මාර්තු 08 වෙනිදාට යෙදෙන්නට නියමිතයි විශේෂ දිනයක්. ලෝක කාන්තා දිනේ. මේ දවසට ඉතිං මාකටින් අයියලා දිරිය කාන්තාවන්ට අඩු පොලී දෙන බැංකු ගිණුමක රුපියල් ලස්සයක් දම්මම වටිනා පෙන්ඩන්ට් එකක් දෙන්න, සබන් කැටේ පැලුවම කරෝල කෑල්ලක් දෙන්න කට ඇරන් බලං ඉන්නෙ. හැබැයි අපි මේ කාන්තා දිනේ එපා කියල කියන්නෙ වෙනස්ම තැනක ඉඳන්. ඒ කොතනද කියල කියවලාම බලන්න.
1. ඇයි එක දිනයක් විතරක්?

Source – wordpress.com
ඇයි ගැහැනිය සමරන්න එක දිනයක් විතරක්. ඒ දිනේට කරන ඔක්කොම ජෝගි නටලා, සම අයිතිය වෙනුවෙන් නැගී සිටලා, ගෘහස්ථ හිංසනේ පිටු දැකලා, සියේට විසිපහ ඉල්ලලා, ආයතනගත ලිංගික අපයෝජනවලට එරෙහි වෙලා පහුවදා ඉඳන් ආයෙමත් ඒවයින්ම පීඩා විඳින්නද? මේ දේවල් ගැන හැම දවසකම එන් ඇලර්ට් සිටිය යුතුයි නේද?
2. කාන්තාව නිදහස් විය යුත්තෙ කාන්තාවගෙන්මයි

Source – blogger.com
ඔවු! පිරිමින්ගෙයි ගෑනුන්ගෙයි තියෙන බැඳියාව මොකද්ද? ලිංගික බැඳියාව. ආයෙ ඉතින් ඇරපු අතක් නෑ ඕක තමයි වන් ඇන්ඩ් ඔන්ලි ගෝල්. නමුත් එතනින් ගැහැනිය නිදහස් විය යුතු නෑ. ඒ වෙනුවෙන් ලිමිටේෂන්ස් සහිත සංස්කෘතියක් හැදුනනං ඇති. නමුත් ගැහැනිය සහ ගැහැනිය අතර සම්බන්ධය මොකද්ද? බඩ දරු අම්මා කෙනෙකුට සීට් එක දෙන්න අවුරුදු 35- 50ත් අතර ගැහැනියක් සූදානම්ද? අම්මලා එක්ක වැඩියෙම්ම වලි දාගන්නෙ දුවලද පුතාලද? බොසීලා වැඩිපුරම කෙලවන්නෙ තමුන්ට පහළ කෙල්ලොන්ටම නේද? එහෙනං අවුල තියෙන්නෙ කොතනද?
3. ඔක්කොම ගෑනු

Source – rosesrilanka.info
මෙන්න මේකත් ප්‍රශ්නයක්. දැන් ඔය ගෑනු කිවුවම කස්ටිය ලඝු ගත කරගන්නවා. ඊළමෙන් දුක් විඳපු ගෑනු තමයි පවූවූවූවූවූවූවූවූම. කරන්න දෙයක් නැති කමට සල්ලි හොයන ගණිකාව, ආගමේ නාමයෙන් බැට කන ගැහැනු මයි පවු ලිස්ට් එකේ ඊලඟටට ඉන්නෙ. ඊටත් පස්සෙ එනවා මුඩුක්කු වාසි ගැහැනුන් සහ යාචක ගැහැනුන්. ඇයි සල්ලි තියෙන ගෑනු අසරණ වෙන්නෙ නැද්ද? මිනිහාගෙ සල්ලි බලෙන් වෙනිං පොඩි කෙල්ලෙක් එක්ක හවායිවල රවුමක් ගහන කොට සල්ලිකාර ගෙයක් ඇතුළෙ තාප්පවලට හිර වෙලා ළමයි බලාගන්න ගෑනි පවු නැත්තෙ එයාට ඒසී තියෙන හින්දද?
4. අපේ රටේ සිස්ටම් එක

Source – fian.org
දැන් ඔය අපේ රටේ සිස්ටම් එකේ හැටියට ගැහැනියක් දුකින් මුදවන්න බෑ. ඔන්න පිරිමියට යටත් වෙන්නෙපා කියනවා. පහුවදා උදේට පොරට බත් එක බැඳලා දෙනවා. බැඳීම්වලින් නිදහස් වෙලා ආතල් ජීවිතයක් ගෙවන්න කියනවා. එහෙම වුනාට අපේ රටේ ගෑනුන්ගෙන් පුතෙකුට අම්මා වෙච්ච මොන ගෑනිද ආස කරන්නෙ තමුන්ගෙ පුතා එන වෙලේක ගෙදර එයිනෙ කියල ආතල් එකේ ටීවී බල බල ඉන්න? යුවතියකට ගරු කරන්න ගෙදරින්ම පටන් ගන්න ඕන කියන කෙල්ලෙක් ඒක තමුන්ගෙ අයියට කිවුවම මොකද්ද සිද්ධ වෙන්නෙ?
5. ඇන්ජීඕ කපුට්ටො නිසා

Source – dna.org
දැන් මේ අසරණ ගැහැනිය කියන කෙනා වෙනුවෙන් පෙනී හිටින, කවි ලියන, මහ මග ඩෙඟා නටන, බ්ලොග් ලියන, පොත් ගහන ගෑනු ඒවා කරන්නෙ ලිපට දර දදා පිඹින සියදහසක් වූ ගැහැනුන් වෙනුවෙන්ද? නෑ මිත්‍රවරුනි. ඒක තනිකරම මාකටින් පාරක්. එන්ජීඕ සීන් එකක්. තනි ප්‍රෝඩාව. ඒ කඳුළු වැටෙන්නෙ, ඒ හඬ නැගෙන්නෙ සල්ලි දෙන එකාගෙ රික්වෙස්ට් එක අනුව. අන්න ඒකයි මුං වෙලාවකට ඊජිප්තුව වෙනුවෙනුත් බොරැල්ලෙ ඉඳන් හඬ නගන්නෙ.
6. ඊට වඩා ප්‍රශ්න තියෙන නිසා

Source – kiyanna.lk
ඇත්තටම සුද්දො එහෙමත් නැත්තං වෙස්ටර්න් කන්ට්‍රීස්, මේ සමානාත්මතාවය, ගේ රයිට්ස්, කාන්තා අයිතිවාසිකම් වගේ සීන් ගෙනාවෙ බඩට හොඳට කන්න ලැබිලා, සැපට ඉන්න ලැබිලා, රටේ ඉපදෙන ඕනම පොඩි එකෙක් ණය කාරයෙක් නොවෙන තත්ත්වෙක ඉඳිද්දියි. හැබැයි ඒවා ඉපදෙන්න බඩේ බලං ඉන්න ඕන එකෙක් ලක්ෂ තුනකට එහා ණය කාරයෙක් වෙච්චි රටකට, කන්න නැතුව ළමයින්ටත් පොවලා අම්මලා වහ බොන දේශෙක, වැස්ස නැතුව ලක්ෂ දෙකකට එහා පැත්තෙ අසරණ වෙලා ඉන්න රටකට ඉම්ප්ලිමන්ට් කරන්න පුළුවන් දේවල් නෙමෙයි.
එනිසා සොරි!
Cover Image Source – icc-cricket.com / ivoice.lk / colombotelegraph.com
Leave a Reply