සෞන්දර්යාත්මක සංවේදී සිනමාවක් සමග ‘ගැහැනු ළමයි’ හරහා ලංකාවේ පළමු කාන්තා අධ්‍යක්ෂකවරිය විදිහට කල එලි බසින කලාකීර්ති සුනේත්‍රා පීරිස් පසුගිය ජනවාරි 19 වන දා (2023) වයස අවුරුදු 87 දී ජීවිතයෙන් සමුගත්තා. චිත්‍රපට 10කට වැඩි ප්‍රමාණයක් හරහා ඇයගේ වෘත්තීය ජීවිතය තුළ ඇය අධ්‍යක්ෂකවරයෙකු, චිත්‍රපට නිෂ්පාදකයෙකු සහ තිර රචකයෙකු ලෙස කටයුතු කරා. ඉතින් ලංකාවේ පළමු කාන්තා අධ්‍යක්ෂකවරියගේ ජීවිතය සහ ලාංකීය චිත්‍රපටයට කළ සේවය ගැන කතා කරන්නයි අපි අද ලැහැස්ති වෙන්නේ.
කාන්තාවන් කෙරෙහි ඇයගේ ආකල්පය හැඩගස්වා ගත්තේ ඇගේ මව ඇතුළු ඇගේ ජීවිතය තුළ පෙනී සිටි කාන්තාවන් නිසා කියන කාරණය ඇය නිතරම කියන දෙයක්. ඇය කැමති චිත්‍රපට ගැන වරක් ඇය මෙහෙම කියනවා. “කාල් තියඩෝර් ඩ්‍රෙයර් ගේ ජෝන් ඔෆ් ආර්ක්ගේ ආශාව (The Passion of Joan of Arc) තමයි මම කැමතිම චිත්‍රපටය. “මට මතකයි එහි රංගනයෙන් දායක වුනු Renée Falconetti ගේ මුහුණ දැකීමෙන් මාව කුල්මත් වෙනවා. ඒ මූණ මට කවදාවත් අමතක කරන්න බෑ. මම චිත්‍රපටයක් අධ්‍යක්ෂණය කරන්න ආරම්භ කල පළමු මොහොතේ ඉදන්ම ඒ මුහුණ බොහෝ වාරයක් මට නැවත නැවත සිහියට එනවා.”
01. ගුණවර්ධන පවුල
සුමිත්‍රා ගුණවර්ධන කියන නම අපට හුරු නමක් නොවුනට ඇත්තටම ඇයගේ මුල් නම සුමිත්‍රා ගුණවර්ධන. ඇය ලෙස්ටර් ජේම්ස් පීරිස් කියන ලංකාවේ විශිෂ්ඨම සිනමා අධ්‍යක්ෂකවරයා එක්ක විවාහ වීමත් සමග තමයි ඇය සුමිත්‍රා පීරිස් විදිහට සමාජයට එන්නේ. ඇය උපන්නේ අවිස්සාවේල්ලේ බොරළුගොඩ, ගුණවර්ධන කියන පවුලේ දරුවෙක් විදිහට. ඒ 1935 මාර්තු 24 දා. ඇය පවුල මාක්ස්වාදී පවුලක් විදිහට ප්‍රසිද්ධයි. ඇගේ පියා හෙන්රි ගුණවර්ධන. ඔහු වඩාත් ප්‍රසිද්ධ හැරී යන නමින්. ඇයගේ පියාගේ ඥාති සහෝදරයො තමයි පිලිප් ගුණවර්ධන සහ රොබට් ගුණවර්ධන. මවත් මධ්‍යම පාන්තික පවුලක කාන්තාවක් ඇය නමින් හැරියට් වික්‍රමසිංහ. මේ ගුණවර්ධන පවුලේම සුමිත්‍රාගේ තවත් ඥාතින් තමයි අපි කවුරුත් දන්න වත්මන් දේශපාලන චරිත වන දිනේෂ් ගුණවර්ධන, ගීතාංජන ගුණවර්ධන සහ ප්‍රසන්න ගුණවර්ධන. සුමිත්‍රාට සහෝදරයින් දෙන්නෙක් සහ සහෝදරියක් ඉන්නවා. ගාමිණී ගුණවර්ධන, රංජිත් ගුණවර්ධන සහ චන්ද්‍රලතා ගුණවර්ධන කියන්නේ ඔවුන්.
02. අවුරුදු 14 දී මව අහිමි වූ ඇයගේ අධ්‍යාපන කටයුතු
ඇයගේ මව ඇයට අවුරුදු 14 දී මිය යනවා. ඒක ඇත්තටම ඇයගේ ජිවිතයේ ඉතාම කණගාටුදායක කාලයක්. ඇය මුලින්ම අධ්‍යාපනය හදාරන්නේ අවිස්සාවේල්ලෙ. පසු කාලයේ ඇය කොළඹ විශාඛා විද්‍යාලයට වැඩිදුර අධ්‍යාපනය හදාරන්න ඇතුල් වුනා. ඉන් අනතුරුව ඇය කොළඹ ඇක්වයිනාස් විද්‍යාලයේත් අධ්‍යාපනය හැදෑරුවා. තනියෙන් සිනමා ජීවිතය සොයාගෙන වයස අවුරුදු 20 දී ඇය ඇගේ වැඩිමහල් සොහොයුරා වන ගාමිණී හමුවෙන්න නැවෙන් යුරෝපයට ගියා. ඇය ලන්ඩන් චිත්‍රපට තාක්ෂණ පාසලෙන් චිත්‍රපට නිෂාපදනය ගැන ඉගෙන ගත්තා. මේ කාලයේ මේ වගේ ක්ෂේත්‍රයක් ගැන ඉගෙන ගත්ත එකම තරුණිය ඇය. ඒ හරහා ඇයට චිත්‍රපට අධ්‍යක්ෂණය සහ නිෂ්පාදනය ගැන ඩිප්ලෝමාවක් පිරිනැමුනා. ඒ 1957ත් 1959 අතර කාලයේ.
03. වර්නන් මෙන්ඩිස්ගේ නිවස
සුමිත්‍රා ලන්ඩන් අධ්‍යාපනය ඉවර කරලා කෙටිකාලයක රැකියාවක් සදහා උපසිරැසි සමාගමක් වන Mai Harris ආයතනයේ සේවය කරන්න ලංකාවට ආවා. වර්නන් මැන්ඩිස් කියන්නේ ඇයගේ රැකියාවේදි හමුවුන මිත්‍රයෙක්. ඉතින් අවසානයේ ඇයගේ අනාගත සැමියා වන ලෙස්ටර්ගේ ඇයට හමුවන්නේ වර්නන් මෙන්ඩිස්ගේ නිවසේදී. මේ දැන හැදුනුම්කම සහ ඇයගේ සොහොයුරා වන ගාමිණී හරහාද ලෙස්ටර් සමග සම්බන්ද වුන සුමිත්‍රා ලෙස්ටර්ගේ දෙවන චිත්‍රපටය වන සංදේශයේ චිත්‍රපටයේ සහය අධ්‍යක්ෂකවරිය විදිහට වැඩ ආරම්භ කලා. මේ විදිහට වර්නන් මෙනඩිස් හරහා තමයි ඇය ලාංකීය චිත්‍රපට ක්ෂේත්‍රයට එන්නේ සහ ඇයගේ සැමියා වන ලෙස්ටර්ව හමුවන්නේ. සුමිත්‍රා ලෙස්ටර් ජේම්ස් පීරිස් සමඟ 1964 ජුනි 19 දින බොරැල්ල සියලුම සාන්තුවරයන්ගේ දේවස්ථානයේදී විවාහ වුනා.
04. චිත්‍රපට ජිවිතය
ඇය සිනමා අධ්‍යක්ෂකවරියක් විදිහට මංගල ගමන ආරම්භ කළේ ‘ගැහැනු ළමයි’ හරහා. මෙය 1978 තමයි තිරගත වෙන්නේ. මේ චිත්‍රපටය හරහා වසන්ති චතුරාණිවත් සිනමාවට හඳුන්වා දෙනවා. වසන්ති තමයි ප්‍රධාන චරිතය. බොක්ස් ඔෆිස් වාර්තා තබපු චිත්‍රපටයක්. ‘ගැහැනු ළමයි’ ඒ කාලයේ පැවති චිත්‍රපට උළෙලවල සම්මාන රාශියක් ලබා ගත්තා. ඇයගේ දෙවන චිත්‍රපට 1980 තිරගත වුනු අපි කවුරුත් ඉතාමත් ආදරයෙන් නැරඹූ ‘ගග අද්දර’. විජයගෙයි, වසන්තිගෙයි, සනත් ගුණතිලකගෙයි රංගනය අද ද අපේ හදවත් සොරා ගත් චරිත. මීට අමතරව ජාත්‍යන්තර පිළිගැනීමට පවා ලක්වුණු ඇයගේ තරු ලකුණු තබපු චිත්‍රපට විශාල ප්‍රමාණයකටද අධ්‍යක්ෂණයෙන් දායක වුන. ඒ අතර 1982 දී ‘යහළු යෙහෙලි’, 1984 – ‘මායා’, 1988 – ‘සාගර ජලය මදි හැඩුවා ඔබ හන්දා’, 1996 – ‘ලොකු දුව’, 1997 ‘දුවට මවක මිස’, 2003 දී ‘සක්මන් මළුව’ ගැන සඳහන් නොකරම බෑ. ඇය තමයි ලංකාවේ නවතම Red Epic කැමරාවක් උපයෝගී කරගෙන රූගත කළ පළමු අධ්‍යක්ෂවරිය. ලංකාවේ ඩිජිටල් සිනමාවේ ඊළඟ පරම්පරාව සඳහා අඩිතාලම 2018 දී ඇය විසින් අධ්‍යක්ෂණය කරපු ‘වෛෂ්ණවී’ චිත්‍රපටය හරහා දැමුවා.
05. තානාපතිනිය
සුනේත්‍රා 1990 දශකයේ අගභාගයේදී ප්‍රංශය, ස්පාඤ්ඤය සහ එක්සත් ජාතීන්ගේ ශ්‍රී ලංකා තානාපති ලෙසද කටයුතු කරා. ජනාධිපති චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග ඇයව එක්සත් ජාතීන්ගේ ශ්‍රී ලංකා තානාපතිවරයා ලෙස ද පත් කලා.
06. සිනෙලංකා
සිනෙලංකා කියන්නේ චිත්‍රපට නිෂ්පාදන සමාගමක්. ඒක ලංකාව අපි අතර ඉතා ප්‍රසිද්ධයි. 1963 වර්ෂයේදී තමයි සිනේලංකා චිත්‍රපට නිෂ්පාදන සමාගම ආරම්භ කරන්නේ. ඇන්ටන් වික්‍රමසිංහ, ලෙස්ටර් සහ සුමිත්‍රා ප්‍රධාන කොටස්කරුවන් වෙනවා. මේ හරහා ලංකාවේ චිත්‍රපට විශාල ප්‍රමාණයක් නිෂ්පාදනය කරනවා වගේම සුමිත්‍රා සහ ලෙස්ටර් ලාංකීය චිත්‍රපටය ලෝකයට ගෙන යන්නටද සමත් වන්නේ මේ නිෂ්පාදනය සමාගම හරහා.
07. ජාත්‍යන්තරය ජය ගැනීම
– Carthage International Film Festival – Gehenu Lamai – Diploma of Merit (1978), ජූරි සම්මානය ඉන්දියාවේ මිරිනාල් සෙන් සමඟ බෙදා ගත්තා.
– ලන්ඩන් චිත්‍රපට උළෙල – Gehenu Lamai – වසරේ විශිෂ්ටතම චිත්‍රපටය (1978)
– ජපානයේ ටෝකියෝ හි දකුණු ආසියානු සිනමා උළෙල – ගංගා අද්දර – ඩිප්ලෝමාව
– මොස්කව් ජාත්‍යන්තර චිත්‍රපට උළෙල – යහලු යෙහෙලි – ඩිප්ලෝමාව (1984), ජර්මානු රූපවාහිනී නාලිකාවක් විසින් 1986 දී මිලදී ගන්නා ලදී.
– Filmex International Film Festival, Los Angeles – Yahalu Yeheli – Diploma (1985)
– ජාත්‍යන්තර චිත්‍රපට උළෙල, ටෝකියෝ – සාගර ජලය – ජපන් රූපවාහිනී මධ්‍යස්ථානයක් විසින් මිලදී ගත් හොඳම චිත්‍රපට දහයෙන් එකක්
– නැන්ටෙස් ජාත්‍යන්තර චිත්‍රපට උළෙල – ලොකු දුව – ඩිප්ලෝමාව (1993)
– ෆුකුඕකා ජාත්‍යන්තර සිනමා උළෙල – ලොකු දුව (1994)
– ලන්ඩන් චිත්‍රපට උළෙල – දුව මවක මිස – ඩිප්ලෝමාව (1998)
– ජාත්‍යන්තර චිත්‍රපට උළෙල, ඉන්දියාව – Duwata Mawaka Misa (1998)
– Fukuoka ජාත්‍යන්තර චිත්‍රපට උළෙල – Duwata Mawaka Misa (1998)
– ගෝල්ඩන් ලෝටස් – “ආසියානු සිනමාවට දායකත්වය” සඳහා ඩෝවිල් සම්මානය (2001)
08. ජාතික සම්මාන
හොඳම සංස්කාරක:
– ගම්පෙරළිය – සරසවිය සිනමා සම්මාන (1964)
– දෙලොවක් අතර – සරසවිය සිනමා සම්මාන (1967)
– අහසින් පොළවට – ජනාධිපති සම්මාන (1979) සහ OCIC සම්මාන (1979)
– බක්මහ දීගේ – විචාරක සම්මාන (1971)
හොඳම අධ්‍යක්ෂණය:
– ගංගා අද්දර – සරසවිය සිනමා සම්මාන (1981) සහ ජනාධිපති සම්මාන
– යහළු යෙහෙලි – ජනාධිපති සම්මාන (1983) සහ OCIC සම්මාන
– මායා – සරසවිය චිත්‍රපට සම්මාන (1984) සහ හොඳම චිත්‍රපටය සහ හොඳම අධ්‍යක්ෂණය සඳහා ජාතික සම්මානය
– සාගර ජලය – OCIC සම්මාන (1989) සහ ස්වර්ණ සංඛ සම්මාන (1988)
– ලොකු දුව – ජනාධිපති සම්මාන (1989) සහ සරසවිය රිදී ජුබිලි සම්මාන (1988)
– දුව මවක මිස ජනාධිපති සම්මාන (1996)
– සන්නිවේදනය සඳහා සොන්ටා ආතර් සී ක්ලාක් සම්මානය (1988)
Leave a Reply