ෆිල්ම්ස් බලන කොයි කවුරුත් අතර ඉතා ප්‍රසිද්ධ නෙට්ෆ්ලික්ස් නාලිකාවෙ විකාශය වන කුකින් ෂෝස් ටිකක් ගැනයි අද මේ කියන්න යන්නෙ. බලන්න ආස හිතෙන සුපිරිම සුපිරි මේ වැඩසටහන් ටික කුකින් වලට ආස ඔයාලත් අනිවා බලන්න.
1. Waffles + Mochi
ඇමරිකානු හිටපු ජනාධිපති බැරැක් ඔබාමාගේ බිරිඳ වන මිශෙල් ඔබාමා තව පපට්ස්ලා දෙන්නෙක් එක්ක එකතු වෙලා කරන මේ වැඩසටහන ඇත්තටම හරිම විනෝදාත්මකයි. පොඩි අයටත් කුකින් වලට ආස හිතෙන විදියට නිර්මාණශීලී කෑම හදන එකයි මේකෙන් පෙන්නන්නෙ. ලොව පුරා ආහාර රටා, ආහාර පිසගන්න ගන්න අමුද්‍රව්‍ය, ඒවයේ පෝෂණය ගැන විස්තර කරමින් හරිම ලස්සනට යන මේ වැඩසටහනට බලන ඕනම කෙනෙක් කුස්සියට නිතැතින්ම යන්න පෙළඹෙනවා. ඔයාලත් අනිවාර්යෙන්ම බලන්න.
2. Nadya Bakers
ප්‍රවීණ සූපවේදිනියක් හා ලේඛිකාවක වන බ්‍රිතාන්‍යයේ Great Britain Baking Show තරඟයේ ජයග්‍රාහිකාව වෙන Nadiya Hussain විසින් කරන හරිම ජනප්‍රිය වැඩසටහනක් තමයි මේ. ලෝක ප්‍රසිද්ධ නාදියාගෙ රසවත් ආහාර වට්ටෝරු ස්කොට්ලන්තයේ වගේම හැමතැනම ප්‍රසිද්ධයි. ප්‍රණීත ඩෙසර්ට් වර්ග, බේකරි අයිටම්ස්, කේක් වර්ග, ස්නැක්ස් හරිම පැහැදිළිව, පිළිවෙලට, ආස හිතෙන විදියට කියලා දෙනවා. නාදියා අලුත් අලුත් රෙසිපි ගොඩක් හඳුන්වලා දීලා ඒවා අත්හදා බලන කෙනෙක්. මේ ෂෝ එකත් ඔයාලා අනිවාර්යයෙන්ම ෆේවරිට් ලිස්ට් එකට දාගන්න.
3. Best Leftover Ever
නෙට්ෆ්ලික්ස් වල ෆුඩ් ශෝස් වල ටිකක් වෙනස් ආරක් ගන්න තරඟයක් තමයි මේ. ඉතුරු වෙන කෑම වලින් රසවත් නිර්මාණාත්මක ආහාර හදන්න තරඟකරුවන්ට අභියෝග කිරීම ඇත්තටම හරිම වෙනස් දෙයක්. ඉතුරු වෙන කෑම වලින් එක එක ඩිශස් හදලා ටයිම් එක ඉවර වෙන්න කලින් පිළිගන්වන්නත් ඕනේ. ඒක නියම තරඟයක්. දිනන කෙනාට ඩොලර් 10,000ක තෑග්ගක් ලැබෙනව. මේකත් අනිවා බලන්න. ඉතුරු වෙන කෑම වලින් හදන්න පුළුවන් වෙනස්ම කෑම ගැන අපූරු අත්දැකීමක් ලබන්න පුළුවන් මේකෙන්.
4. The Chef Show
2014 දි වගේ ආපු ‘Chef’ චිත්‍රපටය මතකද? ඒකෙ ප්‍රධාන චරිතයට පණ පෙවූ ජෝන් ෆාරෝ, සුප්‍රසිද්ධ සූපවේදී රෝයි චෝයි එක්ක එකතු වෙලා තමයි මේ වැඩසටහන කරන්නෙ. අපූරු කතා බහක් සමගම ආහාර පිසින මේ වැඩසටහන කම්මැලි නැතුව බලන්න පුළුවන්. සෙලිබ්‍රිටිලා සහ චෙෆ්ලා අමුත්තන් විදියට මේ වැඩසටහනට සහභාගි වෙනවා. නෙට්ෆ්ලික්ස් එකේ මුලින්ම මේ චෙෆ් ෂෝ එක විකාශය උනේ 2019 අවුරුද්දෙ.
5. Sugar Rush
2018 වෙනකොට නෙට්ෆ්ලික්ස් වල විකාශය කරන්න පටන් ගත්තු මේ ඇමරිකානු ටීවී ෂෝ එක නෙට්ෆ්ලික්ස් ප්‍රේක්ෂකයන් අතර සෑහෙන්න ප්‍රසිද්ධයි. කණ්ඩායම් 4කට බෙදිලා තරඟෙට කේක් සහ රස කැවිලි හදන එක තමා මේකෙ වෙන්නෙ. ප්‍රසන්ට් කරන්නෙ Hunter March. ඒ වගේම Candace Nelson හා Adriano Zumbo තමයි මේකෙ ප්‍රධාන විනිසුරුවන්. ඒ දෙන්න එක්ක ආරාධිත විනිසුරු කෙනෙකුත් එකතු වෙනව. ඩොලර් 10,000ක තෑග්ගකට තමයි මෙයාලා මෙහෙම තරඟ කරන්නෙ. ඇත්තටම බලගෙන ඉන්න ආස හිතෙන විදියට හිතාගන්නවත් බැරි නිර්මාණ තරඟකරුවන් අතින් නිම වෙනවා. ෂුගර් රශ් සීසන් 3 එක 2020 අවුරුද්දෙ තිබ්බා. 2021 ජූලි 30 වෙනිදට සීසන් 4 හි අවසන් තරඟය පවත්වන්න තීරණය කරලා තියනවා කියලයි අපිට ආරංචි උනේ.
6. The Final Table
මේකත් නියම කුකින් ෂෝ එකක් තමා. සූපවේදීන් දෙදෙනා බැඟින් කණ්ඩායම් 12ක් එකතුවෙලා තමා මේ තරඟය කරන්නෙ. මේක විනිශ්චය කරන්න එක එක රටවල් වලින් එකතු වුණු ජජ් පැනල් එකක් ඉන්නවා. මේක ඉදිරිපත් කරන්නෙ Andrew Knowlton කියන ආහාර විචාරකයා. ජාත්‍යන්තර සූපවේදීන් දෙදෙනෙකු බැගින් එන කණ්ඩායම් දොළහක් මෙහිදී තරඟ වදිනවා. මේ වගෙ සෑහෙන පිරිසකගෙ එකතුවෙන් කරන ජාත්‍යන්තර මට්ටමේ කුකින් ෂෝ එකක් තමයි මේ. එක් එක් එපිසෝඩ් එකකදි තෝරාගත් රටකට ආවේණික කෑම තමා හදන්නෙ. අපිට හිතාගන්නවත් බැරි විදියට එක එක ඩිශස් හදන අපූරුව බලන් ඉන්න ඇත්තටම ආසයි.
7. Chef’s Table
Jiro Dreams of Sushi හි අධ්‍යක්ෂක ඩේවිඩ් ගෙල්බ් විසින් මෙහෙයවනු ලබන මේ ෂෝ එකේ දැනට සීසන් 6 ක් එක්ක එපිසෝඩ්ස් 30කට අධික ප්‍රමාණයක් නෙට්ෆ්ලික්ස් එකට රිලීස් කරලා තියනවා. මේවගෙන් ටොප් එපිසෝඩ්ස් අතර Jeong Kwan Season, Grant Achatz Season, Nancy Silverton Season ප්‍රධානයි. කුකින් ගැන සෑහෙන දෙයක් ඉගෙන ගන්න පුළුවන් මේ චැනල් එකත් අනිවාර්යයෙන්ම ෆලෝ කරන්න.
Leave a Reply