එදිනෙදා ජීවිතය

කෙල්ලොන්ට සාධාරණ විදියට මල පනින එදිනෙදා ජීවිතයේ ඇබැද්දි

කෙල්ලෙක් වෙන එක පට්ට ම පට්ට ය. අනෙක් පාර්ශ්වය ඉඳලා හිටලා කෝචෝක් පාරක් දැම්මට ගෑල්ළමයින්ට හෙනට ම ආදරේ ය. අනේ ඒ වුණත් එච්චර පට්ට ආදරණීය කෙල්ලොන්ට උදේ හවා දවස ගාණේ වෙන පොඩි පොඩි වාත වැඩ ටිකක් තියනවා. මේවා සතපහකට වැඩක් නැති සෑහෙන සරල සිද්ධි වගේ පේන්න පුළුවන්. හැබැයි ඉතින් ඒ ඉහේ අමාරුවේ සැප දන්නේ කෙලි පැටික්කියොම තමයි.

 


1. අඳින්න ඇඳුමක් නැති හැටි


අල්මාරිය පිරෙන්න ඇඳුම් තියෙන්න පුළුවන්, එහෙම නැති වෙන්න පුළුවන්, ඔය මොන තත්ත්ව තිබ්බත් එළියට යන්න බලනකොට අඳින්න හොඳ ඇඳුමක් නෑ. එච්චර කැටයම් තියෙන ඇඳුමකුත් නෙවෙයි ඉතින් මේ හොයන්නේ තමන්ට පහසු ඇඟට වගේ ම හිතටත් ෆිට් වෙන ඇඳුම. ඒක එක්කෝ හෝදන්න දාලා වේලිලා නෑ, නැත්තන් හොයාගන්න ම වෙන්නේ නෑ. ඉතින් මුළු අල්මාරිය ම අදින්න වෙනවා. ඒ අස්සේ ටැග් එකවත් කඩපු නැති මෙලෝ රහක් නැති ඇඳුම් හම්බ වෙනවා. තෙත පිටින් හරි හැමදාම අඳින ඩෙනිමයි ටොප් එකයි ඇඳන් යන්න හිතෙන්නේ මේ වෙලාවට තමයි.

 


2. හැම අතින්ම වද දෙන කොණ්ඩේ


කාර් එකේ සීට් බෙල්ට් එකට, බෑග් එකක් කරේ දාගද්දී ඒකේ පටියට අහුවෙන කරදරකාර කොණ්ඩේ එක්ක මුකුත් කරන්න බෑ. පොඩි හුළං පාරක් ආවත් ඇති යකා නටපු අන්නාසි වත්ත වගේ. කොණ්ඩේ බැඳන් හිටියා නැතා වෙනසක් නෑ. වොෂ් එකක් දාලා එළියට එන්න හදනකොට මුළු ගලි කවරයම වහගෙන කොණ්ඩා කෑලි. කොණ්ඩේ කොටට තමන්ට කැමති විදියට තියන් හිටියොත් වටේම ඉන්න කොලු බලු සේනා ඉඳන් ඇන්ටිලා වෙනකන් කොණ්ඩේ වවන්න උපදෙස් දෙනවා.

 


3. බ්‍රා එල ද බ්‍රා?


බ්‍රා එකක් දවස තිස්සේ ම ගෑල්ළමයි ඇඳන් ඉන්නේ ඉක්මනට ගෙදර ගිහින් මේක ගලවලා දාලා ඇඳට වැටෙන්නේ කීයටද කියලා හිත හිතා. සමහර ඒවට කැපෙනවා, ඇනෙනවා, මොකක් හරි ටැග් එකක් හමේ වැදි වැදී තියනවා. බ්‍රා එකක් ඇඳන් ඉන්න එක අවශ්‍යම දෙයක් වුණත් මේ දේවල් එක්ක ඒක අනවශ්‍ය විදියට ඔලුවට පැටවුණ බරක් බවට පත් වෙනවා.

 


4. යූටියුබ් ටියුටෝරියල් කියන්නේ රොකට් සයන්ස්


පොඩි මේකප් එකක් නැත්තන් හෙයාර්ස්ටයිල් එකක් දාගන්න, නේල් ආර්ට් එකක් බලාගන්න, ආසා කරන කෑමක් හදන හැටි බලාගන්න දැන් ඉතින් ඇඟිලි තුඩේ දුරනේ. එහෙම හිතන් බලන්න පටන් ගන්නවා යූටියුබ් එකේ ඔය සම්බන්ධයෙන් තියන ටියුටෝරියල්. බලනකොට ආසාවෙන් බලතෑකි. ඒත් එක්ක ම ඕව කරන්න යනකොට තමයි බඩත් එක්ක දන්න ගන්නේ. අවශ්‍ය කළමනාවල ඉඳන් කරන දේවල් දක්වා පොඩ්ඩ පොඩ්ඩ නවත්ත නවත්තා බැලුවත් ඕවා ඇඟටම වදින්නේ කීපයකටයි.

 


5. අම්මා නැතිවෙලේම මුන් එන හැටි


දේවල් වෙන්නේ අපි නොහිතනම තත්පරේක දී කියලා ඔය හෙන රොමෑන්ටික් නවල්වල එහෙම තියෙනවනේ. ඒවයේ ආනුභූති සහ ආත්ම කථන ඔක්කොම සුද්දයි අම්මා නැති වෙලේ ගෙදරට සහ පිරිවරක් ආවම. කොල්ලෙක් තනියෙන් ඉන්නකොට වෙන සෙතේට හපන් කෙල්ල ඉඳිද්දී. නොකීවට බිස්කට් කටක් තේ වතුර ඩිංගක් කෙල්ලගෙන් බලාපොරොත්තු වෙනවා. ඒකත් කොහොමින් හරි හැදුවා කියමුකෝ. ඊට පස්සේ මොනවා හරි භජනයක් දාන් ඉන්න එපැයි. නැත්තන් හෙන අමුතුයිනේ.

 


6. ඉතිරිවන මයිලානන්දයා


අත් දෙකේ කකුක් දෙකේ තියෙන අනවශ්‍ය රෝම ඉවත් කරන එක ගෑනු ළමයි කොහොමත් කරනවා. ඒකටමයි කියලා එක එක ආලේපන සහ ගැජමැටික් එහෙමත් තියනවනේ. අනේ ඉතින් ඔය ඔක්කොගෙන්ම ගේම ගහලා අවසන් කරලා අත පිහදාගන්නකොට මෙන්න බොලේ තැනින් තැනින් මතු වෙනවා සමහර රෝම. කුකුළා හම ගහනවා වගේ මස් කඩේකට ගිහින් වැඩේ කරගන්න හිතෙන්නේ ඔය වෙලාවට තමයි.

 


7. ඔයා හොඳින් ද?

 

දැඩි අර්බුදේක ඉන්න වෙලාවක කට වහන් ඉන්නවා නම් තමයි සෑහෙන වටින්නේ. ඒ නැතුව උදව් කරන්න එනවා වගේ නිකන් බොරුවට ‘ඔයා හොඳින් ද?’ කියලා අහන්න යාමෙන් බරපතල ප්‍රතිඵල ඇති වෙන්න පුළුවන්. ඒ වගේ වෙලාවක ඉස්සෙල්ලම එයාට කතා කරන්න ඉඩ දෙන්න.

 

Thisaranie Wijayabandara

Share
Published by
Thisaranie Wijayabandara

Recent Posts

සැටලයිට් නැතිනම් චන්ද්‍රිකා ගැන මේ කාරණා ඔබ දැනගෙන හිටියාද?

සැටලයිට් නැතිනම් චන්ද්‍රිකා ගැන මේ දවස් වල සෑහෙන කතාබහක් ඇතිවෙලා තියනවානේ. ඒ කතා බහ පටන්…

7 months ago

දරුවන් හදන කොට දෙමව්පියෝ කරන වැරදි, හැබැයි සමාජයේ ගොඩක් අය හිතාගෙන ඉන්නේ මේවා තමයි දෙමාපියන්ගේ ආදරය කියලා!

දරුවන් හදනවා කියන්නේ ලේසි වැඩක් නෙවෙයි. දෙන්නෙක් කසාද බැඳලා සෙක්ස් කිරීම පමණක්, ඒ සෙක්ස් කිරීමේදී…

8 months ago

කොල්ලගේ අම්මා එක්ක මෙන්න මේ දේවල් කවදාවත් කරන්න යන්න එපා!

මේ ආටිකල් එක අපි ලියන්නේ ගෑනු ළමයින් වෙනුවෙන්මයි. දැන් බෝයිෆ්‍රෙන්ඩ් කෙනෙක් එහෙම ඉන්න ගෑණු ළමයෙක්…

8 months ago

ශිෂ්‍යයෙක් විදිහට ඔබගේ අනාගත වෘත්තීය ක්ෂේත්‍රය තෝරා ගන්නේ මෙහෙමයි!

දැන් පුංචි කාලේ අපෙන් කවුරුහරි ඇහුවොත් ලොකු වෙලා කවුරු වෙන්නද කැමති කියලා, අපිට කියන්න ගොඩක්…

8 months ago

ජීවිතේ උවමනාවට වඩා ඕනෑම නැති දේවල් කිහිපයක් – 2 කොටස

"ඕනෑවට වඩා ඕනෑම දෙයක් ඕනෑම නැත" කියල කතාවක් තියෙනවනේ. ඕකම තමයි සුද්දා කියලා තියෙන්නේ "ටූ…

8 months ago

ඇමෙරිකානුවන් සඳ මත පා තැබීම බොරුවක්ද? ඒක බොරුවක් නෙවෙයි කියන්න සාධක මෙන්න

ඇත්තටම මිනිස්සු හඳට ගියාද? ඔය ප්‍රශ්නේ, ලෝකෙ පුරා ඉන්න ගොඩක් අය අහන දෙයක්. එහෙම අහන්න…

8 months ago