අනාගතය ගැන හිතලා ක්‍රියාත්මක වෙන (proactive) මනුස්සයෙක් වෙන්නේ මෙහෙමයි! – පළමුවන කොටස

How to be proactive

ඔය මැනේජ්මන්ට් ට්‍රේනින් වලදී එහෙම දැන් කාලේ සෑහෙන කියවෙන වචනයක් තමයි proactive කියන්නේ. විශේෂයෙන්ම දැන් කාලේ ජොබ් එකක් කරනකොට, proactive වෙන්න කියලා හැමෝටම උපදෙස් ලැබෙනවා. හැබැයි ඇත්තටම මොකක්ද මේ proactive වෙනවා කියන්නේ? සරලවම කියන්න පුලුවන් අනාගතයේ වෙන්න තියෙන දේවල්, ඒ කියන්නේ අනාගත ගැටළු, අනාගතයේ වෙන්න පුලුවන් වෙනස්කම් සහ අනාගතයේදී ඇතිවෙන්න පුලුවන් අවශ්‍යතා ගැන එහෙම හිතලා, ඒ දේවල් සිද්ධ වෙන්න කලින්ම ඒවා සම්බන්ධයෙන් ක්‍රියාත්මක වෙන්න, සැලසුම් හදලා තියන්න හැකියාවක් තිබීම කියලා. සරලව උදාහරණ වලින් අපි මේක ගැන හිතමු. ඔන්න අපිට එක්සෑම් එකක් තව මාස පහකින් නම් තියෙන්නේ, ඒකට සූදානම් වෙන්න අන්තිම මාසය වෙනකල් ඉන්නවා කියමු. එතකොට අපිට තේරෙනවා, මාස දෙකක් හෝ තියලා පාඩම් කරන්න පටන් ගත්තා නම් මේ එක්සෑම් එක ටොයිස් කියලා. හැබැයි දැන් පරක්කු වැඩියි. එතකොට proactive මනුස්සයෙක් කරන්නේ, අඩු තරමින් මාස හතරක් තියලා පාඩම් කරන්න පටන් ගන්න එක. එතකොට ඒ දැනුම ආයෙ රිවීව් කරලා බලන්න මාස දෙකක් වැඩිපුරත් තියෙනවා. තව උදාහරණයක් ගමු. ඔන්න අපි ඔෆිස් යනවා. හරියට ගත්තොත් ගෙදර ඉඳන් ඔෆිස් එකට යන්න ගතවෙන්නේ පැයයි. හැබැයි හරියට පැයක් තියලා ගෙදරින් එන එක proactive නෑ. මොකද නොහිතන විදියේ ට්‍රැෆික් එකක් සෙට් වෙන්න පුලුවන්. දෙයක් අමතක වෙලා ආයෙ ගෙදර එන්න සිද්ධ වෙන්න පුලුවන්. යන වාහනේ කැඩෙන්න පුලුවන්. අන්න ඒ නිසා ඇත්තටම proactive මනුස්සයෙක් කරන්නේ ඔෆිස් වෙලාවට පැය එකහමාරක්වත් තියලා ගෙදරින් එන එක.

 

ආන්න ඒ උදාහරණ වලිනුත් පෙන්නන ආකාරයට, proactive විදියට වැඩ කරන්න පුලුවන් මනසක්, හුරුවක් ඇති කරගමුද? ආන්න ඒකටයි  මේ උපදෙස්!

 

01. දවස, සතිය කලින් සැලසුම් කරන්න

How to be proactive

ඇත්තටම තමන්ගේ සතිය සහ දවස සැලසුම් කිරීම ගැන අපි මීට පෙර බොහෝමයක් අවස්ථාවලදී කියලා තියෙනවා. කෙනෙක්ට proactive මනුස්සයෙක් වෙන්න පහසුවෙන්ම කරන්න පුලුවන් දෙයක් තමයි මේ. නිදසුනක් විදියට ගත්තොත්, අපිට මේ සැලසුම් කිරීම සඳහා මුලින්ම කරන්න ඕන වැඩ, ඉෂ්ට වෙන්න තියෙන වගකීම් ඇතුළත් ලැයිස්තුවක් සකස් කරන්න පුලුවන්. ඊට පස්සේ ඒවා ප්‍රමුඛතාවයන් අනුව බෙදාගෙන, ඉන් පස්සේ ටු-ඩූ-ලිස්ට් එකකට ඇතුළත් කරගන්න පුලුවන්. ඒ වගේම අවශ්‍ය සිහිකැඳවීම් අපේ කැලැන්ඩරේට ඇතුළත් කරගන්නත් පුලුවන්. ඒ වගේම මතක තියාගන්න. මේ ටු-ඩූ-ලිස්ට් සහ සිහිකැඳවීම් වලට අපිට තාක්ෂණය පාවිච්චි කරන්න පුලුවන්.

 

මේ දවස සහ සතිය සැලසුම් කිරීම කියන එක ටිකක් පුහුණු වුණහම, ඒක මාසය සහ අවුරුද්ද දක්වාත් දීර්ඝ කරන්න පුලුවන්. එතකොට අපිට තියෙන්නේ ගෝල්ස් නැතිනම් ඉලක්ක. SMART goals කියන්න පුලුවන්. ඒ කියන්නේ specific, measurable, attainable, relevant, සහ timely කියන එක. මේ ගැන අපි කලින් කතා කරලා තියෙනවා.

 

02. කෙනෙකු මුණගැසෙන්නට පෙරාතුව කරුණු සොයාගන්න

How to be proactive

අපිට වෘත්තිය ජීවිතේදී වේවා, ඇකඩමික් ජීවිතේදී වේවා විවිධ මිනිස්සු මුණගැහෙන්න සිද්ධ වෙනවනේ. සමහර වෙලාවට සම්මුඛ සාකච්ඡාවකට වෙන්න පුලුවන්. වෘත්තිය මට්ටමේ හමුවීමක් වෙන්න පුලුවන්, රැකියා  සම්මුඛ සාකච්ඡාවක් වෙන්න පුලුවන්. එහෙම නැතිනම් සුහදව කෙනෙක්ව මුණගැහීමක් වෙන්නත් පුලුවන්. හැබැයි මේ මොන විදියේ මුණගැහීමක් වුණත්, ඊට කලින් තමන්ට පුලුවන් නම් ඒ කෙනා ගැන, ඒ කෙනාගේ වැඩ කටයුතු ගැන, ඒ කෙනාගේ වෘත්තිය ජීවිතය ගැන, ඒ කෙනා වැඩ කරන තැන ගැන පොඩි රිසර්ච් එකක් කරලා, කරුණු එකතු කරගෙන යන්න, ආන්න ඒක රන් වටිනවා. සරල උදාහරණයක් ගමු. ඔන්න අපි රැකියාවක් සඳහා සම්මුඛ සාකච්ඡාවකට යනවා. එතකොට, අපි ඒ සමාගම ගැන සෑහෙන්න දුරට කරුණු කලින් දැනගෙන යන්නේ. දැන් සම්මුඛ සාකච්ඡාව අතරතුරේදී යම් යම් කරුණු විග්‍රහ කරලා පෙන්නන්න අපි ඒ දැනුම උපයෝගී කරගන්නවා. ආන්න එතකොට, අපිට ඒ රස්සාව ලැබෙන්න වැඩි චාන්ස් එකක් නැද්ද? තව උදාහරණයක්. අපි කවුරුහරි වෘත්තිය ජීවිතේ අපිට ඉහළින් ඉන්න කෙනෙක්ව සුහද හමුවකට මුණගැහෙනවා. එතකොට අපි ඒ කෙනා කරන වැඩකටයුතු, ඒ කෙනා කරන සුබසාධන කටයුතු විතරක් නෙවෙයි, ඒ කෙනා ගොඩක් දුරට විනෝදයට කරන කියන දේවලුත් දැනගෙන යනවා. දැන් ඒ කතාබහ වඩාත් පුද්ගලික මට්ටමකින් කරන්න ඒ දැනුම උදව් වෙන්නෙ නැද්ද? සමහර වෙලාවට ඒ කෙනා එක්ක හොඳ වෘත්තිමය සබඳතාවයක් පවා ඒ ඔස්සේ ගොඩනැගෙන්නේ නැද්ද?

 

03. රැස්වීමකට පෙරාතුව ඊට සූදානම් වෙන්න

How to be proactive

ඒ විශේෂයෙන්ම වෘත්තිකයෙක්ට proactive වෙන්න තියෙන අනර්ඝ අවස්ථාවක්. අපි කියමු නිකම් සතියකට වතාවක් තියෙන ටීම් මීටින් එකක් කියලා. ඒකට මොකටද අමුතුවෙන් සූදානම් වෙන්නේ? එහෙම නේද ගොඩක් වෙලාවට හිතන්නේ? හැබැයි ඇත්තටම ටීම් මීටින් එකක් තියන්නේ මොකටද? සතියේ කෙරුණු වැඩ සමාලෝචනය කරලා, අඩුපාඩු සකසා ගන්නේ කොහොමද කියලා කතා කරලා, ඊලඟ සතිය සැලසුම් කරගන්න නෙවෙයිද? එතකොට අපි ඒ මීටින් එකට කලින්ම, පුද්ගලිකව සතියේ වැඩ සමාලෝචනයක් කරලා, ඒ එක්ක අපිට තියෙන අදහස් ලියාගෙන ගියොත්, ඒ ටීම් මීටින් එක වඩාත් ඵලදායී වෙන්නෙ නැද්ද? මේ එක උදාහරණයක් විතරයි. නිකම්ම බෝරින්, තේරුමකට නැති, තමන්ට අදාළත්වයකුත් නැති, ඇණ මීටින් එකක් කියලා හිතන එකකට පවා මේ විදියට කලින් සූදානම් වෙලා යන්න. අන්න එතකොට තේරෙන්න පටන් ගන්නවා proactive වෙන එක කොයි තරම් තමන්ගේ ජීවිතේට, වෘත්තිය සාර්ථකත්වයට වැදගත්ද කියලා.

 

04. ෆලෝ අප්!

How to be proactive

දැන් අපි කාට හරි වැඩක් භාර දුන්නත්, කෙනෙක්ගෙන් උදව්වක් ඉල්ලුවත්, අන්න ඒක එක පාරක් කතා කරලා, ඊට පස්සේ ඒ කෙනා අපිට උත්තරයක් දෙයි කියලා බලාගෙන ඉන්න එක හොඳ proactive මනුස්සයෙක්ගේ ලක්ෂණයක් නෙවෙයි. ඒ වෙනුවට අපි සක්‍රියව ඒ ගැන හොයාබලන්න ඕන. වැඩේ කෙරෙනකල් ඒක ගැන අප්ඩේට්ස් ගන්න ඕන. ඇත්තටම කෙනෙක්ගෙන් උදව්වක් ඉල්ලුවට පස්සේ ගොඩක් දෙනෙක් ඒක කරලා දෙනකල් ඉන්නවා මිසක් මේ හොයාබැලීම කරන්නෙ නෑ. සමහර වෙලාවට කෙනෙක් හිතනවා අපිම උදව්වකුත් ඉල්ලලා ඒක මතක් කරන එක ඒ කෙනාට කරදරයක් කියලා. නෑ. ඇත්තටම කරදරය වෙන්නේ අපි ඒක මතක් නොකර ඉන්න එක. ඒ වගේම, අපිට ඔෆිස් එකෙන් යම් වැඩක් භාර දීලා අපි ඒක සම්පූර්ණ කළාට පස්සේ වුණත්, ඒ ගැන ෆීඩ්බැක් එකක් දෙන්න කියලා අපි අදාළ තැන් වලින් ෆලෝ අප් කරන්න ඕන. එහෙම වැඩක් කෙරෙනකල් ඒ ගැන ටච් එකේ ඉන්න එක, ෆලෝ අප් කරන එක ඇත්තටම හොඳ proactive ගතිලක්ෂණයක්!

 

05. අනාගත ගැටළු පුරෝකථනය කරන්න

How to be proactive

හොඳ proactive ගතිලක්ෂණ ඇති කරගන්න හිතන කෙනෙක් ඊලඟට පුරුදු පුහුණු වෙන්න ඕන දෙයක් තමයි, අනාගතේදී එන්න පුලුවන් ගැටළු, අනාගතේදී වෙන්න පුලුවන් වෙනස්කම්, ඒ වගේම අනාගතේදී අපිට එන්න පුලුවන් අවශ්‍යතා පුරෝකථනය කරන එක, ඒ කියන්නේ කලින්ම අනුමාන කරන එක. මේක වෘත්තිය ජීවිතේට විතරක් නෙවෙයි, පුද්ගලික ජීවිතේට පවා වැදගත්. උදාහරණයක් ගත්තොත්, තමන් කරමින් ඉන්න වෘත්තිය තව අවුරුදු පහකින් කොයි විදියට ඇඩ්වාන්ස් වෙයිද? කොයි විදියට අනාගතේදී රැකියා අවස්ථා නැතිවෙයිද, නව රැකියා අවස්ථා ඇතිවෙයිද කියලා අනුමාන කරන්න පුලුවන්. ඒක නිකම්ම හිතලා හරියන්නෙ නෑ. පොඩ්ඩක් රිසර්ච් කරලා, හොයලා බලලා, දැනුමැති අනුමානයක් විදියට තමයි කරන්න ඕන. එතකොට හිතාගන්න පුලුවන් තමන් අනාගතය සඳහා දැන්ම තියාම ඉගෙන ගන්න ඕන මොනවද වගේ කරුණු. එතකොට තමන් වැඩ කරන සමාගම ගැන වුණත් මේ විදියේ පුරෝකථනයක් කරලා, තමන් කොයි කාලේ වෙනකොටද වෙන රැකියාවකට යන්න අවශ්‍ය කියලා හිතලා බලන්න පුලුවන්. පුද්ගලික ජීවිතේ කාරණා වලදී වුණත් එහෙමයි. තමන් විවාහ වෙන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා නම්, අනාගතයේදී දරුවෙක් එහෙම හදනකොට කොයි විදියට තමන්ගේ ආර්ථිකය සහ පුද්ගලික ජීවිතය වෙනස් වෙන්න ඕනද කියලා කලින් හිතලා, ඒකට සැලසුම් හදන්න පුලුවන්. අන්න ඒක තමයි proactive වෙනවා කියන්නේ!

 

06. ඔබේ පුද්ගලික අනාගතය සැලසුම් කරන්න

How to be proactive

මේ කාරණාවත් ඒකටම සම්බන්ධ වෙන දෙයක්. දැන් අපි ඕනම කෙනෙක් නිරන්තරයෙන් සංවර්ධනය වෙන්න ඕනනේ. හැබැයි ඒ පුද්ගල සංවර්ධනය කියන එක දැනුමැති විදියට තමයි වෙන්න ඕන. ඒ කියන්නේ උඩ කියපු විදියට අනාගත පුරෝකථනයක් කරලා, ඒ අනුව තමයි තමන්ව සංවර්ධනය කරගන්න සැලසුම් හදන්න ඕන. කොටින්ම කියනවා නම් තමන්ගේ පුද්ගලික අනාගතය සැලසුම් කරන්න ඕන. එහෙම නැතුව හැමෝම ඉගෙන ගන්න දේවල් ඉගෙන ගැනීම වත්, මේ කාලේ ජනප්‍රිය දේවල් කරන එකවත් නෙවෙයි වැදගත් වෙන්නේ. එහෙම පුද්ගලික අනාගතය දැන්ම තියාම සැලසුම් කරන එක සහ ඒ සැලසුම් වලට අනුව අදම වැඩ කරන්න පටන් ගන්න එකත් හොඳ proactive මනුස්සයෙක්ගේ ගතිලක්ෂණයක්. ඒ වගේම, ඊට කලින් උඩ කියපු විදියට අනාගතය නිවැරදිව පුරෝකථනය කරන්න උත්සාහ කරන එකත් ඒ වගේම හොඳ proactive ලක්ෂණයක්!

 

07. අනවශ්‍ය කාර්යබහුලත්වයට තිත තියන්න

How to be proactive

දැන් අපි proactive වීම ගැන කතා කරනවා නම්, ඊට කලින් reactive වෙන එක නවත්තන්න ඕන. ඒ කියන්නේ දෙයක් වුණාට පස්සේ ඒකට ප්‍රතිචාර දක්වනවා වෙනුවට, දෙයක් වෙන්න කලින් වෙන්න පුලුවන් කියලා හිතලා ඒ අනුව වැඩ කරන්න ඕන. එතනදී වෘත්තිය ජීවිතේදී වුණත්, පුද්ගලික ජීවිතේදී වුණත් බොහොම වැදගත් කාරණයක් වෙනවා හැමදේම කරන්න නොයෑම සහ අනවශ්‍ය විදියට කාර්යබහුල නොවීම. මොකද, ජීවිතේ කියන්නේ පිස්සෙක් වගේ වැඩ කිරීම විතරක් නෙවෙයි. ඇත්තටම එහෙම පිස්සෙක් වගේ වැඩ කිරීමෙන් තමන්ට ජීවිතේ විඳින්න අතපහු වෙනවා, තමන් ගැන සැලකිලිමත් වෙන්න අතපහු වෙනවා විතරක් නෙවෙයි, තමන්ට අනාගතය සැලසුම් කරන්නත් වෙලාව නැති වෙනවා කියන එක ෂුවර් දෙයක්. අනික් අතට, අපි reactive වෙනකොට තමයි එහෙම කොච්චර වැඩ කළත් ඉවරයක් නැති වෙන්නෙත්.

 

අන්න ඒ නිසා, සම්පූර්ණ ව්‍යාකූලත්වයක ගිලිලා එක දිගට හැමදේම කරන්න යනවා වෙනුවට, තමන් කළ යුතුම දේවල් විතරක් තෝරාබේරාගෙන කරන එකත් හොඳ proactive මනුස්සයෙක්ගේ කුසලතාවයක්!

 

ඉතින් ඔයාලා proactive මිනිස්සුද? එහෙමනම් ඔයාලා දන්න තව proactive ටිප්ස් කමෙන්ට් එකක් දාලා අපිට කියාගෙන යන්න!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *