ආයෙමත් දවසක – 12 කොටස

11 කොටස මෙතනින් කියවන්න

12 කොටස

“නදික…”

දෙවනි පාරටත් හෂිනි නදික කියල කිවුවට පස්සෙ නදික බොරුවට කෙඳිරි ගෑවා. එතකොටම ඇහැ අරිද්දි නදික දැක්ක හෂිනිගෙ හෙවනැල්ල කාමරේ දොරෙන් ඇතුළට එනවා. ලයිට් පත්තු වුනා.

“අප්පු අංකල් කිවුව ඔයාට සනීප නෑ කියල”

“අප්පුටත් ඕන්නැති දෙයක් නැහැනෙ”

“ඇයි?”

“ඇයි ඔයාට ඕව කියන්න ගියේ?”

“කිව්වම ​මොකද?”

“කලබල වෙනවනෙ ඔයා”

“ඔයාට මොකෝ වුනේ?”

“දන්නෙ නෑ.”

“මූණත් තඩිස්සි වෙලා වගේ”

“බෙල්ල අල්ලන්න එපා ඇඟ රිදෙනව”

“බෙහෙත් ගත්තද?”

“නෑ”

“යමු. මගෙත් එක්ක”

“අනේ බෑ”

“බබෙක් වෙන්නෙපා”

“මං බබෙක් වෙන්නෙ නෑ”

“එහෙනං යං”

“මට බෑ!”

“ඔයා මගෙන් පළිගන්නද ඔය?”

“නැහැ අප්ප. මට ඉන්න දෙන්නකො. මේක අඩු වෙලා යයි”

“කොයි වෙලේ ඉඳන්ද මේ අවුල ආවෙ?”

“බනින්නෙ නෑ කියන්න”

“විකාර. මොකට බනිනවද මෙච්චර අමාරුවෙන් ඉද්දි”

“ඔයා තරහ වෙච්ච නිසා මං පේන්කිලර්ස් 20ක් බිවුව”

නදික බොරුවක් කිවුව. ඉඩක් ලැබෙන වෙලාවෙ ගෑණුන්ගෙ හිත ඇතුළෙ තියෙන අනුකම්පාව කැපිටලයිස් කරගන්න ඕන. එතකොටයි ලල් එකක් තියෙන්නෙ. හෂිනිට වචන ආවෙ නෑ. මුලින්ම ආවෙ කඳුළු. ඊළඟට ඔලුව අරගෙන පපුවට තුරුළු කරගත්තා. වෙනදට පියයුරු දෙක අතරේ ඉඩේ සැතපෙන්න හොයාගෙන පිස්සුවෙන් වගේ යන මූණ අද හෂිනි හේත්තු කරගත්තු තැනටම තද වෙලා හිටියා. ටිකකින් හෂිනි කතා කළා.

“ඇයි මෙහෙම වැඩ කරන්නෙ?”

“මට මටම හර්ට් කරගන්න ඕන වුනා”

“ඒත් ඇයි?”

“මං ඔයාට කිවුවෙ”

“මොකද්ද?”

“මං ඔයාට ආදරේ කළා”

“ඉතිං ඒකෙ හර්ට් කරගන්න තියෙන්නෙ ​මොකද්ද?”

“හැබැයි මම වගේ පිස්සෙක් ඔයාට හරියන්නෙ නැති නිසා මම ඔයාව අතාරිනව”

“තාම ඔය පිස්සු කතාව කියනවද?”

“ඒක පිස්සු කතාවක් නෙමෙයි හෂිනි”

“එහෙනං?”

“මට ඔයා නැතුව කොච්චර බැරි වුනත් මං ඔයාව අතාරිනව”

“ඒ මොකටද? ඔයා ඕෂෝ කියවනවද?”

“මං ඔය මී හරක් තර්ක කියවන්නෙ නෑ. මං මට දැනෙන ​දේ කියන්නෙ”

“ඕ​ෂෝ කිවුවෙත් ඔයා කරන දේමනෙ”

“මොකද්ද?”

“ආදරේනං අතාරින්න කියල”

“රෙද්ද!”

“ඇයි?”

“මං අතාරින්නෙ තවත් තියං හිටියොත් හර්ට් වෙනව වැඩි නිසා”

“හ්ම්ම්ම්…”

“පුළුවන්නං මාව මෙහෙම තව ටික වෙලාවක් තියාගෙන ඉන්න”

හෂිනි නදිකගෙ එහා පැත්තෙන් ඇලවුනා. නදිකට කැමති විදියකට ඉන්න දුන්නා. පළවෙනි පාරට දෙන්න එකම ඇඳක කිසිම අනුරාගික හැඟීමක් නැතුව මවුවත් ගුණයෙන් බැඳිලා හිටියා.

එදා රෑ හෂිනි ෆේස්බුක් ස්ටේටස් එකක් දැම්මා.

Can Someone love me this much?

ඒකට නදික රිප්ලයි ස්ටේටස් එකක් නදිකගෙ වෝල් එකේ දැම්මා.

Yes. I can love her that much

ටික වෙලාවකින් බලද්දි අශිනි වයිබර් එකේ සීක්‍රට් මෙසේජස් වලින් ලස්සන රතු පාට ලොකු හාට් එකක් එවලා.

නදික අශිනිට කෝල් එකක් ගත්තා. ගත්තු ගමන් සුපුරුදු ආමන්ත්‍රණ මොකුත් නැතුව අශිනි කතා කරන්න පටන්ගත්තා.

“ඔයා මට ඔච්චරටම ආදරේද?”

“ඇයි එහෙම ඇහුවෙ?”

“නෑ අර ස්ටේටස් එක නිසා”

“හ්ම්ම්ම්…”

“ඇත්තටම මට ආදරේද?”

“ඔවු දෙයියනේ ඔවු”

“මටම පුදුමයි මල්ලි”

“ඇයි?”

“මං හිතුවෙම ඔයා කරන්නෙ සෙල්ලමක් විතරයි කියල”

“මං කරන්නෙ සෙල්ලමක් තමයි අක්කා”

“මොකද්ද?”

“හිත් හොරකං කරන සෙල්ලම”

“එහෙනං ඔයා දිනුම්”

“ඇයි?”

“දැන් මං ඔයා කියන ඕනදෙයක් කරන්න තරං ඔයාගෙ වෙලා ඉවරයි”

“හ්ම්ම්ම්…”

“හ්ම්ම්ම් කියන්නෙ මට කියන්න දෙයක් නැද්ද?”

“නෑ අක්කා”

“හ්ම්ම්ම්”

“ඒක නෙමෙයි නංගිව ෂේප් කරගත්තද?”

“ඔවු අක්ක. එයා අවුලක් නෑ”

“මොකෝ කිවුවෙ?”

“ඔයා කවුද කියල ඇහුවා… මං කිවුව ඔෆිස් එකේ අක්ක කෙනෙක් කියල”

“ඉතිං?”

“ලවුද කියල ඇහුව”

“මං කිවුව ඔෆිස් එකේ ෆයිල් වගයක් ගන්න ගියේ කියල”

“විශ්වාස කරාද?”

“ඒක දන්නෙ නෑ. ෂේප් වුනා”

“හා එහෙනං. කතා කර කර ඉන්න බැරිද?”

“මට නිදිමතයි”

“හා එහෙනං…”

ඒ කෝල් එක ඒ විදියට ඉවර වුනාට නදිකට කිසිම නිදිමතක් තිබුනෙ නෑ. පුදුමාකාර දවසක්. කාලයක් කැමැත්තෙන් හිටපු ඇඟක් පළවෙනි පාරට පිස්සුවෙන් වගේ එක් වුනා. ආදරේ කරන ගෑණියෙක් ගෙදර ආවා. බොරු කියන්න වුනා. ආදරේ කරන්න වුනා. තමුන් වලත්තයෙක්ද? කියල නදිකට හිතුනත් මේ කරන්නෙ එන එන හැටියට ගහ උළුවස්සා වගේ සීන් එකක් නිසා මේක තමුන්ට දැන් නවත්තන්න පුළුවන් දෙයක් නෙමෙයි කියල නදික තේරුම් ගත්තා.