නව යොවුන් වියේ ආල හැඟීම් ඇති වෙන වයස එන්න එන්නම ඉක්මන් වෙන තත්ත්වයක් තමයි තියෙන්නෙ. කොටිම්ම කිවුවොත් දැන් ශිෂ්‍යත්ව පන්තිය ඉවර වෙද්දිත් ගෑණු ළමයව දකින්න වෙන්නෙ නැති නිසා දුකෙන් ඉන්න කොල්ලොන්ව හොයාගන්න පුළුවන්. මෙහෙම තත්ත්වයකදි ඒ කාලෙ අපි කෙල්ලෙක් සෙට් කරගන්න කාපු කට්ට ගැන කියන්නයි මේ හදන්නෙ. මේවා ඇහුවම කට්ටියට නොස්ටැල්ජියාව හිතට ගහලා හිත මෙවුව වෙන්න ඉඩ තියෙනවා. හැබැයි වයිෆ් තට්ටු කරලා “ඇයි ඔයා අවුලෙන් ඉන්නෙ?” කියල ඇහුවොත් දෙන්න උත්තරයක් හිතාගෙනම මේ ආටිකල් එක කියවන්න.
1. කොල්ලගෙ යාළුවොත් පැණි හැලීම

Image Source – youtube.com
ඒ කාලෙ ඉතිං කෙල්ලෙක් යාලු කරගන්න තිබ්බ බාධක ටික ලිස්ට් කරගත්තොත් කොල්ලයි කෙල්ලයි ඇරෙන්න යන පාරෙ තිබ්බ ගස් ගල් පවා බාධක විදියට තමයි ක්‍රියා කළේ. ඒ කාලෙ කොයි කොල්ලටත් දකින දකින කෙල්ල ගැන ආසාවල් ඇතිවෙන කාලෙ. ඉතිං යාලුවගෙ කෙල්ල කියල නෑ. මුළු පන්තියම ට්‍රයි. ඒ හින්දා කෙල්ලට පුළුවන් ලොකු කොල්ලො පූල් එකකින් තමන් කැමති එක පික් කරගන්න. අන්න ඒ හින්දා අපේ කතා නායකයට තියෙන සක්සස් වීමේ ප්‍රසන්ටේජ් එක හුඟක් අඩුයි. ඉතිං අපේ ඈයො කෙල්ලෙක් ගැන කැමැත්තක් හිතිච්ච ගමන් මුලින්ම කළේ කෙල්ලට කියන්නත් කලින් ක්ලාස් එකේ කොල්ලො ටිකට කියපු එක.
2. කෙල්ලගෙ යාලුවො අකුල් හෙලීම

Image Source – hollywoodreporter.com
හාපෝ අනිත් මරාලෙ තමයි කෙල්ලගෙ යාළුවො ටික. උන් ටික නිකං අම්මල වගේ කෙල්ලට ගාඩ් එක දෙන්නෙ. කොටිම්ම තමුන්ගෙ යාලුවට කොල්ලෙක් කැමතියි කියල දැනගත්තු ගමන් උන් පාරෙ යන්නෙ ලවු කිරීමට බඳුන් වුණු තමුන්ගෙ යාලුවව මැද්දෙ තියාගෙන මල වගේ ආරක්ෂා කරගෙන. උන්ගෙන් බේරිලා ලවු කරන්න වෙන්නෙ නෑ. ලියුමක් දුන්නොත් ලියුම චෙක් කරලා, නරක වචන තියෙනවද? අයුතු යෝජනා තියෙනවද? කොල්ලගෙ චරිතය කෙසේද? යනාදී සියළු චෙකින්ස් කරලා තමයි කෙල්ලට ලියුම යන්නෙ. ඕකට හොඳම විසඳුම කෙල්ලගෙ හොඳම යාලුවගෙ යාලුවෙක් වෙන එක. ඔන්න එතන ඉඳන් වැඩේට අවංක සප් එකක් ගන්න පුළුවන්.
3. තාම ඉගෙනගන්නවා

Image Source – youtube.com
ඔය කාලෙට කෙල්ලගෙ ගෙදරින් හරි රැකවල්. ඇයි ඉතිං දන්නවනෙ ඇහැට කනට පේන තමුන්ගෙ දෝණියැන්දාට වටේම කොල්ලො ටික බැල්ම දාන විත්තිය. ඒක වළක්වන්න නැන්දම්මයි මාමණ්ඩියි විශේෂ විධිවිධාන අරගෙන තියෙන්නෙ. හදිස්සියෙවත් කොල්ලෙක් සෙට් වුනොත් එක පිහි පාරින් ඒ ලවු එක කපලා දාන්න එයාලා පසුබට වෙන්නෙ නෑ. දෙන්නම කොච්චර හොඳට ඉගෙනගත්තත්, කිසිම වැරදි ගමනක් නොගියත් තාම ඉගෙනගන්න වයස කියන තර්කෙ දාලා ලවු එකට දුප්! කියල පයින් ගහන්න ඒ අයට යන්නෙ පැය කාලයි.
4. කෙල්ලොන්ට අම්මලා දෙන දැඩි ආරක්ෂාව

Image Source – youtube.com
මවු යානයෙන් කෙල්ලව බේරාගන්න එක තමයි ලොකුම වැඩේ. අම්මා කෙල්ලගෙ පස්සෙන් නොයන්නෙ ටොයිලට් එකට විතරයි. උදේට ඉස්කෝලෙට ගිහින් දාලා, අනිත් කෙල්ලොන්ව අරගෙන ආපු අම්මලා එක්ක ඕපයක් ගහගෙන ඉඳලා, දවල්ට ගෙදර එක්කගෙන ඇවිල්ලා, හවසට ක්ලාස් එක්කගෙන ගිහිල්ලා, ඇඳුමක් අරගන්න ඕනනං ඒකට එක්කගෙන ගිහිල්ලා, ආයෙ ගෙදර ගෙනල්ලා කෙල්ලව මලක් වගේ රකින අම්මලාව කොල්ලන්ට වහකදුරු වගේ. අම්මගෙ ඇහෙන් මිදිලා තමුන් ආදරේ කරන කෙල්ල දිහා බලන්නෙත් පුදුම බයකින්.
5. කෙල්ලගෙ අයියලා

Image Source – youtube.com
අම්මලානං හිනාවක් දාලාවත් ෂේප් න්‍යායෙන් ළංවෙන්න පුළුවන් ජීවීන් වුනත්, භයානකම ඈයො තමයි අයියල කියන්නෙ. ඕකුන්ට තමන්ගෙ නංගිව පේන්න බැරි වුනාට, නංගිට කොල්ලෙක් ළංවෙනකොට කොහෙවත් නැති සිස්ටර්ලි ලවු එකක් ඉහට ගහනව. ඉතිං රකින්නමයි කල්පනාව. අනික රට වටේම යාළුවො ඉන්න නිසා කොල්ලෙක් එක්ක හිනාවුනත් අයිය දන්නවා. ඉතිං එදාට නංගිට ප්‍රශ්න කෝටියයි. ඒ මදිවට ලවු කරන කොල්ලටත් හෙණ සද්දෙ.
6. වියදං

Image Source – youtube.com
ලවු කරන්න කියලා කෙල්ලෙක්ව කොහොමහරි දැලේ දාගත්තත්, ඒකටත් හිතට බය හිතෙන ලොකුම සාධකේ තමයි ඒ වෙනුවෙන් වියදං කරන්න සල්ලි නැති එක. ඇයි ඉතිං කෙල්ලට අයිස්ක්‍රීම් එකක් අරං දුන්නත් ඒක අරං දෙන්න වෙන්නෙ ගෙදරින් තමුන්ගෙ වියදමට දෙන සල්ලිවලින් ඉතුරු කරලනෙ. ඉතිං හිත ඇතුළෙ උපන්න ආදරේ හිත ඇතුළෙම මරලා දාන්න තරම් ප්‍රබල සාධකයක් විදියට මේ ආර්ථික අහේනිය දක්වන්න පුළුවන්.
7. වෙලාව කෝ?

Image Source – byrslf.co
ඒ කාලෙ ලවු කරන්න තිබුන අනිත් ලොකුම බාධකය තමයි ඉස්කෝලෙයි ක්ලාස් ටිකයි ඉවර වුනාට පස්සෙ දවසෙ වෙලාවක් ඉතුරු නොවීම. ඇයි ඉතිං කෙල්ලො සිංහල පන්ති දෙකකට යනව. ගණං පන්ති තුනකට විතර යනව. ඉස්කෝලෙදි ලියපු නෝට් ලස්සන අකුරෙන්, රෝස පාට පෑන්වලින් ආයෙත් ලියනව. ඉතිං උන්ට ලවු කරන්නවත් ඔලුව උස්සන්න වෙලාවක් නෑ. කොල්ලො ඉස්කෝලෙත් ගිහින්, ක්ලාසුත් ගිහින්, රස්තියාදුත් ගහලා, ක්‍රිකටුත් ගහලා, ගෙවල්වල බෙල් ගහල දුවලා, ගමේම ගස් ටිකේ තියෙන කන්න පුළුවන් ගෙඩි හැම එකක්ම රැහැලා එනකං කෙල්ලො ඉගෙනගන්නව. ඉතිං වෙලාවක් නෑ.
Cover Image Source -youtube.com
Leave a Reply