පල්ලම් බහින සංගීත කලාවේ කැරැල්ලක් ඇති කරන ගීත 7ක්

songs that bring hope to srilankan music industry

අපි දැන් ෆුල් ශෝක මූඩ් ගහලා නොවැ ඉන්නේ අපේ රටේ දැන් අහන්න හරිහමන් සින්දුවක්වත් නැතැයි කියලා. නැහැ තමයි. ඒත් වතුර අස්සේ හංගාපු සබන් බෝල වගේ දැන් හොඳ හොඳ නිර්මාණ එක දෙක ඉස්මතු වෙන්න පටන් අරන් තියෙනවා. ඔයාලට මතක ඇති විෂුවල් කෑලි නැතුව පපුවට ම වදින විදියට කරපු සින්දු ටිකක් ගැන අපි ලිව්වා. ඒවත් මියුසික්වලට බැන බැන හිටපු ලංකාවේ සෙට් එකට අමෘතේ වගේ තිබ්බා. ඊට අමතර ව ඩවුන් ද පල්ලම් යන සංගීත ක්ෂේත්‍රයට බලාපොරොත්තුවක් දෙන මේ සින්දු ටිකත් අහලා බලමු.

 

1. පන්දම – ධනිත් ශ්‍රී

songs that bring hope to srilankan music industry

Source – youtube.com

කැම්පස් කොල්ලන්ට කෙල්ලන්ට අමුතුවෙන් උගන්නන්න ඕනි දෙයක් නෙවෙයි කලාව කියන්නේ. ඒකෙ ඇත්ත නැත්ත කොහොම වෙතත් සමාජය හිතන් ඉන්නේ එහෙමයි. හැබැයි ඕක හැමෝට ම පිහිටන්නෙත් නැහැනේ. ඒත් මේ සින්දුවේ කතා නායකයාට නම් හොඳට ම ඒ සාස්තරේ පිහිටලා තියනවා. ධනිත් ශ්‍රී පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ඉංජිනේරු පීඨයේ විද්‍යාර්ථියෙක්. ඉංජිනේරු කතන්දර විතරක් බදාගෙන ඉන්නේ නැතුව දස්කම් පෙන්වන මේ තරුණයාගේ “පන්දම” කියන සින්දුව ලංකාවේ මිනිස්සු දැන් බලාපොරොත්තු වෙන සංගීතය කියලා ඔහු ඔප්පු කරලා පෙන්නුවා. අපි වගේ සාමාන්‍ය ප්‍රේක්ෂකයෝ විතරක් නෙවෙයි, සංගීත ක්ෂේත්‍රයේ ම කප් ගහපු ගොඩක් දෙනෙක් සෑහෙන සතුටින් මේ සින්දුව ගැන කතා කරලා තිබ්බා. විශේෂත්වය කියන්නේ වචන, සංගීතය සහ හඬ කියන ඔක්කොම ධනිත්ගේ වෙච්ච එක. මේ සින්දුව මතුපිට අර්ථයට වඩා ලොකු කතාවක් කියවෙන්නක්. අහලා ම බලන්නකෝ.

 

2. අනාගතයේ – WAYO

songs that bring hope to srilankan music industry

Source – youtube.com

සංගීත් විජේසූරියගේ WAYO බෑන්ඩ් එක ලංකාවම අල්ලලා ඉවරයි. මියුසික් බෑන්ඩ් එකක් කිව්වා ම හිතට එන්නේ බස්වල නිතර දකින්න ලැබෙන ස්ටේජ්වලට නැගලා සවුදන් පාලිය නටන, ගිරිය යටින් කෑ ගහන එකතුවක් ගැන නේ. හැබැයි WAYO “අපි කවුරුද” සින්දුවෙන් ම කියලා දුන්නා එයාලා සෑහෙන වෙනස් බව. ඉතින් මෙතන ඉන්න වැඩ්ඩෝ ටික එකතු වෙලා අලුතින්ම එළියට දාපු සින්දුව තමයි “අනාගතයේ” කියන්නේ. මේකේ මෙලඩිය සනුක වික්‍රමසිංහගෙන්. ඉතින් අවුට්පුට් එක කොහොම එකක් ද කියලා හිතාගන්න පුළුවන්නේ.

 

3. ජෑස් ළඳ – නුවන්දි එරංගා ft රවී ජේ | චරිත අත්තලගේ

songs that bring hope to srilankan music industry

Source – youtube.com

කනට සැප මියුසික් හොයපු උදවියට චරිත අත්තලගේ කියන්නේ දේවාලයක්නේ. කාලයක් අපි සින්දු අහලා නවත්තනවා. හැබැයි සමහර ඒවා හැමදාම අහනවා පළවෙනි පාරට ඇහුවා වගේ ම ආශාවකින්. චරිත අත්තලගේ හදන්නේ එහෙම සින්දු විතරයි. මේ ඒ නිර්මාණකරණයේ තවත් තැනක්. රවී ජේ රැප් කරන කොටසකුත් තියනවා. ජෑස් ළඳ විදියට හඬ දායකත්වය දෙන්නේ නුවන්දි එරංගා.

 

4. Ciao මල්ලී – සනුක වික්‍රමසිංහ

songs that bring hope to srilankan music industry

Source – youtube.com

මල්ලිලා ගැන කතා කරන්නත් බය මේ කාලේ ඉතාලි යන මල්ලිලාට වෙන සන්තෑසිය ගැන ඔලු හිරිවැටෙන්න කියන සින්දුවක් හම්බුණා. එහෙම ස්නායු පද්ධතියට මොකක් හරි වෙන විදියේ නිර්මාණයක් එළියට දාන්න පුළුවන් කීප දෙනා අතර උඩින් ම සනුක වික්‍රමසිංහ ව තියන්න පුළුවන්. මනුරංග විජේසේකරගේ රහ වචන ටිකකට සනුකගේ සංගීතයත් හඬත් එකතු වුණා ම පංකාදු පහයි ඕන්.

 

5. දේශය නමින් – මිහිඳු ආරියරත්න

songs that bring hope to srilankan music industry

Source – youtube.com

මිහිඳු ආරියරත්න ව ලංකාව ඉස්සෙල්ලා අඳුරන්නේ “චකිතය” සින්දුව අහලා වගේ ම බලලා. එදා දැක්කාට වඩා රූපය අතින් වෙනස් ඒත් දක්ෂතාව අතින් නොවෙනස් මිහිඳුගේ අලුත් ම නිර්මාණය තමයි මේ. මීට අවුරුදු දහයකට විතර කලින් නම් හමුදා සොල්දාදුවෝ කියන්නේ අපේ වීරයෝ. ටීවී එක බැලුවත් රේඩියෝ ඇහුවත් පත්තරේක වුණත් ඒ වීරත්වය ගැන විතරයි දකින්න ලැබුණේ. ඒත් ඒ තත්ත්වය අද සෑහෙන වෙනස්. එහෙම වකවානුවක තමයි මිහිඳුගේ මේ නිර්මාණය. රූප රචනයත් නිර්මාණයට කිසිම අඩුවක් නොකර ගැම්මට තියෙනවා.

 

6. ඇයි මම ආදරේ – පියත් රාජපක්ෂ

songs that bring hope to srilankan music industry

Source – youtube.com

සින්දුවක් අහලා දැකලා හදවතට එකඟව ලස්සනයි කියන්න පුළුවන් වෙන්නේ මේ වගේ නිර්මාණවලට තමයි. අහන් ඉන්නකොට, වීඩියෝ එක බලනකොට ඇහැට කනට සනීපයි. සුපර් ස්ටාර් කිරුළේ තවත් හිමිකාරයෙක්ගේ අලුත් වැඩක්. හැම දේම සුද්දා කරොත් හොඳයි කියන මානසිකත්වයෙන් මුදවලා, බටහිර රටක නිර්මාණයකටත් වඩා අගයන්න දේවල් අපි ළඟ තියෙනවා කියලා පෙන්නන්න පුළුවන්කමක් මේ නිර්මාණයේ තියෙනවා.

 

7. සඳනාරි – හර්ෂ විතානගේ

songs that bring hope to srilankan music industry

Source – youtube.com

හර්ෂ විතානගේ සංගීතයට නවකයෙක් නෙවෙයි. ඒත් ලංකාව ඔහුව හරිහැටි දැනගන්නේ සඳනාරි නිසයි. එහෙම දැනගන්න තරම් අගයක් මේ සින්දුව අස්සේ තියෙනවා. පද සංකල්පනාව, වතුර වගේ පැහැදිලි කටහඬ, ඔලුව අතගානවා වගේ හැඟීමක් දෙන මෙලඩිය වගේම අමුතු වේදනාවකින් හිත පුරවන විශිෂ්ට රූප රචනාවකුත් තියෙනවා.

 
Cover Image Source – youtube.com
 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *