ලෑලි පස්ස ඇති උදවිය​ට ලැබෙන මේ වාසි ගැන දන්නවද?

දාඩිය ගඳ ගැන ටීවි එකේ රේඩියෝ එකේ ඇඩ් එනකල් අපේ බොහෝ දෙනාට දහඩිය ගඳ කියන එක ලොකු ප්‍රශ්නයක් වුණේ නැහැ. ඒ වගේ අද වෙනකොට ව්‍යායාම යන්ත්‍ර, පිටුපස විශාල කර පෙන්වන යට ඇඳුම්, සහ පිටුපස ඉස්මතු කරවන වෙළඳ දැන්වීම් මගින් කුඩා පිටුපසක් හිමිවීම අවුලක් කියන එක අපේ මනසට සෙමෙන් සෙමෙන් ඇතුල් කරලා තියෙනවා. වක්‍ර වැඩි සිරුරු අපේ ඇහැට වගේම ඉන්ස්ටග්‍රෑම්,ටික් ටොක් වලටත් ටිකක් වැඩි ආකර්ෂණයක් ගේනවා. ඒත් ටිකක් පැතලි වුනා කියන්නේ එතැනදි ආකර්ෂණය සම්පූර්ණයෙන්ම නැති වෙන්නෙ නැහැ. පැතලි පිටුපස අයටත් විවිධ ෆැෂන් ටෙක්නික්ස් සහ ව්‍යායාම මගින් පසුපස තවදුරටත් ලොකු කර පෙන්වන්න අද අවස්ථාව ලැබිලා තියෙනවා. ඉතින් අපි දැන් කියන්න යන්නේ ෆ්ලැට් පස්සක් තියෙන එකේ වාසි කිහිපයක් ගැන. 

 

1. ඒ අපේ උරුමේ නේ… 

බ්‍රසීලය, යුරෝපය, ඇමරිකාව වගේ තැන්වල ඉන්න ගැහැණු අයට කොහොමත් ලොකු පිටුපසක් තිබෙනවා. ඒ තිබෙන නිසාම එයාල ඒවා සොලවමින් ආකර්ෂණීය නර්තන අංග ඉදිරිපත් කරනවා. ඒත් චීනය, මධ්‍යම ආසියාව වගේ පැතිවල ඉන්න ගෑණු අයට එහෙමට ලොකුවට පිටුපස නැහැ. අපේ අයටත් ඇති පිරිසට වඩා පිටුපස අඩු පිරිස වැඩියි. සරලවම පස්ස ටිකක් අඩු වීම කියන්නේ මෙහෙ මහ ලොකු මැජික්ස් එකක් නෙමෙයි. ඒක මේ රටවල ඉන්න ගැහැණු අයගේ සාමාන්‍ය ස්වභාවය. ඉඳලා හිටලා ටිකක් ලොකු උදවිය උන්නා කියලා පැතලි පස්ස තිබෙන අය කිසිසේත්ම ඒ ගැන කලබල වෙන්න උවමනා නැහැ. මොකද බහුතරය හිමි වෙන්නේ ලෑලි පස්ස පැත්තට. 

 

2. ඇඳුම් තෝරන්න ලේසියි 

ෆ්ලැට් පිටුපසක් තිබෙනවා නම් පිරිමි කෙනක්ට වුනත් වයිෆ්ගේ ෂෝටක්, කලිසමක් ඉතාම හදිසියකදී ඇඳන් යන්න පුළුවන්. ඒ වගේම ගෑණු අයටත් පිරිමි අයගේ අත් දිග ෂර්ට් එකක්, හිර නැති ෂෝට් එකක් එහෙම හුවමාරු කරගන්න පුළුවන්කම තියෙනවා. රෙදි තෝරගන්න ගියත් චීන, කොරියා, ජපන් ගෑණු අයට තියෙන ලස්සන ලස්සන මෝස්තර ගොඩක් අපේ ෆ්ලැට් උදවියට තෝරාගන්නට තියෙනවා. ලොකු පිටුපසක් තිබුනාම ඇඳුමක් බොහෝවිට දාල බලන්නම ඕනි වෙනවා. මොකද සමහර වෙලාවට ඉණ හරි ගියත් කලිසමක්  ඉණ දක්වා ගන්න පිටුපස කොටස හරහා කලිසම උස්සගන්න බැරි අවස්ථාවන් එනවා. 

 

3. අනවශ්‍ය අවධානය නැහැ 

පාරේ මගතොටේ යද්දි පිටුපස ලොකු උදවියට අනවශ්‍ය අවධානයක් එනවා. පෙළක් වෙලාවට පාර අයිනේ ඉන්න ගෑණු පිරිමි කණ්ඩායම් විසිල් ගහලා, සූ දාලා යම් යම් අඩන්තේට්ටම් වලට ලක් කරනවා. ගෑණු අය ගොඩක් ඉන්න තැනකින් ගෑණු අයටත් නැති තරමට විසාල පිටිපස්සක් තියෙන පිරිමි කෙනෙක් ගියත් ඒ කෙනාට අමුතු අවධානයක් ලැබෙනවා. ලෑලි පස්ස තියෙන අයට මේ ගැටළු නැහැ. නැතිකමට රුචි පිරිස කලාතුරකින් හැරි හැරී බැලුවත් හිර වෙන බස් වල, ටියුෂන් ක්ලාස් ගේට්ටුවලදි, මගතොටේදි අනෙක් අයට තරම් කරදරකාරී අවධානයක් ෆ්ලැට් අයට  ලැබෙන්නේ නැහැ. 

 

4. නවන්න කියන්න ලේසියි 

විශාල පිටුපසක් තිබෙන සුවිසාල ගැහැණු පිරිමි සිනමා පට, ටෙලිනාට්‍ය වල විකට චරිත වලටත් ගන්නවා. මොකද වෙන අය නැගිටලා දුවද්දි මෙයාලට නැගිටින්නම සුට්ටක් වැඩි වෙලාවක් යනවා. ව්‍යායාම කරද්දි, යෝග කරද්දි, කරාටේ කරද්දි, ජිම්නාස්ටික් කරද්දි ෆ්ලැට් අයට ලොකු වාසියක් තියෙනවා. සර්කස් වර්ග ලෝකේ වටේම තිබුණත් පැතලි පිටුපස තිබෙන චීන ජාතික කාන්තාවන් ජිම්නාස්ටික්, සර්කස් ආදියෙන් ලෝකයේම ජනප්‍රිය වෙලා තියෙනවා. ඒ අනුව වැඩි මහන්සියක් නැතුව ඇඟ සොලවන, පෙරළන, දඟර කරන ව්‍යායාම, නැටුම් ආදියට සහභාගි වෙන්න කෙසඟ පැතලි පිටුපස තිබෙන අයට අවස්ථාව ලැබෙනවා. 

 

5. ලිංගික කාර්යයේදී විවිධ ඉරියව් කරා පිවිසෙන්න ලේසියි 

මේ ගැන නම් වැඩිපුර කියලා තිබුණේ කාන්තාවන්. කාම සුත්‍රාදී පොත් වල තිබෙන ලිංගික ඉරියව් ආදියෙන් සන්තෝස වෙන්න නම් නූතන කාලයේ අයට අමාරුයි. ඒත් හැඩැති සිරුර සහිත ෂේප් අයට ගොඩක් ඉරියව් අත්හදා බල්නන හරි අවස්ථාව ලැබෙනවා. ඒ වගේම මුහුණට මුහුණ නොබලා පිටුපසින් කරන ලිංගික ක්‍රීඩා ඉසව් වලදී පිටුපස අඩු කාන්තාවන්ට වඩාත් පෙළහර පාන්න පුළුවන් කියලා ඒ ගැන අත්දැකීම් සහිත කාන්තාවන් කියා තිබෙනවා. 

 

6. මේද තැන්පත්වීම හඳුනාගන්න පුළුවන් වීම

ස්ථුල අයගේ මේද තැන්පත් වෙන මූලික තැනක් තමයි බඩ. බඩ නම් අපි හැමෝටම වැඩි වෙද්දි පේනවා. ඒ වගේම දෙකකුල් ඉහළ කලවා පෙදෙස සහ උකුල් පෙදෙසෙත් මේද තැන්පත් වෙලා ස්ථූල භාවය ඇතිවෙන්නට පුළුවන්. පෙයාස් ආකාරයෙන් මේද තැන්පත් වීමේදී උකුලෙන් පහළ මේද තැන්පතු ඇතිවීම වැඩියි. මේ ආකාරයට ඉනෙන් පහළ සුවිසල් මේද තැන්පතු තියෙන අයත් “අහ් විසාල පස්සක්  තියෙනවා නෙවද” කියලා උජාරුවෙන් ඉන්නවා. ඒත් ඒක සෞඛ්‍යයට එච්චර හොඳ නැහැ. ඉතින් පැතලි පිටුපසක් තිබෙන අයට මේ ආකාරයට පිටුපස කොටසේ මේද තැන්පතු ඇතිවෙලා පස්ස විසාල වෙන්න ගත්තොත් ඒක ඉක්මනටම පේනවා. ඒක එයාලට ලැබෙන වාසියක්. 

 

7. ආසනයක් හොයාගන්න ලේසි වීම 

අපේ පොදු ප්‍රවාහනය ගැන අමුතුවෙන් ඔයාලට කියන්න ඕනි නැහැ නෙ. විශාල පිටුපස තිබෙන අය ආඩම්බරයෙන් උන්නත් එයාල වාඩි වුනාට පස්සේ ආසනවල අනෙක් අයට ඉඩ මදිවෙනවා. ඒත් පැතලි කුඩා පිටුපස තියෙන අයට බස් එකක, කෝච්චියක වගේම පොදු තැනක වාඩිවෙන්න ඉඩක් හොයාගන්න ලේසියි. ඒ වගේම සෙනග පිරුණ බස් එකකට, කෝච්චියකට නගින්න වුනත් එයාලට ලෙහෙසියි. යාළුවෝ එක්ක ට්‍රිප් එකක් ගියත් ඕනි තැනක නැගලා, වාඩිවෙලා පිංතුර ගැනීමේදී කුඩා පිටුපසක් උරුම අයට වාසි වෙනවා වැඩියි. 

 

සිරුරේ හැඩයෙන් වැඩි කොටසක් අපි උපතේදී අපේ ජාන වලින් අරගෙන එනවා. අපි නළු නිලියන් හැරුණුකොට බොහෝ දෙනෙක් ගැන දැනගන්නේ ඔවුන්ගේ ස්වරූපයෙන් නෙමෙයි. ශ්‍රේෂ්ඨ විද්‍යාඥයින්, දාර්ශනිකයින්, වැදගත් දේවල් සොයාගත් අය, කැපකිරීම් කළ වීර කාන්තාවන් ගැන අපේ ඇල්ම බැල්ම ලැබුණේ එයාලගේ රූපේ දැකලා නෙමෙයි. කොහොම වුනත් පැතලි පිටපුස ගැන මේ කරුණු නිසා ලොකු පිටුපසක් ඇති අය හිත අමනාප කරගන්න ඕනි නැහැ. ලෝකේ බැලුවොත් ඉහළ මට්ටමේ නිරූපිකාවන්, නළු නිළියන්, ගායිකාවන් වගේ සුපිරි තරු අතරත් ඔය හැම මාදිලියේම පිටුපසවල් සහිත අය විසිරිලා පැතිරිලා ඉන්නවා. 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *