ඔබේ මුදල් ආයෝජනයට පෙර සිතිය ‍යුතුම දේ

Think before invest your money

මුදල් ආයෝජනයට පෙර ඔබ සිතිය යුතුම යැයි සම්මත කාරණා කිහිපයක් තිබෙනවා. මුදල් ආයෝජනය වටිනා ක්‍රියාවලියක් වුවත් එයින් ඔබට පාඩුවක් හෝ අවාසියක් ඇති නොවන ලෙසින් එම මුදල ආයෝජනය කිරීමට හැකියාව තිබිය යුතුයි. එනිසා ඔබ අතැති යම් මුදලක් වැඩි ප්‍රතිලාභ බළාපොරොත්තුවෙන් යෙදවීමට ඔබ අදහස් කරනවානම් එම සිතුවිල්ලට දිරිදෙන්නට පෙර ඔබ මෙම කාරණාවලට නිසි පිළිතුරු සොයාගත යුතුයි. එය ඔබේ ආයෝජනය යස ඉසුරින් පිරි සාර්ථක ආයෝජනයක් කරනු ඇත.

 

1. ඔබට ලැබෙන දේ

Think before invest your money

Source – hackernoon.com

මුදල් ආයෝජනයකදී ඔබ වඩාත්ම සැළකිලිමත් විය යුතු කරුණ වන්නේ ඔබට එම ආයෝජනයෙන් ලැබෙන ප්‍රතිලාභය සම්බන්ධවයි. එම ප්‍රතිලාභය කොතරම් කාලයකින් ලැබෙනවාද? එම ප්‍රතිලාභය අනුපාතයක් ලෙසින් අදාළ කාලයට සාපේක්ෂව ඔබට වැඩි වාසි අත්කර දෙනවාද? ප්‍රතිලාභය වෙනුවෙන් ඔබ කැප කළ දෑ හෝ අදාළ ආයෝජිත මුදල ඉපයීම වෙනුවෙන් ඔබ කළ කැපකිරීමට සාධාරණයක් එයින් ඉෂ්ඨ වේද? යන්න පිළිබඳ ඔබ සිතිය යුතුම වෙයි.

 

2. විශ්වාසනීය බව

Think before invest your money

Source – youtube.com

ඔබ ඔබේ දහඩිය මහන්සියෙන් ඉපැයූ මුදල් ආයෝජනය කරන ස්ථානය සම්බන්ධයෙන් සිතෙහි ඇති සියළු දොස් සැක සංඛා පළමුවෙන්ම දුරු කර ගත යුතුය. එම ස්ථානය සම්බන්ධයෙන් විශ්වාසය තබා ගත හැකි දැයි ඔවුන්ගේ පෙර වාර්ථා සහ පෙර ගණුදෙණු කරුවන් හරහා උගත යුතුය. නැතිනම් ඔබේ ප්‍රතිලාභ විනා ඔබේ මුදල්ද ඔබෙන් ගිලිහී යනු ඇත. මින්පෙරද ඇතැම් ආයතන සම්බන්ධයෙන් එවන් ප්‍රශ්න මතුවූ අවස්ථා උවමනා තරම් සමාජයෙන් අසනන්ට ලැබෙයි. එම නිසා බිඳවැටුනු මිනිස් ජීවිත ගැනද අසන්නට ලැබෙයි. එනිසා ඔබේ මුදල් ආයෝජනය සම්බන්ධයෙන් සැලකීමේදී අදාළ ආයෝජිත ව්‍යාපාරය සම්බන්ධව හැකි තරම් දැණුවත්වන්න.

 

3. අමතර වාසි

Think before invest your money

Source – mayowaoluyede.com

ඔබට මුදල් ආයෝජනයකින් ලැබෙන මූලික වාසිය වන්නේ අප පළමු කරුණේදී කතා කළ ප්‍රතිලාභයයි. එය ආයෝජනයකින් පසු ඔබට අනිවාර්යයෙන් ලැබිය යුත්තක් වන අතර එයද නොලැබේනම් ඔබ ආයෝජනයක් කළ යුතු නැත. නමුත් ඇතැම් ආයෝජන ඔබට යස ඉසුරින් පිරි ප්‍රතිලාභ සපයනවා මෙන්ම ඔබට අමතර වාසි කිහිපයක්ද ලබාදෙයි. මේ අලුත් අවුරුදු සමයේ තෑගි ලැබෙන ආයෝජනයක් සම්බන්ධවද මේ දිනවල ආරංචි පැතිර යන බව අසන්නට ලැබෙයි. ඔවුන්ට අනුව ඔවුන් රන්කාසි, ශීතකරණ සහ රෙදිසෝදන යන්ත්‍ර ඇතුළු ත්‍යාග බොහොමයක් තම ආයෝජිතයන්ට ලබාදෙයි. එනිසා ඔබේ මුදල් ආයෝජනය කිරීමේදී මෙවැනි අමතර වාසි පිළිබඳවද සොයා බැලීම වටිනා කරුණක් වනු ඇත.

 

4. ආයෝජනයෙන් පසු ජීවිතය

Think before invest your money

Source – businessfirstfamily.com

ඔබ සතු මුදල් ආයෝජනයෙන් පසු ඔබ ජීවත්වන්නේ කෙලෙසින්ද? ඔබ රැකියාවක් කරන්නේ නම් එයින් ලැබෙන මාසික වේතනයෙන් පමණක් ඔබ ජීවත් වෙනවාද? නැතිනම් ව්‍යාපාරයෙන් ලැබෙන මුදලින් ජීවත් වෙනවාද? එසේත් නම් ඔබේ ආයෝජනයේ ප්‍රතිලාභ වාරික ක්‍රමයට ඔබ සතුකරගනිමින් ජීවත් වෙනවාද? එම තීරණය ඔබේ වුවත්, ආයෝජනයකින් පසුවත් ඔබ සහ ඔබේ පවුලේ අය ජීවත් විය යුතුය යන වගකීම ඔබේ කර මත පැටවෙනු ඇත. එනිසා ආයෝජනය යනු කොතරම් වටිනා කරුණක් වුවත් ඒ සියල්ලට පෙර ඔබේ අවශ්‍යතා පිළිබඳ සිතන්න.

 

5. හදිසි උපද්‍රව වෙනුවෙන්

Think before invest your money

Source – gobankingrates.com

හදිසි උපද්‍රව යනු ඕනෑම අයෙකුට, ඕනෑම මොහොතක, ඕනෑම අයුරකින් සිදුවිය හැකි දෙයකි. එයින් ගැලවෙන්නට ඔබේ තරාතිරම අයත් නොවේ. එවන් අවස්ථාවක් ඇති වුවහොත් පැමිණෙන මූලික විසඳුමක් ලෙසින් මුදල් දැක්විය හැකියි. එනිසාම ඔබ යම් ආයෝජනයක් කිරීමට පෙරාතුව ඔබට යම් හදිසි ආපදාවකට මුහුණ දීමට සිදුවුවහොත් එහිදී භාවිතා කළ හැකි වන පරිදි යම් මුදලක් වෙන් කර තබන්න. එයට හදිසි ආපදාවකදී මිස අත නොතබන්නටත් වගබලාගන්න. එසේ නැතිනම් ඔබට යම් හදිසියකදී ඉක්මනින් නැවතත් මුදල් ලබාගත හැකි හෝ සැළකිය යුතු මුදලක ණයක් ලබාගත හැකි හෝ ආයෝජනයක් තෝරාගන්න. එවැන්නක් සෙවීම අපහසු වුවත්, ඒ හා සසඳා බලන කළ ස්ථාවර තැම්පතු කදිම විකල්පයක් ලෙසින් දැක්විය හැක.

මේ කරුණු සියල්ල සපුරණ ආයතන ශ්‍රී ලංකාව තුළ ඇත්තේ අතලොස්සක්. එයිනුත් ඔබට වැඩි වාසි ලැබෙන, වැඩි විකල්ප ප්‍රමාණයක් ඇති, මේ අලුත් අවුරුද්දේ අරඹන ස්ථාවර ගිණුම් වෙනුවෙන් වැඩි තෑගි ලැබෙන, කාලයක් තිස්සේ ශ්‍රී ලාංකික විශ්වාසය දිනාගත් මූල්‍ය ආයතනයක් ඇත්නම් ඒ එල්. බී. ෆිනෑන්ස් ආයතනය බව නොරහසක්. එනිසාම ඔවුන් හඳුන්වා දෙන යස ඉසුරු ස්ථාවර ගිණුමේ වාසි අත්විඳින්නට ඔබට ආරාධනා කරනවා. එය මේ අලුත් අවුරුද්දේ ඔබ ගන්නා වටිනාම තීරණය වේවි.

 

 

ඔබ සැමට යස ඉසුරින් පිරුණු සුබ අලුත් අවුරුද්දක් වේවා!

 
Cover Image Source – bankbazaar.org/ yourinvestore.com / tjal.co.uk
 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *