නිරුවතින් නිදාගැනීම ගැන හැම තැනම කියන්නෙ හොඳම විතරයි. ඒකෙන් තමන්ට සිද්ධ වෙන ගුණ ඇහුවම කොයි වෙලෙත් නිරුවතින් නිදාගන්න හිතෙන තරම් ඒවා බලවත්. ඒ කොහොමවුනත් නිරුවතින් නිදාගත්තොත් මුහුණ දෙන්න වෙන ප්‍රැක්ටිකල් අවාසිත් එමට තියෙනවා. අපේ අද සටහන ඒ ගැනයි. ඇත්තටම ආයුෂ අඩු වුනත් කමක් නෑ, හොඳට ඇඳුම් ඇඳගෙන නිදාගන්න හිතෙන තරම් ඒ කාරණා ටික ප්‍රබලයි. මේ සටහන ඒ වෙනුවෙන්.
1. මළොත්?

Image Source – home.bt.com
කන්නෙ හොඳ කෑම නෙමෙයි, ආඝ්‍රාණය කරන්නෙ පිරිසුදු වාතය නෙමෙයි, බොන්නෙ විෂබීජ නැති වතුර නෙමෙයි, හැමදාම ජීවත්වෙන්නෙ නිරවුල් මනසකින් නෙමෙයි. ඉතිං ලෙඩක් හැදෙන්න තියෙන ඉඩ කඩ වැඩියි. තෙල් මිරිස් පිරිච්ච පිටි කෑම කාලා නිදියගන්න රෑක පපුවෙ අමාරුවක් හැදිලා මැරුණොත්? ඔයා වගකීම් නැති මනුස්සයෙක් වෙන්න පුළුවන්. හැබැයි නිරුවතින් නිදාගන්න මනුස්සයෙක් නං ඔයාට මුහුණ දෙන්න වෙනවා ලොකු ප්‍රශ්නයකට. ඇයි දෙයියනේ මැරෙන්න මොහොතකට කලින් සරමක්වත් ඔතාගන්න බැරිවුනාම ලැජ්ජාවෙන්නෙ මැරෙන්නෙ.
2. තුවාල

Image Source – livelovefruit.com/ shutterstock.com
අපි ඉතින් හෙන පිලිවෙල මිනිස්සුනෙ. සීනි මුරුක්කු කකා ඇඳේ නිදාගෙන, යූටියුබ් වීඩියෝ බලනවා. ඊටපස්සෙ රෑට කූඹින්ට බනිනවා. ඇඳ උඩ යතුරක් හරි වෙනිං තියුණු දෙයක් හරි තිබ්බොත් තත්ත්වෙ ඔයිට හපං. කැපිලා යන්න පුළුවන්. හැබැයි ඇඟේ නූල්පොටක් හරි තිබුණොත් තත්ත්වෙ ෂේප් වෙන්න හුඟක්ම ඉඩ කඩ තියෙනවා. එනිසා නොදන්න වරිගෙට ගිහින් තුවාල කරගන්නවට වඩා පුරුදු විදියට ඇඳුමක් ඇඳගෙන නිදාගන්න එක හොඳයි නේද?
3. භූමිකම්පා

Image Source – chinasmack.com
මේක ජපානෙ නොවුනත් 2004දි ආපු සුනාමිය නිසා හදිසි අවස්ථාවකට ප්‍රතිචාර දක්වන්න ඕන විදිය අපි හැමෝම දැන් දන්නවා. භූමිකම්පාවක් ආවොත් ආරක්ෂිත ස්ථානයකට වහුං වෙන්න කලින් නිරුවතින් නිදියන අයට සිද්ධ වෙනවා ඇඳුම් ඇඳ ඇඳ ඉන්න. ඒක තනිකරම ජීවිත තර්ජනයක්. හදිස්සියෙවත් ඇඳුම් අඳින්නෙ නැතුව ආරක්ෂිත ස්ථානයකට වෙලා හිටියොත් පස්සෙ බේරගන්න ගලවාගැනීමේ හමුදා ආවට පස්සෙ පස් අස්සෙන් එළියට එනවට වඩා හොඳයි මේ පස් කන්දටම යට වුනානම් කියලා හිතේවි.
4. ගිනි ආපදා

Image Source – youtube.com
ස්වාභාවිකව වගේම කෙනෙකුගේ මැදිහත් වීමකිනුත් ගින්නක් හටගන්න තියෙන ඉඩ වැඩියි. සාමාන්‍යයෙන් ගින්නක් කියන්නෙ හදිසියේම හටගන්න දෙයක්නෙ. අන්න ඒ නිසා නිරුවතින් නිදාගන්න එක ගිනි ආපදාවකදි ලොකු අවාසියක්. හදිස්සියකට එළියට දුවාගන්නත් බෑ. ගින්නෙන් හමට සිද්ධ වෙන හානියත් වැඩියි. තමුන්ගෙ වටින කියන දෙයක් ගිනිගන්න අස්සෙ දාලා ආවොත් ඒ අස්සට හෙළුවෙන් දුවන්න අපි ආක්ෂේ කුමාර්ලා නෙමෙයිනෙ මහත්තයො.
5. නරක සොරා

Image Source – Imgur.com
ගෙදරකට හොරු පනිද්දි “ටක් ටක් ටක් ගෙදර කවුද?” සෙල්ලම කරලා නෙමෙයි එන්නෙ. එයාලා එන්නෙ හොරෙන්. දැන් විදියට නං සමහරවිට කාමරේට ක්ලෝරෆෝම් අල්ලලා. තවත් අය ඉන්නවනෙ ක්ලෝරෆෝම් ඇල්ලුවටත් වඩා හොඳට නින්ද යන. ඉතිං හිතන්නකො ඔහොම වෙලාවක රත්තරන් බඩු හොරකං කරන්න ගෙදරට පනින හොරා ඉස්සරහා නිරුවතින් කාන්තා සිරුරක් තියෙනවා කියලා. බඩු පැකට් නේද මිත්‍රවරුනි. දැන් ඉතිං මේක කියවලා කොල්ලො හිත හදාගන්න පුළුවන් අපිනං බේරුණා කියලා. නිකමටවත් හිතන්න සමලිංගික හොරෙක් පැන්නොත්!
6. සිග්නල් ස්ට්‍රෙන්ත්

Image Source – dreams.co.uk/ megmeekermd.com
දත් මදින සිග්නල් ගැන නෙමෙයි මේ කතාව. ටෙලිෆෝන් සිග්නල්වල ප්‍රබලත්වය ගැන පහුගිය ටිකෙත් කතා බහ ලොකුවටම සිද්ධ වුනානෙ, නිදන කාමරේ ස්මාට්ෆෝන් තියාගෙන ඉන්න එපා කියලා. හැබැයි ඉතිං එහෙම එපා කිවුවා තියා දවසෙන් මැරෙනවා කිවුවත් අපේ අය ෆෝන් අයින් කරන්නෙ නෑ. දැන් ඔය කියන කිරණවලින් වෙන හානිය නිරුවතින් නිදියන මනුස්සයෙකුට ඩබල් ට්‍රිපල් වෙලා වදින විත්තිය අමුතුවෙන් කියන්න ඕන නැහැනෙ.
7. ලෙඩක් දුකක්

Image Source – independent.co.uk
කවුරුත් කැමතියි ජීවත්වෙන්න. මට දැන් මළත් කමක් නෑ කියන අය කන රිදෙන්න ගත්ත ගමන් ස්පෙෂලිස්ට්ලව තමයි චැනල් කරන්නෙ. ඉතිං හදිස්සියෙවත් ඉස්සෙල්ල කියපු විදියට පපුවෙ අමාරුවක් ආවම ටක් ගාලා ජීවත්වෙන්න තමයි හිතෙන්නෙ. අන්න ඒ නිසා ගෙදර අයට බැරිනම් එහා ගෙදර අයට හරි කෑගහලා තමුන් ගාවට ගෙන්න ගන්නයි බලන්නෙ. ඉතිං දෙයියො අමු හෙලුවෙන් තව කෙනෙකුට කතා කරනවට වඩා හොඳ නැද්ද ඔය උපන් ඇඳුමෙන්ම ඩොහ් වුනානං!
Cover Image Source – mensjournal.com/ naukrinama.com
Leave a Reply