කෙල්ලො ඉස්සරහ කොල්ලො කතා කරන්නේ නැති දේවල් 5 ක්

5 things guys trend not to talk with girls

කොල්ලො කියන්නෙ වෙනස්ම ජාතියක් නේ. කොල්ලො කෙල්ලො එක්ක එකතු වෙද්දි තමන් කතා කරන සමහර දේවල් වලට ඒ හන්දම වාරණයක් දාගන්නවා. එක්කො කෙල්ලොන්ට ඒ දේවල් නොතේරෙන හන්දා. එහෙමත් නැත්නම් තමන්ගෙ ප්‍රතිරූපය බිඳේවි කියල හිතලා. ඉතින් අපි බලමු මොනවගේ දේවල් ද කොල්ලො කෙල්ලොන්ගෙන් හංගන්නෙ කියලා.

 

1. බීම ගැන

5 things guys trend not to talk with girls

Source – thecut.com

ලංකාවේ පිරිමි වැඩිය කාන්තාවෝ ඉස්සරහ මත්පැන් ගැන කතා කරන්න කැමති නෑනේ. විශේෂයෙන්ම තරුණ පරම්පරාවනම් එහෙමයි. තමන්ගේ මත්පැන් භාවිතය ගැන කෙල්ලෝ ඉස්සරහ කතා කළොත් තමන්ව නෝන්ඩි වේවි කියලයි මේ කොල්ලෝ හිතන්නේ. ඒ විතරක් නෙමෙයි පිරිමි පාර්ශවය පිරිමි පාර්ශවයේ එකෙක්ගෙවත් බීම ගැන කතා කරන්න හොඳ නෑ. ඒක නීතියක් නොවුණට රීතියක් වගේ වෙලා. වැරදිලාවත් කොල්ලෙක් කෙල්ලෙක් එක්ක වෙන කොල්ලෙක් බොනවා කියල කියපු බව අර බොන එකා දැනගත්තොත් අහන්නේ මෙහෙමයි.

මොනවද බං කරන චීත්ත වැඩ..? උඹ සමන්මලීට කිවුවද මං බොනව කියල..?

එතනදී යාලු කම නැති වෙන්නත් බොහෝ දුරට ඉඩක් තියෙනවා.

 

2. වෙනත් කෙල්ලන් ගැන

5 things guys trend not to talk with girls

Source – youtube.com

මේකනම් බොහෝ වෙලාවට පෙම්වතුන් තමන්ට දාගෙන තියෙන රීතියක්. වෙන කෙල්ලෙක් ගැන කතා කළොත් තමන්ගේ පෙම්වතිය තමන් ගැන වැරදියට හිතයි කියලයි හිතන්නේ. ඇත්තටම ඉතින් ලංකාවේ කෙල්ලොත් එහෙම හිතන්නෑ කියල කියන්නමත් බෑ. වෙන කෙල්ලෙක් ගැන කිවුව ගමන් ලංකාවේ ගොඩක් කෙල්ලෝ අහන්නේ “මොකද ඒකිව බඳින්නවත් හිතුණද..?” කියල. ඒ විතරක් නෙමෙයි කොල්ලෙක් වෙන කෙල්ලෙක් ගැන පෙම්වතියත් එක්ක කියනවනම් “ඒ ළමයා, ඒ ගර්ල්” වගේ වචන පාවිච්චි කළත් පෙම්වතියට රුස්සන්නේ නෑ. “ඒකි, මේකි” කියලා තමයි කියන්න වෙන්නේ.

කොල්ලා – “ඒ ළමය හරි හොඳයි

කෙල්ල – “අනේ මේ හුරතල් කරගන්නවා ඔය පොඩි ළමයව

 

3. නරඹන චිත්‍රපටි ගැන

5 things guys trend not to talk with girls

Source – allfortheboys.com

චිත්‍රපටි කියන්නේ වෙනම විෂයක්. කොල්ලෝ බලන චිත්‍රපට වලින් 20% ක් විතර තමයි ලංකාවේ කෙල්ලොන්ට හරියන්නේ. ඉංග්‍රීසි , හින්දි , දෙමළ, සිංහල ඔය මොන භාෂාවේ වුණත් කෙල්ලෝ හොයන්නේ හරිම ප්‍රේමාන්තික ජවනිකා තියෙන චිත්‍රපටි. ඉතින් ඔය Action ෆිල්ම් ගැන එහෙම කොල්ලෝ කෙල්ලොත් එක්ක කතා කරන්නේ නෑ. ඇත්තටම ඉතින් දෙයක් ගැන කතා කරන්න ඕන දන්න කෙනෙක් එක්කනේ කියල කොල්ලෝ හිතනවා. Action විතරක් නෙමෙයි ඔය කියන්න බැරි චිත්‍රපටිත් තියෙනවනේ. ඒව ගැනනම් කොහොමත් කොල්ලෝ කියන්නේ නෑ කෙල්ලොත් එක්ක.

කොල්ලා – “Spider Man Home Coming බැලුවද..?

කෙල්ල -“ඒක ලවු ස්ටෝරි එකක්ද..?

 

4. තාක්ෂණික කරුණු ගැන

5 things guys trend not to talk with girls

Source – youtube.com

ඇත්තටම තාක්ෂණේ කතා කරන්න හොඳ නෑ කෙල්ලෝ එක්ක. හොඳ නෑ නෙමෙයි. ෆිල්ම් වගේම තමයි. කොල්ලෝ කතා කරන්නේ නෑ මේ ගැන. මොකද කෙල්ලොන්ගේ මේ දැනුම අඩුයි. ඒක ඉතින් ප්‍රසිද්ධ රහසක් නේ. හේතුව මේකයි. කොල්ලොන්ගේ අතට මොකක් හරි ගැජමැටික් එකක් හම්බවුනාම ඒක ගැන දැනගන්න ගලවලත් බලනවා වෙන්නේ මොකක්ද කියල. ෆෝන් එකක් නම් හැම ඇප් එකටම ගිහින් බලනවා. කෙල්ලොන්ගේ ටිකක් තාක්ෂණික ගවේෂණයන්ට තියෙන කැමැත්ත අඩුයි. ඉතින් ඒ හන්ද ලංකාවේ කොල්ලෝ ඔය අලුත් ගැජමැටික්, සොෆ්ට්වෙයා ගැන එහෙම කතා කරන්න යන්නේ නෑ කෙල්ලෝ ඉස්සරහ.

කෙල්ල : අයියේ අලුතින් ආපු ෆෝන් ද මේ තියෙන්නේ

කඩේ අයියා : ඔව් නංගි. මේ තමයි හොඳම එක. රැම් එක හොඳම මේකේ. ඇන්ඩ්‍රොයිඩ් අලුත්ම OS එක දුවන්නේ. බැට්‍රිත් සුපිරි.

කෙල්ල : මං අර රෝස පාට කවරේ තියෙන එක ගන්නම් අයියේ

 

5. අනිත් කොල්ලෝ ගැන

5 things guys trend not to talk with girls

Source – tv.com

කතා කරන්න හොඳම නෑ කියල වාරණයක් දාගෙන ඉන්න එකක් තමයි මේක. කොල්ලො අනිත් කොල්ලෝ ගැන කියන ඒවා විතරක් නෙමෙයි මොන දේ කිවුවත් කෙල්ලොන්ට ඕව යාලුවෝ ඉස්සරහ කියවෙනවා කියලයි කොල්ලෝ හිතන්නේ. ඒකෙ වැරැද්දක් නැත්තෙමත් නෑ ඉතින්. දැන් ඉතින් කොල්ලෙක් ගැන කෙල්ලෙක් එක්ක කිවුවම ඕක වටේටම ගිහින් අන්තිමට ඒ අදාල කොල්ල ළඟටත් යන්න තියෙන සම්භාවිතාව වැඩියි. ඒ තරමට දියුණුයි කෙල්ලොන්ගේ තොරතුරු හුවමාරුව. ඉතින් අනිත් කොල්ලෝ ගැන කෙල්ලෝ එක්ක කතා කරන්න හොඳ නෑ කියල පිරිමි සමාජේ නොකැඩෙන රීතියක් තියෙනවා.

දැන් ඔයාගෙ යාළුවෝ එහෙම මේවා දන්නැත්නම් බලල එයාලටත් පෙන්නන්න.

 
Cover Image Source – listal.com / artsfon.com
 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *