගගේ දේශපාලන සගයකු ලෙස පළමුවරට දේශපාලනය තුළ කැපී පෙනෙන චරිතයක් වීමට පටන් ගත්ත ඔසී අබේගුණසේකර, ක්රම ක්රමයෙන් ජාතික දේශපාලනය තුළ කියවෙන නමක් බවට පත්වුණා. විජය කුමාරතුංග ඝාතනයෙන් පසුව ඔහු යම්තාක් දුරකට එක්සත් ජාතික පක්ෂයට හිතකර දේශපාලන නැඹුරුවක් පෙන්නුම් කළා. නමුත් ඔහුත් තොටළඟ බෝම්බයේ අවාසනාවන්ත ගොදුරක් බවට පත් වුණා. 

 

 

එහෙමනම් ඉතින් වෙනදා වගේම මේ ලිපිය ගැන ඔබේ අදහස් පළ කරන ගමන් ෂෙයාර් කරන්න අමතක කරන්න එපා. 

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *