සාමාන්‍යයෙන් ලිංගික හිරිහැර/ ලිංගික හිංසන ඒ කියන්නේ සමාජ ප්‍රශ්නයක්. මේ වගේ දේවල් කාන්තා පිරිමි දෙපාර්ශ්වයටම සිද්ධ වෙන්න පුළුවන්. හැබැයි, අතීතයේ ඉඳලාම ලිංගික හිරිහැර/ ලිංගික හිංසන වලට වැඩි වශයෙන් මුහුණ පාන්නේ කාන්තාවන් කියන එක අමුතුවෙන් කියන්න දෙයක් නැහැ. ඒක අදටත් එහෙමයි. ලංකාව වගේ රටක වුණත්, ඉන්දියාව වගේ රටක වුණත්, බස් එකකට කෝච්චියකට ගොඩවෙන කාන්තාවකට ලිංගික හිරිහැර/ ලිංගික හිංසන වෙන්න තියෙන ඉඩ ඉතාම වැඩියි. ඒක කනගාටුදායක කාරණයක්. හැබැයි ඊට විරුද්ධව නීතිත් මේ වෙනකොට තියෙනවා.
මේ විදිහට කාන්තාවන්ට එරෙහි ලිංගික හිරිහැර/ ලිංගික හිංසන වැඩි වැඩියෙන් තිබීම නිසාම, ඒ සම්බන්ධයෙන් ලොකු කතිකාවක් මේ වෙනකොට ඇතිවෙලා තියෙනවා. හැබැයි එතනදි වෙන තවත් ගැටලුවක් තියෙනවා. ඒ තමයි, කාන්තාවක් ලිංගික හිංසනයට හෝ හිරිහැරයට පාත්‍ර කරන්න හිතන්නේ නැති පිරිමියෙක්ව වුණත්, චෝදනාවට ලක් වෙන්න පුළුවන්. ගොඩක් වෙලාවට වැරදි වටහා ගැනීම් නිසා.
හැබැයි ඒකෙ වැරැද්ද කාන්තාවන් අතයි කියලා කියන්නත් බැහැ. මොකද, වැරදි වටහා ගැනීම් නිසා පිරිමින්ට අනිවාර්තේ ලිංගික හිංසන චෝදනා එල්ල වෙනවට වඩා, සෑහෙන්න වැඩියෙන් ඇත්තටම ලිංගික හිංසනයන් කාන්තාවන්ට විරුද්ධව සමාජයේ සිද්ධ වෙන නිසා.
ඒ කොහොම වුණත්, ඔබ පිරිමියෙක් නම්, ලිංගික හිංසනයන් හෝ ලිංගික හිරිහැර විදියට චෝදනා එල්ල වෙන්න පුළුවන් වැරදි වැටහීම් තමන් අතින් ඇති නොවීමට වගබලා ගැනීම ඇඟට ගුණයි. අපි මේ කියන්න යන්නේ ඒකට ගන්න පුළුවන් පූර්ව ආරක්ෂක උපක්‍රම ගැන.
01. වෘත්තීය භාවය ආරක්ෂා කරගන්න
මේක ගොඩක් වෙලාවට, අනිවාර්තේ ලිංගික හිංසන, ලිංගික හිරිහැර චෝදනා එල්ල වෙන්න පුළුවන් කාරණයක්. ඒ තමයි තමන්ගේ තමන්ගෙ වෘත්තියේ නියැලෙන කොට වෘත්තිමය භාවය ආරක්ෂා කර නොගැනීම. මේකට ගොඩක් දේවල් ඇතුලත් වෙනවා. තමන්ගේ වෘත්තියට පිටින් අනවශ්‍ය උදව් උදව් පදව් කරන්න යෑම, වෘත්තියට පිටින් බලපෑම් කරන්නේ යෑම වගේ ඕනම දෙයක් මෙතනට ඇතුලත් වෙනවා. ඒ වගේම තමයි, හිතන්න ඔබ ඔබේ වෘත්තියේ ලොකු තැනක ඉන්න කෙනෙක්, නැතිනම් ආයතන ප්‍රධානියෙක් කියලා. අන්න එතකොට ඔබ ඔබ යටතේ ඉන්න අයත් එක්ක ගනුදෙනු ගණුදෙනු කරන කොට, වැරදි අදහස්, වැරදි ප්‍රතිරූප එළියට නොයන්න වගබලා ගන්න ඕන. ඒ වගේම, තමන්ගෙ ස්වයං විනය සහ ස්වයං පාලනය තියාගන්න ඕන. කොටින්ම කියනවා නම් කවුරුහරි ලිංගික අල්ලස් දෙන්න හැදුවත්, ඒකට එපා කියන්න තමන්ට පාලනයක් තියෙන්න ඕන.
02. ඔෆිස් එකේ මිත්‍රකම් පරිස්සමෙන්
ඇයි අපි කියන්නේ ඔෆිස් එකක මිත්‍රකම් පරිස්සමෙන් පවත්වන්න කියලා. ඒකට හේතුව මේකයි. ඔෆිස් එකක් කියන්නේ, අපි රාජකාරි කරන්න එන තැනක්. එතකොට එකට රාජකාරි කරන අය අතරේ, සුහදත්වයක් ඇති වෙන එක මිත්‍රකම් ඇති වෙන එක ස්වභාවිකයි. හැබැයි හිතන්න, අපි කෙනෙක් එක්ක මිත්‍රකමක් පවත්වන්න හදන එක, ඒ කෙනාට කරදරයක් වුනොත්? එයා ඒක ඉහලට වාර්තා කළොත් කරදර කරනවා කියලා. ඒවා වෙන්න බැරි දේවල් නෙවෙයි. අන්න ඒ නිසා, විරුද්ධ ලිංගිකයො එක්ක, ඔෆිස් එකක මිත්‍රකම් පවත්වන්න යන්නේ පරිස්සමෙන්. ඔෆිස් එකක වුණත් ඇත්තම මිත්‍රකම්, කාලයත් එක්ක ස්වභාවිකව වර්ධනය වෙයි.
03. විහිළු කරන්නේ පරිස්සමෙන්
අපි විහිළු කරන්න කොයිතරම් ආස උනත්, විහිලු කරන්න ඕන පරිස්සමෙන් කියන එක මතක තියාගන්න. එකක් තමයි ඇස් රතුවෙන විහිලු පරිස්සමෙන්. ඒ කියන්නේ, හිත් රිදෙන්න පුළුවන්, අනිත් අය වෙනත් තේරුම් ගන්න පුළුවන් විහිලු නොකරන එක හොඳයි.
ඒ වගේම තමයි, ඔය දෙපැත්ත කැපෙන තේරුම් තියන විහිලු, ඩබල් මීනින්ග් විහිළු, අසභ්‍ය විහිලු, ලිංගික කාරණා සම්බන්ධ විහිලු එහෙම කරනකොට පොඩ්ඩක් පරිස්සමෙන්. ඒ වගේ වෙලාවට විශේෂයෙන්ම, ඒ විහිළුව කරන තැන ඉන්නෙ කවුද කියල හිතල බලන්න, ඒ වගේම, තමන් එහෙම විහිලුවක් කරන්නේ කා එක්කද කියලා හිතලා බලන්න. කොටින්ම කියනවා නම්, ඔයා ඔෆිස් එකක එහෙම ඉන්න බොක්කෙ ෆිට් කියලා හිතන කාන්තාවක් එක්ක වුණත්, එහෙම විහිලු විහිළු කරන්න නොයන එක ඇඟට ගුණයි. අපි උඩින් කිව්ව නේ ඔෆිස් වල මිත්‍රකම් පරිස්සමෙන් කියලා. ඒකම තමයි මෙතනත් කියන්න තියෙන්නෙ.
04. ඇඟට එන අය එක්ක පරිස්සමෙන්
ඇඟට එන අය කියන්නේ මෙහෙම ඒවට. දැන් කාන්තාවෝ ගත්තහම, හැමෝම හොඳයි කියන්න බැහැ. සමහරු ඉන්නවා, පිරිමින්ව කඩේ යවන්න හදන අය. ඒ කියන්නේ, නිකං යාලුවෙන්න එනවා වගේ පෙන්නලා, ඇඟට එනවා වගේ පෙන්නලා, සමහර වෙලාවට දෙන්න යනවා වගේත් පෙන්නලා, පිරිමි ලව්වා තමන්ට ඕන දේවල්, තමන්ගේ වැඩ කටයුතු කරගන්න උත්සාහ කරන අය. පළවෙනියටම ඉතින් මේ වගේ කාන්තාවන්ට ඇන්දෙන එක නවත්ත ගන්න ඕන. දෙවනියට, මතක තියාගන්න, මෙහෙම අයට ඇන්දුනත්, ඕනෑවට වඩා ලං වෙන්න ගියොත් මේ අය ආපස්සට හැරිලා, අපි ඒ ගොල්ලන්ට කරදර කරන්න ළං වුණා කියලා, චෝදනා කරන්න පුළුවන්. එහෙම කරන එක මහා දේකුත් නෙවෙයි මේ වගේ අයට. ඒ නිසා හොඳම දේ තමයි, කවුරුහරි කාන්තාවක්, ඉතාම වේගයෙන් තමන් එක්ක හිතවත් වෙන්න එනවා වගේ නම්, ඇඟට එනවා වගේ නම්, පරිස්සම් වෙන එක.
05. පොදු ප්‍රවාහනයේදී පරිස්සමෙන්
සාමාන්‍යයෙන් අපි දන්නවනේ පොදු ප්‍රවාහනයේ දී වැඩියෙන්ම ලිංගික හිරිහැරවලට ලක්වෙන්නේ කාන්තාවන්. එතකොට එහෙම ලිංගික හිරිහැරයක් කරන අදහසක් හිතේ නැති පිරිමියෙක් වුණත්, වැරැද්දකට අහුවෙන්න පුලුවන් තැන් තියනවා. අපි උදාහරණයක් ගමු. ඔන්න අපි නිදි මරලා නිදි මරලා ගෙදර යන්න බස් එකට නැගලා ඉන්නවා. එහා පැත්තෙ ගෑණු ළමයෙක් වාඩි වෙලා. අපි දවස් කීපයක් නිදි මරලා නිසාම ඔලුව කෙලින් තියාගෙන ඉන්න බැරි තරමට නිදිමතක ඉන්නේ. හැබැයි, ඔය නිදිමතේ අපේ ඔලුව, අර ගෑනු ලමයගෙ පැත්තට වැටුණොත්, අතක් එහෙම වැරදි තැනක ගෑවුණොත්, වෙන්න පුළුවන් මොකද්ද? සමහර වෙලාවට, ඒ ගෑනු ළමයා තේරුම් ගන්න පුළුවන් අපි හිතලා කරපු දෙයක් නෙවෙයි කියලා. හැබැයි ගොඩක් වෙලාවට වෙන්න පුළුවන් දේ තමයි, අපි ඕන කමින් නිදි පාට් එක දාල එහෙම කරා කියලා හිතන එක. ඒකට ඒ ගෑනු ළමයට දොස් කියන්නත් බැහැ. මොකද ඒ විදියට නිදි පාට් එක දාලා, පොදු ප්‍රවාහනයේ දී, ගෑණු ළමයින්ට වාත වෙන ඩයල් ඕන තරම් ඉන්නවා. ඒ නිසා අපිට කරන්න පුළුවන් දේ තමයි, අපි ඉන්න තත්වෙ අනුව, එහෙම වැරදි වැටහීමක් ඇති වෙන්න පුලුවන් තැන් මග අරින එක. උදාහරණ විදිහට කිව්වොත්, නිදි මතේ නම් ඉන්නේ, තනි සීට් එකක වාඩි වෙන එක කෝකටත් ගුණයි. සෙනඟ පිරුණු බස් එකක් නම්, ගෑණු ළමයෙක්ගෙ පිටිපස්සෙන් ඉන්නේ නැති එක ඇඟට ගුණයි.
06. නියුඩ්ස් එක්ක ගනුදෙනු පරිස්සමෙන්
දැන් කාලේ ආදරේ කරන අය වුණත්, සෙක්ස් විතරක් කරන අය වුණත්, එකිනෙකාගේ නිරුවත් ඡායාරූප වීඩියෝ එහෙම බෙදා හදා ගන්නවා නේ. සමහර වෙලාවට දෙන්නා සෙක්ස් කරන්න ගියාම, ගන්න වීඩියෝ ෆොටෝ වෙන්නත් පුළුවන්. හැබැයි මතක තියාගන්න ඕන, තමන්ගේ හෝ තමන් එක්ක සම්බන්ධකමක් තියෙන හෝ තිබුණු කෙනෙක් ගේ නියුඩ්ස් වුණත්, තමන්ගෙ යාලුවෙක්ගෙ එහෙම නියුඩ්ස් උණත් එක්ක ගනුදෙනු කරන්නේ පරිස්සමෙන්. අපි හිතමු අපේ ෆෝන් එකේ එහෙම ඒව තිබිලා, ඒක වෙන කෙනෙක් අතට ගිහිල්ලා, අන්තිමට ඉන්ටර්නෙට් එකේ නැවතුනා කියලා. ඒ සම්බන්ධයෙන් නීතිය පැත්තෙන් ක්‍රියාත්මක වෙනකොට, අපිත් අහුවෙන්න පුලුවන්. ඒ නිසා නියුඩ්ස් සම්බන්ධයෙන් පරිස්සමෙන් කියලා තමයි කියල තමයි කියන්න තියෙන්නෙ.
07. සෙක්ස් කරන්න ගියත් පැහැදිලි සන්නිවේදනය
දන්න අපි කියමු කැමති ගෑනු ළමයෙක් එක්ක කතාබහ කරන්න පටන් අරගෙන, දෙන්නත් එක්ක හොඳටම සමීප වෙලා, සෙක්ස් කරන්න වුණත් වුනත් යන්න පුළුවන් ගානට ආවා කියලා. හැබැයි දෙන්නා සෙක්ස් කරන්න එකඟ වුණා කියන්නේ ඔක්කොම හරි කියන එක නෙවෙයි. ෂුවර් නැද්ද? මතක් කරලා බලන්න ඔස්ට්‍රේලියාවේදී ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩක ගුණතිලකට උනේ මොකක්ද කියලා.
දෙන්න සෙක්ස් කරන්න කැමති වෙන තැනට ආවට පස්සෙ වුණත්, දෙන්නට දෙන්නා කැමති මොනවද අකමැති මොනවද කියන දේ පැහැදිලිව කතාබහ කරගන්න ඕන. මොකද දෙන්නා සෙක්ස් කරන්න කැමති වෙලා ගිහිල්ලා, ඒක කරන අතරෙදි වුණත්, ගෑනු ළමයා බෑ කිව්වොත්, අපි එතනින් නවතින්න ඕන. නැත්නම් නවතින්නේ නඩු ගිහිල්ලා වෙන්න පුළුවන්. ඒ නිසා දෙන්නාම කැමති දේවල් මොනවද, ඒ දේවල් කොහොමද කරන්නේ වගේ දේවල් බොහොම පැහැදිලිව කලින් කතා බහ කරගන්න ඕන. ඊට පස්සේ සෙක්ස් කරන්න ගියහම වුණත්, ඒ කතා කරපු දේවල් සිහියේ තියාගෙන තමයි හැසිරෙන්න ඕන. අනික් කෙනා එකඟ නොවෙන, අනුමැතිය නොදෙන කිසිම දෙයක් නොකරන එක තමන්ගේ ඇඟට ගුණයි.
Leave a Reply