මෙගා පික්සල් 3200ක් විශාල ලෝකයේ තිබෙන එකම කැමරාව

World's biggest camera

රූබින් නිරීක්ෂණාගාරයේ Simonyi Survey Telescope ලෙස හඳුන්වන තාරකා විද්‍යාව සඳහා ලෝකයේ මෙතෙක් නිපදවා ඇති විශාලතම ඩිජිටල් දුරෙක්ෂය ගැන තමයි අපි මේ කතා කරන්න යන්නේ. මෙහි මෙතෙක් ඉදිකර ඇති විශාලතම ඩිජිටල් කැමරාව වන 3.2-gigapixel CCD ඡායාරූප කැමරාවකින් පින්තූර පටිගත කරනු ලබනවා. නුදුරු අනාගතයේදීම පෘථිවියේ සිට අභ්‍යවකාශයේ ඡායාරූප ලබා ගැනීමේ අරමුණින් තමයි මේ කැමරාව නිර්මාණය කරන්නේ. මෙගා පික්සල් 3200ක් නැතිනම් ගිගා පික්සල් 3.2 ක විභේදනයකින් යුතු වන ඡායාරූප ලබා ගැනීමට මෙම සුවිශාල ඩිජිටල් කැමරාව මගින් හැකියාව ලැබෙනවා. ඒ වගේම රාත්‍රී අහස මින් පෙර නොදුටු විස්තරාත්මකව ග්‍රහණය කර ගැනීමට ද භාවිතා කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ වගේම ඈත සැතපුම් 15ක් දුරින් තියෙන ගොල්ෆ් බෝලයක් පවා හොඳින් දැක බලා ගන්න මේකෙන් හැකියාව ලැබෙනවා. මෙතෙක් විශ්වයේ ඇති පළල්ම ඡායාරූප ලබා ගත හැකි ලොව විශාලතම ඩිජිටල් කැමරාව මෙයයි.

01. විශාලත්වය

World's biggest camera

මෙහි අඩි 9.8ක දිගින් යුතු දර්පනයක් සවි කරලා තියෙනවා. ඒ වගේම අඩි 5.5 කව විශ්කම්භයකින් යුතු කාචයකින් යුතුයි. බර කි.ග්‍රෑ 2800 විතර වෙනවා. කුඩා SUV රථයක ප්‍රමාණයෙන් යුක්ත වනවා. මෙහි CCD ලෙස හඳුන්වන ඉලෙක්ට්‍රොනික පරිපථ 189ක් අඩංගු ආකර්ෂණීය නාභිගත තලය දැකගත හැකියි.

02. අයිතිකාරයා කවුද?

World's biggest camera

ඇමරිකාව තමයි මෙහි අයිතිකාරයා. ඇමරිකාවේ කැලිෆෝනියා ප්‍රාන්තයේ පිහිටුවා ඇති බලශක්ති දෙපාර්තමේන්තුවේ SLAC ජාතික ඇක්සලරේටර් රසායනාගාරය ඉංජිනේරු කණ්ඩායමක් විසින් තමයි මේක නිපදවා තියෙන්නේ. ඔවුන් මේ වන මේ දැවැන්ත කැමරාවේ නිල ඡායාරූප නිකුත් කරල තියෙනවා.

03. මේක තියන්න විශේෂ ස්ථානයක් තියෙනවාද?

World's biggest camera

සෑම රාත්‍රියකම මුළු දෘශ්‍ය දකුණු අහසේම ඩිජිටල් රූප ලබා ගන්න මෙන්ම රාත්‍රී අහසේ තාරකා විද්‍යාත්මක ඡායාරූප ගැනීම සඳහා පහසු ස්ථානයක තමයි මේ නිරීක්ෂණාගාරය පිහිටා තියෙන්නේ. එය Cerro Pachón හි El Peñón කඳු මුදුනේ, මීටර් 2,682 ක් උස කන්දක්. දැනට පවතින Gemini South සහ Southern Astrophysical Research Telescopes සමඟ උතුරු චිලි රාජ්‍යයේ La Serena නගරයේ තමයි පිහිටා තියෙන්නේ. නිරීක්ෂණාගාරය නම් කර ඇත්තේ මන්දාකිණි භ්‍රමණ අනුපාත පිළිබඳ සොයාගැනීම් සඳහා පුරෝගාමී වූ ඇමරිකානු තාරකා විද්‍යාඥයෙකු වන Vera Rubin යන නමින්.

04. කවදද මංගල නිරීක්ෂණය සිදු කිරීමට බලාපොරොත්තු වන්නේ

World's biggest camera

කැමරාව තවමත් සම්පූර්ණයෙන් ඉදිකර නැතත්, එහි සියලුම යාන්ත්‍රික කොටස් දැන් සවිකර අවසාන බව තමයි සඳහන් වන්නේ. මෙමගින් අභ්‍යවකාශයේ සිදු කිරීමට නියමිත පළමු නිල නිරීක්ෂණ 2024 මාර්තු මාසයේදී සිදු කිරීමට දැනට සැලසුම් කර තියෙනවා.

එහෙත් එළඹෙන 2023 මැයි මාසයේදී අදාල පර්යේෂණ ආරම්භ කිරීම සඳහා නිරීක්ෂණාගාරය වෙත කැමරාව රැගෙන යාමට නියමිත බවත් පැවසෙනවා.

05. කැමරාවේ ක්‍රියාකාරිත්වය

World's biggest camera

මේ වන විට නාසා හි ජේම්ස් වෙබ් අභ්‍යවකාශ දුරේක්ෂය මිනිසා විසින් නිර්මාණය කරන ලද විශාලතම විශ්වයේ පවතින ප්‍රභලතම දුරේක්ෂය ලෙස නම් කර ඇති නමුත් මෙම කැමරාවේ ක්‍රියාකාරිත්වය ඊට හාත්පසින්ම වෙනස්. එනම් ජේම්ස් වෙබ් අභ්‍යවාකශ දුරේක්ෂය අධෝරක්ත කිරණ උපයෝගී කර ගනිමින් පෘථිවියේ සිට ආලෝක වර්ෂ ගණනාවක් දුරින් පවතින විශ්වීය වස්තු හඳුනා ගැනිමින් ඡායාරූප නිර්මාණය කරන අතර එම කැමරාව නිපදවා ඇත්තේ අප එදිනෙදා භාවිතා කරන ස්මාට් ජංගම දුරකථනයේ පවතින කුඩා කැමරාව හෝ ඩී.එස්.ආර්. කැමරාවක් ක්‍රියාත්මක වන අයුරින්ම ඒ මොහොතේ පවතින දුෂ්‍ය ආලෝකය උපයෝගී කරගනිමින් ඡායාරූප ලබා ගැනීමටයි.

මේ සදහා විශේෂයෙන් නිපදවා ඇති සී.සී.ඩී. සංවේදක 199 ක්ද එක් කරමින් කැමරාව නිපදවා තිබීම විශේෂත්වයක්. ඒ වගේම කැමරාව පවතින ස්ථානයේ ඉඳලා කි.මී. 24 දුරින් තිබෙන ගොල්ෆ් බෝලයක් පැහැදිලිව දැකීමට හැකි තරම් ඉහල විභේධයනයකින් මෙම කැමරාව භාවිතයෙන් ඡායාරූප ලබා ගන්න පුළුවන් කියලා වාර්තා වනවා. කැමරාවේ පවතින යම් වස්තුවක් ග්‍රහණය කර ගැනීමේ ප්‍රභලවත්වය දැක්වීම සඳහා ඒ විදිහේ උදාහරණයක් ඉදිරිපත් කරලා තියෙනවා. මෙම කැමරාවේ ඇති නාභිගත තලය ඩිජිටල් පාරිභෝගික කැමරාවක හෝ ස්මාර්ට් ජංගම දුරකතනයේ කැමරාවේ රූප සංවේදකයට සමාන වෙනවා.

06. මේ කැමරාවෙන් ලෝකයට විවර වන විශ්වය

World's biggest camera

එය මෙතෙක් නිරීක්ෂණය කර ඇති විශාලතම තරු සහ මන්දාකිණි සංඛ්‍යාව ලැයිස්තුගත කරමින් රාත්‍රී අහස පිළිබඳ පුළුල්, ගැඹුරු සහ වේගවත් සමීක්ෂණයක් සිදු කරනු ඇත. ඒ වගේම එය චිලියේ කඳු මුදුනක පිහිටි රූබින් නිරීක්ෂණාගාරයේ සිට සෑම රාත්‍රියකට වරක්ම මුළු දෘශ්‍ය දකුණු අහසේම ඩිජිටල් රූප ලබා ගනීවි. කැමරාව වසරකට පින්තූර 200,000කට වඩා (සම්පීඩනය නොකළ පෙටාබයිට් 1.28 ) මිනිසුන්ට සමාලෝචනය කළ හැකි ප්‍රමාණයට වඩා බොහෝ වැඩි වනු ඇතැයි අපේක්ෂා කරනවා.

අවසාන වශයෙන් මේ දැවැන්ත ඩිජිටල් කැමරාව නිර්මාණය කෙරූ කණ්ඩායම කියන්නේ රූබින් නිරීක්ෂණාගාරයේ කැමරාව ස්ථාපනය කිරීමෙන් පසුව වර්ග අංශක 18000 ක දුෂ්ඨි කෝණයකින් යුතුව සෑම රාත්‍රියකම පෙරා බයිට් 20ක දත්ත රැස් කිරමින් වසර 10 කාලයක් පුරාවට විශ්වයේ ඡායාරූප ලබා ගැනීමට හැකියාව ලැබෙනු ඇති බවයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *