එදිනෙදා ජීවිතය

කෑම්පින්ග් සෙක්ස් අත්දැකීමක් ලබාගන්න කලින්, ඒ ගැන කියවලා ඉමු!

දැන් ඔය පොඩ්ඩක් එළියට පහළියට යන්න, ඇඩ්වෙන්චර් ලයිෆ් එකක් ගත කරන්න කැමති අය ආස කරන ක්‍රියාකාරකමක්නේ කෑම්පින්ග් කියන්නේ. ඒ කියන්නේ කොහේ හරි ස්වභාව ධර්මයත් එක්ක ඉන්න පුලුවන් කඳුකරයකට, තැන්නකට, කැලේකට ගිහිල්ලා ටෙන්ට් එකක් එහෙම ගහලා කඳවුරු බඳින එකට. දැන් ඔහොම ගිහින් කඳවුරු බැන්දට පස්සේ, ඒ කියන්නේ කෑම්පින්ග් ගියාට පස්සේ මොනවද කරන්නේ? කරන්න ඉතින් කොයි තරම් දේවල් තියෙනවද? කෑම හදන එකේ ඉඳන් වැඩ කටයුතු තියෙනවා. ඊට පස්සේ කඳු නගින්න, සොබාවදර්මය එන්ජෝයි කිරීම වගේ තව ක්‍රියාකාරකම් තියෙනවා. ඊට පස්සේ කෑම්පින්ග් ගිහින් ටෙන්ට් එකේම සෙක්ස් කරන්නත් බැරිද? අපොයි පුලුවන්. කෑම්පින්ග් සෙක්ස් කියන්නේ ඉතින් ඇඩ්වෙන්චර් වලට කැමති අයට වෙනම අත්දැකීමක් තමයි. හැබැයි ඉතින් කෑම්පින්ග් සෙක්ස් කරමු කියලා නිකම්ම ගිහින් සෙක්ස් කරන්න බෑනේ. ඊට වඩා හිතන්න ඕන දේවල් තියෙනවා. ආන්න ඒ දේවල් ගැන අපි කතා කරමු!

 

01. ආරක්ෂාව ගැන ප්‍රථමයෙන් හිතමු

මේක ඉතින් කෑම්පින්ග් ගිහිල්ලා සෙක්ස් කළත් නොකළත් අනිවාර්යයෙන්ම හිතන්න ඕන දෙයක්. ඒ කියන්නේ තමන්ගේ ආරක්ෂාව. ගොඩක් වෙලාවට කෑම්පින්ග් කරන්න අපි යන්නේ එක්කෝ සම්පූර්ණයෙන්ම ස්වභාව ධර්මය වින්දනය කරන්න පුලුවන් වනාන්තර ප්‍රදේශයකට. ඒ වගේ තැනක සුන්දරත්වය වගේම තමයි, මිනිස්සුන්ට පැමිණෙන්න පුලුවන් අතුරු ආන්තරාවන්. අන්න එතකොට ඒවා ගැන විමසිලිමත් වෙන්න ඕන. ඒ ඇරෙන්න ඉතින් දැන් කාලේ ඔය කෑම්පින්ග් වලටම හදපු සයිට්ස් තියෙනවා. හැබැයි ඉතින් එහෙම තැනකට ගිහින් සෙක්ස් කරන්න හිතනවා නම්, ඒකට අනික් කෑම්පින් කරන අයගෙන් හෝ එතන පවත්වාගෙන යන අයගෙන් බාධාවක් එහෙම නොවෙයි කියලා ෂුවර් එකක් තියාගන්න වෙනවා.

 

අනික් එක, දැන් සමහර කෙනෙක්ට හිතෙන්න පුලුවන්, කෑම්පින්ග් ගිහිල්ලා එළියේ සොබාවදර්මේ විඳින ගමන් සෙක්ස් කරන්න බැරිද කියලා. බැරි නෑ, පුලුවන්. හැබැයි ඉතින් එක්කෝ ඇඟේ කූඩැල්ලෝ එල්ලෙද්දී, මැසි මදුරු සත්තු අපිව වට කරගනිද්දී සහ වෙනත් ඔය වගේ සත්තු සර්පයින්ගෙන් අතුරු ආන්තරා එන්න පුලුවන් කියලා මතක් වෙද්දී නම් සෙක්ස් ෆීලින්ග්ස් එන එකකුත් නෑ! අන්න ඒ නිසා, ආරක්ෂාකාරීව කරගන්න එකක් ටෙන්ට් එක ඇතුළේ කරගන්න කියලා තමයි අපි උපදෙස් දෙන්නේ!

 

02. ප්ලෑන් කරලා!

සෙක්ස් කරන එක සමහරු කැමතියි හොඳට ප්ලෑන් කරලා කරන්න. ඒ කියන්නේ කොහොමද සෙක්ස් කරන්නේ, මොන දේවල්ද එතනට අවශ්‍ය වෙන්නේ, ඇඳට යන්න මොනවද අඳින්නේ කියන හැමදේම සැලසුම් කරන්න සමහරු කැමතියි. එතකොට තවත් සමහරු කැමතියි අමුතුවෙන් සැලසුම් කරන්නෙ නැතුව හිතුණු වෙලාවට සෙක්ස් කරන්න. හැබැයි කෑම්පින්ග් සෙක්ස් වගේ දේකදී එහෙම ක්ෂණිකව හිතිලා සෙක්ස් කරන එක ඒ තරමට හරියන දෙයක් නෙවෙයි. ඒකට හේතු කිහිපයක්ම ඉස්සරහට කියවගෙන යනකොට තේරුම් ගන්න පුලුවන්. තව උදාහරණයක් තමයි, කෑම්පින්ග් යන පැත්තත් එක්ක අපි අඳින පළඳින දේවල් වෙනස් වෙනවා. සීතල පැත්තකදී ඉතින් ස්වෙටර් ඇඳගෙන, බ්ලැන්කට් පොරවගෙනනේ ඉන්න වෙන්නේ. එතකොට සෙක්ස් කරන්න ගියහම කොහොමද කරන්නේ කියලා හිතන්න ඕන. ඒ වගේ දේවල්.

 

තව දෙයක්. කෑම්පින්ග් සෙක්ස් වගේ දේකදී කලින් දෙන්නත් එක්ක සැලසුම් කරගන්න ඕන හරියටම දෙන්නා මොනවද කරන්නේ කියලා. ඒ කියන්නේ යෝනි සංසර්ගයකට යනවද, ගුද සංසර්ගය ට්‍රයි කරනවද, එහෙම නැතිනම් මේකින්ග් අවුට් පාට් එක විතරද කරන්නේ වගේ දේවල්. අන්න ඒ පූර්ව සැලසුම වැදගත්. එතකොට ඒකට සූදානම් වෙන්න ඕන කෑම්පින්ග් යන්න ලැහැස්ති වෙන තැන ඉඳන්.

 

03. දෙන්නටම පුලුවන් පොසිෂන්ස්

සාමාන්‍යයෙන් ඉතින් අපි සෙක්ස් කරනකොට එක පොසිෂන් එකක ඉඳගෙන ඕක කරන්නත් පුලුවන්. එහෙම නැතිනම් ඔය පෝර්න් ෆිල්ම් එකක වගේ විවිධ පොසිෂන් මාරු කර කර කරන්නත් පුලුවන්. ඔය කොයි විදියට වුණත් ගැටළුවක් නෑ, තම තමන්ගේ කැමැත්තනේ. හැබැයි මෙන්න මෙහෙම කාරණේකුත් තියෙනවා. දැන් සාමාන්‍යයෙන් ඇඳක, සෝෆා එකක සෙක්ස් කරනවා වගේ පහසුවෙන් ටෙන්ට් එකක සෙක්ස් කරන්න අමාරුයි. විශේෂයෙන්ම, ටෙන්ට් එකක් ඇතුළේ ඉඩ සීමිත හින්දා. ඒ වගේම, ටෙන්ට් එක ඇතුළේ අපිට වැතිරෙන්න තියෙන්නේ සාපේක්ෂව රළු මතුපිටක හින්දා. ටෙන්ට් එකක් ඇතුළේ ගෙදර ඇඳේ වගේ මෙට්ට නැහැනේ. අන්න ඒ නිසා උදාහරණයක් විදියට ඔය දණ ගහගෙන සෙක්ස් පොසිෂන් එහෙම හරියන එකක් නෑ. හැබැයි ඉතින් ක්‍රියේටිව් වෙන්න ඕන.

 

04. ටෙන්ට් එක වැනසෙන්න දෙන්න එපා!

දැන් කෑම්පින්ග් ගිහින් සෙක්ස් කරන්න වෙන්නේ ටෙන්ට් එකක් ඇතුළෙනේ. දැන් ගෙදර හරි, හොටෙල් එකක හරි නම් සෙක්ස් කරලා ඉවර වෙලා වොෂ් රූම් එකට ගිහිල්ලා පිරිසිදු වෙන්න කාරිය පුලුවන්. හැබැයි ටෙන්ට් එකක් ඇතුළේ එව්වා කරන්න විදියක් නැහැනේ. අනික අමතක කරන්න එපා. සෙක්ස් කරනවා කියන්නෙම දෙන්නට දෙන්නගේ ශරීර තරල දෙන්නට දෙන්නාගේ ඇඟේ ගෑවෙන වැඩක්. අන්න එතකොට අපි කලින්ම හිතන්න ඕන අපිව පිරිසිදු කරගන්නේ කොහොමද කියන එක ගැනත්. සාමාන්‍යයෙන් කෑම්පින්ග් ගිහිල්ලා සෙක්ස් කරපු අය නම් කියන්නේ ඕකට අර බේබි වයිප්ස් (baby wipes) කියලා කියන පොඩි දරුවන්ව පිරිසිදු කරන්න ගන්න එව්වා හොඳයි කියලා. ඒ ඇරෙන්න සුවඳ කවපු නැති වෙට් වයිප්ස් (wet wipes) වුනත් ඕකට හොඳ විකල්පයක්. සාමාන්‍ය ටිෂූ පාවිච්චි කළාට කමක් නෑ වෙන කරන්නම දෙයක් නැතිනම්. හැබැයි ඉතින් ටෙන්ට් එක ඇතුළේ සාමාන්‍ය ටිෂූ තෙමලා පාවිච්චි කරන්න යන එක මුළු ටෙන්ට් එකම හැඩි වෙන වැඩක්නේ. අන්න ඒ නිසා, උඩ කියපු විදියේ බේබි වයිප්ස් හරි වෙට් වයිප්ස් හරි ගෙනියන්න, සෙක්ස් කළාට පස්සේ තමන්ව පිරිසිදු කරගන්න.

 

ඒ වගේම, කෑම්පින්ග් සෙක්ස් වලට කොන්ඩම් පාවිච්චි කරන එකත් පිරිසිදුකම රැකගන්න වඩාත් ප්‍රතිඵලදායකයි. ටෙන්ට් එක වැනසෙන ඉඩ අඩුයි.

 

05. ටෙන්ට් එක ඇතුළේ රස්නෙයි වගේ

අපි සාමාන්‍යයෙන් සීතල පළාතක කෑම්පින්ග් කරන්න ගියත්, ටෙන්ට් එක සම්පූර්ණයෙන්ම වහලා ටෙන්ට් එක ඇතුළේ ඉන්න කොට ටිකක් රත් වෙන්න පටන් ගන්නවා. ඒ කියන්නේ සීතල නැති වෙන ආතල් රස්නයක් නෙවෙයි. ඊට වඩා, අර අපේ ප්‍රශ්වාස වාතය රැඳුණු පොඩි අවකාශයක ඉන්නකොට දැනෙන අප්සට් රස්නේ ගැන අපි මේ කියන්නේ. මේ තත්වය තවත් අමාරුයි සීතල නැති පළාතක, එහෙම නැතිනම් රස්නේ කාලෙක. අන්න ඒකට කරන්න පුලුවන් දෙයක් තමයි, ටෙන්ට් එකේ සිප් එක බාගෙට ඇරලා තියන එක. එහෙම නැතිනම් ගොඩක් ටෙන්ට් වල ඩබල් ලේයර්ස් විදියට තමයි දොර එන්නේ. ඒ කියන්නේ ඇතුළත සිපර් එකක් තියෙනවා. ඒක ඇරියට පස්සේ තව පිටත සිපර් එකක් තියෙනවා. අන්න එහෙම වෙලාවට එක ලේයර් එකක් අන්සිප් කරලා ඇරලා තිබ්බහම ගොඩක් වෙලාවට අවුලක් වෙන්නෙ නෑ.

 

06. ලූබ් පැකට්!

සෙක්ස් කරනකොට ලුබ්‍රිකන්ට් වල තියෙන වැදගත්කම ගැන අපි කලිනුත් කියලා තියෙනවනේ. විශේෂයෙන්ම යෝනි නොවෙන සංසර්ගයකට, ඒ කියන්නේ ගුද සංසර්ගයකට එහෙම යනවා නම්, ලූබ්‍රිකන්ට් තියන එක අත්‍යවශ්‍යයි. එතකොට යෝනි සංසර්ගයට වුණත් ලුබ්‍රිකන්ට් තියෙන එක හොඳයි කියලා අපි කලිනුත් කියලා තියෙනවා. හැබැයි ඉතින් කෑම්පින්ග් යනකොට අපි අරගෙන යන්නේ සෙක්ස් කරන්න අවශ්‍ය දේවල් විතරක් නෙවෙයිනේ. තව සෑහෙන්න දේවල් අරගෙන යනවා. අන්න එතකොට, ඔය ලූබ් බොට්ල් එකක්, වැස්ලින් බෝතලයක් එහෙම අරගෙන යන්න ඉඩ වැය කරන්න අමාරු වෙන්න පුලුවන්. අන්න එතකොට හොඳම විසඳුම තමයි පොඩි සැෂේ පැකට් විදියට තියෙන ලුබ්‍රිකන්ට්. ඔව්, ඒ විදියට ලූබ් ගන්න තියෙනවා.  හැබැයි තව දෙයක්, එහෙම ලූබ් සැෂේ පැකට් ගෙනිහින්, පාවිච්චි කරලා, හිස් පැකට් තැන තැන දාලා එන්න නම් එපා. එව්වා ෂොපින් එකක දාලා ඔතලා ආයෙමත් අරන් ඇවිත් හරි විදියට ඉවතලන්න ඕන කියන එකත් මතක තියාගන්න.

 

07. මදුරු ස්ප්‍රේ!

දැන් අපි ගිහින් කඳවුරු බඳින්නේ වනාන්තරයක, කඳුකරයක, එළිමහන් බිමක හරි ඒ වගේ විවෘත සොබාවික තැනකනේ. සාමාන්‍යයෙන් ගොඩක් අයගේ ඔලුවට එන්නේ ඒ වගේ තැන්වල තියෙන සොබාවික සෞන්දර්‍යය ගැන තමයි. හැබැයි ගොඩක් අයට අමතක වෙන්නේ ඒ තැන්වල තියෙන ප්‍රැක්ටිකල් ප්‍රශ්න. උදාහරණයක් විදියට, ඔය වගේ ඕන තැනක පට්ට විදියට මදුරුවෝ ඉන්නවා ඕයි! එතකොට සෙක්ස් කරන්න ගත්තහම මදුරුවෝ ඇවිත් අනින්න ගත්තහම ආයෙ සෙක්ස් එපා වෙනවා. දැන් ඕකට පිළියම විදියට ටෙන්ට් එක ඇතුළේ මදුරු කොයිල් පත්තු කරන්නද? අමාරුයිනේ. ආන්න ඒ නිසා, හොඳම විසඳුම තමයි, කෑම්පින් යනකොට මදුරුවෝ එන්නෙ නැතිවෙන්න ස්ප්‍රේ කරන එකක් අරගෙන යන එක. අර Bug Repellent Spray එකක් වුණත් ගැටළුවක් නෑ. හැබැයි ඒක අමාරුයි වගේ නම්, මදුරුවෝ එළවන්න පුලුවන් විදියේ, බැටරි බලයෙන් වැඩ කරන වේපරයිසර් වර්ග එහෙමත් තියෙනවා.

 

කෑම්පින්ග් සෙක්ස් ගැන කියනකොට, ඒකට ලඟින් යන, යම් තරමකට කෑම්පින්ග් සෙක්ස් වලටත් අදාළ වෙන තව ටොපික් දෙකක් අපි කතා කරලා තියෙනවා මීට කලින්. අන්න ඒ දෙකත් කියවලා එන එක ප්‍රයෝජනවත් වෙයි.

 

ගාර්ඩන් එකේ සෙක්ස් කරමුද? ඊට කලින් මේ ටිප්ස් ටික කියවලා ඉමු.

එලිපහලියේ සෙක්ස් කරමුද? නඩුවක් වැටෙයිද? එහෙනම් ඊට කලින් මේ උපදෙස් හිතට අරගෙන ඉමුද?

admin

Share
Published by
admin

Recent Posts

සැටලයිට් නැතිනම් චන්ද්‍රිකා ගැන මේ කාරණා ඔබ දැනගෙන හිටියාද?

සැටලයිට් නැතිනම් චන්ද්‍රිකා ගැන මේ දවස් වල සෑහෙන කතාබහක් ඇතිවෙලා තියනවානේ. ඒ කතා බහ පටන්…

7 months ago

දරුවන් හදන කොට දෙමව්පියෝ කරන වැරදි, හැබැයි සමාජයේ ගොඩක් අය හිතාගෙන ඉන්නේ මේවා තමයි දෙමාපියන්ගේ ආදරය කියලා!

දරුවන් හදනවා කියන්නේ ලේසි වැඩක් නෙවෙයි. දෙන්නෙක් කසාද බැඳලා සෙක්ස් කිරීම පමණක්, ඒ සෙක්ස් කිරීමේදී…

8 months ago

කොල්ලගේ අම්මා එක්ක මෙන්න මේ දේවල් කවදාවත් කරන්න යන්න එපා!

මේ ආටිකල් එක අපි ලියන්නේ ගෑනු ළමයින් වෙනුවෙන්මයි. දැන් බෝයිෆ්‍රෙන්ඩ් කෙනෙක් එහෙම ඉන්න ගෑණු ළමයෙක්…

8 months ago

ශිෂ්‍යයෙක් විදිහට ඔබගේ අනාගත වෘත්තීය ක්ෂේත්‍රය තෝරා ගන්නේ මෙහෙමයි!

දැන් පුංචි කාලේ අපෙන් කවුරුහරි ඇහුවොත් ලොකු වෙලා කවුරු වෙන්නද කැමති කියලා, අපිට කියන්න ගොඩක්…

8 months ago

ජීවිතේ උවමනාවට වඩා ඕනෑම නැති දේවල් කිහිපයක් – 2 කොටස

"ඕනෑවට වඩා ඕනෑම දෙයක් ඕනෑම නැත" කියල කතාවක් තියෙනවනේ. ඕකම තමයි සුද්දා කියලා තියෙන්නේ "ටූ…

8 months ago

ඇමෙරිකානුවන් සඳ මත පා තැබීම බොරුවක්ද? ඒක බොරුවක් නෙවෙයි කියන්න සාධක මෙන්න

ඇත්තටම මිනිස්සු හඳට ගියාද? ඔය ප්‍රශ්නේ, ලෝකෙ පුරා ඉන්න ගොඩක් අය අහන දෙයක්. එහෙම අහන්න…

8 months ago