ඔෆිස් එකේදී කිසිසේත්ම නොකළ යුතු වැරදි කිහිපයක්!

Mistakes you should never make in your workplace

දැන් වැරදීම මිනිස් ගතියක්, සමාව දීම දේව ගතියක් කියනවනේ. ඒක ඔය පොදුවේ හරි වෙන්න පුලුවන්. හැබැයි විශේෂයෙන්ම වෘත්තිය ජීවිතයේදී එහෙම කරන්න හොඳම නැති වැරදි තියෙනවා. ඒ කියන්නේ ඔෆිස් එකකදී වුණත්, වර්කින් ෆ්‍රොම් හෝම් වුණත්, තමන්ගේ රස්සාව කරන තැන කරන සමහර වැරදි වලින්, තමන්ගේ වෘත්තිය ජීවිතයටම හානි වෙන්න පුලුවන්.

මේ අපි කතා කරන ඔෆිස් එකේ කරන වැරදි සම්බන්ධයේදී තියෙන නරකම දේ තමයි, ගොඩක් අය මේ සමහර දේවල් වැරදි කියලා නොදන්න එක. අන්නෙ ඒ නිසා, අපි හිතුවා, ඔෆිස් එකේදී නොකළ යුතුම වැරදි ලැයිස්තුවක් හදන්න. එතකොට අපිට පරිස්සම් වෙන්න පුලුවන්.

01. අන්ඩර්වර්කින්ග් සහ ඕවර්වර්කින්ග්

Mistakes you should never make in your workplace

මෙන්න මේක බොහොම ඉන්ටරෙස්ටින්ග් කාරණාවක්. මුලින්ම කියන්න ඕන, වර්තමාන ලෝකයේ අපි අනුගමනය කරන්න ඕන වර්ක් හාඩ් කියන එක නෙවෙයි, වර්ක් ස්මාට් කියන එක.

දැන් අපි වෘත්තිය ජීවිතයක් ඇතුළේ ඉන්නවා නම්, අපි ගන්න මුදලට වඩා වැඩි වැඩක් කරන්න ඕන. ඒකේ අපේ අවම සදාචාරය. හැබැයි මේ කියන්නේ, අපිට ගෙවන ප්‍රමාණයට, අපේ ජොබ් රෝල් එකේ ඇතුළේ අඩුම තරමින් 150% ක වැඩක් කරන්න පුලුවන් නම් සුපිරියි කියන එක තමයි. එහෙම නැතුව අපි රැකියාවට ලබාදෙන්නේ අපෙන් 60% නම්, ඒ කියන්නේ අඩුවෙන් නම් වැඩ කරන්නේ, ඒක වැරදියි. ඒක ඔය ජොබ් එකේදී ගොඩක් අය කරන වැරැද්දක්. අයිස් ගහනවා කියන්නේ ඒකට. ඒ කියන්නේ තමන්ගේ ජොබ් රෝල් එකේ වෙන්න ඕන වැඩ ටික නොකිරීම වගේම, වෙන්න ඕන වැඩ ටික නියමිත කොලිටියට ලබා නොදීමත් අදාළයි.

හැබැයි ඕවර්වර්කින් කියන එකත් වෘත්තිය ජීවිතයේ කෙනෙක් කරන වැරැද්දක්. ඒ කියන්නේ, තමන්ගේ වටිනාකම ඉහළ කළමණාකාරීත්වයට තේරෙන විදියට තමන්ගේ ජොබ් රෝල් එකේ තියෙන වැඩ හෝ, ඊට එපිටින් තියන වැඩ කරලා පෙන්නන එක නෙවෙයි මෙතන ඕවර්වර්කින් කියන්නේ. ඒ වෙනුවට, අර පටන් ගන්නකොටම කියපු විදියට, තමන්ගේ වැඩ වල කොලිටිය දියුණු කරනවා වෙනුවට, තමන් කරන වැඩ ප්‍රමාණය වැඩි කරන එක, ගුණාත්මක භාවය වෙනුවට ප්‍රමාණාත්මක භාවයෙන් තමන්ගේ කැපෑසිටියෙන් 300% කටත් එහා වියදම් කරන එක ගැන තමයි මේ කියන්නේ. ඒකත් අන්ඩර්වර්කින් වගේම අප්සට් කාරණයක්.

02. පල්වෙන්නේ එකම තැන

Mistakes you should never make in your workplace

ස්මාට් විදියට වැඩ කරන්න කියන එක අපි උඩිනුත් කිව්වනේ. එතනදී තවත් වැදගත්ම කාරණාවක් තමයි, මේ ලෝකේ වේගයෙන් අලුත් වෙනවා කියන එක අවබෝධ කරගැනීම. ඒ කියන්නේ, අපි ඉන්න වෘත්තිය ක්ෂේත්‍රය වුණත් බොහොම වේගයෙන් යාවත්කාලීන වෙනවා. අන්න එතකොට, අපි ඒ වේගයෙන් ඉස්සරහට යන ලෝකයත් එක්ක තරගකාරීව ඉදිරියට යන්න නම්, අපේ දැනුමත් අලුත් කරගන්න ඕන. නව හැකියාවන් සහ කුසලතාවයන් ලබාගන්න, තියෙන ඒවා වැඩිදියුණු කරගන්න ඕන. ඒක දැන් කාලේ අනිවාර්යයි. එහෙම නැතිව එක තැන පල්වෙනවා නම්, තමන් කොයි තරම් මහන්සියෙන්, කැපවීමෙන් වැඩ කලත් වැඩක් නෑ. ආන්න ඒ නිසා තමයි අපි කියන්නේ, වෘත්තිය ජීවිතයේ තමන් අවුරුදු දහයකට කලින් කරපු දේම ඒ විදියටම අදත් කරමින් ඉන්නවා නම්, ඒක වෘත්තිය ජීවිතයේ කරන වැරැද්දක් කියලා.

03. සෙක්ෂුවල් හැරස්මන්ට්

Mistakes you should never make in your workplace

දැන් සරල අර්ථයෙන් ගත්තොත්, සමාජේ කොහේ වුණත් සෙක්ෂුවල් හැරස්මන්ට්, සෙක්ෂුවල් ඇබියුස් වගේ දේවල් නඩු යන්න පුලුවන් කතන්දර කියලා අමුතුවෙන් කියන්න ඕන නැහැනේ. කොටින්ම කියනවා නම් ගැහැණු පිරිමි කිසිම කෙනෙක්ගේ අවසරයකින් තොරව කිසිම ලිංගික කාරණයක් හැඟවෙන ආකාරයේ හැසිරීමක් හෝ කරන්න කිසිම කෙනෙක්ට බැහැ. හැබැයි ඒක එතනින් නතර වෙන්නෙ නෑ. ඔෆිස් එකේ කොච්චර ෆිට් ඩයල් එකක් එක්ක වුණත් ශාරීරිකව සමීප වෙන්න නොයන එක ඇඟට ගුණයි. උදාහරණයක් විදියට, ඔය ෆිට් එකට කරන කරට අතදැමීමක් වගේ දෙයක් වුණත්, වෙන විදියකට නිර්වචනය වෙන්න සහ, අපිට චෝදනාවක් බවට පත් වෙන්න ඉඩ තියෙනවා. එතකොට ඔය ඩබල් මීනින් කතා කිවීම, ඇම්ඩන්ගෙ වගේ කුණුහරුප කතා කිවීම වගේ දේවල් පවා ප්‍රශ්න බවට පත්වෙන්න තියෙන ඉඩ වැඩියි.

ඇත්තටම කිව්වොත්, තමන්ගේ ශරීරයට ගුණදායකම දේ තමයි, තමන් එක්ක වැඩ කරන, තමන්ගේ සේවාස්‍ථානයේ ඉන්න ගැහැණු පිරිමි ඕනම කෙනෙක් එක්ක ගාණට ඉන්න එක. යාළුමිත්‍රකම් ඇතිවෙන්න පුලුවන්, ඒක හරි. හැබැයි වෙනත් කිසිම කෙනෙක්ට අපි වෙනත් අර්ථයක් එන විදියට කිව්වා කියලා නිර්වචනය කරන්න පුලුවන් වචනයක් හෝ නොකියා, මෙසේජ් එකක් හෝ නොයවා ඉන්න එක අපේ ඇඟට ගුණයි. මොකද, එකක් අපි හොඳ හිතින් කියන දෙයක් හෝ ජෝක් එකට කියන දෙයක් තවත් කෙනෙක්ට එහෙම නොදැනෙන්න, ඒ වෙනුවට ඒක සෙක්ෂුවල් හැරස්මන්ට් එකක් විදියට දැනෙන්න පුලුවන්. ඒ වගේම, අපිත් එක්ක තරහට හෝ අවධානය ගන්න හෝ වෙනත් ඕනම පර්සනල් හේතුවකට, කෙනෙක් අපි එහෙම කියන දෙයක් සෙක්ෂුවල් හැරස්මන්ට් එකක් කියලා පැමිණිලි කරන්නත් පුලුවන්!

මීට අමතරව, ඔෆිස් එකේ සිද්ධ වෙන ලිංගික හිරිහැර නවත්තාගන්නේ කොහොමද කියලා අපි කලින් කියපු ආටිකල් එකත් කියවලා බලන්න.

04. අනික් අය කරපු දේ තමන්ගේ එකවුන්ට් එකට

Mistakes you should never make in your workplace

දැන් අපි හැමෝම වැඩ කරනවනේ ඔෆිස් එකක. එතකොට සාමාන්‍යයෙන් වෙන්න ඕන දේ තමයි, තමන් මහන්සියෙන් කරපු වැඩ වලට තමන්ට ක්‍රෙඩිට් එක ලැබෙන එක. එතකොට ටීම් එකක් එකතුවෙලා නම් යම් වැඩක් කරන්නේ, ඒකට ටීම් එකටම ක්‍රෙඩිට් එක යන්න ඕන. හැබැයි ටීම් ලීඩර්ව තමයි ටීම් එකේම නියෝජිතයා විදියට සැලකෙන්නේ. ඔය ඔක්කොම හරි. හැබැයි අපි හිතමු මෙහෙම. ඔන්න අපිට යම් කිසි අපිත් සම්බන්ධ ප්‍රොජෙක්ට් එකක් සම්බන්ධයෙන් නිර්මාණශීලී අයිඩියා එකක් හිතට එනවා. දැන් ඕක කාටද අපි කියන්නේ? ගොඩක් වෙලාවට අපේ ඉමීඩියට් බොස්ට. එහෙම නැතිනම් ටීම් එකේ ලීඩර්ට. ඒක අපි කිව්වහම ඔන්න ඉමීඩියට් බොස් හරි ටීම් ලීඩ් හරි අපිට ඒ ගැන ප්‍රශංසා කරලා කියනවා, ඒ අයිඩියා එක ඉහළට ගෙනියන්නම් කියලා. ඔන්න ටික දවසකට පස්සේ අපි දැනගන්නවා, ප්‍රොජෙක්ට් එකට වැදගත් වෙන නිර්මාණශීලී අයිඩියා එකක් ඉදිරිපත් කිරීම ගැන අර ඉමීඩියට් බොස් නැතිනම් ටීම් ලීඩ් හැමතැනින්ම ප්‍රශංසා ලබනවා කියලා. දැන් මොකද වෙලා තියෙන්නේ? අර ඉමීඩියට් බොස්/ටීම් ලීඩ් වෙන කෙනෙක්ගේ අයිඩියා එකක් තමන්ගේ වගේ ඉහළ කළමනාකරණයට ඉදිරිපත් කරලා ලකුණු දාගෙන.

ඔය වගේ තවත් සමහර ඉමීඩියට් බොස්ලා/ටීම් ලීඩ්ලා ඉන්නවා, තමන්ගේ ටීම් එකේ ඉන්න කෙනෙක්ගෙන් – ගොඩක් වෙලාවට අලුත් එක්කෙනෙක්ගෙන්- මොකක් හරි වැඩක් සුපිරියටම කරව ගන්නවා. අපි හිතමු ප්‍රසන්ටේෂන් එකක් කියලා. ඊට පස්සේ, ඒක ඉදිරිපත් කරනවා තනිකරම තමන් කරපු එකක් විදියට. දැන් ඔය කියපු විදියේ වැඩ වෙන්නේ ඉමීඩියට් බොස්ලා/ටීම් ලීඩ්ලා වගේ මිඩ්ල් මැනේජ්මන්ට් එක අතින් විතරක් නෙවෙයි. එකටම ඉන්න අය පවා ඔහොම අනික් අයගේ වැඩ තමන්ගේ එකවුන්ට් එකට දාගන්නවා.

ඉතින් අපි කියන්නේ එහෙම කෙනෙක් වෙන්න එපා කියලා තමයි.

05. බොරු කීම්, කේලාම් කීම් සහ බෝලෙ පාස්

Mistakes you should never make in your workplace

මේක අනිවාර්යයෙන්ම කෙනෙක්ගේ රැකියාවෙදී ප්‍රශ්නයක් වෙන්න පුලුවන් බොහොම දරුණු ගණයේ වැරදි කැටගරියක් කිව්වොත් හරි. සමහරු ඉන්නවා බොරු කියන එක ඇඟේම තියෙන. ඒ කියන්නේ අපේ ගෙදර අස්සයෙක් ඉන්නවා වගේ බොරු කිව්වට අපිට කමක් නෑ. හැබැයි අපේ රාජකාරියක් පැහැර හැරලා, අපිට කරන්න තියෙන දෙයක් අල කරලා, ඊට පස්සේ ඒක වහන්න බොරු කියන එක දරුණු ප්‍රශ්නයක්.

දෙවෙනි කාරණාව බෝල පාස් කිරීම. මෙතනදී, තමන්ගේ අතින් වුණු වැරැද්දක් වහන්න, තමන් කරන්න ඕන රාජකාරියක් පැහැර අරින්න, නොදන්න දෙයක් නොදන්නවා කියලා පේන එක වළක්වා ගන්න වගේම, අයිස් ගැසීම වෙනුවෙනුත් මිනිස්සු ජොබ් එකේදී බෝල පාස් කරනවා. ඒ කියන්නේ තමන් අතින් වුණු වැරැද්දකට පවා වෙනත් කෙනෙක්ට වගකීම ලබාදෙන්න උත්සාහ කිරීම, තමන් අතින් වෙන්න ඕන දේකට පවා වෙන කෙනෙක්ට වගකීම පාස් කරන්න උත්සාහ කිරීම වගේ දේවල්.

තුන්වෙනියට කේලාම් කීම. මේක ගොඩක් අය රැකියාවෙදී පාවිච්චි කරන්නේ, ඉහළ නගින්න, නැතිනම් තමන්ගේ වැරදි වහගන්න, නැතිනම් ලොක්කන්ගේ හිත් දිනාගන්න මෙවලමක් විදියට. අරයා මෙහෙම කලා, මෙයා අරෙහෙම කිව්වා වගේ කේලාම් කියන එක. තවත් සමහරුන්ට ලොක්කොන්ටම කේලම් කියන්න ඕන නෑ, තමන් එක්ක වැඩ කරන අය ගැන තමන් එක්කම වැඩ කරන අනික් අයට කේලාම් කීමත් මේ අය කරනවා.

06. හැම දේම පර්සනල් ගැනීම

Mistakes you should never make in your workplace

වෘත්තිය ජීවිතයේ හැමදෙයක්ම පර්සනල් ගැනීමත්, අපිට ඔෆිස් එකේදී කිසිසේත්ම නොකළ යුතු වැරැද්දක් විදියට හඳුන්වන්න වෙනවා. ඒකට හේතුව මේකයි. දැන් අපි හැමෝම මිනිස්සුනේ. මිනිස්සු අතින් අතපසුවීම්, වැරදීම් සිද්ධ වෙනවා. එතකොට අපෙන් වුණු එහෙම දෙයක් ගැන අපේ ඉහළ නිලධාරියෙක් අපෙන් කරුණු විමසනවා නම් එහෙම, ඒකට අපිට කේන්ති යනවා නම්, අන්න ඒක ප්‍රශ්නයක්. ඒ කියන්නේ අපි ඒ කාරණාව පර්සනල් අරගෙන කියන එක. එතකොට අපිට ඒ වැරැද්ද හදාගෙන ඉස්සරහට යන්න බැහැ.

ඒ වගේම, සමහර විට අපි කොයි තරම් කැපවීමෙන් වැඩ කළත්, අපේ වැඩ වල කොලිටි එක, අපි වැඩ කරන ස්ටයිල් එක, අපේ ටීම් වර්ක් වගේ සොෆ්ට් ස්කිල්ස් කොයි තරම් ප්‍රමාණවත්ද වගේ කාරණා, ඔෆිස් එකේදී ප්‍රශ්න කිරීමට ලක් වෙන්න පුලුවන්. උදාහරණයක් විදියට ඔය ඔෆිස් මීටින් එකකදී එහෙම අපි කරපු වැඩක කොලිටිය මදි කියලා සාකච්ඡාවට ලක් වුණොත්, අපි කරන්න ඕන ඒකෙන් හිත රිද්දගෙන, රැකියාව ගැනත් කලකිරිලා, වෙන රස්සාවක් හොයන්න පටන් ගන්න එක නෙවෙයි. ඒක සාධනීය විවේචනයක් විදියට භාරගන්න ඕන. ඒකට ඇහුම්කන් දීලා බලන්න ඕන ඇත්තටම අපේ කොලිටිය මදිද කියලා. එහෙමනම්, ඒ කොලිටිය වැඩි කරගන්න ක්‍රමෝපායන් හොයන්න ඕන. හැබැයි කෙනෙක් ඒක අපිට ජොබ් එකේදී කෙළවන්න පොයින්ට් එකක් විදියට පාවිච්චි කරනවා කියලා තේරෙනවා නම්, ඇත්තටම අපේ වැඩ වල කොලිටි අවුලක් නැති නම්, ඒකත් පර්සනල් ගන්න හොඳ නෑ. ඒ වෙනුවට, අපිට පුලුවන් ඒ කෙනාගෙන් කාරුණිකව ඉල්ලා සිටින්න, අපේ වැඩේ කොලිටි නැහැයි කියන්න සාධක සහ කොලිටිය වැඩිදියුණු කරගන්න කරන්න පුලුවන් දේවල් එයාටම යෝජනා කරන්න කියලා!

07. අපෝ මේ කොම්පැණිය චාටර්

Mistakes you should never make in your workplace

දැන් අපි යම් තැනක රැකියාව කරනවා නම්, අපිට ඒ රැකියාව තියෙන රැකියාස්ථානය ගැන පක්ෂපාතීත්වයක් තියෙන්න ඕනනේ. ඒ කියන්නේ වැඩ කරන කොම්පැණියට කඩේ යන්න ඕන කියන එක නෙවෙයි. ඔය සෝෂල් මීඩියා වල වුණත්, පුද්ගලික ජීවිතේ ඇතුළේ වුණත් හැම දේකටම වැඩ කරන තැන හොඳ කියන්න ඕන කියන එකත් නෙවෙයි. හැබැයි ඔය සමහරු ඉන්නවා, වැඩ කරන තැනින් එළියට ආවට පස්සේ එතන නරකමයි කියන්නේ. සමහරු සෝෂල් මීඩියා වලත් තමන් වැඩ කරන තැන ගැන නරක කියනවා. එතකොට ඔය වැඩ කරන තැන ඔච්චරම චාටර් නම්, ඇයි එතනින් අස් වෙලා වෙනත් තැනකට යන්නෙ නැත්තේ?

ඇත්තටම තමන් වැඩ කරන තැන ආයතනයක් විදියට ගැටළු තියෙනවා නම්, එක්කෝ අපිට ඒ ගැටළු ආයතනය ඇතුළේ කතා කරලා විසඳගන්න පුලුවන් වෙන්න ඕන. එහෙම නැතිනම් අපි එතනින් ඉවත් වෙලා ගිහින් ඒ ගැන විවේචනය කරන්න ඕන. එහෙම නැතිනම්, අඩු තරමින්, එළියේ සමාජය ඇතුළේ වැඩ කරන තැන පහත් කරන්නෙ නැතුව කට වහගෙන ඉන්න ඕන. එහෙම නැතිනම් ඒක අපිට ගැටළුවක් විදියට ආපිට කැරකිලා එන්න තියෙන ඉඩ ඉතාම වැඩියි.

08. වැඩ හරි නෑ

Mistakes you should never make in your workplace

මේක ඉතින් සරලවම, ඕනම කෙනෙක්ට තේරෙන්න ඕන, පොදුවේ දකින්න ලැබෙන රැකියා වැරැද්දක්. ඒ තමයි රැකියාවෙන් අපේක්ෂා කරන මට්ටමට වැඩ නොකිරීම හෝ වැඩ කරන්න බැරි වීම. ඇත්තටම අපේක්ෂිත මට්ටමට වැඩ නොකිරීම ගැන අපි පටන් ගන්නකොටම කිව්වා. හැබැයි සමහරු ඉන්නවා, අයිස් ගහන්න උත්සාහ කරන්නෙ නෑ. හැබැයි තමන්ගෙන් අපේක්ෂා කරන මට්ටමට වැඩ කරගන්න බෑ. අන්න එහෙම අයට සිද්ධ වෙනවා තමන්ගේ ලෙවල් එක හැකි ඉක්මනට, ඉහළට දාගන්න. ඒ කියන්නේ, ජොබ් එකට අවශ්‍ය කරන කුසලතාවයන් හෝ දැනුම තමන්ට නැතිනම්, ඒ දැනුම ලබාගන්න වෙනවා. ජොබ් එකට අවශ්‍ය කරන කොලිටි ලෙවල් එක හදාගන්න, තමන්ගේ කළමනාකරණ ගැටළු, කාල කළමනාකරණ ප්‍රශ්න, වැරදි වැඩ කිරීමේ භාවිතාවන්, ප්‍රමුඛතාවයන් හඳුනාගැනීමේ දුර්වලතා වගේ දේවල් හදාගන්න වෙනවා. එහෙම නැතිනම් තමන්ගේ රැකියාවට ගැටළුවක් ඇතිවෙන්න තියෙන ඉඩ වැඩියි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *