මලයාලම් කිවුවම අපට මතක් වෙන්නේ මලයාලම් ගුරුකම්. වශී බන්ධන වගේ දේවල්. ඒත් සමහර අයටනම් මලයාලම් කිවුවම මතක් වෙන්නේ මලයාලම් සිනේමාව. මලයාලම් සිනමාව කියන්නේ වඩා ප්‍රකට, මුල්‍යමය අතින් පොහොසත් සිනමා කර්මාන්තයක් නොවුනට (ඉන්දියාවේ අනෙකුත් සිනමා කර්මාන්ත සමග සැසඳීමේදී) සුන්දරත්වය අතින් කිසිම සිනෙමාවකට දෙවැනි නොවන කර්මාන්තයක් කියලා හැඳින්වුවොත් හරියටම හරි. ඉතින් අපි මේ ඔබත් එක්ක දැනුම බෙදා ගන්න සුදානම් වෙන්නේ මලයාලම් සිනමාව ගැන.
1. මලයාලම් සිනමාව කියන්නේ මොකක්ද?
මලයාලම් භාෂාවෙන් ඉන්දියාවේ කේරල ප්‍රාන්තයේ නිපැයෙන සිනෙමා පට මලයාලම් සිනමාව ලෙස හඳුන්වනවා. සිනමා ශාලා 1100 ක් පමණ මලයාලම් සිනමාවට අයත් වෙනවා. බොහෝ විට අවුරුද්දකට 100 කට අධික චිත්‍රපට සංඛ්‍යාවක් මලයාලම් සිනමා පට ලෙස එළිදකිනවා. 2016 අවුරුද්දේ චිත්‍රපට 134 ක් නිකුත් වෙලා තියෙනවා. 2017 අවුරුද්දේ චිත්‍රපට 142 ක් නිකුත් වෙලා තියෙනවා. මලයාලම් සිනමාව වාණිජ සිනමා මාධ්‍යයක් උනත් කලාත්මක බව අතිශයින් සමීප නිර්මාණ විදිහට ඒවා හඳුන්වන්න පුළුවන්. විශේෂයෙන්ම කේරලයේ හරිත පැහැ පසුබිම්, අතිශය මියුරු සංගීතයන් සහ ගීත, විශිෂ්ට කතා ධාරාවන් සහ සුවිශේෂී රංගන පෞරුෂයන් අපට මලයාලම් සිනමාවේදී හා හමුවනවා.
2. පටන් ගත්තේ කොහොමද?
මලයාලම් සිනමාවේ ඉතිහාසය 1907 දක්වා ඈතට දිව යනවා. 1907 වර්ෂයේ තමයි කේරල ප්‍රාන්තයේ පළමු සිනමා ශාලාව ත්‍රිශුර් හිදී ආරම්භ වන්නේ. එයට මුලිකත්වය ගෙන කටයුතු කරන්නේ ජෝස් කට්ටුකරන් නම් පුද්ගලයෙක්. මලයාලම් පළමු සිනමා පටය ලෙස හඳුන්වන්නේ 1928 දී නිපදවුණු විගත කුමාරන් (Vigathakumaran) නම් සිනමා පටය යි. චිත්‍රපට අධ්‍යක්ෂණය ගැන වැඩි දැනුමක් නැති ව්‍යාපාරිකයෙක් වුණු J.C. ඩැනියල් නම් පුද්ගලයෙක් විසිනුයි එය අධ්‍යක්ෂණය කර තිබුණේ. ඉන් අනතුරුව තවත් චිත්‍රපට කිහිපයක් නිෂ්පාදනය වනවා. කොහොම නමුත් 1947 වනතුරු මලයාලම් චිත්‍රපට අධ්‍යක්ෂණය කර තිබුණේ දමිළ නිෂ්පාදක වරුන් විසින්. P.J. චේරියන් නම් කලාකරුවෙක් ඒ දමිළ නිෂ්පාදන ඒකාකාරිත්වය බිඳ හෙලමින් පළමු මලයාලම් නිෂ්පාදකවරයා බවට පත්වනවා. වසර 110 ක් පැරණි මලයාලම් සිනමාවේ පුරෝගාමියෙක් හැටියට 80 දශකයේ සිනමාව ආලෝකමත් කළ අධ්‍යක්ෂක වරයෙක් වන අදුර් ගෝපාල් ක්‍රිෂ්ණන් හඳුන්වන්න පුළුවන්.
3. මලයාලම් සිනමාවේ මතක සටහන්
- මලයාලම් පළමු වර්ණ චිත්‍රපටය 1961 නිපදවුණ කන්දම් බාචා කෝට්
- ඉන්දියාවේම පළමු 3D චිත්‍රපටය 1984 නිපදවුණ ජිජෝ.
- ඉන්දියාවේ මුල්ම සජීවී ක්‍රියාදාම සහ සජීවිකරණ අඩංගු චිත්‍රපටය 1993 නිපදවුණ ඕ ෆාබි
- මලයාලම් මුල්ම ඩිජිටල් චිත්‍රපටය 2006 නිපදවුණ මූනමතෝරල්
- ඉන්දියාවේ පළමු ජංගම දුරකතනයකින් රූපගත කරන ලද සිනමා පටය 2010 නිපදවුණ ජලච්චයම්
ඉන්දියානු රුපියල් මිලියන 500 ක ආදායම් වාර්තා පසු කළ මලයාලම් පළමු සිනමා පටය 2013 ඩ්‍රිශ්‍යාම් (මෙය දමිල, තෙලිඟු, හින්දි සහ සිංහල යන භාෂා වලට අනුවර්තනය කර ප්‍රදර්ශනය කරන ලදී)
4. වර්තමාන මලයාලම් සිනමාව
මලයාලම් සිනමාව දැන් හැම අතින්ම දියුණුයි. සිනමා තාක්ෂණය අතින් විතරක් නෙමෙයි කලාත්මක බව අතිනුත් මලයාලම් සිනමාව දියුණුයි. මුලින්ම අපි බලන්න සුදානම් වෙන්නේ මෑත කාලීනව මලයාලම් සිනමාව එළිදක්වපු විශිෂ්ට චිත්‍රපට මොනවද කියලා.
යෞවනයන්ගේ ආදරය ගැන කියවෙන – ප්‍රේමම් (2015)
භාෂා ගණනාවකට අනුවර්තනය වී නිෂ්පාදනය වුණු – ඩ්‍රිශ්‍යාම් (2013)
මිතුරුකම් බැඳීම් ගැන කියාදෙන – බැංගලෝර් ඩේස් (2014)
කලාත්මක සිනමාව අරමුණු කරගත් වාණිජ පරමාර්ථ ද මුදුන් පමුණුවා ගත් අධ්‍යක්ෂකවරුන් රැසක්ම වර්තමාන මලයාලම් සිනමාවේ දකින්න පුළුවන්.
- ඇල්පොන්සු පුත්‍රෙන්
- ශ්‍යාම් ප්‍රසාද්
- අන්ජලී මෙනන්
- අල්තාෆ් සලීම්
- ජීතු ජෝශෆ්
ඒ අතරින් කිහිප දෙනෙක්.
මලයාලම් සිනමාවේ තරුව ලෙස හැඳින්වෙන්නේ මොහාන් ලාල්. ඔහු ප්‍රතිභාපුර්ණ නළුවෙක් වගේම සමහර තැන වල ඔහු ඉන්දියාවේ හොඳම නළුවා ලෙසත් හඳුන්වනවා.
ඊට අමතරව නිවින් පෝලී, දුල්කර් සල්මාන්, ප්‍රීති විරාජ් සුකුමාරන් මලයාලම් සිනමාවේ විශිෂ්ට තරුණ නළු පෞරුෂයන් ලෙස හඳුන්වන්න පුළුවන්.
සාවී පල්ලවී, අසින්, අනන්‍යා, අභිරාමි මලයාලම් සිනමාවේ නිලි තරු ලෙස හැඳින්වෙනවා.
5. අපට සමීප මලයාලම් සිනේමාව
කේරල ප්‍රාන්තය කියන්නේ හරිත පැහැයෙන් වැසී ගත්තු ප්‍රාන්තයක්. තේ රබර් පොල් වගේම වී වගාව බහුලව සිදුවන ප්‍රාන්තයක්. ඒ අතින් ගත්තම පසුබිම අතින් කේරල ප්‍රාන්තය ලංකාවට ගොඩක් සමීපයි. තවත් අතකින් ගත්තම සමාජ පසුබිම ලංකාව බොහෝ සෙයින්ම සමානයි. මලයාලම් චිත්‍රපටයක් නැරඹුවොත් “මේක ලංකාවේ රූපගත කළාද?” වගේ හැඟීමක් ඔබට අනිවාර්යයෙන්ම ඒවි. භාෂාවත් සිංහල භාෂාවට සමීපයි කියලා හැඟීමක් අපට දැනෙනවා. ඉතින් මේ හැමදේම එක්ක මලයාලම් සිනමාවේ රසය හොඳින්ම විඳින්න පුලුවන් පිරිසක් ලෙස ලංකාවේ ජනතාවත් හඳුන්වන්න පුළුවන්.
ඉතින් ඔබටත් ආරාධනා කරනවා මලයාලම් සිනමාව රස විඳින්න. රස විඳලා ඔබ නරඹපු මලයාලම් සිනමා පටය ගැන පහතින් COMMENT කරන්නත් අමතක කරන්න එපා.
Cover Image Source – onlookersmedia.in
Leave a Reply