කොල්ලෙක් නම්, ආස කරන්නේ කෙල්ලන්ට නම්, කෙල්ලෙක්ට හිත යනවා කියන එක අරුම පුදුම දෙයක් නෙවෙයිනේ. කෙල්ලෙක්ව දැකලා ‘මගෙ මුළු ලොවම ඔබයි’ වගේ ෆීලින්ග් එකක් ඇවිල්ලා කොල්ලා ෆුල් රොමෑන්ටික් වෙලා කෙල්ලට ට්‍රයි එක දෙන සිද්ධිය අපි ඕන කෙනෙක්ගේ ජීවිතේ එක පාරක් හරි වෙලා ඇතිනේ. හැබැයි ප්‍රශ්නේ මේකයි. ඒ වගේ වෙලාවක කොල්ලට ‘මගෙ මුළු ලොවම ඔබයි’ වුනාට, කෙල්ලට නං ඒක ඒ තරමට ගාණක් නොවෙන එක. කොල්ලා කොයි තරම් සිරා, හැදිච්ච, සිරි සිරිමත් ඩයල් එකක් වුනත් කෙල්ල පොරගේ ට්‍රයි එක ගණන් ගන්න එකක් නෑ. කැමතිද ඇහුවොත් බැහ් කියයි. දැන් මේකට හේතුව මොකක්ද? සරලයි. කෙල්ලෙක්ට ට්‍රයි කරනවා කියන එකත් ආට් එකක්. එතනදී සිද්ධ වෙන මිස්ටේක් හින්දා කෙල්ලගේ හිත කොල්ලට නැවෙන්නේ නෑ. ආන්න ඒ නිසා මේ කියන මිස්ටේක් අඳුනාගෙන ඉන්න එකත්, කෙල්ලෙක්ට ට්‍රයි කරනකොට ඒ මිස්ටේක් සිද්ධ නොවෙන්න වග බලා ගන්න එකත් කොල්ලෙක්ට ඇඟට ගුණයි.
1. ස්පෙෂල් වෙන්න කලින් ස්පෙෂල් වෙන්න යෑම
![flirting mistakes](https://i0.wp.com/lifie.lk/wp-content/uploads/2018/08/flirting-mistakes-1.jpg?resize=800%2C500&ssl=1)
Source – lovebondings.com/youtube.com
ඉවසිලිවන්ත කමක් නැති එක කොල්ලෙක්ගේ අතින් සිද්ධ වෙන බොහොම සුලභ මිස්ටේක් එකක්. මතක තියාගන්න. ට්‍රයි කරන්න ගන්න මුල් කාලේදී ඔයත් ඒ කෙල්ලට ට්‍රයි කරන තව එක කොල්ලෙක් විතරයි. හරියට ෆේස්බුක් එකේ වගේ තමයි. කෙල්ලට අපි පෙරුම් පුරලා පුරලා රික්වෙස්ට් එකක් දැම්මට, එයාට ඔයා තව එක “හායි ඩියර්” එකක් විතරයි!
අන්න ඒ නිසා තමන්ගේ හිත ගියපු කෙල්ලෙක් එක්ක හදිසි වෙන්න යන්න එපා. හෙමින් සැරේ සම්බන්ධතාවය වර්ධනය වෙන්න දෙන්න. ඇත්තටම එයාට ඔයා ස්පෙෂල් කියන එක තේරුම් ගන්න කාලයක් දෙන්න.
2. ‘මම හරීම නයිස් කොල්ලෙක්’ වෙන්න යෑම
![flirting mistakes](https://i0.wp.com/lifie.lk/wp-content/uploads/2018/08/flirting-mistakes-2.jpg?resize=800%2C500&ssl=1)
Source – wikihow.com
කොල්ලෙක් හිතනවා කෙල්ල ඉස්සරහ හරීම ස්වීට් වෙන්න යෑම, හරීම ෂෝයි වෙන්න යෑම, හරීම නයිස් ගායි වෙන්න යෑම කෙල්ලගේ හිත ගන්න ෂුවර් ටිකට් එකක් කියලා. හැබැයි නරක දේ මේකයි. කෙල්ලෙක් ආකර්ෂණය වෙන්නේ කොල්ලා ෂෝයි වීමට නෙවෙයි. කෙල්ලෙක් කොල්ලෙක් අතර ඇතිවෙන ආකර්ෂණය ඇයටවත් වටහා ගන්න බැරි, ඇඟ ඇතුළෙන්ම එන එකක්. අර මහා එපා කරපු විදියේ, කිසිම හොඳක් නැති කොල්ලෙක් ගැන ඒ ආකර්ෂණය ඇති නොවෙන්න පුලුවන්. ඒ වගේම බලෙන් හොඳ වෙන්න යන ‘නයිස් කොල්ලෙක්’ ගැනත් ඒ ආකර්ෂණය ඇති නොවෙන්න තමයි වැඩි ඉඩක් තියෙන්නේ.
අන්න ඒ නිසා කෙල්ලගේ හිත ගන්න බලෙන් නයිස් වෙන්න නොයා ඉන්න එක හොඳයි. තමන්ගේ ස්වභාවිකව තියෙන හොඳ ගතිගුණ එකක්. හැබැයි කෙල්ල ඉස්සරහා පාපිස්සක් වෙන්න යන එක, ඕනෑවට වඩා හොඳ වෙන්න යන එක සම්පූර්ණයෙන්ම වෙනස් දෙයක්.
3. “ඔයා මට කැමතියි” කියලා කෙල්ලට තේරුම් කරවන්න යෑම
![flirting mistakes](https://i0.wp.com/lifie.lk/wp-content/uploads/2018/08/flirting-mistakes-3.jpg?resize=800%2C500&ssl=1)
Source – psiloveyou.xyz
දැන් ඔන්න කොල්ලා කෙල්ලට හෙනට කැමතියි. ඒකනේ ට්‍රයි කරන්නේ මැරී ගෙන. හැබැයි කෙල්ලට කොල්ලව එච්චර ගාණක් නෑ. ඇයි ඉතින් දවසකටම කොල්ලෝ කී දෙනෙක් කැමතියි කියනවද. ඉතින් කොල්ලට මේක හෙන අප්සට්. ඉතින් කොල්ලා මෙහෙම ලයින් එකකට එනවා. “ඔයා මට කැමතියි සුදූ, මම තමයි ඔයාව අස්සයා පිටේ තියාගෙන හිමව් ගිරි අරණට ගෙනියන්න පතාගෙන ආපු කුමාරයා, මෙතන තියෙන්නේ ඔයා මට කැමතියි කියලා ඔයාවත් දන්නෙ නැති සීන් එකක්!”
එහෙම කිවුවා කියලා කෙල්ල අපේ කොල්ලට කැමති වෙන්නෙ නෑ පිංවතුනි. මොකද අපි අර උඩිනුත් කිවුව විදියට කෙල්ල කොල්ලෙක්ට කැමති වෙන්න බොක්කෙන්ම එන ෆීලින්ග් එකක් තියෙන්න ඕන. ඒක සොබාවිකව ඇති වෙනවා මිසක් බලෙන් ඇතිකරවන්න පුලුවන් එකක් නෙවෙයි. ආන්න ඒ නිසා කෙල්ල කැමතියි කියලා කෙල්ලට බලෙන් තේරුම් කරවන්න යන්න එපා. කෙල්ලට අපිව ඇණයක් වෙන එක විතරයි වෙන්නේ.
4. මට කැමති නොවෙන්න මගේ මොනවද අඩු කියලා අහන්න යෑම
![flirting mistakes](https://i0.wp.com/lifie.lk/wp-content/uploads/2018/08/flirting-mistakes-4.jpg?resize=800%2C500&ssl=1)
Source – wikihow.com
අපි කියමු කොල්ලා ඔය උඩින් කිවුව පළවෙනි හරි තුන්වෙනි හරි ගොන් වැඩේ කළා කියලා. මේ තියෙන්නේ කෙල්ලට ට්‍රයි කරන කොල්ලෙක් ඊළඟට කරන ගොන් වැඩේ. කෙල්ල තමන්ට අකමැති වෙන්න හේතුවක් නැහැයි කියලා තර්ක ශාස්ත්‍රයෙන් ඒත්තු ගන්වන්න යෑම. මෙතනදී කොල්ලා කෙල්ලගෙන් අහන්නේ තමන්ට තියෙන සුදුසුකම් දිහා බලලත් ඇයි තමන්ට අකමැති කියලා. සමහර වෙලාවට කෙල්ලට ට්‍රයි කරන අනික් කොල්ලෝ පෙන්නලා, ‘උන්ට වඩා මම කොච්චර ශෝක්ද’ කියලා ලයින් එකක් දෙන්නත් පුලුවන්. හැබැයි අමතක කරන්න එපා. කෙල්ලෙක් කොල්ලෙක්ට හිත යනවා කියන එක ජොබ් ඉන්ටවීව් එකක් නෙවෙයි. එතනදී කොල්ලගේ ගෙදර ෆ්‍රිජ් එකක් තියෙනවද, කොල්ලට අධ්‍යාපන සුදුසුකම් හොඳට තියෙනවද, කොල්ලා කොච්චර සමාජ සේවය කරලා තියෙනවද වගේ කාරණා අදාළම නොවෙන්න පුලුවන්. ඊටත් වඩා කොල්ලා ඒ සුදුසුකම් ඇණ ඇණ කියන්න යන එකෙන් කොල්ලාව කොහොමටවත් අදාළ නොවෙන තැනට වැටෙන්න පුලුවන්.
කොල්ලාගේ තියෙන යම් යම් දේවලට කෙල්ල කැමති නම් ඒක සොබාවිකව වෙයි. එහෙම කෙල්ල කැමති විය යුතු දේවල් ගැන බලෙන් පෙන්නන්න යන එකෙන් වෙන්නේ ටිකට් කැපෙන එක!
5. කෙල්ලගෙන් අහලා ඕන දෙයක් කරන්න යෑම
![flirting mistakes](https://i0.wp.com/lifie.lk/wp-content/uploads/2018/08/flirting-mistakes-5.jpg?resize=800%2C500&ssl=1)
Source – wikihow.com
මෙන්න මේක බොහොම පරිස්සම් වෙන්න ඕන තැනක්. කෙල්ලගෙන් අහන්නෙ නැතුව කෙල්ලව පෙරළගෙන කිස් කරන්න ගියොත් ඒක නවතින්නේ ලිංගික අතවරයක් විදියට නඩු වැටිලා වෙන්න පුලුවන්. හැබැයි එහෙම දේවල් ගැන නෙවෙයි මේ කියන්නේ. කෙල්ලට ට්‍රයි කරන කාලේ හැම දේකටම කෙල්ලගෙන් පර්මිෂන් ගන්න යන එක ගැන. උදාහරණයක් විදියට මෙහෙම කියමු. කොල්ලට ඕන කෙල්ලට රෑට කෝල් එකක් අරගෙන පොඩි මලක් කඩන්න. කෙල්ල වැඩ කරන්නේ එකම ඔෆිස් එකේ කියමු. එතකොට කොල්ලා හිමීට කෙල්ල ගාවට ගිහින් අහනවා ‘මම ඔයාට අද රෑට කෝල් එකක් ගත්තට කමක් නෑ නේද’ කියලා. කොල්ලා ඒක අහන්නේ වැඩි හොඳට තමයි. සමහර වෙලාවට කෙල්ල බිසි වුනොත්, කෙල්ල රෑට කතා කරනවාට අකමැති නම්. ඔන්න ඔය වගේ කෙල්ලගේ පැත්ත හිතලා වෙන්න පුලුවන් අහන්නේ. හැබැයි ඒකෙන් ලකුණු කැපෙන ඉඩ තමයි වැඩි වෙන්නේ.
කෙල්ලට රෑට කථා කරන්න වුවමනා නම් කෙලින්ම රෑ වෙලා කෝල් එකක් ගන්න. කෙල්ලට කථා කරන්න බැරි නම් කෝල් එක කට් කරයි. එච්චරයි.
6. කෙල්ලට තෑගි බෝග දෙන නත්තල් සීයා වෙන්න යෑම
![flirting mistakes](https://i0.wp.com/lifie.lk/wp-content/uploads/2018/08/flirting-mistakes-6.jpg?resize=800%2C500&ssl=1)
Source – entrepreneur.com
කෙල්ලෝ තෑගි වලට ආසයි. ඒක බොරුවක් නෙවෙයි. එතකොට කෙල්ලගේ කැමැත්ත ගන්න ෂුවර් විදියක්ද කෙල්ලට දවස ගාණේ තෑගි දෙන එක? නැත දරුවා නැත. ඔන්න දත් ගලවන කෙල්ලෙක් නං ඒකට කැමති වෙයි. පුලුවන් තරම් තෑගි අරගෙන ටටා කියලා තව කොල්ලෙක් එක්ක සෙට් වෙයි. හැබැයි සාමාන්‍යයෙන් එහෙම දත් ගලවන අදහසකින් කොල්ලෝ ආශ්‍රය නොකරන කෙල්ලෙක්ට නම්, මෙහෙම ට්‍රයි කරන කාලේ තෑගි පිට තෑගි දෙන කොල්ලෙක් ගැන හොඳ හැඟීමක් ඇතිවෙන්නේ නෑ. ඇයි? කෙල්ලට දැනෙන්න පුලුවන් කොල්ලා තෑගි වලින් තමන්ව නම්මා ගන්න හදනවා කියලා. විශේෂයෙන්ම කෙල්ලගේ හිතේ තවම කොල්ලා ගැන කිසිම මෙව්වා එකක් නැතිනම්, කෙල්ලට එහෙම තෑගි බෝග ලැබෙන එකෙන් හරි අපහසු හැඟීමක් ඇතිවෙන්න පුලුවන්. ඒ නිසාම කෙල්ල ඒ කොල්ලව අප්‍රිය කරන්න පුලුවන්. අන්න ඒ නිසා, තෑගි දෙන්න ඕන නම් නත්තලට නත්තල් සීයට අඳින්න. ට්‍රයි කරන කෙල්ලගේ කැමැත්ත තෑගි වලින් දිනන්න යන්න එපා.
7. පුරසාරමෙන් කැමැත්ත ගන්න යෑම
![flirting mistakes](https://i0.wp.com/lifie.lk/wp-content/uploads/2018/08/flirting-mistakes-7.jpg?resize=800%2C500&ssl=1)
Source – pinterest.com
කොල්ලෝ හිතනවා කෙල්ලෝ කැමති වෙන්නේ හොඳට සල්ලි තියෙන හරි හොඳට ඉගෙනගෙන තියෙන හරි, එහෙම නැතිනම් ඒ වගේ වෙන විශේෂ දේවල් තියෙන හරි කොල්ලෙක්ට කියලා. වෙන්න පුලුවන්. ඒ වගේ දේවල් කෙල්ලගේ කැමැත්තට බලපෑමක් කරන්න පුලුවන්. හැබැයි තමන්ගේ කාර් එක ගැන, තමන්ගේ ජොබ් එක ගැන, තමන්ගේ ඩිග්‍රිය ගැන පුරසාරම් කියලා කෙල්ලගේ කැමැත්ත ගන්න එක ලොවෙත් සිද්ධ වෙන්නෙ නැති දෙයක්. ඒ වගේ පුරසාරම් ඩයල් එකක් අප්‍රිය කරන එක තමයි කෙල්ලගෙන් වෙන්න පුලුවන් එකම දේ. කවුරුවත් කැමති නැහැනේ කයිවාරුකාරයින්ට. ආන්න ඒ නිසා කයිවාරු ගහන්න යන්න එපා. තමන්ට තියෙන දේවල් ගැන කෙල්ල ක්‍රමක්‍රමයෙන් දැනගනී. ඒ ප්‍රමාණවත්.
Cover Image Source – bravotv.com
Leave a Reply