විනෝදාත්මක

ඔබ අනිවාර්යයෙන්ම නැරඹිය යුතු ඉන්දියානු වෙබ් සීරීස් හතක් – 2 වැනි කොටස

අපි පහුගිය සතියකත් හොඳම ඉන්දියානු වෙබ් සීරීස් 7ක් ගැන ලිපියක් අරන් ආවා ඔයාලට මතක ඇති. මේ ලියවෙන්නේ එහි දෙවැනි කොටස. දෙවැනි කොටස වුණාට මේ ලිපියෙන් අපි කියන වෙබ්සීරීස් 7 අපේ මුල් ලිපියේ වෙබ්සීරීස්වලට දෙවෙනි වෙන්නෙ නම් නෑ. 

 

 

1. Bombay Begums 

“ලිප්ස්ටික් අන්ඩර් මයි බුර්කා” චිත්‍රපටය අධ්‍යක්ෂණය කළ අලන්ක්‍රිතා ශ්‍රිවස්තාව කියන අධ්‍යක්ෂකවරිය තමයි මේ කතාමාලාවත් අධ්‍යක්ෂණය කරන්නේ. මේක නම් ටිකක් මෑතකදී ආපු සුපිරි වැඩක්. ජීවිතයේ විවිධ ගමනාන්ත කරා යන කාන්තා චරිත 5ක් කේන්ද්‍ර කරගෙන ගලායන කතාවක් මේක. තරමක් ස්ත්‍රීවාදි පැත්තට බර තේමාවක් වුණත් හැමෝටම රසවිඳින්න පුළුවන් නිර්මාණයක්. ආ තව දෙයක්… මේකේ ප්‍රධාන චරිතයට රංගනයෙන් දායක වෙන්නේ අනූව දශක​යේ ජනප්‍රිය රංගන ශිල්පිනියක් වූ පූජා බාත්.

 

2. Criminal Justice 

මේකත් ඉන්දියානු වෙබ් සීරිස් වලින් උඩින්ම තියන්න පුළුවන් තවත් වෙබ් සීරිස් එකක්. මේ වෙද්දී මේකේ සීසන් දෙකක්ම එළිදක්වා අවසන්.  ඒ දෙක එකකට එකක් වෙනස් අපරාධ දෙකක් පාදක කරගෙන හැදුණු සීසන් දෙකක්. Criminal Justice පළවෙනි සීසන් එකේ කතාව සමන්විත වෙන්නේ මිනීමැරුමකට වරදකරු වෙන තරුණයෙක්ගේ නිර්දෝෂීබව ඔප්පු කරන්න නීතීඥවරයෙක් ඇතුළු පිරිසක් දරණ උත්සාහයකින්. වික්‍රාන්ත් මැසී සහ පංකජ් ට්‍රිපාති තමයි මෙහි ප්‍රධාන චරිත රඟ දක්වන්නේ. අවසානය දක්වා කුතුහලය රඳවගනිමින් ගලායන, ඔබ නැරඹිය යුතුම වෙබ්සීරීස් එකක් මේක. 

 

3. Breathe 

මේකත් ඉතින් ගොඩක් ජනප්‍රිය වුණු නිර්මාණයක් වගේම ගොඩක් ධනාත්මක ප්‍රතිචාර ලබාගත්තු හො​ඳ නිර්මාණයක් කියලා කියන්න පුළුවන්. මේක හරිම සංවේදී වගේම කුතුහලයෙන් යුතු කතාවක්. අවයව පරිත්‍යාග කරන්නට ලියාපදිංචි වී සිටින පුද්ගලයන්ව ඝාතනය කරන මිනීමරුවෙක් ගැන කතාවක් තමයි මේ වෙබ්සීරීස් එකේ තියෙන්​නේ. මිනීමරුවා එහෙම අවයව පරිත්‍යාග කරන්නන්​ව දඩයම් කරන්න බලපාන විශේෂ හේතුවකුත් තියනවා. ඉතින් මේ වෙබ්සීරීස් එක බලලා මිනීමරුවාගේ අරමුණ සාධාරණද අසාධාරණද කියලා ඔබම තීරණය කරන්න.

 

4. Ghoul 

අපේ මේ ලිපියේ සඳහන් වෙ​න අනික් නිර්මාණ වලට සාපේක්ෂව අඩු කතාංග එකතුවකින් සමන්විත නිර්මාණයක් තමයි මේ Ghoul වෙබ් සීරීස් එ​ක. මේකට රංගනයෙන් දායක වෙන්නේ ගොඩක් OTT නිර්මාණයන් වලට රංගනයෙන් දායක වුණු රාධිකා ආප්තේ. ඒ වගේමයි මේක හොරර් පැත්තට බර නිර්මාණයක්. අනාගත කාලයකදී ඉන්දියා​වේ දිගහැරෙන කතාවක් හැටියට තමයි මේක නිර්මාණය කරල තියෙන්නේ. හමුදා අත්අඩංගුවට පත්වන අද්භූත සිරකරු​වෙකු වටා ​ගොඩ නැගෙන මේ කතා​වේ මුළු කතාං​ග තුනම කුතුහලයෙන්, එක හුස්මට බලන්න පුළුවන්. ​ඒ වගේම බැලුවට පාඩු නැති නිර්මාණයක් කියලත් කියන්න පුළුවන්.

 

5. Leila 

මේක නම් ඇත්තටම ගොඩක් වෙනස්ම නිර්මාණයක්. මොකද මේ කතාව දිගහැරෙන්​නේ අනාගත කාලයේ පවති​න කල්පිත ඉන්දියානු සමාජයක් තු​ළ. උග්‍ර ජල හිඟයෙන් සහ පිරිසිදු වාතය හිඟවීමෙන් පීඩා විඳිමින් ජනතාව දුෂ්කර කාල පරිච්ඡේදයක් තමයි ගත කරමින් යන්නේ. ඒ අතරතුර කාලයේ තමන්ගෙන් පැහැරගත් තම දියණිය සොයා යන මවකගේ කතාව තමයි මෙහි ප්‍රධාන කතා තේමාව වෙන්නේ. උඩින් පෙන්වන කතාවට යටින් බො​හොම ගැඹුරු අරුත් මතු කරමින් රසවිඳින්න පුළුවන් මේ කතාමාලාව නවකතාවක් ඇසුරින් තමයි නිර්මාණය කරලා තියෙන්නේ. ලෙයිලා නමින්ම යුතු වූ ඒ නවකතාව ප්‍රයාග් අක්බාර් නම් කතුවරයෙක්ගේ රචනයක්. මේ කතාමාලාව අධ්‍යක්ෂණය කර ති​බෙන්නේ ආන්දෝලනාත්මක සිනමා නිර්මාණ බිහිකිරී​ම​ට ප්‍රක​ට අධ්‍යක්ෂකවරියක් වන දීපා මෙහෙතායි.

 

6. Four More Shots Please

 මේක ලංකාවේ එතරම් ජනප්‍රිය නොවුණ​ට ඉන්දියානු OTT ප්‍රේක්ෂකයන් අතර ඉහ​ළ ජනප්‍රියත්වයක් ලබා ගන්න සමත්වුණු වෙබ්සීරීස් එකක්.  මේ නිර්මාණයෙන් හමුවන ප්‍රධාන චරිත හත​රම වයස විසි, තිස් ගණන්වල පසුව​න කාන්තාවන්. එකිනෙකාට වෙනස් ජීවිත ගෙවමින් එකිනෙකාට වෙනස් දේ වෙනුවෙන් සටන් වදි​න ඔවුන්​ගේ අවශ්‍යතා, ගැටළු ස​හ ඒවා සමග ඔවුන් ගැටෙන හැටි ​මෙහි කතා​වේ අන්තර්ගතයි. මේකෙ දැනට සීසන් දෙකක් ඇවිත් තියෙනවා. තුන්වැනි සීසන් එකත් ඉදිරියේදී එළිදක්වන්න නියමිත බව දැනගන්නට ලැබෙනවා.

 

7. Aarya 

මේක ගොඩක් ජනප්‍රිය නිර්මාණයක් වගේම සම්මාන සහ නිර්දේශයන් හිමිවුණු නිර්මාණයක්. මෙහි ප්‍රධාන චරිතයක් රඟපාන සුශ්මිතා සෙන් විසින් 2020 වසරේ ෆිල්ම්ෆෙයාර් OTT සම්මාන උළෙලේදී මෙහි රංගනය වෙනුවෙන් හොඳම නිළියට හිමි සම්මානයත් හිමිකර ගනු ලැබුවා. ඇය වසර දහයකට විතර පස්සේ දායක වුණු පළමු නිර්මාණය සහ ඇයගේ පළමු OTT නිර්මාණ දායකත්වය මෙය වීමත් විශේෂයි. තමන්ගේ සැමියාව මරා දැමූවන්ගෙන් පළිගන්න උත්සාහ කරන කාන්තාවකගේ චරිතයක් තමයි ඇය මේ කතාමාලාවේදී රඟ දක්වන්නේ. නෙදර්ලන්​තයේ ජනප්‍රිය ටෙලිමාලාවක් ඇසුරින් නිර්මාණය කළ කතාමාලාවක් වුණාට රසවින්දනයේ කිසිම අඩුවක් නැතුව නරඹන්න පුළුවන් කතාවක් වේවි මෙයත්.

 

ශශින් ප්‍රබෝද්

 

admin

Share
Published by
admin

Recent Posts

සැටලයිට් නැතිනම් චන්ද්‍රිකා ගැන මේ කාරණා ඔබ දැනගෙන හිටියාද?

සැටලයිට් නැතිනම් චන්ද්‍රිකා ගැන මේ දවස් වල සෑහෙන කතාබහක් ඇතිවෙලා තියනවානේ. ඒ කතා බහ පටන්…

7 months ago

දරුවන් හදන කොට දෙමව්පියෝ කරන වැරදි, හැබැයි සමාජයේ ගොඩක් අය හිතාගෙන ඉන්නේ මේවා තමයි දෙමාපියන්ගේ ආදරය කියලා!

දරුවන් හදනවා කියන්නේ ලේසි වැඩක් නෙවෙයි. දෙන්නෙක් කසාද බැඳලා සෙක්ස් කිරීම පමණක්, ඒ සෙක්ස් කිරීමේදී…

8 months ago

කොල්ලගේ අම්මා එක්ක මෙන්න මේ දේවල් කවදාවත් කරන්න යන්න එපා!

මේ ආටිකල් එක අපි ලියන්නේ ගෑනු ළමයින් වෙනුවෙන්මයි. දැන් බෝයිෆ්‍රෙන්ඩ් කෙනෙක් එහෙම ඉන්න ගෑණු ළමයෙක්…

8 months ago

ශිෂ්‍යයෙක් විදිහට ඔබගේ අනාගත වෘත්තීය ක්ෂේත්‍රය තෝරා ගන්නේ මෙහෙමයි!

දැන් පුංචි කාලේ අපෙන් කවුරුහරි ඇහුවොත් ලොකු වෙලා කවුරු වෙන්නද කැමති කියලා, අපිට කියන්න ගොඩක්…

8 months ago

ජීවිතේ උවමනාවට වඩා ඕනෑම නැති දේවල් කිහිපයක් – 2 කොටස

"ඕනෑවට වඩා ඕනෑම දෙයක් ඕනෑම නැත" කියල කතාවක් තියෙනවනේ. ඕකම තමයි සුද්දා කියලා තියෙන්නේ "ටූ…

8 months ago

ඇමෙරිකානුවන් සඳ මත පා තැබීම බොරුවක්ද? ඒක බොරුවක් නෙවෙයි කියන්න සාධක මෙන්න

ඇත්තටම මිනිස්සු හඳට ගියාද? ඔය ප්‍රශ්නේ, ලෝකෙ පුරා ඉන්න ගොඩක් අය අහන දෙයක්. එහෙම අහන්න…

8 months ago