අපි පහුගිය සතියකත් හොඳම ඉන්දියානු වෙබ් සීරීස් 7ක් ගැන ලිපියක් අරන් ආවා ඔයාලට මතක ඇති. මේ ලියවෙන්නේ එහි දෙවැනි කොටස. දෙවැනි කොටස වුණාට මේ ලිපියෙන් අපි කියන වෙබ්සීරීස් 7 අපේ මුල් ලිපියේ වෙබ්සීරීස්වලට දෙවෙනි වෙන්නෙ නම් නෑ.
1. Bombay Begums
“ලිප්ස්ටික් අන්ඩර් මයි බුර්කා” චිත්‍රපටය අධ්‍යක්ෂණය කළ අලන්ක්රිතා ශ්රිවස්තාව කියන අධ්‍යක්ෂකවරිය තමයි මේ කතාමාලාවත් අධ්‍යක්ෂණය කරන්නේ. මේක නම් ටිකක් මෑතකදී ආපු සුපිරි වැඩක්. ජීවිතයේ විවිධ ගමනාන්ත කරා යන කාන්තා චරිත 5ක් කේන්ද්‍ර කරගෙන ගලායන කතාවක් මේක. තරමක් ස්ත්‍රීවාදි පැත්තට බර තේමාවක් වුණත් හැමෝටම රසවිඳින්න පුළුවන් නිර්මාණයක්. ආ තව දෙයක්… මේකේ ප්‍රධාන චරිතයට රංගනයෙන් දායක වෙන්නේ අනූව දශකයේ ජනප්‍රිය රංගන ශිල්පිනියක් වූ පූජා බාත්.
2. Criminal Justice
මේකත් ඉන්දියානු වෙබ් සීරිස් වලින් උඩින්ම තියන්න පුළුවන් තවත් වෙබ් සීරිස් එකක්. මේ වෙද්දී මේකේ සීසන් දෙකක්ම එළිදක්වා අවසන්. ඒ දෙක එකකට එකක් වෙනස් අපරාධ දෙකක් පාදක කරගෙන හැදුණු සීසන් දෙකක්. Criminal Justice පළවෙනි සීසන් එකේ කතාව සමන්විත වෙන්නේ මිනීමැරුමකට වරදකරු වෙන තරුණයෙක්ගේ නිර්දෝෂීබව ඔප්පු කරන්න නීතීඥවරයෙක් ඇතුළු පිරිසක් දරණ උත්සාහයකින්. වික්‍රාන්ත් මැසී සහ පංකජ් ට්‍රිපාති තමයි මෙහි ප්‍රධාන චරිත රඟ දක්වන්නේ. අවසානය දක්වා කුතුහලය රඳවගනිමින් ගලායන, ඔබ නැරඹිය යුතුම වෙබ්සීරීස් එකක් මේක.
3. Breathe
මේකත් ඉතින් ගොඩක් ජනප්‍රිය වුණු නිර්මාණයක් වගේම ගොඩක් ධනාත්මක ප්‍රතිචාර ලබාගත්තු හොඳ නිර්මාණයක් කියලා කියන්න පුළුවන්. මේක හරිම සංවේදී වගේම කුතුහලයෙන් යුතු කතාවක්. අවයව පරිත්‍යාග කරන්නට ලියාපදිංචි වී සිටින පුද්ගලයන්ව ඝාතනය කරන මිනීමරුවෙක් ගැන කතාවක් තමයි මේ වෙබ්සීරීස් එකේ තියෙන්නේ. මිනීමරුවා එහෙම අවයව පරිත්‍යාග කරන්නන්ව දඩයම් කරන්න බලපාන විශේෂ හේතුවකුත් තියනවා. ඉතින් මේ වෙබ්සීරීස් එක බලලා මිනීමරුවාගේ අරමුණ සාධාරණද අසාධාරණද කියලා ඔබම තීරණය කරන්න.
4. Ghoul
අපේ මේ ලිපියේ සඳහන් වෙන අනික් නිර්මාණ වලට සාපේක්ෂව අඩු කතාංග එකතුවකින් සමන්විත නිර්මාණයක් තමයි මේ Ghoul වෙබ් සීරීස් එක. මේකට රංගනයෙන් දායක වෙන්නේ ගොඩක් OTT නිර්මාණයන් වලට රංගනයෙන් දායක වුණු රාධිකා ආප්තේ. ඒ වගේමයි මේක හොරර් පැත්තට බර නිර්මාණයක්. අනාගත කාලයකදී ඉන්දියාවේ දිගහැරෙන කතාවක් හැටියට තමයි මේක නිර්මාණය කරල තියෙන්නේ. හමුදා අත්අඩංගුවට පත්වන අද්භූත සිරකරුවෙකු වටා ගොඩ නැගෙන මේ කතාවේ මුළු කතාංග තුනම කුතුහලයෙන්, එක හුස්මට බලන්න පුළුවන්. ඒ වගේම බැලුවට පාඩු නැති නිර්මාණයක් කියලත් කියන්න පුළුවන්.
5. Leila
මේක නම් ඇත්තටම ගොඩක් වෙනස්ම නිර්මාණයක්. මොකද මේ කතාව දිගහැරෙන්නේ අනාගත කාලයේ පවතින කල්පිත ඉන්දියානු සමාජයක් තුළ. උග්‍ර ජල හිඟයෙන් සහ පිරිසිදු වාතය හිඟවීමෙන් පීඩා විඳිමින් ජනතාව දුෂ්කර කාල පරිච්ඡේදයක් තමයි ගත කරමින් යන්නේ. ඒ අතරතුර කාලයේ තමන්ගෙන් පැහැරගත් තම දියණිය සොයා යන මවකගේ කතාව තමයි මෙහි ප්‍රධාන කතා තේමාව වෙන්නේ. උඩින් පෙන්වන කතාවට යටින් බොහොම ගැඹුරු අරුත් මතු කරමින් රසවිඳින්න පුළුවන් මේ කතාමාලාව නවකතාවක් ඇසුරින් තමයි නිර්මාණය කරලා තියෙන්නේ. ලෙයිලා නමින්ම යුතු වූ ඒ නවකතාව ප්‍රයාග් අක්බාර් නම් කතුවරයෙක්ගේ රචනයක්. මේ කතාමාලාව අධ්‍යක්ෂණය කර තිබෙන්නේ ආන්දෝලනාත්මක සිනමා නිර්මාණ බිහිකිරීමට ප්‍රකට අධ්‍යක්ෂකවරියක් වන දීපා මෙහෙතායි.
6. Four More Shots Please
මේක ලංකාවේ එතරම් ජනප්‍රිය නොවුණට ඉන්දියානු OTT ප්‍රේක්ෂකයන් අතර ඉහළ ජනප්‍රියත්වයක් ලබා ගන්න සමත්වුණු වෙබ්සීරීස් එකක්. මේ නිර්මාණයෙන් හමුවන ප්‍රධාන චරිත හතරම වයස විසි, තිස් ගණන්වල පසුවන කාන්තාවන්. එකිනෙකාට වෙනස් ජීවිත ගෙවමින් එකිනෙකාට වෙනස් දේ වෙනුවෙන් සටන් වදින ඔවුන්ගේ අවශ්‍යතා, ගැටළු සහ ඒවා සමග ඔවුන් ගැටෙන හැටි මෙහි කතාවේ අන්තර්ගතයි. මේකෙ දැනට සීසන් දෙකක් ඇවිත් තියෙනවා. තුන්වැනි සීසන් එකත් ඉදිරියේදී එළිදක්වන්න නියමිත බව දැනගන්නට ලැබෙනවා.
7. Aarya
මේක ගොඩක් ජනප්‍රිය නිර්මාණයක් වගේම සම්මාන සහ නිර්දේශයන් හිමිවුණු නිර්මාණයක්. මෙහි ප්‍රධාන චරිතයක් රඟපාන සුශ්මිතා සෙන් විසින් 2020 වසරේ ෆිල්ම්ෆෙයාර් OTT සම්මාන උළෙලේදී මෙහි රංගනය වෙනුවෙන් හොඳම නිළියට හිමි සම්මානයත් හිමිකර ගනු ලැබුවා. ඇය වසර දහයකට විතර පස්සේ දායක වුණු පළමු නිර්මාණය සහ ඇයගේ පළමු OTT නිර්මාණ දායකත්වය මෙය වීමත් විශේෂයි. තමන්ගේ සැමියාව මරා දැමූවන්ගෙන් පළිගන්න උත්සාහ කරන කාන්තාවකගේ චරිතයක් තමයි ඇය මේ කතාමාලාවේදී රඟ දක්වන්නේ. නෙදර්ලන්තයේ ජනප්‍රිය ටෙලිමාලාවක් ඇසුරින් නිර්මාණය කළ කතාමාලාවක් වුණාට රසවින්දනයේ කිසිම අඩුවක් නැතුව නරඹන්න පුළුවන් කතාවක් වේවි මෙයත්.
ශශින් ප්‍රබෝද්
Leave a Reply