කිසිදා නෑසූ විහිළු කථා – දෙවන කොටස

Funny stories you never heard part 2

බැලු බැලූ තැන දේශපාලනයයි, ලව් සීන් නුයි වැහි වැහැපු එකේ අපි හිතුවා ඔබට අමුතු අත්දැකීමක් ගෙන එන්නට. ටිකක් හිත නිදහස් වෙන්නත් එක්ක විහිළු කථා ටිකක් බලලා ඉන්න. වට්ස්ඇප්, වයිබර් කතාවක් අවුල් ගියපු වෙලාවක මේවා යවලා කතාව ආයෙ ගොඩ දාගන්නත් පුළුවන් වෙයි. මේ පළවෙනි කොටස ඔබට මෙතන ක්ලික් කරලා කියවන්න පුළුවන්.

 

1. යහළුවන් හතරදෙනා සහ විභාගය

Funny stories you never heard part 2

Source – youtube.com

විශ්ව විද්‍යාලයේ අවසන් වසරේ සිසුන් හතර දෙනෙක් මෙතෙක් කල් එයාලා හොඳට වැඩ කරපු නිසා ෆයිනල් එකත් ගොඩ දාගන්න එක ලේසි වැඩක් බව හිතුවාලු. ඒ වගේම ඒකෙන් පස්සේ යාළුවො ටික ආයෙ මුණ ගැහෙන්නේ නැති නිසා සමරන්න ඕන කියලත් කට්ටිය කතා වුණා. මේ නිසා විභාගෙට කලින් සති අන්තයේ මෙයාලා ට්‍රිප් එකක් දාගත්තා. ඔහොම ගිහින් කොච්චර මෙයාලා විනෝද වුණාද කියනවා නම් ඉරිදා මධ්‍යම රාත්‍රිය වෙද්දි එන ගමන නවත්තලා ආයෙ තැනක නවතින්න තීරණය කළා. එතනදි එක යාළුවෙක් කරපු යෝජනාවක් නිසා හතර දෙනාම හොඳ පදමට සප්පායම් වෙලා නොදැනීම නින්ද ගියා.

ඇහැරෙද්දි සඳුදා හොඳටම දවල් වෙලා. දැන් ආයෙ යන්න වෙලාවකුත් නෑ විභාගෙ පවත්වන වෙලාව ඉවර වෙන්න ඔන්න මෙන්න වගේ. දක්ෂ සිසුන් ටිකක් නිසා මහාචාර්යවරයා ෂේප් කරගන්න පුළුවන් වෙයි කියලා හිතාගෙන මෙයාලා ආයෙ විශ්ව විද්‍යාලයට ආවාලු. ඇවිත් කිව්වලු එක යාළුවෙක්ගේ අම්මා ලෙඩ වෙලා අපි එහේ ගියා හැබැයි එද්දි ටයර් එකක හුළං ගිය නිසා රෑ එන්න විධියක් තිබුණෙ නෑ, අනේ කොහොමහරි ෆයිනල් ලියන්න දෙන්න කියලා. සර් කිව්වලු, හරි කමක් නෑ මම විශේෂ ප්‍රශ්න පත්‍රයක් දෙන්නම් ඔය ළමයි ඉඳගන්න කියලා. පේපර් එක අතට ලැබුණාම ඒකෙ ඉතාම පහසු ප්‍රශ්න වලට කඩිමුඩියෙ හැමෝම උත්තර දීගෙන ගියා. ඒවාට බොහොම අඩු ලකුණු තමයි යොදා තිබුණේ. නමුත් අවසාන ප්‍රශ්නයට ලකුණු 80ක්ම නම් කර තිබුණා. ඒ ප්‍රශ්නයේ අහලා තිබුණේ: “හුළං ගියේ මොන පැත්තේ ටයර් එකේ ද?”

 

2. පිළිම සහ මායාකරු

Funny stories you never heard part 2

Source – meliemedicine.com / lovestatues.com

ස්ත්‍රියකගේ සහ පුරුෂයෙකුගේ රුව රැගත් එක්තරා පිළිම දෙකක් තිබුණාලු. මේවා එකිනෙකා දිහා ශෘංගාරාත්මකව බලාගෙන ඉන්න ආකාරයට මැදින් බොහොම දුර තබා නෙළන ලද ඒවායි. දවසක් දුරක සිට මෙතැන පසුකරගෙන ගිය මායාකාරයෙක් මේ දිහා බලාගෙන, තමන්ගේ පරණ සිද්ධිත් මතක් කරගෙන යද්දි එකපාරම අදහසක් ආවාලු මට නැතිවුණ දේ මේ පිළිමවලටවත් දෙන්න ඕන කියලා. ඉතින් තමන්ගේ මන්ත්‍ර ජප කරලා මේ දෙකටම පණ දුන්නාලු විනාඩි 30කට. පණ ආවාම පිළිම දෙක පුදුම වෙලා වගේ හතර වටේ බලද්දි “දැන් ඉතින් තමන්ට අවශ්‍ය දේවල් කරගන්න” කියලා මායාකරු කිව්වා.

බොහොම ප්‍රීතියෙන් එකිනෙකා පස්සේ දුවමින් සිටි මොවුන් එක්වරම පඳුරක් ළඟ වසන් වෙලා විවිධ ශබ්ද නගන්නට පටන් ගත්තා. මායාකරුත් බොරුවට පුස්කොළ පොතක් කියවන මුවාවෙන් ඔවුන්ට නිදහස දී, නොබලා සිටියා. විනාඩි 15කට පසු මේ දෙදෙනා නැවතත් පෙර පිළිම සේ සිටි තැනට පැමිණියා. ඉතින් මායාකරු ඔවුන්ට කිව්වා ඇයි දැන්ම ආවේ, තවත් ඔබට විනෝද වෙන්න ඒ වගේම වෙලාවක් තිබෙනවා කියලා. එතකොට පුරුෂ පිළිමය සතුටෙන් දෑස් දල්වාගෙන ස්ත්‍රී පිළිමය දිහාට හැරිලා කිව්වාලු: “එහෙනං අර ජරා පරෙවියො ටික ඔයා අල්ල ගන්න, මේ සැරේ මම බැට දෙන්නම්”

 

3. පොඩි තල්ලුවක්

Funny stories you never heard part 2

Source – sevendaysvt.com

මිනිසෙක් වැඩ අවසන්ව පරක්කු වෙලා ඇවිත් මහන්සියේම තද නින්දේ ඉඳිද්දී එක්වරම කවුරුන් හෝ දොරට තට්ටු කරනු ඇසුණා. ගණන් නොගෙන සිටියත් දිගින් දිගටම තට්ටු කරන නිසා ඔහුගේ බිරිඳ “ගිහින් බලනවාකෝ”යි වධ කළ නිසා ඔහු නින්දෙන්ම ගොස් දොර හැර බැලුවා. එවිට ඔහුට දකින්නට ලැබුණේ වෙහෙසට පත් බීමත් පුද්ගලයෙක්. “අනේ මහත්තයා මට තල්ලුවක් ඕන” ඔහු අයැද සිටියා. නමුත් නිදිමතේ සිටි නිවැසියා ඔහුට බැණ වැද දොරවසා ගෙන යළිත් නිදන්නට ආවා. බිරිඳ කවුදැයි ඇසූවිට ඔහු සිදුවූ දේ කිව්වා. “ඔහේට මතකද අපි දවසක් රෑ වාහනේ කැඩිලා අමාරුවෙ වැටුණා. එදා අර ගෙදරක හිටපු කෙනා අපිට උදව් නොකළා නම් කොච්චර අසරණ වෙනවාද? යන්න යන්න ගිහින් මිනිස්සුන්ට උදව් කරන්න” කියලා බිරිඳ ඔහුට කිව්වා.

අවස්ථාව තේරුම් ගෙන, ඊටත් වඩා බිරියගේ කරච්චලයෙන් ගැලවෙන්න හිතාගෙන ඔහු හොඳ ඇඳුමකුත් ඇඟලා ගෙන දොර ඇරගෙන එළියට බැස්සා. ඒ වෙද්දිත් අර බීමත් පුද්ගලයා බොහොම අසරණ විධියට හතර වටේ බල බල ඉන්නවා. “කෝ මොකද්ද මගෙන් වෙන්න ඕන උදව්ව?” යැයි නිවැසියා අසද්දී මහා සතුටකට පත්වූ ඔහු වහ වහා දිව ගොස් “අනේ මහත්තයො, තල්ලුවක් දාන්නැ”යි කියමින් මිදුලේ බැඳ තිබූ ඔන්චිල්ලාවේ වාඩි වුණා.

 

4. ඔත්තු බැලීම

Funny stories you never heard part 2

Source – madisonstories.com

රුසියාව කියන්නේ රාජ්‍ය ආරක්ෂාව වෙනුවෙන් බොහොම කැපවෙන රටක්. මේ නිසා බොහොම පරිස්සමෙන් කතා කරන්න ඕන. එහෙම පසුබිමක් තිබියදී දවසක් විප්ලවවාදියෝ හතර දෙනෙක් රෑ කෑමකට දුර පළාතක හෝටලයකදී හමුවුණා. බොහොම ආරක්ෂිත විධියට රහසේ ඇවිත් රට පෙරළන්න කතා කරමින් සිටි මේ අය වැලි කෙළියේ පටන් හොඳම යහළුවෝ ටිකක්. ඉතින් එක් යාළුවෙක්ට පොඩි විහිළුවක් කරන්න හිතුණා. ඔහු, ඔවුන් නවාතැන් ගැනීමට අදහස් කළ කාමර අංකය එම නවාතැන්පළේ සේවිකාවකට කියා, “රෑ එකොළහමාරට තුන් දෙනෙක්ට විතරක් තේ එවන්නැ”යි කීවා. ඉන්පසු සාමාන්‍ය පරිදි අනෙක් අය සිටි තැනට පැමිණ කල් ගතකොට සිව් දෙනාම සාකච්ඡාව සඳහා කාමරයට ගියා. මෙහි සිටියදී සියළු රහසිගත දේවල් ඔවුන් සැලසුම් කළා.

මේ අතරේ අර විහිළුව කරන්න සිතාගත් යහළුවා වෙලාව කිට්ටු වෙද්දී මෙහෙම කිව්වා. “මගේ මිත්‍රයන්ට තේ තුනක් අවශ්‍යයි. මම තේ බොන්නේ නැහැ”යි මඳක් උස් හඬින් කිව්වා. අනෙක් යහළුවන් මෙය අසා සිනහ පහළ කළේ ඔහු මෙතරම් රහසිගත තැනක් තෝරාගෙනත් එය විශ්වාස නොකරනවාදැයි කියමින්. ඒ සමගම අර සේවිකාව තට්ටු කොට තේ තුනක් දී ගියා. මින් බියපත්වූ තිදෙනාම සියල්ල නවත්වා නිදන්නට වුණා. අනෙකාද තමාගේ වීරකම ගැන සිතමින් හිනැහෙමින් හොඳට නිදාගත්තා. එළිවෙද්දී එක්වරම විවිධ ශබ්ද ඇසෙන්නට පටන් ගත්තා. ඇහැරී බැලූ ඔහුට දකින්නට ලැබුණේ හමුදා නිලධාරීන් පැමිණ තම මිතුරන් නින්දෙන්ම ඇදගෙන යන ආකාරයයි. ඔහු කිසිවක් අදහාගත නොහැකිව බලා සිටියදී හමුදා නිලධාරියෙක් පැමිණ “සහෝදරයාගේ අර තේ ගේන විහිළුවට අපේ ජනරාල්තුමා බොහොම කැමති වුණා!”යි කිව්වා.

 
Cover Image Source – twitter.com / bi.com
 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *