අවුරුදු කාලෙට විතර මතක් වෙන කැවිලි අතරේ හැමදාම කන්න ආස වෙන අළුවා ගැනයි අද කියන්න ආවේ… අළුවා රස වගේම ක්‍රම ගොඩකට හදාගන්න පුළුවන්. ඒ ක්‍රම වලින් කිහිපයක් අපි අද ගෙනාවා. මෙන්න මේ වෙනස් රස වලින් අළුවා හදලා කමු.
1. රුලං අළුවා
අවශ්‍ය ද්‍රව්‍ය
- රුලං ග්‍රෑම් 200
- සීනි ග්‍රෑම් 250
- වැනිලා ස්වල්පයක්
- පොල් කෝප්ප 1
- කරදමුංගු ඇට 3
- පොල් පැණි කෝප්ප 1/4
- මුලින්ම රුලං ටික කබලෙ බැදගන්න. ඊළඟට තාච්චියක් ලිපේ තියලා සීනි ටික දාලා උණු කරගන්න.
- පැණි වේගෙන එනකොට ඒකට පොල් පැණි ටිකත් එකතු කරලා පොල් ටික දාලා කලවම් කරගන්න.
- කරදමුංගු හා වැනිලා එකතු කරගන්න. අන්තිමට රුලං ටික දාලා හොඳට තලපයක් වගේ කලවම් කරගන්න.
- ටිකක් හයි වේගෙන වගේ එනකොට බටර් ගාගත් ට්‍රේ එකකට දාලා තුනී කරලා කෑලි කපාගන්න.
2. මිල්ක්මේඩ් අළුවා
අවශ්‍ය ද්‍රව්‍ය
- මිල්ක්මේඩ් ටින් ලොකු ටින් එකෙන් 1/2
- සීනි ග්‍රෑම් 350
- හාල්පිටි ග්‍රෑම් 500
- ලුණු
- කපාගත් කජු ස්වල්පයක්
- කරදමුංගු ඇට 3
- වතුර (මිල්ක්මේඩ් ටින් එකෙන් 1/2ක්)
- හාල්පිටි ටික කබලෙ බැදගන්න. වෙනම තාච්චියක් ලිපේ තියලා මිල්ක්මේඩ්, සීනි හා වතුර දාලා හැඳිගාන්න.
- රස අනුව ලුණු හා කරදමුංගු ටික දාගන්න. උතුරනකොට ලිපෙන් බාලා හැඳිගාන්න. දැන් කරදමුංගු ඇට අයින් කරලා හාල්පිටි ටික ටික කලවම් කරමින් අලුවා තලපය හදාගන්න.
- පිටි ඉසගත් තැටියකට තුනී කරලා උඩින් තව පිටි ටිකක් ඉහලා උණුවෙන්ම කෑලි කපාගන්න.
3. කිරි අළුවා
අවශ්‍ය ද්‍රව්‍ය
- හාල්පිටි ග්‍රෑම් 500
- මිටිකිරි කෝප්ප 1 1/2
- සීනි ග්‍රෑම් 250
- කුඩු කරගත් කජු ටිකක්
- කරදමුංගු ඇට 2
- හාල්පිටි කබලෙ බැදගන්න. පොල්කිරි වලට සීනි දාලා ලිපේ තියලා හැඳි ගාන්න. ටිකකින් කරදමුංගු ඇට හා කජු ටික දාගන්න.
- ලිපෙන් බාලා කරදමුංගු ඇට අයින් කරගන්න. හාල්පිටි වලට ලුණු දාලා මිශ්‍රණයට ටික ටික එකතු කරගන්න.
- ටික ටික ඝන වේගෙන එනකොට ලිපෙන් බාලා බටර් ගාගත් තැටියකට දාලා තුනී කරගන්න. උඩින් හාල්පිටි ටිකක් ඉසගන්න.
4. පැණි අළුවා
අවශ්‍ය ද්‍රව්‍ය
- හාල්පිටි ග්‍රෑම් 500
- පොල්පැණි බෝතල් 1/2
- සීනි ග්‍රෑම් 50
- කපාගත් කජු ඇති පමණ
- හාල්පිටි කබලෙ බැදලා පැත්තකින් තියාගන්න. පොල්පැණි හා සීනි එකතු කරලා උණු කරගන්න.
- පැණි උණු වෙන පදම බලාගන්න වතුර වීදුරුවකට පැණි බිංදුවක් දාලා බලන්න. වතුරෙ දිය නොවී යට යනවනම් පදම හරි. දැන් ලිපෙන් බාලා පැණි ටික ටික හාල්පිටි වලටඑකතු කරන්න.
- කජු ටිකත් දාගන්න. හොඳට කලවම් කරලා බටර් ගාගත් ට්‍රේ එකක තුනී කරලා ඉක්මණින් කෑලි කපාගන්න.
5. බටර් අළුවා
අවශ්‍ය ද්‍රව්‍ය
- හාල්පිටි ග්‍රෑම් 500
- සීනි ග්‍රෑම් 500
- බටර් ග්‍රෑම් 100
- මුද්දරස්පලම්
- රෝස් එසන්ස් තේ හැඳි 1/2 (අවශ්‍ය නම්)
- කරදමුංගු ඇට 2
- ලුණු
- හාල්පිටි කබලෙ බැදගන්න. තාච්චියකට සීනි හා වතුර කෝප්ප 1ක් දාලා කලවම් කරගන්න.
- සීනි දියවෙලා පැණිපත් වේගෙන එනකොට බටර් ටික දාලා හැඳිගාන්න. කරදමුංගු, ලුණු හා මුද්දරස්පලම් එකතු කරලා රෝස් එසන්ස් දාගන්න.
- දැන් හාල්පිටි ටික ටික කලවම් කරගන්න. මිශ්‍රණය ඝණ වේගෙන එනකොට ලිපෙන් බාලා බටර් ගාගත් තැටියකට දාලා තුනී කරගෙන උණුවෙන්ම කෑලි කපාගන්න.
Leave a Reply