බත් කන්න හොර බබාලට බත් කවාගන්න රයිස් රෙසිපි 7ක්

අපේ අම්මලාට තියන ලොකුම ලොකු ගැටළුවනේ මේ බබාලා බත් කන්නෙ නෑ කියන එක. සමහර බබාලා ඉන්නවා කාලෙකට මොනම කෑමක්වත් කන්න ප්‍රිය කරන්නෙ නෑ. ඔය අතරෙ තව සමහර බබාලා අනන්මනන් කාලා බත් කන්න හොර වෙනවා. ආන් ඒ කැටගරි එකේ බබාලට ආසාවෙන් බත් කවාගන්න රසම රස රෙසිපි ටිකක් අපි ගෙනාවා. මේ සමහර කෑම නම් කනකොට බබා දන්නෙත් නැතිවෙයි මේ කන්නෙ බත් කියලා. ඔන්න බලන්නකෝ හදලම.

 

1. චීසි රයිස් බෝල්ස්

අවශ්‍ය ද්‍රව්‍ය 

 

  1. පිසගත් බත් කෝප්ප 1
  2. නිවිති කොළයක්
  3. බිත්තර 1
  4. මොසරැල්ලා චීස් ටිකක්
  5. තම්බපු අල හෝ වට්ටක්කා ටිකක්
  6. පාන් කුඩු
  7. බිත්තරයක්
  8. ලුණු හා ගම්මිරිස් කුඩු රස අනුව

 

  • පාන්කුඩු සහ බිත්තරය හැර අනිත් සේරම කලවම් කරලා හොඳින් අනාගෙන පොඩි බෝල හදාගන්න. හදාගත් බෝල ටික බිත්තර සාරු වල දවටා පාන් කුඩු තවරාගන්න.  දැන් මේක ගැඹුරු තෙලේ බැදගන්න.

 

2. රයිස් ඔම්ලට් 

අවශ්‍ය ද්‍රව්‍ය 

 

  1. පිසූ බත් කෝප්ප 1
  2. බිත්තර 2
  3. තම්බාගත් අල ටිකක්
  4. චීස් ටිකක්

 

  • මේ සියල්ලම එකට එකතු කරලා හොඳට බීට් කරගන්න. දැන් මේක බටර් ගාගත් පෑන් එකකට දාලා ඔම්ලට් එකේ දෙපැත්තම ෆ්‍රයි කරගන්න.

 

3. රයිස් කට්ලට්

අවශ්‍ය ද්‍රව්‍ය 

 

ෆිලින්ග් එක සඳහා

 

  1. පිසගත් බත් කෝප්ප 1
  2. තම්බා පොඩි කරගත් අල කෝප්ප1
  3. ග්‍රේට් කරගත් කැරට් කෝප්ප 1/4
  4. ග්‍රීන්පීස් කෝප්ප  1/4
  5. කෝන් ඇට කෝප්ප 1/4
  6. කුඩු කරගත් කජු ටිකක්
  7. ඉඟුරු, සුදුළූණු පේස්ට් එක තේ හැඳි 1/2
  8. ලුණු,ගම්මිරිස් කුඩු රස අනුව
  9. දෙහි යුෂ ටිකක්
  10. පාන්කුඩු කෝප්ප 1/2

 

බැටර් එක සඳහා

 

  1. පාන්පිටි කෝප්ප 1
  2. කෝන්ෆ්ලා කෝප්ප 1/4
  3. ගම්මිරිස්කුඩු තේහැඳි 1/2
  4. ලුණු පින්ච් එකක් 
  5. කෝට් කරන්න පාන්කුඩු ටිකක්

 

  • බත් ටික ඇට ගතිය නැති වෙනකල් පොඩි කරගන්න. ඒකට ෆිලින්ග් එක සඳහා අවශ්‍ය ඉතිරි ද්‍රව්‍ය ඔක්කොම දාගෙන හොඳින් මිශ්‍ර කරගන්න. 
  • දැන් පාන්පිටි වලට කෝන්ෆ්ලා, ගම්මිරිස්කුඩු, ලුණු දාලා, වතුර ටික ටික දාලා උකු බැටර් එකක් හදාගන්න. මිශ්‍රණයෙන් පොඩි බෝල හරි අතින් කැමති හැඩේකට හරි හදලා බැටර් එකේ දාලා පාන්කුඩු වල තවරගෙන ගැඹුරු තෙලේ බැදගන්න. 

 

4. රයිස් ඇන්ඩ් වෙජිටබල් සුප්

අවශ්‍ය ද්‍රව්‍ය 

 

  1. තම්බා කපාගත් කැරට් ටිකක්
  2. කපාගත් ලීක්ස් ටිකක්
  3. සිහින්ව කපාගත් ගෝවා ටිකක්
  4. තම්බාගත් ග්‍රීන් පීස් ටිකක්
  5. තම්බා කපාගත් අල ටිකක්
  6. කපාගත් සුදුළූණු බික් එකක්
  7. බටර් තේ හැන්දක්
  8. බත් කෝප්ප 1/4
  9. වතුර කෝප්ප 2
  10. ලුණු, ගම්මිරිස් රස අනුව

 

  • බටර් ටික රත්වෙන්න තියල ඒකට ගෝවා, ලීක්ස්, සුදුළූණු ටික එකතු කරන් තෙම්පරාදු කරගන්න. ඒකට ඉතිරි ද්‍රව්‍ය සියල්ලම එකතු කරගෙන අඩු ගින්දරේ උතුරනකම් ලිපේ තියාගෙන හැඳිගාන්න.
  • කැමති නම් බ්ලෙන්ඩ් කරල ක්‍රීම් සුප් එකක් විදියටත් පොඩ්ඩන්ට දෙන්න පුළුවන්. 

 

5. පොටෑටෝ රයිස්

අවශ්‍ය  ද්‍රව්‍ය 

 

  1. පිසූ බත් කෝප්ප 1
  2. තම්බාගත් අල කෝප්ප 1/2
  3. පොල්කිරි මේස හැඳි 2ක්
  4. ග්‍රේට් කරගත් කැරට් හා ලීක්ස් ටිකක්
  5. ළූණු
  6. සුදුළූණු 
  7. රම්පේ/කරපිංචා 
  8. ලුණු/ගම්මිරිස් 
  9. බටර්

 

  • භාජනයක් ලිපේ තියලා රත් වෙනකොට බටර් ටිකක් දාගන්න.
  • දැන් ලූණු, සුදුළූණු, රම්පේ, කරපිංචා, ලුණු හා ගම්මිරිස්කුඩු දාලා තෙම්පරාදු කරගන්න.
  • දැන් අල ටිකත් එකතු කරගන්න. ටිකකින් පොල්කිරි ටිකත් දාගෙන අන්තිමට බත් එකතු කරලා හොඳට කලවම් කරගන්න.

 

6. රයිස් පෑන් කේක්

අවශ්‍ය ද්‍රව්‍ය 

 

  1. පිසගත් බත් කෝප්ප 1
  2. ෆ්‍රෙශ් මිල්ක් මේස හැඳි 2
  3. බිත්තර 1
  4. ගම්මිරිස් කුඩු හා ලුණු ටිකක්
  5. ග්‍රේට් කරගත් කැරට් හා ලීක්ස් ටිකක්
  6. බෝංචි ටිකක්
  7. තම්බාගත් මාළු කෑල්ලක්
  8. නිවිති කොළ දෙකක්
  9. තක්කාලි සෝස් (කැමති නම්)

 

  • බත් ටික කිරි ටික දමමින් බ්ලෙන්ඩ් කරගන්න. ඒකට කැරට්, ලීක්ස්, බෝංචි එකතු කරලා කලවම් කරන්න.
  • මාළු කෑල්ල හොඳට පොඩි කරලා ඒකත් බත් එකට කලවම් කරන්න.
  • ගම්මිරිස් කුඩු හා ලුණු ඇති පදම දාලා තක්කාලි සෝස් එකතු කරන්න.
  • දැන් මේකට බිත්තරය දාලා හොඳට කලවම් කරගන්න. අන්තිමට නිවිති කොළයක් කෑලි වලට කඩලා දාගන්න.
  • පෑන් එක රත්වෙන්න තියලා මේ මිශ්‍රණයෙන් ටිකක් අරන් තුනී කරල දෙපැත්තම ෆ්‍රයි කරගන්න.

 

7. රයිස් පොල්‍ රොටී

අවශ්‍ය ද්‍රව්‍ය 

 

  1. පාන්පිටි ග්‍රෑම් 100
  2. ගාගත් පොල් කෝප්ප 1/2
  3. පිසගත් බත් කෝප්ප 1/2
  4. චොප්කරගත් ළූණු ටිකක්
  5. ග්‍රේට් කරගත් කැරට් කෝප්ප 1/4
  6. බටර් මේස හැඳි 2

 

  • පාන්පිටි වලට අඹරාගත් බත් ටික දාලා තලපයක් හදාගන්න. ඒකටම බටර් ටිකත් දාලා හොඳට අනාගන්න. දැන් පොල්, කැරට්, ළූණු හා ලුණු එකතු කරලා අවශ්‍ය නම් වතුර ටිකක් විතරක් දාලා අතේ නොඇලෙන ඩෝ එකක් හදාගන්න.
  • දැන් බෝල කඩලා අරන් බටර් ගාගත් පිඟානක තුනී කරලා පෑන් එකට දාලා දෙපැත්තම ෆ්‍රයි කරගන්න.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *