දුම් බීමෙන් ශරීරයේ එකතු වී ඇති විෂ හරණය කර ශරීරය පිරිසිදු කරන්නේ මෙහෙමයි!

Tips to detox your body from smoking

අපි කාට උනත් පොදුවේ එකඟ වෙන්න පුළුවන් කාරණයක් තමයි දුම්බීම සෞඛ්‍ය ගැටලු රාශියකට අත වනනවා කියන එක. හැබැයි දුම්බීම කොච්චර ඇබ්බැහි වෙන සුළු දෙයක් උනත්, නීතියෙන් තහනම් නැහැ. හැබැයි දුම්බීම නිසා සෘජුවම හෝ වක්‍රව අපේ ශරීරයේ තියෙනවා කියන එක අපිට පිළිගන්න වෙනවා.

දුම් බීම හෝ නොබීම පුද්ගලික තීරණයක් වුණත්, දුම්බීම නවත්තන්නට තීරණය කළ කෙනෙක්ට එන ගැටලුවක් තමයි, දුම්බීම න බීම නිසා ශරීරයට සිදුවෙලා තියෙන හානිය කොහොමද හරවන්නෙ, කොහොමද දුම් බීමෙන් ශරීරයේ එකතු වෙලා තියෙන විෂහරණය කරන්නේ කියන එක. ඇත්තටම වෛද්‍යවරු කියන විදියට, ඔබ දුම් බීම නතර කරන මොහොතේ සිටම ශරීරයට සිද්ධ වෙලා තියෙන හානියෙන් ශරීරය ප්‍රකෘතිමත් වෙන්න පටන් ගන්නවා. හැබැයි එහෙම වුණත් දුම්බීම නැවැත්වූවාට පසු, ශරීරය විෂහරණය කරන්නට, නැතිනම් detoxify කරන්නට ක්‍රම සහ විධි තියෙනවා. මේ කියන්න යන්නේ ඒ ගැන.

01. ඇති තරම් වතුර බොන්න

Tips to detox your body from smoking

අපේ ශරීරයේ තියෙන විෂ ද්‍රව්‍ය සහ අහිතකර රසායන ද්‍රව්‍ය සෝදා හරින්නට වතුර වලට පුළුවන්. ඒ නිසා, පුළුවන් තරම් වතුර බොන එක, ඒ කියන්නේ දවසකට වතුර වීදුරු 12 ක්, ඒ කියන්නේ වතුර ලීටර් 3 ක් විතර බොනවා නම් ඒක ශරීරයට හොඳයි. ඒකෙන් අපේ ඇඟේ එනර්ජි ලෙවල් එකත් ඉහලට දාන්න පුළුවන්, ඒ වගේම දුම්බීම නිසා ශරීරය එක තුන් අහිතකර දේවල්, කාලයක් යනකොට ඉවත් ඉවත්කරන්නට වතුර වලට පුළුවන්.

02. Antioxidants වලින් පොහොසත් කෑම

Tips to detox your body from smoking

මේ කියන්නේ සාමාන්‍ය පරිවෘත්තීය ක්‍රියාවලියේ දී, සිද්ධවෙන ඔක්සිකරණයෙන් නිදහස් වෙන, ස්ථායි නොවන අණුවලින් සෛලවලට මෙන්න පුළුවන් වෙන්න පුළුවන් හානිය වළක්වලා සෛල ආරක්ෂා කරන්න පුළුවන් දේවල් ගැන. ප්‍රධාන වශයෙන් ගත්තොත් පලතුරු Antioxidants වලින් වගේම විටමින් වලිනුත් පොහොසත්. බෙරි වර්ග, පීච්, අඹ, පේර, මිදී , කොමඩු වගේ පලතුරු විශාල ප්‍රමාණයක් මේ ගණයට අයිති වෙනවා. ඊට පස්සේ එළවළු ගත්තොත්, බ්‍රොකොලි, කැරට්, නිවිති, ගෝවා, වට්ටක්කා, ආටිචෝක්, අල, තක්කාලි වගේ ඒවා නම් කරන්න පුළුවන්. එතකොට කුරුඳු, කහ, දුරු, ඉඟුරු, පාස්ලි, ඔරෙගානෝ, ගම්මිරිස්, මිරිස් කුඩු, කොත්තමල්ලි, සුදු ළූණු, එනසාල් වගේ දේවලත් Antioxidants අඩංගුයි. ඉතින් මේ වගේ කෑම තමන්ගේ දිනපතා ජීවිතයට එකතු කරගන්න එකෙනුත්, දුම්බීම නිසා සිද්ද වෙලා තියෙන විෂ හරණය කිරීම ක්‍රමයෙන් සිද්ධ කරගන්න පුළුවන්.

03. ශරීරයට ව්‍යායාම

Tips to detox your body from smoking

අපි මේ වෙනකොට ගොඩක් වෙලාවට පුරුදු වෙලා තියෙන්නේ එකතැන වාඩි වෙලා ගත කරන ගතකරන ජීවිත වලට. හැබැයි නිරන්තර ව්‍යායාම නැති ජීවිත වලට සෞඛ්‍ය තර්ජන සෑහෙන්න තියෙනවා කියලා අමුතුවෙන් කියන්න දෙයක් නෑ. ඒ නිසා දිනපතා ක්‍රියාකාරීව ඉන්න, ශරීරයට ව්‍යායාම ලබා දෙන්න ලබාදෙන්න තීරණය කළොත්, ඒක දුම් බීමෙන් දුම්බීමෙන් වෙච්ච හානිය මඟහරවන්නත් උදව්වක් වෙනවා. මේ ශාරීරික ව්‍යායාම වලට, හුස්ම ගැනීමේ ව්‍යායාමක් එකතු කරගත්ත නම්, මේ දෙකෙන්ම පෙනහලු වල ධාරිතාවය වැඩි වීම පවා සිද්ධ වෙනවා.

04. ග්‍රීන් ටී

Tips to detox your body from smoking

ගොඩක් අය කොළ තේ හෙවත් ග්‍රීන් ටී බොන්නේ කෙට්ටු වෙන්න හිතාගෙන නේ. හැබැයි පර්යේෂණවලින් සොයාගෙන තියෙනවා, දුම් බීමෙන් හානි වුනු පෙනහලු වල ප්‍රදාහය අඩු කරන්න ග්‍රීන් ටී වලට උපකාර කරන්න පුළුවන් කියලා. තව දෙයක්. ග්‍රීන් ටී වලත් Antioxidants තියෙනවා.

05. වතුර එක්ක ලෙමන් ජූස්

Tips to detox your body from smoking

උස වීදුරුවකට මද උණුසුම් වතුර පුරවලා, ඒකට ලෙමන් දෙහි යුෂ කෝප්ප කාලක් වගේ එකතු කරන්න. දැන් ඒක හොඳට මිශ්‍ර කරලා උදේ කෑමට පෙර බොන්න ගන්න. සීනි දාන්න එපා. මේකත් දුම් බීමෙන් ශරීරයේ එකතු වුණු විෂහරණය කරන්නට හොඳ ප්‍රතිකර්මයක්.

06. පොටෑසියම්

Tips to detox your body from smoking

පොටෑසියම් කියන්නේ කොහොමත් අපේ ශරීරයට ගුණ දෙයක්. දුම්බීමෙන් අපේ ශරීරයට වෙච්ච හානිය ආපස්සට හරවන්නත්, ශරීරයේ විෂ හරණය කරන්නත් පොටෑසියම් උපකාර කරනවා. පොටැසියම් වලින් පොහොසත් කෑම බීම ගන්න එක තමයි ඒකට කරන්න පුළුවන් දේ. අල, නිවිති, බ්‍රොකොලි, කෙසෙල්, අලිගැට පේර, රට ඉඳි, ඇප්‍රිකොට්, කැරට් සහ තව ගොඩක් දේවල් වල පොටෑසියම් අන්තර්ගතයි.

ඒ වගේම හැඟීම් විෂහරණය කරන්නට හොඳයි කියලා කියන තවත් දෙයක් තමයි කැරට් ජූස්!

07. යෝගා

Tips to detox your body from smoking

දැන් සාමාන්‍යයෙන් ගොඩක් අය යෝග ව්‍යායාම කරන්නේ ඇග කෙට්ටු කර ගන්න, ඇඟේ සුඛ නම්‍යතාවය හදාගන්න වගේ දේවල් වලට නේ. හැබැයි යෝගා කිරීමේ සෞඛ්‍යමය වාසිත් ඕන තරම් තියෙනවා. විශේෂයෙන්ම යෝගා ව්‍යායාම වලට පුළුවන් ශරීරයේ පරිවෘත්තිය ක්‍රියාවන් සහ, රුධිර සංසරණයේ කාර්යක්ෂමතාවය ඉහළ නංවන්න. ඒක සෑහෙන්න වැදගත්, දුම්බීම නිසා ශරීරය එකතු වෙලා තියෙන විෂ සහ අහිතකර රසායන ද්‍රව්‍ය ස්වභාවිකවම සෝදා හරින්න. ඒ වගේම හෘදය වස්තුවේ සෞඛ්‍ය සම්පන්න බවටත් යෝගා ව්‍යායාම කරන එක සෑහෙන රුකුලක්.

08.හොඳ නින්දක්

Tips to detox your body from smoking

මේක නම් අර ශාරීරික ව්‍යායාම ගැන කිව්වා වගේම, අරුමයක් නෙවෙයි නේ. මොකද අපේ මොළය ඇතුළු ශරීරයේ කොටස් වල සිද්ධවෙලා තියෙන හානි, ශරීරය විසින්ම පිළියම් කරගන්නෙත් අපේ නින්ද අතරතුරේ තමයි. ඒ නිසාම නින්ද අපේ අපේ ශරීර සෞඛ්‍යයට වෙන් කරන්න බැරි විදියට බැඳිලා තියෙන්නේ. ඔය අතරේ ශරීරයේ තියෙන විෂ ද්‍රව්‍ය සහ අහිතකර රසායනික ද්‍රව්‍ය බැහැර කරන්නත්, නින්ද ලොකු උපකාරයක් වෙනවා. ඒ නිසා දවසකට පැය 7ක 8ක නින්දක් වත්, එක දිගට රාත්‍රියට ලබා ගන්න එක, දුම්බීම නිසා ශරීරයට වෙලා තියෙන හානි පිළිසකර කර ගන්න උදව්වක් වෙයි.

09. නවත්වලා දාන්න

Tips to detox your body from smoking

මේක තමයි වැදගත්ම උපදෙස. උඩ කියල තියෙන එක දෙයක්වත් කරන්න ඕන දුම්බීම කරන ගමන් නෙවෙයි. දුම්බිම නවත්තලා. සාමාන්‍යයෙන් දුම් බීම නවත්තලා පැය විසිහතරක් යනකොට, හෘද ස්පන්දනය සහ රුධිර පීඩනය පල්ලෙහාට වැටෙනවා. ඊට පස්සේ සති දෙකක් තුනක් වගේ යනකොට, පෙනහළු වල ක්රියාකාරීත්වය හොඳ අතට හැරෙන්න පටන් ගන්නවා. දුම්බිම නවත්තලා අවුරුද්දක් යනකොට, පෙනහලු ක්‍රියාකාරිත්වය සාමාන්‍ය මට්ටමට ඇවිල්ලා, හෘද රෝග අවදානම 50%කින් විතර පල්ලෙහාට වැටෙනවා. අවුරුදු පහක් යනකොට, දුම්බීම නිසා හැදෙන්න පුළුවන් පිලිකා වර්ග වර්ගවල අවදානමක් අවදානමත් සෑහෙන්න අඩුවෙනවා.

එහෙම බලනකොට, දුම්බීමෙන් අපේ ශරීරයේ එකතු වුණු විෂහරණය කරන්නට ගන්නට ඕන පලවෙනි පියවර තමයි දුම් බීම නතර කරන එක.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *