ඉස්සරම ඩෙක්පීස් රෙන්ට් එකට අරගෙන ෆිල්ම් බලපු අපි ඉන් පස්සේ සීඩී වලින් ෆිල්ම් බලන්න පටන් ගත්තා. ඊට පස්සේ ෆිල්ම් ඩවුන්ලෝඩ් කරන්න පටන් ගත්තු අපි දැන් ටීවී සීරීස් වුනත් එක්කෝ ඩවුන්ලෝඩ් කරලා, නැතිනම් නෙට්ෆ්ලික්ස් වගේ සේවාවකින් බලන්න පටන් අරගෙන තියෙනවා. එතකොට අලුතෙන් එන ෆිල්ම් වලට වඩා වැඩී කියලා හිතෙන තරමට මාසෙකට ටීවී සීරීස් කීපයක්ම රිලීස් වෙන්නත් පටන් අරගෙන. දැන් ඔය එන ටීවී සීරීස් ඔක්කොම බලන්නත් බැහැනේ. ඒත් ඉතින් හොඳම ටීවී සීරීස් තෝරගන්නත් පුළුවන් තමන් ආස කරන විදියේ වර්ග වලට අනුව. දැන් ගොඩක් අය කැමතියිනේ සුපර් හීරෝ සීන් වලට. ආන්න ඒ නිසා අපි හිතුවා මේ අවුරුද්දේ බලන්න පුළුවන් අලුත් සහ පරණ සුපර් හීරෝ ටීවී සීරීස් සෙට් එකක් ගැන විස්තර පොඩ්ඩක් කියන්න. මෙව්වා බලලා නැති නම් අනිවාර්‍යයෙන්ම අදම බලන්න පටන් ගන්න!
1. Swamp Thing
ගොහොරු බිම් වාසස්ථානය කරගෙන ඉන්න, සම්පූර්ණයෙන්ම ශාකමය ශරීරයක් තියෙන අද්භූත දැවැන්තයෙක් ගැන ඔය සුපර් හීරෝ කොමික් පොත් වල කියවෙනවා. Swamp thing කියලා කියන මේ දැවැන්ත ජීවියාට සුපිරි බලයන් එහෙමත් තියෙනවා. දැන් ඔන්න මේ දැවැන්තයා ගැන කථාව ටීවී සීරීස් එකක් බවට පත් වෙලා තියෙනවා. මේ කථාව පටන් ගන්නේ ලුයිසියානා වල ගොහොරු බිම් ආසන්නයේ වුණු ටවුමක පැතිරිලා යන මාරාන්තික වෛරසයකින්. මේ වෛරසයට ගොදුරු වුණු මිනිස්සුන්ගේ ශරීර වලින් ගස් වැල් හට ගන්නවා විතරක් නෙවෙයි, මේ මිනිස්සුන්ගේ මෘත ශරීර වලටත් පණ එන්න පටන් ගන්නවා. කොහොම හරි මේ පිස්සු හැදෙන සංසිද්ධිය විභාග කරන්න හදන විද්‍යාඥයෝ දෙන්නෙක්ගෙන් එක්කෙනෙකුත් මේ ගොහොරු බිම් වලින් පටන් ගන්න අද්භූත වෛරසයට හෝ ඊට සමාන දේට ගොදුරු වෙනවා. ගොහොරු බිම්වල අද්භූත දැවැන්තයා නිර්මාණය වෙන්නේ එහෙමද?
2. Boys
අපි සෑහෙන්න සුපිරි වීරයෝ දකිනවනේ. මේ සුපිරි වීරයෝ සාමාන්‍යයෙන් පඳුරකට පයින් ගැහුවහම දහපහළොවක් විසි වෙන්නෙ නෑ. හැබැයි ඉන්න සුපිරි වීරයෝ එකා දෙන්නා හෝ කීප දෙනා වුනත් කරන්නේ ලෝකේ බේරගන්න එක, මිනිස්සුන්ව ආරක්ෂා කරන එක. හැබැයි මේ ටීවී සීරීස් එකේ විදියට නම් සුපිරි බලයන් තියෙන “වීරයෝ” බොහොම සුලභ දසුනක් වෙලා තියෙන්නේ. හැබැයි මේ ඊනියා සුපිරි වීරයෝ වැඩ කරන්නේ සල්ලි වලට. මේ ගොඩක් අය ඒ නිසාම අඳුරු පැත්තටත් ගිහින් අවසානයි. ඉතින් මිනිස්සුන්ව රකින්න ඉන්න සුපිරි ඩයල් අප්සෙට් වැඩ කරනකොට උන්ව නවත්තන්නේ කවුද? ආන්න ඒකට තමයි මේ බෝයිස්ලා ඉදිරිපත් වෙන්නේ. ඇත්තටම බෝයිස් කියන්නේ සුපිරි බලයන් තියෙන අය නෙවෙයි. දූෂණය වුණු සුපිරි බලයන් තියෙන අයව නවත්තන්න ඉදිරිපත් වෙන සාමාන්‍ය මිනිස්සු කීප දෙනෙක්!
3. Doom Patrol
සම්මත සුපර් හීරෝස්ලා වගේ මිනිස්සුන්ගේ ආකර්ෂණය හිමි නොවුණු, සම්මත සමාජයෙන් ඈත් වෙලා හැංගිලා ජීවත් වෙන සුපිරි වීරයොත් ඉන්න පුළුවන්ද? ඇත්තටම ඒ අය තමන් වීරයෝ කියලා හිතන්නෙත් නෑ. ඒ අයට ලැබිලා තියෙන සුපිරි බලයන් පිටුපස්සේ තියෙන්නේ බොහොම ඛේදනීය කථාන්තරයන් වෙන්න පුළුවන්. උදාහරණයක් විදියට ගත්තොත්, සුපිරි ධාවන ශූරයෙක් වාහන අනතුරකින් මැරෙන්න යනවා. ඒ අනතුරෙන් එයාගේ දියණියත් මැරෙනවා. ඒත් මැරෙන්න යන මේ හාදයාව සුපිරි බලයන් තියෙන සයිබෝර්ග් කෙනෙක් කරන්න දොස්තර කෙනෙක් සමත් වෙනවා, අවුරුදු ගාණකට පස්සේ. ඒත් මේ රොබෝමෑන් සතුටෙන් ජීවත් වෙනවා නෙවෙයි, නිකම්ම ජීවත් වෙනවා. මේ දොස්තර එක්ක ජීවත් වෙන අනෙක් අයගේ කථාන්තරත් මේ වගේ තමයි. ඒත් එක මොහොතකදී මේ අය තමන් ගැන නොහිතා අනුන් ගැන හිතලා ගන්න එක තීරණයකින් මේ අය සුපිරි වීරයෝ වෙන්න පුළුවන්. අඳුරු, විකාර ටීවී සීරීස් එකක් කියලා හිතෙන ඩූම් පැට්‍රෝල් නම් ඇත්තටම බලන්න වටින ටීවී සීරීස් එකක්!
4. Umbrella Academy
1989 අවුරුද්දේ ඔක්තෝබර් මාසේ එකම දවසකදී ලෝකේ වෙනස් වෙනස් තැන්වල කාන්තාවන්ට බොහොම අහඹු විදියට දරුවෝ හතළිස් තුන් දෙනෙක් උපදිනවා. මෙතන විශේෂත්වය වෙන්නේ මේ කාන්තාවෝ එක්කෙනෙක්වත් ඊට කලින් දවසේ ගර්භණී වෙලා නොහිටීම. කොහොම වුනත් මේ අයගෙන් හත් දෙනෙක්ව දරුකමට හදාගන්න ගන්නේ බිලියනපති කර්මාන්ත හිමිකරුවෙක්. මෙයා දැනගෙන ඉන්නවා මේ දරුවෝ හත්දෙනාට සුපිරි බලයන් තියෙනවා කියලා. මෙයාගේ ඉලක්කය සුපිරි වීරයන්ගේ කණ්ඩායමක් නිර්මාණය කරන එක. ඇත්තටම මේ ළමයි සුපිරි වීරයින්ගේ කණ්ඩායමක් විදියට ජනප්‍රිය වෙනවා. කොහොම වුනත් මේ අය ලොකු වෙනකොට එකිනෙකාගෙන් වෙන් වෙලා වෙනස් වෙනස් මාර්ග වල ගිහින්. මේ අය ආයෙමත් එකතු වෙන්නේ මේ අයව හදාගත් පියාගේ මරණයත් එක්ක. හැබැයි ඒක ස්වභාවික මරණයක්ද, මිනීමැරුමක්ද කියන්න බැහැ. ඒ වගේම මේ අය පසුපස්සේ එන වෙනත් බලවේග වල නැවතීමකුත් නැහැ. ඒ අතරේ අනාගතේ සිදුවෙන්න යන ලෝක විනාශයක් නවත්තන්න තියෙන වගකීමෙන් ගැලවෙන්නත් මේ අයට බැහැ!
5. Watchmen
කොමික් ගැන දන්න අය වොච්මෙන් සීරීස් එක ගැන දන්නවා. එතකොට ෆිල්ම්ස් බලලා තියෙන අයටත් වොච්මෙන් කියන නමෙන් ආපු ෆිල්ම් එක මතක තියෙන්න ඕන. දැන් මේ කොමික් සීරීස් එක ටීවී සීරීස් එකක් වෙන්නයි යන්නේ. මේ අවුරුද්දේ ඔක්තෝම්බර් වල දැකගන්න පුළුවන් කියලයි කියන්නේ.
මේ සීරීස් එක ඇත්තටම ධාවනය වෙන්නේ එක්සත් ජනපදයේ එක්තරා කාලයක් වටා. හැබැයි මේ කාලය විකල්ප යථාර්තයක් විදියටයි දක්වන්නේ. මේ පෙන්නන ඇමරිකාවේ සුපර් හීරෝස්ලා වගේම වෙස්මුහුණු දාගෙන නීතිය අතට ගත්තු වීරයොත් තහනම් වෙලා ඉන්නේ. හැබැයි එහෙම වුනත් තවමත් එහෙම වීරයෝ ගැන විශ්වාස කරන අය ඉන්නවා. ඉස්සර වොච්මෙන් වීරයෝ සටන් කරපු හැටි ගැන කථා කරනවා. ඒ කොහොම වුනත් මතුවෙන ප්‍රශ්නය සරලයි. කවුද වොච්මෙන්ලව අධීක්ෂණය කරන්නේ?
6. Black Lightning
සාමාන්‍යයෙන් තරුණ කාලේ බොහොම සක්‍රියව මිනිස්සුන්ව, සමාජය බේරගන්න සටන් වදින සුපිරි වීරයෝ විශ්‍රාම යන්නේ මොකක් නිසාද? ගොඩක් දුරට තමන්ගේම කියලා පවුලක් වෙලා සාමාන්‍ය විදියට ජීවත් වෙන්න නම්, ඒ අයට තමන්ගේ සුපිරි වීර ජීවිතයට සමුදෙන්න වෙනවා. බ්ලැක් ලයිට්නින් කියන්නෙත් එහෙම තමන්ගේ රහසිගත ජීවිතේට සමුදීලා, තමන්ගේ දියණිවරු දෙන්නත් එක්ක සාමකාමීව ජීවත් වෙන විදුහල්පතිවරයෙක්. හැබැයි එහෙමයි කියලා සමාජේ අනික් මිනිස්සුන්ට හිරිහැර කරන දුෂ්ටයෝ නවතින්නේ නෑ. කොහොම වුනත් එක මොහොතකදී සාමාන්‍ය ජීවිතයක් ගත කරන විදුහල්පතිවරයෙක්ට වුනත් තීරණයක් ගන්න වෙනවා තමන්ගේ සුපිරි බලයන් තවදුරටත් පාවිච්චි කරනවද නැද්ද කියන එක ගැන. විශේෂයෙන්ම තමන්ගේ පවුලේ අයට අනතුරක් තියෙන වෙලාවක. ඒ වගේම මෙහෙම ද්විත්ව ජීවිතයක් ගෙවන සුපිරි වීරයෙක්ගේ තත්ත්වය තවත් සංකීර්ණ වෙනවා, තමන්ගේ දරුවෙක්ටත් සුපිරි බලයන් ලැබිලා තියෙනකොට!
ගිය අවුරුද්දේ පටන් ගත්තු, තාමත් විකාශය වෙන මේ ටීවී සීරීස් එකත් අපි ලිස්ට් එකට ගන්නවා.
7. Legion
ඔලුව තෝන්තු කරවන තරම් සංකීර්ණ, ඒත් අති විශිෂ්ට සුපිරි වීර ටීවී සීරීස් එකක් බලන්න කැමති කෙනෙක් ඉන්නවා නම් ‘ලීජන්‘ කියන්නේ ඒකට ගැලපෙනම තේරීමක්. ඩේවිඩ් හැලර් කියන්නේ හැමෝම දන්න ප්‍රොෆෙසර් චාර්ල්ස් එක්සේවියර්ගේ පුතා. හැබැයි ඩේවිඩ්ට තියෙන්නේ එක සුපිරි බලයක් විතරක් නෙවෙයි. ඩේවිඩ්ට මල්ටිපල් පර්සනැලිටි ඩිසෝඩර් තියෙනවා. ඒ කියන්නේ එයා ඇතුළේ විවිධ පෞරුෂත්වයන් විශාල ප්‍රමාණයක් ජීවත් වෙනවා. මේ එක් එක් පෞරුෂත්වයකට විවිධාකාරයේ සුපිරි බලයනුත් තියෙනවා. මේ නිසාම ඩේවිඩ් නැතිනම් ලීජන් කියන්නේ කොමික් විශ්වයේ ඉන්න අති බලසම්පන්න මියුටන්ට් කෙනෙක්. හැබැයි සාමාන්‍යයෙන් බොහොම ප්‍රියමනාප තරුණයෙක් වෙන ඩේවිඩ් හැලර්ට සාමාන්‍ය ජීවිතයකට හැඩගැහෙන්න අමාරුයි. ඒ වගේම ඔලුව ඇතුළේ ජීවත් වෙන විවිධ පෞරුෂත්වයන් සහ ඒ වලින් තමන්ට පොඩි කාලේ ඉඳලා තිබුණු බලපෑම නිසා ඩේවිඩ් බොහොම දරුණු විදියට මානසික සංකූලතාවයක ජීවත් වෙන්නේ. මේ වගේ සංකීර්ණ මනුස්සයෙක්ට සුපිරි වීරයෙක් වෙන්න පුළුවන් වෙයිද?
මේකත් පටන් ගත්තේ 2017 දී. තාමත් විකාශය වෙනවා. ඒ නිසා අපි මේකත් ලිස්ට් එකට ගන්නවා.
මේ තියෙන්නේ අපි ආස කරන, කොමික් පිස්සෙක් වගේම සීරියස් ටීවී සීරීස් බලන්න ආස කරන ඕනම කෙනෙක් බැලිය යුතුමයි කියලා අපි විශ්වාස කරන සුපර් හීරෝ ටීවී සීරීස් කීපයක්. හැබැයි ඔයාලා කැමති ටිවී සීරීස් ගැනත් පහළින් කමෙන්ට් කරගෙන ගියොත්, අපිට ඒවා ගැනත් ලියන්න පුළුවන් වෙයි.
Leave a Reply