කකුල් ශේව් කරාට පස්සෙ කකුල් වල හමේ පේන අඳුරු පොඩි තිත් නිසා අපේ සමට අවලස්සන පෙනුමක් එක් වෙනව. ස්ට්‍රෝබෙරි ස්කින් (strawberry skin) කියන්නෙ මේ කළු ඩොට් වලට. ලයිෆි අපි අද බියුටි ආර්ටිකල් එකෙන් කතා කරන්නෙ මේ ස්ට්‍රෝබෙරි ස්කින් එක ගැන.
ස්ට්‍රෝබෙරි ස්කින් එකට හේතු මොනවද?
ඔයාලගෙ හම අමතර කැරොටීන් නිපදවීම නිසා රෝමකූප අවහිර වීමෙන් මේ තත්ත්වය ඇතිවෙන්න පුළුවන්.
ඒ වගේම සම පමණට වඩා වියලීම නිසා අපිචර්මයට හානිවීමෙන් ශේව් කිරීමෙන් පස්සෙ හම කසන්න පුළුවන්. ඒකත් ස්ට්‍රෝබෙරි ස්කින් එකක් ඇතිවෙන්න හේතුවක්.
ශේව් කිරීමෙන් පස්සෙ සම තුළට කාවැදී වැඩෙන රෝම නිසා රෝමකූප ආසාදනය වෙලා මේ තත්ත්වය ඇතිවෙන්න පුළුවන්. ආසාදනය වීමෙන් ඇතිවෙන බැක්ටීරියා නිසා සම මත කළු පැල්ලම් ඇතිවෙනව.
මේ මොන හේතුව නිසා ඇති උනත් මේකට ගෙදරදීම කරගන්න පුළුවන් සත්කාර කීපයක්ම තියෙනව.
1. බේකින් සෝඩා සත්කාරය
බේකින් සෝඩා සම මත ආසාදනයන් ඇති කරන බැක්ටීරියා වලට විරුද්ධව ක්‍රියා කරනව. ඒ වගේම සමේ වියළි බව නැති කරන්නත්, සම සුමුදු කරන්නත් එය ක්‍රියා කරනව.
මේ සත්කාරයට ඕන වෙන්නෙ,
- බේකින් සෝඩා මේස හැන්දක්
- වතුර තේ හැන්දක්
මේ දෙක එකට කලවම් කරල පේස්ට් එකක් හදාගෙන කකුල් වල ආලේප කරල, විනාඩි 4-5ක් තියෙන්න ඇරල සිසිල් වතුරෙන් සෝදා හරින්න. මේක දිනපතා කරන්න ඕන සත්කාරයක්.
2. මැරුණ සම ඉවත් කිරීම
මැරුණ සම ඉවත් කිරීම මගින් සම මත වර්ධනය වෙන බැක්ටීරියා ඉවත් කරන්නත් සමට කාවදින රෝම ගලවා දැමීමටත් උපකාර වෙනව. මේ ගෙදරදීම පහසුවෙන් හදාගන්න පුළුවන් ස්ක්‍රබ් එකක්.
මේකට ඕන,
- රතු සීනි කප් 1/2
- ඔලිව් තෙල් කප් 1/2
- කරාබුනැටි තෙල් බින්දු තුන හතරක්
මේ ටික එකතු කරල පේස්ට් එකක් හදාගෙන සම මත ආලේප කරල රවුමට කරකවමින් ඇඟිලි වලින් පිරිමදින්න. සිසිල් වතුරෙන් සෝදා හරින්න. සතියකට වතාවක් හෝ දෙවතාවක් කිරීම ප්‍රමාණවත්.
3. කෝමාරිකා සත්කාරය
සම සුවපත් කරන අපූරු සිසිල්කාරක ගුණයකින් කෝමාරිකා සමන්විතයි. සම පෝෂණය කරනව වගේම සමේ තෙතමනය රඳවාගන්න කෝමාරිකා සමත්.
මේ සත්කාරයට ඕන
- අලුත් කෝමාරිකා මදයක්
කෝමාරිකා මදය පොඩි කරල ඒ ජෙල් එක සම මත ආලේප කරල විනාඩි 10ක් පමණ හොඳින් සම්බාහනය කරන්න. සිසිල් වතුරෙන් සෝදාහරින්න. මේ සත්කාරය දිනපතා කරන්න සුදුසුයි.
4. මුහුදු ලුණු සත්කාරය
ලුණු වල කැල්සියම්, පිටෑසිටම්, මැග්නීසියම් වගේ සමේ ph අගය පවත්වාගන්න අවශ්‍ය ඛණිජ ලවණ බොහොමයක් අඩංගුයි. සමේ ph අගය එහා මෙහා උනාම සම වියලෙන්න සහ කසන්න ගන්නව.
මේ සත්කාරයට ඕන,
- ලුණු කප් 1/2
- පොල්තෙල් කප් 1/2
මේ දෙක එකතු කරල ඝණ පේස්ට් එකක් හදාගෙන සම මත අතුල්ලන්න. විනාඩියක් දෙකක් විතර ස්ක්‍රබ් කරගෙන සාමාන්‍ය වතුරෙන් සෝදාහරින්න. සතියකට වතාවක් කිරීම ප්‍රමාණවත්.
5. කෝපි සත්කාරය
කෝපි වලින් සම සුවපත් කරනව. මේ කෝපි සත්කාරයෙන් හානි වූ සමට සහනයක් ලබාදෙනව.
මේකට ඕන වෙන්නෙ,
- කෝපි කුඩු කප් 1/2
- සීනි කප් 1/2
- පොල්තෙල් කප් 1/4
මේ සියල්ල එකට මිශ්‍ර කර සම මත ආලේප කරල රවුමට විනාඩි තුන හතරක් පිරිමදින්න. සාමාන්‍ය වතුරෙන් සෝදාහරින්න. සතියකට වතාවක් දෙකක් කිරීම ප්‍රමාණවත්.
6. රෝස වතුර සහ පිපිඤ්ඤා සත්කාරය
පිපිඤ්ඤා විටමින් සී වලින් පොහොසත්. එය සම මත ඇති ආසාදනයන් නැති කරනව. ඒ වගේම රෝස වතුරෙන් සම සිසිල් කරල තද උන රෝම කූප විවර කරනව.
මේ සත්කාරයට ඕන,
- පිපිඤ්ඤා ගෙඩියක්
- රෝස වතුර බිංදු කීපයක්
පිපිඤ්ඤා ගෙඩිය පොතු ඇරල බ්ලෙන්ඩ් කරගන්න. ඒකට රෝස වතුර බිංදු කීපයක් එකතු කරන් සම මත ආලේප කරල විනාඩි 15ක් විතර වියළෙන්න හරින්න. සාමාන්‍ය වතුරෙන් සෝදන්න. මේක දිනපතාම කරන්න පුළුවන් සත්කාරයක්.
7. බිත්තර සුදුමද හා ලෙමන් යුෂ
බිත්තර සුදුමද වලින් සම එල්ලා වැටීම වළක්වල සමට එළියක් ලබාදෙනව. ප්‍රෝටීන් සහ ඛණිජ වර්ග බහුලයි. ඒ වගේම ලෙමන් යුෂ කියන්නෙ ස්වභාවිකව සම දීප්තිමත් කරන දෙයක්.
මේ සත්කාරයට ඕන,
- බිත්තර සුදුමද එකක්
- ලෙමන් යුෂ තේ හැන්දක්
මේ දෙක එකට කලවම් කරල සම මත ආලේප කරන්න. විනාඩි 5-10ක් වියළෙන්න ඇරල සාමාන්‍ය වතුරෙන් සෝදන්න. දිනපතා නෑමට පෙර කරන්න පුළුවන් සත්කාරයක්.
මේවාට අමතරව දිනකට අවශ්‍ය තරම් ජලය පානය කරන එක, දිනපතා සමට මොයිස්චරයිසර් පාවිච්චි කරන එක, පෝෂණීය සමබර ආහාර වේලක් ලබාගන්න එක වගේම ශේව් නොකර වෙනත් රෝම ඉවත් කිරීමේ ක්‍රමයක් පාවිච්චි කරන එකෙන් මේ ස්ට්‍රෝබෙරි ස්කින් තත්ත්වය ඇතිවීම වළක්වගන්න පුළුවන්.
Leave a Reply