අලුතෙන් කසාද බැඳපු වයිෆ් කෙනෙක් කසාද ජීවිතේ තමුන්ගෙ කසාද මිනිහත් එක්ක සුන්දරව ගෙවන්න හිතාගෙන ගියත් ලංකාවෙ සිස්ටම් එකේ හැටියට බාහිර පාර්ශව මැදිහත් වෙන නිසා ඕකට ටික ටික ප්‍රශ්න එනව. එනිසාමයි අපි අද කතා කරන්නෙ වයිෆ් කෙනෙක් අලුතෙන් කසාද බැඳලා ගිය ගමන් මුහුණ දෙන්න වෙන මේ ප්‍රශ්න ගැන. මේවට සූදානං වෙලාම යන්න පුළුවන් නං හොඳයි. හැබැයි මේව ලේසියෙන් බේරෙන්න පුළුවන් ප්‍රශ්න නෙමෙයි.
1. පාටිවලදි ඇණ වීම

Source – youtube.com
අලුතෙන් වයිෆ් වෙච්ච කෙනෙක් හස්බන්ඩ්ගෙ පවුලෙ පාටිවලට ගියාම සිද්ධ වෙන ප්‍රමුඛතම ගොන් පාට් එකක් තමයි අතීතාවර්ජන කියන්නෙ. ඒක වෙන්නෙ මෙහෙමයි. ඔන්න ඇන්ටිල ටික වට කරගන්නව. ඊටපස්සෙ එක්කෙනෙක් කියනව අලුත් වයිෆ්ගෙ හස්බන්ඩ් පුංචි කාලෙ එයාගෙ අතේ චූ කරපු හැටි. ඕක කිවුවට පස්සෙ අනිත් ඇන්ටිලටත් කට කහන්න ගන්නව. ඒ අයත් කියනව කොල්ල පොඩි කාලෙ ඒ ඒ අය එක්ක කරපු දඟ වැඩ ගැන. වයිෆ් කෙනෙකුට ඉතිං සිද්ධ වෙනව ඔය ගොන් පාට් අහගෙන ඉන්න.
2. දරු විසිට්

Source – babycenter.in
කසාදයක් අලුතෙන් බැඳපු කෙල්ලෙක් ගෙදරක ඉන්නවනං මුලින්ම ඒ කෙල්ලගෙ බඩට දරුවෙක් ඇතුළු කරවීමේ මූලිකම උණ එන්නෙ නෑදෑයන් සහ අසල්වැසියන්ට. ඉතිං උන්ගෙ දරුවෙක් ප්‍රෙග්නන්ට් වුනු ගමන් උන් එනව මේ පණිවුඩේ කියන්න. ඇත්තටම එන්නෙ නං ගිණිගෙඩිය දෙන්න බලාගෙන. ‘ඕං අපේ දුවටත් දැන් දරුවෙක් ඉන්නව, මොකෝ තාම මේ දැරිවිගෙ බඩවත් මහත් වෙලා නැත්තෙ?’ ඔන්න ඔය වගේ ටෝක් දීලා නැන්දම්මව ෆෝම් කරලා යනව. ඉතිං නැන්දම්ම ළමයින්ගෙ ඔලුව කන්න හදනව ඊටපස්සෙ.
3. කෑමට හුරුවීම

Source – classicviralvideos.com
අලුත් ගෙදර කෑම ක්‍රමයට හුරුවීම අලුත බැඳපු වයිෆ් කෙනෙකුට එන ප්‍රශ්නයක්. මෙයාලා කන්නෙ ලුණු ටිකක් වැඩියෙන්. තේ බොන්නෙ සීනි ටිකක් අඩුවෙන්. කිරි බත් හැදුවොත් ලුණු මිරිසෙන් ෂේප් වෙන්න බෑ, මිරිස් මාළු හදන්නම ඕන. කිරි කොස් හැදුවොත් කට්ටා කරවලම තෙල් දාන්න ඕන. හරියට උදේ හයට සහ හවස 6ට තේ ඕන. රෑ 10ට කෑමෙන් පසු කෝපි හදන්න ඕන. ගෙදරින් බැඳලා දෙන බත් මුලට ව්‍යංජන පහක්වත් හදන්න ඕන. ඔවුවට හුරු වෙනව කියන්නෙ නං වහක්.
4. ආ ආ

Source – classicviralvideos.com
හස්බන්ඩ් එක්ක ෆිල්ම් බලලා එහෙ මෙහෙ ඇවිදලා ඇවිත්, උදේ පාන්දර ඇහැරිලා උයලා ඔෆිස් යද්දි නිදිමත එන එක පුදුමයක් නෙමෙයි. හැබැයි ලාවට හරි ඇහැ පියවුනොත් ඔෆිස් එකේ කට්ටියගෙන් ආ… ආ… පාරක් අහන්න වෙනවමයි. කට්ටිය ඉතිං හිතන්නෙම මහ රෑ තිස්සෙ ඩිස්ටිඩිඩිං කරල තමයි මේ නිදිමත කියල. කොහොමත් අනිත් මිනිස්සුන්ගෙ පෞද්ගලික ජීවිතේට එබෙන ජරා පුරුද්ද ලිංගික ජීවිතේ වගේ අතිශය රහසිගත දේකදිවත් පාලනය කරගන්න අපේ උන්දලා දන්නැහැනෙ.
5. වේටිං ෆෝ

Source – babycenter.in
හස්බන්ඩ්ගෙ අම්මලා තාත්තලත් මූණට නොකිවුවට බලං ඉන්නෙ අලුත් වයිෆ් ප්‍රෙග්නන්ට් වෙනකං. ඉතිං කෑමක් පිළුනු වෙලා අප්පිරියාවක් ආවත් ඒ අය උඩ ගිහිල්ල වටකරගන්නෙ ප්‍රෙග්නන්ට්ද කියල අහගෙන. ඇත්ත කියන්න කවදද උනේ? පැණි රස කන්නද ආස? ඇයි අපිට නොකිවුවෙ? තාම පුතා දන්නෙත් නැද්ද? කීපාරක් අපිට හොරෙන් වමනෙ දැම්මද? ඔන්න ඔය වගේ අවුලකට පත්වෙන්න සිද්ධ වෙන එකත් නවත්තන්න ක්‍රමයක් නං නැහැ ඉතිං.
6. බලෙන් ප්ලග්

Source – cebuano101.blogspot.com
දැන් ඔය බණ ගෙවල්, මළ ගෙවල් වගේ ෆැමිලි ඔකේෂන්ස් තියෙනවනෙ. ඕවට ගියා කියන්නෙ ඉතිං කිසිම නිවනක් නෑ අලුත් වයිෆ් කෙනෙකුට. මොකෝ ඉතිං මළ ගෙවල් කියල, වෙඩින්, බණ, පිරිත්, දාන කියල වෙනසක් නැතුව අපේ අය කරන්නෙ ඕපෙ අතාරින එකනෙ. ඉතිං දැන් ඕනම අවස්ථාවක නැන්දම්මගෙ ආතල් එක තමයි පවුලට සෙට් වෙච්ච අලුත් දුවව අනිත් උන්ට ප්ලග් කරවන එක. ‘ආ දූ… මේ ඔයාගෙ නැන්දා… යන්න මෙයාට කතා කරන්න. පුතාව පුංචි කාලෙ පුරාම බලාගත්තෙ මේ නැන්ද…’ ඉතිං අර කවදාවත් නොදැකපු ගෑණු එක්ක එක පාරම ෆිට් එකේ දෙසා බාන්න යන්න සිද්ධ වෙනවාමයි.
7. දූගේ වරුණෙ

Source – imgur.com
අනිත් කේස් එක එන්නෙත් කලින් කිවුව වගේම මළ ගෙවල්, වෙඩින්, බණ, පිරිත්, දාන වලදි තමයි. නැන්දම්ම කෙනෙක් විදියට එයා හැම මොහොතෙම උත්සාහ කරන්නෙ අලුත් ලේලිව උඩ දාන්න. ‘ආනේ… මේං අපේ දූ… ඔය ඇස් යට කළු වුනේ ඒ කාලෙ එක දිගටම ඩිග්‍රි එකට පාඩං කරපු නිසානෙ. ඊටපස්සෙවත් හරි ගියෙ නෑ. දූලයෙ ගෙදර බල්ලව හම්බුනෙත් කැම්පස් එකේ කිට්ටුව පාරක ඇවිදිද්දිලුනෙ. බල්ලත් නියම රෙස්පෙක්ට් එකට ඉන්නෙ…’
8. කරන්න බැරි වුණු දේ

Source – quitalcohol.com
අම්මලට ඉතිං තමුන්ගෙ ළමයින්ගෙන් කරවගන්න බැරිවෙච්ච දේවල් තියෙනවනෙ. අන්න ඒ දේවල් ලේලිලා ලවුව ගොඩ දාගන්න උත්සාහ කිරීමත් ලේලිලා පත්වෙන අන්ත අසරණ තත්ත්වයක්. ‘දූ දැන් ඔයාවත් කියන්න පුතාට ඔය අරක්කු බොන එක අතාරින්න කියල. මං හිතන්නෙ හොරෙන් හොරෙන් සිගරටුත් බොනව. එක සති අන්තෙකවත් ගෙදර නෑ. එහෙම බෑනෙ දැන්. දැන් වගකීමක් තියෙන පිරිමියෙක්නෙ. ඔයා කියන්න එයාට. එයා මොනවහරි කිවුවොත් මං බලාගන්නං.’ ඔන්න පුතෝ හිරවෙන තැන්.
Cover Image Source – thebetterindia.com
Leave a Reply