ජීවිත සබඳතා

දැනුමට වැදගත් FB Group ටිකක්

දවසට තියෙන පැය 24න් පැය 20ක් වගේ ඉන්ටර්නෙට් එකේ රවුම් ගහන්න තරම් පිස්සුවක් ඇති කළේ ෆේස්බුක්. අම්මා දුන්න සල්ලිවලින් ඩේටා කාඩ් අරගෙන ඒකෙම එල්ලිලා ඉන්න ටිකට වැදගත් දෙයක් ගැන අලුතින් ඉගෙනගන්න මාර්ගයක් ලැබුනොත් කොහොමද? බුකියේ තියෙන ගෲප් ඉංග්‍රීසියෙන් කිව්වොත් සමූහ බුකියේ තියන පුස්තකාල වගේ. හැම එක ම එහෙම නැහැ. ඒත් මේවා නම් සහතික කරලා කියන්න පුළුවන් වටිනාකමක් ඇති සමූහ කියලා.

 

1. genius club   දිනියස් එකතුව மேதாவி கழகம்

Source – facebook.com

නමින් ම තේරෙනවා නේ මේකේ ඉන්නේ ජීනියස් පොරවල්. එහෙමයි කියලා අමු සැඩිකල් සීන් එකේ ඉන්නෙත් නෑ ගොබ්බයෙක් වගේ ඉන්නෙත් නෑ ගානට මිම්මට. මොකක් හරි පෝස්ට් එකක ඕනිවට වඩා රඟන්න ගියොත් සමූහයේ සාමාජිකත්වය, දාපු පෝස්ට් එක පවා අහිමි වෙන්න පුළුවන්. මේ සමූහයේ දී අලුත් දේවල් ගැන කතා වෙනවා. අතීතයේ දේවලුත් කතා වෙනවා. ඒ හැමදේ ම අපේ දැනුම් පද්ධතියත් එක්ක සම්බන්ධ වෙනවා. මොකක් හරි සමාජ සංසිද්ධියක් සම්බන්ධයෙන් එකිනෙකාට තියෙන ගැටලු පිස්සො වෙන්නේ නැතුව සාකච්ඡා කරලා විසඳගන්නවා.

මෙතනින් යන්න

 

2. සිංහල වියරණ හා පදරුත් – Sinhala Vocabulary and Grammar

Source – facebook.com

දැන් තියන ප්‍රවණතාව තමයි වෙනත් භාෂාවක් ඉගෙනගැනීම. ඔය අස්සේ අපේ භාෂාව ගැන තියන දැනුම මොට වෙලා යනවා. භාෂාවට ආදරය කරන බුකීවාසියෝ රජයන තැනක් තමයි මේ. සිංහල ව්‍යාකරණය සම්බන්ධයෙන් අපට තියන ගැටලු කතා කරලා විසඳගන්න ලැබෙනවා නම් කොච්චර දෙයක්ද!

මෙතනින් යන්න

 

3. Travel Guide Sri Lanka

Source – facebook.com

දැන් යාළුවොත් එක්ක තැන් තැන්වල සෙට් වෙන්න සිතියම් පෙරළාගෙන මග දිගට කට්ටියගෙන් අහ අහ යන්න ඕනි නැහැ. මේ සමූහයේ ඉන්නේ තනිකර ම ට්‍රැවල් පිස්සෝ.

මෙතනින් යන්න

 

4. අපි බැලු චිත්‍රපට – the great movies we watched

Source – facebook.com

චිත්‍රපටයක් බැලුවා කියන තැන ඉඳන් ඒකේ විචාරේ වෙනකම් විස්තර දැනගන්න කියාපු සමූහය. ලංකාවේ හිතනවාට වඩා හොඳ රසාස්වාදයක් තියෙන ජන කොට්ඨාසයක් ඉන්නවා කියන හැඟීම ඇතිකරවන සමූහයක්.

මෙතනින් යන්න

 

5. slas (පරිපාලන සේවා) 2014

Source – facebook.com

පරිපාලන සේවා විභාග වගේ ම තවත් ඒ වගේ රැකියා බලාපොරොත්තුවෙන් ඉන්න උපාධිධාරී හැමෝට ම මේ සමූහය ලොකු අත්වැලක්. එකිනෙකා කතා කරලා තමන්ට තියන ප්‍රශ්න විසඳගන්න පුළුවන්.

මෙතනින් යන්න

 

6. පොත් කියවන අය

Source – facebook.com

මේකත් තවත් ආසා හිතෙන විදියේ සමූහයක්. අලුත් පොත්, පරණ පොත්, හද්ද පරණ පොත් අතරින් ඕන ම පොතක් ගැන අදහසක් දැනගන්න, ඒ ගැන අනික් අයටත් කියන්න මේ සමූහය ලොකු වේදිකාවක් වෙනවා.

මෙතනින් යන්න

 

7. වංශකතාවට එහා… Beyond the Chronicle…

Source – facebook.com

ඉතිහාසය අපි ම හදාගත්තු බොරු බයිලයක් කියන අද කාලේ ගොඩක් අයියලාගේ මතය වෙනස් කරන්න පුළුවන්කම තියන සමූහයක්. ගොඩක් වෙලාවට මේකේ පෝස්ට් එක්ක් දාන්නේ ඉතිහාස විචාරඥයෝ තමයි.

මෙතනින් යන්න

 

8. පැරණි සිංහල ගී රසික හවුල Sri Lankan music fan Page

Source – facebook.com

ලංකාවේ අපේ රසිකත්වය ගැන සතුටුවෙන්න පුළුවන් සමූහයක් තමයි මේ. අද කාලේ සින්දුවල නොදකින විවිධත්වයක් පැරණි සින්දුවල තිබුණා. ඒ නිසාම ඒවා අහන්න සුවිශේෂ පාඨක පිරිසක් ඉන්නවා. මේ සමූහයේ තියන සුවිශේෂ ලක්ෂණයක් තමයි තරුණ පිරිස වැඩිවීම.

මෙතනින් යන්න

 

9. කටට රසට / Katata Rasata

Source – facebook.com

උයන්න ආස අය ඉන්න ඕනිම සමූහයක් තමයි මේ. දවසකට රෙසිපි පහකට වඩා ඉගෙනගන්න පුළුවන්. 63000කට වඩා වැඩි සාමාජික සංඛ්‍යාවක් මේ සමූහයේ ඉන්නවා. ආධුනික කෝකියන්, ගෘහණියන් වගේ අයගේ ඉඳන් පළපුරුදු කෝකියන් දක්වා විශාල පරාසයක අය මේකේ ඉන්නවා.

මෙතනින් යන්න

 

10. Online Entrepreneurs Club

Source – facebook.com

ඉන්ටර්නෙට් මනී කියන්නේ ලෝකේ මිනිස්සු සල්ලි හම්බ කරන අලුත් ම විදියේ. ලංකාවේ මේ හරහා හොඳ ව්‍යවසායකයෝ බිහිවෙනවා. මේ සම්බන්ධයෙන් උපදෙස් ගන්න, ප්‍රශ්නවලට විසඳුම් ලබාගන්න හොඳම සමූහය තමයි මේ. ක්ෂේත්‍රයට ආගන්තුක කෙනෙක්ට මේ සම්බන්ධ ප්‍රවීණයන්ගෙන් විස්තර දැනගන්න පුළුවන්.

මෙතනින් යන්න

 

11. ගීතයක අරුත සොයා යමු…

Source – facebook.com

අපි සින්දු අහනවා. හැබැයි සමහර සින්දුවල තියෙන කතාව ගැන කිසි අවබෝධයක් නෑ. වඩාත් හොඳ රසවින්දනයකට  මේ සමූහය තුළ ගීත සම්බන්ධයෙන් තියෙන කතා කියවලා දැනගන්න පුළුවන්.

මෙතනින් යන්න

 

12. The ART Gallery

Source – facebook.com

ඡායාරූපකරණයට කැමති ඔබ සිටිය යුතුම සමූහය තමයි මේ ගැලරිය. නිකන් ම නිකන් අපි ගන්න ෆොටෝස් අප්ලෝඩ් කරනවාට වඩා විශේෂඥයන්ගෙන් හොඳ ෆොටෝ එකක් ගන්නේ කොහොමද, ගානට එඩිට් කරගන්න විදිය, ඒත් එක්කම ඡායාරූප ප්‍රදර්ශන ගැන සහ අලුතින් එක් වෙන කැමරා ගැජමැටික්ස් ගැන මේ සමූහයේ කතා වෙනවා.

මෙතනින් යන්න

 
Cover Image Source – Lifie.lk
 

Thisaranie Wijayabandara

Share
Published by
Thisaranie Wijayabandara

Recent Posts

සැටලයිට් නැතිනම් චන්ද්‍රිකා ගැන මේ කාරණා ඔබ දැනගෙන හිටියාද?

සැටලයිට් නැතිනම් චන්ද්‍රිකා ගැන මේ දවස් වල සෑහෙන කතාබහක් ඇතිවෙලා තියනවානේ. ඒ කතා බහ පටන්…

7 months ago

දරුවන් හදන කොට දෙමව්පියෝ කරන වැරදි, හැබැයි සමාජයේ ගොඩක් අය හිතාගෙන ඉන්නේ මේවා තමයි දෙමාපියන්ගේ ආදරය කියලා!

දරුවන් හදනවා කියන්නේ ලේසි වැඩක් නෙවෙයි. දෙන්නෙක් කසාද බැඳලා සෙක්ස් කිරීම පමණක්, ඒ සෙක්ස් කිරීමේදී…

8 months ago

කොල්ලගේ අම්මා එක්ක මෙන්න මේ දේවල් කවදාවත් කරන්න යන්න එපා!

මේ ආටිකල් එක අපි ලියන්නේ ගෑනු ළමයින් වෙනුවෙන්මයි. දැන් බෝයිෆ්‍රෙන්ඩ් කෙනෙක් එහෙම ඉන්න ගෑණු ළමයෙක්…

8 months ago

ශිෂ්‍යයෙක් විදිහට ඔබගේ අනාගත වෘත්තීය ක්ෂේත්‍රය තෝරා ගන්නේ මෙහෙමයි!

දැන් පුංචි කාලේ අපෙන් කවුරුහරි ඇහුවොත් ලොකු වෙලා කවුරු වෙන්නද කැමති කියලා, අපිට කියන්න ගොඩක්…

8 months ago

ජීවිතේ උවමනාවට වඩා ඕනෑම නැති දේවල් කිහිපයක් – 2 කොටස

"ඕනෑවට වඩා ඕනෑම දෙයක් ඕනෑම නැත" කියල කතාවක් තියෙනවනේ. ඕකම තමයි සුද්දා කියලා තියෙන්නේ "ටූ…

8 months ago

ඇමෙරිකානුවන් සඳ මත පා තැබීම බොරුවක්ද? ඒක බොරුවක් නෙවෙයි කියන්න සාධක මෙන්න

ඇත්තටම මිනිස්සු හඳට ගියාද? ඔය ප්‍රශ්නේ, ලෝකෙ පුරා ඉන්න ගොඩක් අය අහන දෙයක්. එහෙම අහන්න…

8 months ago